..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, February 15, 2011

෴ සැගවුන උල්පත / The Secret Spring ෴

ඝන කැලෑ රොදින්
වට තුරු තිරයෙන්
වට වී සැඟවී 
තිබුනා

සීතලම ස්වරෙන්
පැහැදිලිම දියෙන්
පිරිසිදු උල්පත 
තිබුනා

නුඹ ඇයි සැඟවී
මේ ලෙසට ලොවෙන්
මදකට සිත
ලොබ බැන්ඳා

සැඟවී මෙලෙසින්
නුඹ පාන සෙනෙහෙ
කා හට දෝ 
මට සිතුනා







 පිරිසිදුම හදක්‍
වෙත බැන්ඳ සෙනේ
ලෝ දහමට පිටු පානා

පිපාසයෙන් ඒ ලොව මැරුණත්
දිය පොදක් දෙන්න බැරි වා

නෙත ඉනු කඳුළින්
නැත උල්පත නැවති
වනවැද සැගවුන පෙමිනා

 සැඟවී  සැනැහී
මුළු ලොවට හොරෙන්
ඔහු වෙනුවෙන්
දුක් වෙමි මා

“A sympathetic heart is like a spring of pure water bursting forth from the mountain side”


 නෙතක කඳුළු සීතල දිය දහර සමඟ
නුඹේ පිපාසයට පුද කරන
මම
෴ සොඳුරු සිත ෴


8 ප්‍රතිචාර:

TG said...

Melodiouse rather than poetic , Nice one

Muthu Paba said...

ලස්සනයි! :)

හිස් අහස said...

සීතල වතුර බින්දුවක් වගේ හරිම ඇත්තටම ලස්සනයි හිතට දැනුනා ..(බටර් නෙවේ සිරා)පින්තූරෙත් ලස්සනයි කොහෙං ගෙනද මන්දා ?

ඔයා හැමදාම කරන්නේ දුක් වෙන එක අන්න ඒකටනම් මම කැමති නෑ . පොඩ්ඩක් ෆන් කවියකුත් ලියන්න අක්කේ .සතුටින් ඉන්නකෝ !පොඩ්ඩක් ලෝකේ කාලා බලන්න ..අපි ඉන්නවා ඕන සප් එකක්කට

Sujeewa Kokawala said...

දිය බිඳක සිහිලස
ගිම් පිපාසය නිවනා
මුළු මහත් දියතට
වෙන්ව ගන්නට බැරිව බැඳුනෙකි

එකෙකුට ම බොන්නට
හිතා ගත්තද දියවර
නෙක තුරු සරු කරන
දහසක් දෑස් පිනවන
අමිල මෙහෙයක යෙදේ නොදැනම

එක පහන සිලකින්
සහස් සිළු දල්වන මෙන්
සුන්දර ම අරුමයකි අපරිමිත

Observer said...

පලවෙනි කවිය කට් ඇන්ඩ් පේස්ට් පාරක් දාල ඒකට යටින් කොමෙන්ට් එකක් ලියන්න ට්‍රය් කෙරුවෙ, කොහෙද හය් ලයිට් කරල කොපි කරන්න හදනකොට "මේ මගේ හදවත කියල" වෙබ් සයිට් එකෙන් මැසේජ් එකක් ආපි.

කොහොමත් ඉතින් කට කැඩිච්ච කතාවක් කොමෙන්ට් වෙන්න
ගියෙ, මන් හිතන්නෙ මේ ඉසිස්සෙල්ලම මේ සයිට් එකේ කොමෙන්ට් එකක් දාන්නෙ, මොකටද ඉතින් කට කැඩිච්ච කතාවක් කියල, කීර්ති නාමය පලුදු කරගන්නෙ.

Niroshan said...

ලෝකේ හැංගිලා තියෙන දේවල් තියෙන නිසානේ සොයන අයට හම්බවෙන්නේ, නැතුව සොයන්නාට හම්බවෙන්ට විදිහක් නැහැ නොවැ....

අපි හැමෝම හොය හොය යනවා...හම්බුත් වෙනවා...හරි සරලයි නේද?

එත් හොයන්නේ නැති අයට?????

෴ හසියා ෴ said...

හ්ම්ම්ම්ම්ම් සමහර වෙලාවට අපි ළග කෙනෙක් හිටියත් අපිට ඒ කෙනාගේ අගේ නොතේරෙන් පුළුහන්...වෙන ඈත ඉන්න ළග අහලක පහලක නැති කෙනෙක් ගැන විතරක්ම සිතන්න පුළුහන්...හැබැයි දවසක තේරෙනවා ළග උන්නු කෙනා කොයි තරම් වටිනවද කියලා.ඒදාට අපි ප්‍රමාද වෙන්නත් පුළුහන්....
ලස්සනයි අක්කේ....

ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ....තරහා වෙලා වගේ දැනුන විදහටනම්....

Ravi said...

දුර ඈත කඳුයායෙ,
හරිත තුරු වියන යට,
ලොව හැමට රහසක්ව,
ගලන දිය කඳුර මම,

ඔබ පවස නිවන්නට,
පාරමී පුරන්නෙමි,
ඔබ නමින් උපන්නෙමි,
ඔබ නමින් ගලන්නෙමි,

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...