..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, March 7, 2011

෴මැකූ මතක සහ “ මම “෴

මම නුඹට කෙතරම් ආදරය කරත්. ඒ ආදරය හිතෙන් මකා දැමීමට , නුඹ අමතක කිරීමට මට බැරි යයි මා පවසනවා නම් ඒ ලොව ඇති ලොකුම බොරුවයි.අවශ්‍ය එකම දෙය වන්නේ පොදු සමාජ සම්මුතීන් ඔස්සේ නුඹ ගැන සිතීම පමණි.

එසේ සිතීමේ දී මා නුඹ ගැන දකින්නේම සෘණාත්මක කරුණු පමණි. නුඹ සහ මා අතර නොගැලපීම් අතොරක් නැතිව සිත තුල උපදී. ඒ සියල්ල මිටින් ගෙන පෙරට තබා.එකින් එක ගෙන බලමින්.මා නුඹව අමතක කරමි.

ඉතින් . . . . දැන් සියල්ල සූදානම් ය. මා නුඹව අමතක කළෙමි. 

නමුත් මොකක් හෝ කරුණක් නිසා ඒ අමතක කළ කරුණු සියල්ල ගොස් තැන්පත් වන්නේ Recycle Bin තුලය. මා එයින් ද නුඹව මකා දමමි.

සියල්ල පැහැදිලිය . . .නුඹට මා , මට නුඹ නොගැලපේ. . . . සියල්ල අමතක කළෙමි. මකා දැමුවෙමි. ඒ සඳහා සැලකිය යුතු කාලයක් ද මට ගත විය.

නමුත් . . . . . සියල්ල අවසානයේ . . . ! ! !

කෝ “ මම “

“ මම “ කෝ ! ! !

පිස්සියක සේ මා “ මම “ සොයමින් වෙහෙසුනෙමි. “ මම “ සෙවු නැති තැනක් නැත. පුද්ගලික කාමරෙයේ සිට සෑම තැනකම මා සොයා වෙහෙසුනෙමි. පන්සල් , පල්ලි , කෝවිල් , , හන්දි , ගෙවල් ගානේ ගියෙමි . . . “ මම “ නැති වී ගොසිනි.

අවසානයේ  නුඹව අමතක කර දැමූ . . . නුඹව මකා දැමීම ඇරඹු තැනට ආපසු ආවෙමි. රිසයිකල් බිනය පෙරලා බැලුවෙමි. අන්වීක්ෂයක් ගෙන දකින දකින සෑම දෙයකම “ මම “ නම් අංශුව සෙවූවෙමි.
අවසානයේ දී කෙනකු පිහිටට ආවේය.

" මැකූ දේ ආපසු ගත හැකි ක්‍රමයක් මා කියන්නම් ."

" නුඹ මැකූ දේ තරමටම හෝ ඊට වඩා බරුති දෙයක් යොදා මැකූ දේ යලි ගොඩ ගත හැකි බවත්. මැකූ දේ තුල අහම්ඹයෙන් සැඟවුන “ මම “ එවිට සොයා ගත හැකි බවත් ඔහු පවසන ලදී.

 " මැකූ දේහි බර කොතෙක් ද ? " මා  ඔහුගෙන් ඇසූ එකම පැනය එයයි. 

" නුඹ මැකූ දෙයහි බර නුඹම නොදනී . . .මේ ලොව ඇති සියළු දේත්. ඉර , සඳ , තාරකා සියල්ලත් ගෙනත් දැම්ම ද නුඹ මැකු දේ හි බරට එය සම නොවන්නේය."

දැන් “ මම “ නැත ඔහු ද නැත. නැතිවු “ මම “ නැතිවු වු ඔහුව මැකුවෙමි.

දස අතේ කල්පනා කර අවසානයේ දී . මා මැකු දේ ගොඩ ගැනීමට තරම් බරක්  සොයා ගත හැකි විය.

නුඹලාට පුලුවන් ද එතරම් බර දේ කුමක් දැයි අනුමාන කිරීමට. . . . . . . . .

ඔවු ... . . . . . 

මා ඔහුට ඇති ආදරය තරම් සිතුවෙමි. . .  .  සිතුවාටත් වඩා බරැති ඔහුට මා සිත තුලු වූ ආදරයේ මහිමයෙන් මට ඔහුත් . .  . .ඔහු තුල සැඟවී ගිය “ මම “ ත් සොයා ගැනීමට. නැවත ගොඩ ගැනීමට හැකි විය.

නුඹ මටත් , මට නුඹත්
කෙදිනකවත් නැත හමුවන්නේ
ඒ වුනත් , සිත තුලත්
නුඹ ගැන සිතුවිලි උපදින්නේ

පෙර දිනත් , අද වුනත්
සෙනෙහස නොවෙ දෝ දළු ලන්නේ
සිහිනයෙත් , කවි තුලත්
නුඹ ලඟ නොවෙදෝ මම ඉන්නේ

සිත තුලත් , ගත තවන්
නුඹ ඇයි මේ ලෙස නවතින්නේ
අද නැතත් , හෙට ඉදන්
මා නුඹ අමතක කර ලන්නේ

හෙට නුඹව අමතක කරන
මම
෴ සොඳුරු සිත ෴

ප/ලි 
විද්‍යාත්මකව හිතුවොත් බර කියන දේ ස්කන්ධය වෙන්න ඕනි ද මන්ද? විදයාත්මකව බැලුවොත්.... ආදරයෙ දි ඇයි තමන්ට තමන් නැති වෙන්නේ. ඇයි අමතක කරන්න ඕනි දේවල් මතකයේ තියෙද්දි මතක තියා ගන්න ඕනි දේවල් අමතක වෙන්නේ.

