..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, February 10, 2011

෴ තාවකාලික සමුගැනීමක් / Temporary Farewell? ෴


සොඳුරු සිතට Writer's Block . . . . . .





සතියක හෝ දෙකක විරාමයකින් පසුව හමු වෙමු......


මාගේ මේ තීරණය දෙපාර්තමේන්තු ප්‍රධානීන් දෙදෙනකුගේ නොම ද පැසසුමට මෙන්ම. මගේ අධ්‍යාපන කටයුතු වලට ද රුකුලක් වේ යැයි සිතමි.

කවි ලියන්න ගී ගයන්න 
නේක වර්ණ රූ අඳින්න
සිතක තිබුන ආසාවල් නැතිව ගිහිල්ලා

සිහින් සිනහ රැළි නඟන්න
මතක අතර සැරිසරන්න
හිටපු අයත් සොඳුරු සිතින් මැකිල ගිහිල්ලා


ජීවිතයක් ඇදන් යන්න
ආයාසෙන් වෙර යොදන්න
පල නැහැ එය ජීවිතයක් නොවෙයි සිතීලා


මට පොඩ්ඩක් වෙලා දෙන්න
හිත ඩිංගක් හදා ගන්න
නැවුම් සිතින් ඉක්මනින්ම එමිය ගිහිල්ලා 

You will soon break the bow if you keep it always stretched.


විරාමයකට යන 
මම
෴ සොඳුරු සිත ෴

34 ප්‍රතිචාර:

Ravi said...

ජීවිතේ හැමදේකටම නංගි, වෙනසක් අත්‍යාවශ්‍යයයි, ඒ නිසා ඔයාට හිතෙනව නම් තාවකාලිකව ලියන එකට සමුදිය යුතුයි කියල ඒක ඔයාගෙ කැමැත්ත, ඔයාගෙ කැමැත්ත තමයි වැදගත්ම දේ, ඉතින් මට නම් කියන්න තියෙන්නෙ ඉතාම කැමැත්තතෙන් ඔබේ තීරණයට එකඟ වෙමි කියල විතරයි, ඔබට නැවත ලිවිය යුතුයයි හැඟුනු දාට ලියන්න, මම ඒ දවස තෙක් ඇඟිලි ගනිමින් බලා සිටිමි,එපමණයි,

MaRLaN said...

අද කතාවනම් හරිම නරකයි

උදෙන්ම මා නැගිට ගමන් හිරු පායන්නට කලියෙන්
ඇවිත් යන්නේ උදෑසනින් මොකක්ද අද කවිය කියා
සති දෙකකින් එන්නෙත් නෑ පාන්දරට කවිවත් නෑ
හිතේ දුකට කියවන්නට කතන්දරත් ඇත්තෙත් නෑ

අනේ මංදා පාන්දරි දැන් මොනාද මං කරන්නේ
හිතාගන්න විදිහක් නෑ කරන්න දැන් වැඩකුත් නෑ

බ්ලොගේ ඉන්න ලොකු අක්කගේ හිතට ලොකූ ප්‍රශ්නයක්ලු
විසදන්නට කවුද එන්නේ විසදන්නාට බරට තැගි

ඉතාමත් දුකෙන් ලියමි....

arunishapiro said...

විරාමය සතුටින් ගතවේවා!

Chanaka Aruna Munasinghe said...

හා හා ගිහින් එන්න. කම්මැලි නැතුව පාඩම් කරල විභාග වලට හොඳට උත්තර ලියන්න.

පැන්da said...

You will soon break the bow if you keep it always stretched.

වටිනා කියමනක්...මේක ගැන මට වෙන ම බ්ලොග් එකක් ලියතැකි

Pirate Bunny said...

අක්කන්ඩී..කොයිද යන්න තනන්නේ ?

Dee said...

අපොයි මොකද මේ එකපාරටම?
ඒත් පොඩ්ඩක් අලුත්වෙන එක නම් හොදයි.මූනුපොතෙත් නැද්ද?

kumaraya said...

ඉතින් කොහේද ඔය ඔයා යන්න හදන්නෙ ..?

පූසා said...

හ්ම්ම් ඉක්මනට එන්න අක්කේ........

Podi Kumarihami said...

කමක් නෑ 'ඉක්මනින් ගියොත්, ඉක්මනින් ආපහු ආව හැකිනේ!'
ඒ උනාට ඉක්මනට එන්න වත්. මමත් දැන් හැමදාම ඔයාලගේ ගෙදර එන්න පුරුදු වෙලා.

