..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, February 1, 2011

෴ එක සිත දෙතැනක / Indecisive Mind ෴ ( II කොටස )

 ෴ එක සිත දෙතැනක / Indecisive Mind ෴ ( I කොටස ) මෙතනින් . . . .


( II කොටස ) - විනෝද චාරිකාව , ඔහු සහ මම


එදින ප්‍රියසම්භාශණයෙන් පසුව ඔහුව මට නිතර නිතර ඇස ගැටෙන්නට වුනේ ඔහු මගේ මිතුරියගේ සොහොයුරාගේ හොඳම යහළුවකු වූ නිසා ද? එසේත් නැතිනම් මගේ නෙත ඔහු සෙවූ වාර ගණන වැඩි වූ නිසා දැයි මම නොදනිමි. 

කෙසේ වුවත් ඔහුට ගැහැණු ළමයි සංගමයේ කිසිම අඩුවක් පාඩුවක් නොවූයේ ඔහු ගැහැණු ළමයින් අතර දඟකාර හැඩකාරයෙකු මෙන්ම කතාබහේද ශූරයෙකු නිසා වන්නට ඇත. නමුත් මාත් නොදන්නා යම් කාරණාවක් හේතුවෙන් මා හා කතා කරන්නට පැමිණෙන ඔහුව මඟ හැරීම ට මා නිතරම කටයුතු කළෙමි.


නමුත් , එක් දිනක් නොසිතූ පරිදි ඔවුන් සමඟ විනෝද චාරිකාවක් යෑමට මට සිදුවිය. නිවාඩුවක් ලද සෑම විටකම නිවසටම වී සිටීමට ප්‍රිය වූ අයකු වූ මට බොහෝ දෙනාගේ බලපෑම මත එම විනෝද චාරිකාවට සහභාගී නොවී සිටීමට නොහැකි විය.

බොහෝ දෙනා ඊට සහභාගී වුයේ ජෝඩු වශයෙනි. ඇතමෙකු මෝටර් බයිසිකල් වලින් ද බහුතරයක් කුඩා වෑන් රථයකින් ද මේ චාරිකාව සඳහා එක් විය.


ගීත ගැයීම් , නැටුම් , මත්පැන් වලින් පිරී ගිය විනෝද චාරිකාව වචනයේ පරිසමාප්කාර්ථයෙන්ම විනෝද චාරිකාවක්ම විය.


දහවල ස්නානය සඳහා සුන්දර දිය ඇල්ලක් ගාව නවතන ලදින් සියළු දෙනාම පාහේ දිය නෑමට උනන්දු වූවත් මාගේ තිබූයේ මන්දෝස්සාහී ගතියකි. දිය ඇල්ල ලඟ වු ගලක් මත වාඩි වී අවට සිරි නරඹමින් සිටි මට එකවරම සිදු වූයේ නොසිතූ දෙයකි.


පිටු පසින් පැමිණි කවරකු හෝ මහ හඩින් සිනා සෙමින් මා දියඹට තල්ලු කරන ලදී. මදක් ගැඹුරු වූ ජලාශයත්, නොසිතූ අහඹු සිදුවීමත් , පිහිනීමට නොදන්නියක විමත් මා දැඩි අසරණ තත්ත්වයට පත් කළ අතර ඉන් පසු සිදුවූ දෙයක් මතකයට නොනැඟේ.


දෑස් හැර බලන විට මා වටා මුමුණන මුහුණු රැසක් මදින් මද පැහැදිලි වන්නට විය. මා දියඹේ ගිලෙන්නට යද්දි ඔහු විසින් මා බේරා ගෙන තිබුනි. ඉන් පසු විනෝද චාරිකාවේ විනෝදය මා නිසා මදකට නැවතුන ද,  දිය ඇල්ල පසු කර පැයක පමණ ගමනක් තුල දී එකකු හැර අන් සියළුම දෙනා නැවතත් සුපුරුදු සැහැල්ලුවටත් , විනෝදශීලීත්වයටත් අවතීර්ණ විය.