මම අහන්නේ ඇයි පාඩම් කරන දේවල් අමතක වෙලා ගිහින්. අමතක කරන්න ඕනි දුක හිතෙන දේවල් මතක හිටින්නේ.

12 comments:

  1. හොඳම හොඳ ප්‍රශ්න ටිකක්!

    ලංකාවේ උදවිය 'පිස්සු හැදෙන සඳ' කියන්නේ මෙන්න මේ වගේ වෙලාවට වෙන්නැති.

    ReplyDelete
  2. "මම අහන්නේ ඇයි පාඩම් කරන දේවල් අමතක වෙලා ගිහින්. අමතක කරන්න ඕනි දුක හිතෙන දේවල් මතක හිටින්නේ"

    හිත පාලනය කරගන්න උත්සහ කරන්න අක්කෙ.. බැරි දෙයක් නෑ
    ඒත් අමාරුයි...

    අද කතාව ලස්සනයි... දැන් කාවද අප්පේ මැකුවේ..?

    ReplyDelete
  3. ඔබේ හිතේ හැංගිලා ඉන්න අඩහඳයා ව හොයා ගන්න...
    ඌ සමග සමතුලිත වෙන්නට උත්සාහ කරන්න..
    එවිට ඔබේ ඔය නැතිවුන '' මම'' සොයාගත හැකිවනු ඇත.

    ReplyDelete
  4. ලොල්ය... එකත් මාරය. :D

    ReplyDelete
  5. නුඹ ගියත් බොහො දුරක්
    ඈයි තවම ලගමයි සිතෙන්නෙ
    බැහැ මටත් නුඹට උවත්
    කෙලෙස එක සිහිනෙක පෙම් පුරන්නෙ...

    ReplyDelete
  6. අම්මෝ හුග දවසකින් තමයි එන්න පුලුවන් උනේ වත් අක්කගේ බ්ලොග් එක දිහාවට.

    ඔය හැම දේටම මුල් වෙන්නේ හිත නේ. හිත පාලනය කර ගත්තා නම් ඉවරයි නේ. නමුත් ඔය කිව්වටත් මටත් හිත නම් පාලනය කරගන්න අමාරුයි. :)

    ReplyDelete
  7. මතකය මැකෙන්නැති
    අමතකය නොමැකෙන්නැති

    මතකයත් සිම් එකක්, චිප් එකක් වගේ මාරුකරන්න පුලුවන් නම් කියලා හිතෙන වාර අනන්තයි.

    ReplyDelete
  8. කියෙව්වට පස්සේ ඔළුවත් විකාර වගේ.....

    ReplyDelete
  9. couldn't agree more...

    ReplyDelete
  10. ඔයාගේ අම්ම තාත්ත ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ව ඔයාගේ ජීවිතෙ තරමටම ලොකු කර ගන්න එපා,, අම්ම තාත්ත අරෙන්න අනිත් සේරම අපිව දාලයන සුලුයි..
    මොකද අපේ අම්ම තාත්ත ඇරෙන්න අපිට ලන් වෙන අනිත් හැමොම එන්නේ මොනාමහරි බලාපොරොත්තුව,, ඒත් දවසක එයාල බලපොරොත්තු වෙන දේ අපි ගාව නැති උනා හරි දෙන්න විදියක් නැතිව ගියොත් හරි එයාට අපෙන් වැඩක් නැතිව යනව,, ඒක ස්භාවික සමාජ සත්‍යය,,ඒක ඔයාටත් පොදුයි මටත් පොදුයි :)
    අනේ මන්ද මන් දකින විදියට මේ ලොකේ නාඩි වැටෙන හෙම සත්වයෙක්ම කවද හරි නැකිටින්නෙත් "බැදීම"ක ප්‍රතිපලයක් විදියට,, වැටෙන්නෙත් ඒක නිසමයි..
    ඒක නිසා බැදීම කියන දේ උඩ පැන පැන ඉස්සරහට යන්න නෙමේ වැටෙන්නේ නැතුව ඉස්සරහට යන්න පුලුවන් "ගානකට " කරගෙන තියාගන්න ඔනේ, එතකොට හදිස්සියේ "බැදීමක" "බිදීම" නිසා තනි උනත් දැනෙන්නේ අඩුවෙන්.. ,,
    හ්ම්ම් අනේ මන්ද,, මට හිතුනේ එහෙමයි,

    nyway u r a gifted 1 akka,,keep it up :)

    ReplyDelete
  11. මට ඇත්තටම කියන්න වචන නැහැ. එච්චර ලස්සනට, හිතන වදින විදිහට ලියලා තියෙනවා.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...