රත්ගමයා said...

ඉදින් අපි බලා සිටිමු එනතුරා.............

ගල්මල්-Coral said...

ලෝකය සීත සෘතුව බලාපොරොත්තු වෙද්දී උසට නැගුන මහ ගස් කොළ හලනවා. ඒ සීත කාලයේ අඩුවී යන හිරු එලියෙන් මුලු ගහටම අවැසි ආහාර නිපදවන්න බැරිකමත්, කොළවලින් නිකුත්වෙන ඔක්සිජන් වායුව අඩු කර ගැනීමටත් සොබාදහම ලබා දී ඇති උපක්‍රමයක් හැටියට. ඉන් ගහ කඳත්, කඳේ ගබඩා වී ඇති "සංචිතයත්" බේරාගෙන කෙලෙවරක් නැතිව වැටෙන ලොකු පොඩි හිම කැට වලට මුහුන දෙන්නේ... කුණාටුවට මුහුන දෙන්නේ.. දැඩි අරටුව.

පරිසරයේ සීතල වෙනස් වෙනවා. හිරු රැස් පරිසරය ලස්සන කරද්දී... අරටුව රැකගත් ගහ නවදළු ලා වැඩෙන්නේ... ලස්සන, සුවඳ මලින් සැරසෙන්නේ... රුදුරු හිම/කුණාටුවට මුහුණ දීමට කොළ හලා අරටුව රැකගත් ගහ ජය ගන්නේ.

ජීවතයත් සෘතූන් ජය ගත යුතු ගහක්. ඒත්... පමණක් වෙලාවට සෘතුවක් බොහෝ දිග කාළයක්.

නංගියේ ඔබේ මේ තීරණයට එලඹෙන්න ලොකු ශක්තියක් අවශ්‍ය කරනවා. නුඹ ගසකට වඩා උසයි, ශක්තිමත්. ජය ගන්නවා නියතයි. සුභ පැතුම්!

ayesha said...

ගිහින් එන්න ආපහු

nawammawatha said...

විගහට එන්නෝ........................

Ansh Lucky Sri Jay said...

මොකෝ මේ හදිසියේ..?
ඉක්මනටම එන්නකෝ එහෙනම්
:)

මකුළුවා...... said...

ගියාට කමක් නෑ....ආපහු එන්න.....අපි බලාගෙන ඉන්නවා සොඳුරු සිතේ සුන්දර සිතුවිල්ලක් පල වෙනතුරු.........

Kalu Pusa said...

අයියෝ තව සති දෙකක් යනකල් සොඳුරු සිතේ බොරු බලන්න වෙන්නේ නැද්ද ? :D

කමක් නැහැ ඉතින් වැඩිම උනොත් සති 2යි නේ

ප.ලි

මේ බොරු ලියනවා කිව්වට ගණන් ගන්න එපා. මම බොරු කිව්වේ ප්‍රබන්ද කියන අර්ථයෙන් :)

Kathandara said...

මගේ සුභ පැතුම්!!!???

MaRLaN said...

13i

Heeniyata said...

අනේ.....

පාඩම් කොරන්න හිත එකලැස් කොරන්.....ඔයාට ජය!

ඉන්දික උපශාන්ත said...

සුභ පැතුම්..!
ගිහින් එන්න

හිස් අහස said...

මමත් ඔන්න කාලෙකින් අක්කව බලන්න ආවා ..අපොයි අපි එනකොට අක්ක යනවා වගේ ..ඉක්මනට වැඩටික ඉවර කරගෙන එන්න බලන්න ...

සොඳුරු සිත නැතුව බ්ලොග් අවකාසේ පාලු වේවි

-HacKrisH- | හැක්ක්‍රිෂ් said...

යන්ට එපා ඉන්ට නගේ..................:ඩී

Niroshan said...

නැවුම් සිතින් සොදුරු සිත එනතෙක් බලා සිටින අප.....

Kathandara said...

මේ රයිටර්ස් බ්ලොක් එක බෝවෙන ලෙඩක් ද?
Writers block seems to be infectious?

mayya said...

if u think you should have a break, let it be...Hope, you will return with much energy...best wishes 4 a good refreshment

cheers

සොඳුරු සිත said...