නමුත් ඔහු ගේ තිබූ සැහැල්ලුව දිය ඇල්ලේ සේදී ගොස් තිබුණි. විටින් විට මා දෙස බලමින් මද සිනා පෑ ඔහු ගේ මුහුණේ වූයේ පසු තැවිලි වීමේ සේයාවකි.


ඔහුගේ පසුතැවීම මාගේ නොමඳ සතුටට හේතු වූ බවද නොකියාම බැරිය.ඔහු පසුතැවිලි මුහුණින් මා දෙස බලා සිනා සෙන විට , සතුටු මුහුණින් බාගෙට සිනාසෙන මම රථයේ ජනේලයකින් ඉවත බලන්නෙ මි.



රාත්‍රී නවාතැන් ගත් ස්ථානය වුයේ ඉතාම සුන්දර ස්ථානකයි. කාමර කිහිපයක් වෙලාසනම වෙන් කර තිබූ අතර බොහෝමයක් කාමර යුගල කාමර විය. මාත් යෙහෙලියත් තව කිහිපදෙනෙකුත් සඳහා පමණක් මදක් විසල් තනි කාමරයක් වෙන් වී තිබුනි.


එදින වන විට පුර පෝය පසුවි ගෙවී තිබුනේ දින කිහිපයක් පමණක් බැවින් රාත්‍රිය වුවත් පෙරී එන සඳ රැස් වතුරින් පිරි ගිය පරිසරයේ ඇවිදීමට මා ප්‍රිය වූයෙන් කඳුවැටියක් මුදුනේ පිහිටා තිබූ සුන්දර නවාතැනේ සිට සුරඟනන්ගේ අඩවියේ සැරිසරන්නට පටන් ගත්තෙමි.


සඳ රැස් වතුරින් නැහැවෙන මිදුලේ 
සුරඟන අගනන් සැරිසරනා
කොඳ මල් යායට පිපෙනා යාමයේ
මා ළග නුඹ රහසින් සිටියා


“ මොක ද මේ, දවල් නාපු නෑවිල්ලට, කළුවර යාමේ , සීතලේ මෙහෙම ඇවිදින්න හොඳ නැහැ “


“ හ්ම් “


“ ලස්සනයි නේ ද? ඇයි නංගි ඔයා ජීවිතේ අල්ලල බැඳගෙන තියා ගෙන ඉන්නෙ. ජීවිතේට ඔහේ පාවෙලා යන්න ඉඩ දෙන්නකො. ඔයා ඉන්නෙ හරියට මහ කන්දක් ඔළුවෙ උඩ තියා ගෙන වගේ“


“ ඒකෙන් මාව මුදවන්න වෙන්න ඇති. මාව වතුරට තල්ලු කරේ “


ඔහුගේ මුහුණ මදකට බිමට නැවුන. දිග සුසුමක් හෙළුව.


“ මම ඒක හිතල කරේ නැහැ නංගි “


“ එතකොට කවුද මාව බේර ගත්තේ ? “


“ මම ම තමයි “


“ ඒකත් නොහිතමද කරේ “


මුහුණ මුහුණ බලා සිටි අප දෙදෙන එකවරම සිනා සෙන්න පටන් ගත්තා. ඊට පස්සෙ සඳ රැස් වැටුන මිදුල පුරා නොයෙක් දේ දොඩවමින් ඔහුත් මාත් බොහොම ළඟින් ඒත් අතට අත නෙගෑවෙන තරම් දුරින් ගමන් කරා.


“ මොනා ද අනේ .. .. මම ඔයාව හැම තැනම සෙවුවා. ඔයා මෙහේ “

අප සිටින තැනට කඩන් පාත් වුන ඔහුගේ දැන් සිටින පෙම්වන්තිය පැවසුවේ මා දෙස ද කෝපයෙන් බලන ගමන්.


