..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, March 6, 2011

෴ මල් යායයි . . . සිත් යායයි ෴

හවස් යාමය හරිම නිසංසලයි. .. මිදුලට බැහැල ඔහේ ඇවිදන් ගියා. . සීනියාස් යායේ පාට පාට මල් ගොඩයි. පරිස්සමට එක මලක් කඩා ගත්තා. . . . ළිඳ ළඟ හෙන්දිරික්කා ගාලේ මල් සුවඳ සුළඟෙ දැවටිලා ආවා . “ හ්ම් හයටත් කිට්ටු ඇති “ හිත මිමිණුවා. . .

කහ පාට , රතු පාට හෙන්දිරික්කා . . . හෙන්දිරික්කා මල් හදිස්සියට කඩන්න බැහැ.එහෙම වුනාම වෙන්නේ රේණුව ගහේ ඉතිරි වෙලා මල විතරක් අතට එන වා..... මල් අතරේ තියෙන කළු පාට හෙන්දිරික්කා බීජ ගම්මිරිස් ඇට තරම් ඇති.... කවුරුවත් වවන්නෙ නැහැ ඉඹේ පැල වෙනවා. . . .
හෙන්දිරික්කා මල් යාය ( සුවඳ දැනෙනව ද ) ෴

ළිඳ ළඟ තියෙනවා තව සුදු පාට සුවඳම සුවඳ මලක් ...ඒව පිපෙන්නෙ නම් තව ටිකක් කළුවර වෙන්න ඕනි. . ඒ මලේ නම ගෙදර කවුරුවත් දන්නෙ නැහැ. නම දන්නෙ නැති වුනත් ..... තව ටිකකින් මල් පිපුනම , මල් වට්ටියටත් මලක් එකතු වෙනවා. 

ළිඳ තියෙන්නේ පාර මායිමට නිසා. වැට අයිනෙන් පාරට එඹෙන්න ගිය මගේ කකුළ සීරෙනව දැනිල  ස්වයංක්‍රීයව කටට ගිය දබර ඇඟිල්ල කෙල පොඩ්ඩකුත් එක්ක ඊළඟට ගියේ කකුලේ සීරුන තැනට. නිට්ටාවට එතනම සුවයි. දිය සීරාවට වවපු “ඉකිලිය“ කියල ගස් ජාතියක් තියනව. හීනියට කටු තියන. මුත්‍රා අමාරු හැඳුනම තම්බල බොන්න හොඳ ඔසුවක්. . අන්න ඒ කටුවකට තමයි කකුල පැටලුනේ.


මේ තමයි කටු ඉකිලිය . . මලුත් පිපිල ...පේනව ද කටු... ෴


හොඳ දේවල් වල කටු තියෙනවා.

පාරෙන් එහා පැත්තෙ ගෙදර ඉන්න බළල් ඇස් තියෙන ලස්සන පුංචි ගෑණු ළමයා මට අත වැනුව. ඒ ළමගෙ බළල් ඇස් තියන ලස්සන අම්මා ඒ ළමයගෙ තාත්තගෙ යාළුවෙක් එක්ක පැනල ගිහින් කියල ඒ ළමය දන්නව. දැන් ඒ ළමයට පුංචි අම්මෙක් ඉන්නව. හැබැයි බළල් ඇස් තියෙන කෙනෙක් නෙමෙයි. ඇහැක් වපර කළු ගැහැණියක්. ඒ ළමයගෙ හැම වැඩක්ම ඒ වපර පුංචි අම්ම තමයි කරල දෙන්නේ. 

“කෙල්ලේ , මොනාද පාරට වෙලා කරන්නේ. . .ස්කෝලෙ වැඩ කරල ඉවර ද?“

ගේ ඇතුලින් ආව සද්දෙ නිසා , ආයෙත් සැරයක් මට අතවනපු පුංචි කෙල්ල ගේ ඇතුලට දුවල ගියා.

ළිදේ කප්පිය සද්ද කර කර වතුර එකක් ඇඳල ගත්ත මම ළිදේ බැම්ම උඩම පනිට්ටුව තියා ගෙන පනිට්ටුව ඇල කරල වතුර ටිකක් බීවේ තිබහටම නෙමෙයි ආසාවට. . . ගොඩක් වතුර අහක ගියා. ටිකක් විතර බඩටත් ගියා.

අපරාදේ ළිඳට මෝටරයක් හයිකරේ ලිඳට එඹිල බලපු මට හිතුන.

සිනියාස් මල තෙමිල. .

  ෴ ආදරය බලපු සීනියාස් මල ෴

අපරාදේ ගහටත් නැහැ.... 

ඇයි නැත්තේ . . . මේ මලෙන් පුලුවන් ආදරය බලන්න. හීනි හිනාවකුත් එක්ක , හිත පුංචි කාලෙට ගියා. . . එක මල් පෙත්තක් කැඩුවා.