හ්ම් .....මොකද මේ ... ඔක්කම කවිය නරකයි කියල... ඉතින් මොටද මම කවි ලියන්නේ....

විභාගෙ ඉවර නැහැ... හැම සති අන්තයේම තියනවා... මාසයක් විතර යද්දි ඉවර වෙයි...

මේ නාකි මට මොන විභාගද කියල වෙලාවකට හිතෙනවා.

Ravi
ගණින්න ඇඟිලි මදි වෙයි අයිය.. ඒනිසා අතේ ඇඟිලි ඉවර වෙන්න කලින්ම ආවා...

MaRLaN
ඔයා ලියනව නෙ මටත් එක්ක. කළු සුදු.....

arunishapiro
විභාගයේ මොන සතුටක් ද අක්කා. ඔන්න පාස් වුනොත් නම් සතුටක්.

Chanaka Aruna Munasinghe
කම්මැලි නැතිව පාඩම් කරන එකම එක්කෙනෙක්ගෙ නමක් කියන්න බලන්න.


පැන්da
ලියමු ලියමු ... You will soon break the bow if you keep it always stretched.

Chanaka Aruna Munasinghe said...

සිරිමත් කියල එක්කෙනෙක්නම් කම්මැලි නැතුව පාඩම් කරනවලු. අහල ඇති නේද ?

සොඳුරු සිත said...

Pirate Bunny
කොහෙ යන්නද දරුවො. හදා ගත්ත පැල දාලා.

Dee
මූණු පොතේ සිටිමි... වෙනසක් නැහැ..

kumaraya
කෙහෙ යන්නද කුමාරයෝ. හදා ගත්ත පැල දාලා.

සොඳුරු සිත said...

Chanaka Aruna Munasinghe
අපොයි ඔවු... පුංචි කාලේ කවි පොතක හිටියෙ එය “සිරිමත්“ හරි හොද ළමයෙක් ලු... මකරගෙ යාලුවෙක් වෙන්නැ මයෙ හිතේ...

සොඳුරු සිත said...

පූසා
හොඳයි පූසෝ... වරින් වර එන්නම්. ඒත් ගමන පෙර මෙන් නැහැ..

Podi Kumarihami
මගේ ගෙදෙට්ට එන්න. මම නැති වුනාට කමක් නැහැ. ගෙනාපුව පරිස්සමට පිල උඩින් තියල යන්න. මම නැහැ කියල ආයෙ අරන් යනව හෙම නොවෙයි ඕං.....

රත්ගමයා
හිහි.. ඉකේයියා කියන්නෙ ඇයි හැමවෙලේම...

ගල්මල්-Coral
බුස පැතුමට ස්තූතියි අයියා....

ayesha
හොඳයි අයේෂා... ඉක්මනින් ගියොත් ඉක්මනින් එන්න පුලුවන් ලු...


nawammawatha
හරියෝ... හිත කළකිරවගන්න එපෝ....

සොඳුරු සිත said...

Ansh Lucky Sri Jay
හදිසියේම පොතට පතට සිත යොමන්න හිතුන. නහින දෙහින වයසෙදි...

මකුළුවා......
හොඳයි මකුළුවො... මම නැති වෙලාවට ..දැලේ පැටලෙන රස රස කවි සින්දු..මටත් අරන් තියන්න අමතක කරන්න එපා හොදද.

සොඳුරු සිත said...

Kalu Pusa
ඇත්ත තමයි/ගල් පැලෙන බොරු මේව... හේ හේ....

Kathandara
ස්තූතියි කතන්දර....

MaRLaN
මොන 13 ද? 31යි හේ හේ...

Heeniyata
හීනියට... ඔයා කවුද හැබෑට.... නුවර කළාවියේ ද ?

ඉන්දික උපශාන්ත
ස්තූතියි.....

හිස් අහස
සඳරු තියනකම් අහස හිස් වෙනව ද? කොච්චර කිවත් අහන්නෙ නැහැ නෙව.


-HacKrisH- | හැක්ක්‍රිෂ්
දැන් නම් මේකා හොඳටම නරක් වෙලා...

Niroshan
හ්ම්...ස්තූතියි නිරෝශන්....

Kathandara
හැබෑට.. බෝවෙන ලෙඩක් ද? කාටද බෝවෙලා ?

mayya
Thank you '''''''''

෴ හසියා ෴ said...

මං එනකොට විරාමය ඉවරයි වගේ....

දිගටම ලියමු අක්කා....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...