ඔහුට සිටින පෙම්වතියන් හරි ඉක්මනින්ම වෙනස් වෙනවා. අද කෙනා නෙමෙයි හෙට. ඒ තමයි ඔහු ජීවිතය හෑල්ලුවෙන් ගන්න හැටි. මටත් කියන්නෙ එහෙම ඉන්න කියල ද ? මට ඔහුගෙන් අහන්න හිතුන.


“ යන් යන් අපි යන්. දැන් නිදාගන්න වෙලාව හරී. මොනාද බබා ඔයා හරි නරකයි මාව තනියෙන් දාලා ඇවිදනව. ඒකට ද ඔයා ට්‍රිප් ආවේ... “


තව තවත් දේවල් ගිරවියක සේ දොඩවමින් ඇය ඔහුවත් බලෙන්ම කැඳවා ගෙන ආපසු ගියා.


සඳයි තරුයි රාත්‍රියයි එක්කල මම ආයෙත් තනි වුනා . . . . . . .


එතකොට නන්දා මාලනි මෙහෙම කීවා . . . . . .








“Three things cannot be long hidden: the sun, the moon, and the truth.”


සඳ එළිය නැතිව පිපින කොඳ මල
මම
෴ සොඳුරු සිත ෴

10 ප්‍රතිචාර:

හා පැටික්කි (MS) said...

හ්ම්ම්ම්ම්ම්ම් ඉතින්.......

කාලෙකට පස්සේ සිංදුව ඇහුවේ. බොහොම ස්තූතියි අක්කියා.......

MaRLaN said...

අම්මෝ මෙයාගෙ වස....

හිස් අහස said...

අක්කට පීනන්න බෑ වගේ ...

මේ කතාවත් ලස්සනට ලියලා තියනවා .හැමදාම ලියන්නේ ඔයා පරාද වෙච්ච කතා විතරනේ ...ඇයි කවාදකවත් ඔයා දිනලා නැද්ද ? මේක ඔයා හිතෙන් ගොතාපු කතාවක් වෙන්න ඇති ..

ඒත් දවසක ලියන්න කතා නායිකාව ජය ගන්න කතාවක් ...

Podi Kumarihami said...

අනේ මටත් කොඳ මලක් වෙන්ට ඇත්නම්!

(ඇත්තටම මේ කොඳ මල කියන්නේ මොකක්ද?)

Heeniyata said...

මම කලින් වැඩ කරපු තැන receptionist ගෙ මහත්තය නැව් වල රස්සාව කරන්නේ....දවසක් විහිලු කරන ගමන් මම කිව්වා, පොර නම් නිදියනව ඇති ගෑණු එක්ක කියල. එයා ගත් කටටම කිව්වේ "කොච්චර ගෑණු එක්ක හිටියත් එයා ආදරේ මට විතරයි" කියල.......

Ravi said...

දහස් ගව් දුර මඟ ගෙවා මම,
සහස් ලඳකගෙ පහස ලැබුවෙමි,
රහස් කියනා නුඹේ නෙත් ලඟ,
ගමන නිමකර නතර වූයෙමි,

සොඳුරු සිත said...

@හා පැටික්කි (MS)
ස්තූථියි හා පැටික්කියේ ........

@MaRLaN
වසට වසයි...
අන් අයට හොඳයි..

සොඳුරු සිත said...

@හිස් අහස
පීනන්න බැහැ දරුවො. ගිලෙන්න නම් පුලුවන්..
බොලයි අක්ක දිනන කතාවක් ලියන කොට ඉතින් බැරිය....

සොඳුරු සිත said...

@Podi Kumarihami
රෑට සඳ එළියට පිපෙන පුංචි මලක්....

@Heeniyata
අන්න එහෙමයි ගැහැණු... ඒත් පිරිමි....ඇත්ත ..ආදරයයි රාගයයි දෙකක්...

සොඳුරු සිත said...

@Ravi
නතර නොවෙනා ගමන මෙය නම්
කෙදිනවත් අත නොහැර මම එමි
ලොවෙන් එතෙරව යනෙන දිනකද
නුඹත් සමඟම ඒ ගමන යමි....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...