..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, February 3, 2011

෴ පොරොත්තු (බලා ) - There-Is-No-Hope - No More ෴



තබන තබන පය ලිස්සා වැටෙන විට
දිලෙන දළු දමන ගහ කොල මැරෙන විට
උඩුඟං බලා ගිය පාරුව කැඩෙන විට
කිම මා  නොමලෙ පව් නැතිදෝ ගෙවී තව

There is no hope here ..... no hope there .....no hope anywhere


Just me ...... 

මම
෴ සොඳුරු සිත ෴

6 comments:

  1. වැටුනේ නැත්නම් නැඟිටිනු බැරි ය
    ඇවිදිනවා කියන්නේ ද වැටි වැටි ය
    නැඟිටිය යුතු ද වැටෙනා හැමවිට ය
    අත හැරපන් නඟේ උඹගේ ඉකිබිඳි ය!

    ReplyDelete
  2. පය ලිස්සූ විට ආපසු නැගී සිට
    මැරෙන ගසට තව තව ගස් සිටවු විට
    පාරුව නැවත බැඳගෙන යළි උඩු ගඟට
    දිරි ගෙන යන්න මිස නොසිතනු මැරෙන්නට

    ReplyDelete
  3. තබන පයක් ලිස්සා
    වැටුනා පමණයි,
    නැවත නොලිස්සා යනු
    හැකිවනු නියතයි,

    මැලවී මැරුනු ගහකොල
    දැක ඇත ඇත්තයි,
    හෙට මල් බරයි දලුලනු
    එලෙසම සත්තයි,

    පාරුව කැඩුනු විට
    දියපහරට වැටුනයි,
    පිහිනනු දිරිය ගෙන
    ඉවුරට යනු හැකිවෙයි,

    දිවි මග දුස්කරය
    ඒ විලසම සොඳුරුයි,
    දිරිගෙන විඳිනු දිවි,
    ඒ ඔබ හට උරුමයි,

    ReplyDelete
  4. @arunishapiro
    මේක ලියන වෙලාවේ හිටියෙ මුළු ලෝකෙම එපා වෙලා අක්කා... අක්ක වගේ හිතන්න මටත් පුලුවන් නම් ...ස්තූතියි අරුණි අක්කා.

    ReplyDelete
  5. @සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත
    කවි පොතෙන් ගත්ත ලස්සන පද ටික
    ජිවිතේම කවියක් නම් !!!!!!
    ස්තූථියි....සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත

    ReplyDelete
  6. @Ravi
    මගෙ ලොකු අප්පොච්චා වගේ වෙන්නෙ ඇයි...

    අද නම් දුක කවියට - දුක කවියක් නැතිව
    උපදේශාත්මක කවියක් ලියල..

    ස්තූතියි රවි අයියා.......

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...