" He loves me "

ඊළඟ පෙත්තටත් අත ගියා .

" He loves me not "

මෝඩි . .  ඔයිට වඩා ලේසි ක්‍රමයක් තියනවා. .  මල් පෙති ටික ගණන් කරල බෙදහන් දෙකෙන්. .  නැහැ . .එතකොට වැඩක් නැහැ. . . මල් පෙති කඩ කඩ ආයෙත් ගෙදර ආවා. ගේ දොරකඩ ළඟට ඇවිත් ආපහු හැරිල බැලුව. .  ලිඳ ළඟ ඉදල එක සීරුවට මල් පෙති වැටිල. . . අත දිහා බැලුවා. එක පෙත්තයි ඉතිරි .

" He loves me lot "
" He Loves me lot "

ඔවු ! ! එයාට බැහැ මට ආදරය නොකර ඉන්න . . . 

“Keep love in your heart. A life without it is like a sunless garden when the flowers are dead. The consciousness of loving and being loved brings a warmth and richness to life that nothing else can bring.”

මල් අතර පිපි , නම නොදන්න මල
මම
෴ සොඳුරු සිත ෴
ප/ලි :- පින්තූර ගුණාත්මකනම් නැහැ . ඒ ගැන සමාවෙන්න.පින්තූර ගත්තෙ බොහොම පරණ තාක්ෂණයක් තියෙන ජංගමයකින්... ඒ ජංගමය කැඩිල අයින් කරල තියෙන්නේ. යන්තම් පින්තූරයක් ගන්න පුලුවන්. කතා කරන්න බැහැ....

10 ප්‍රතිචාර:

MaRLaN said...

කතාව ලස්සනයි මල් වත්තත් ලස්සනයි

ඉලංදාරියා said...

වත් අක්කගේ මල්වත්ත

ඉකිලිය හොදා අපේ මාර අයියට තම්බලා බොන්න


ලස්සනයි මල්වත්ත

හෙන්දිරිකා මල්වල කලුපාට ඈට එකතු කරලා මාලයක් හදාගන්න. ...

නිම්ශා said...

මල් වත්ත වගේම අක්කාගේ හිතත් ලස්සනයි...

හිස් අහස said...

මාරම ලස්සනයි අද දවස පුරාම වෙච්ච මහන්සිය කොහෙන් ගියාද නෑ. මම මේ මූනිච්චාවට කියනවා නෙවේ අවංකව දැනෙන දේ .

මල් ටිකත් ලස්සනයි . ඒත් ඉතින් මම මල් වල ලස්සන විඳින්න තරම් කලාත්මක ඇහැක් තියන කෙනෙක් නෙවේ . වෙන කවුරුහරි පෙන්නුවොත් තමයි .මට මලක ලස්සන පේන්නේ .

ඔය ඔයාලගේ වත්තද .. මාරම සුන්දරයි ... ඕක ඔයාලගේ වත්‍ත නම් . මේ බ්ලොග් එකේ නම සොඳුරු සිත වෙච්ච එක පුදුමයක් නෙවේ

සුළඟිල්ල | pinkie said...

හෆෝ.. මල් ද... මෙ ඔයෑයිගෙ මල් වත්තෙ යකා මල නෑද්ද හෑබැට මම අසම මල තමා යක මල... :D

Beetle said...

සතිඅන්තයක ලස්සන හැන්දෑවක්... අපිත් ඔහොම ගිය හැටි මතකයි... :)

Niroshan said...

ලස්සනයි..පොඩි කාලේ මතක් උනා.....

කෙල්ලෝ එහේනං මල් පෙති කඩ කඩ ඕක තමයි කරන්නේ...අම්මපා දැනගෙන හිටියේ නැහැ නොවැ මෙතුවක් කල්

nawammawatha said...

අර සිනියාස් මල දැක්කම මතක් වුනේ හත්පෙති මලේ ඉන්න ශේන්යා. හැබැයි එයා මල් පෙතිවල හෙව්වෙ ආදරේ නෙමෙයි [පාන් වළලුයි තව මොනවද ඒවයි. මට හරියට මතක නෑ]

සොඳුරු සිත said...

@nawammawatha
මම හත් පෙති මල සහ ශෙන්යා ගැනත් ලියල තියේ... එයා හෙවුවෙ මෙන්න මෙවුවා... අන්තිමට වීත්යාට කකුළ සනීප කරල දුනාන් ඉතිරි වුන ලා නිල් පාට මල් පෙත්තෙන්...

http://sodurusitha.blogspot.com/2011/01/blog-post_06.html

Heeniyata said...

දැන් දැන් හීනියට හවහට හවහට මල් කඩනව නේද......හනේ හනේ.....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...