..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, February 16, 2011

෴ බලාපොරොත්තුව / Hope ෴


වෙ‍හෙසී කවි පද අකුරින් අකුරට 
ලීවත් හැඩ නැහැ පෙර වාගේ
ඒ තුල වුන් මා හද රැදි මිතුරෙක්
නිහඬව ගොස් වරදින් මාගේ

ලිවු ගී , කවි පද වදනින් වදනට 
සොයමි යමක් හිස් තැන් පිරිලා
හිස් තැන් පුරවන එක පදයක් 
නුඹ සමඟින් ඈතට ගොස් රැඳිලා

ආලය , රාගය , කාමය , ආසා
කිසි පදයක් නැත ගැලපෙන්නේ
සෙනෙහස අරගෙන සිටිනා තැනකින්
සමාව දී ආයෙත් එන්නේ


With you my heart will always stay. 
With you my thoughts will be every day. 
You remain to be the one that I regret letting get away. 
Why didn't I say what I needed to say? 
You are the one I will always use my wishes on. 
You are the one I will always wish was never gone. 
I'll constantly wonder what went wrong. 
I'll forever think of what I could've did that was never done.





හිස්
මම
෴ සොඳුරු සිත ෴

12 comments:

  1. මේ මොකද මේ.
    සොඳුරු සිතට අඳුර නොදී - මේ මිතුරා නැවත එන්න.
    සෙනෙහස ගෙන හදවතින්ම - සොඳුරු සිතගෙ වෙතට එන්න

    ReplyDelete
  2. වත් මොකද කලබලෙන්.....

    ReplyDelete
  3. සෙවන ලදිමි තුරු ගොමුවල එය නොවෙයි සුවේ...

    ReplyDelete
  4. තරහා වුන මිතුරා හනික එන්න...
    වත් අක්කාගේ හිතට දුකක් නොදි...

    ReplyDelete
  5. ම්ම්ම්මම්ම් ඔව් අනේ මේ තරහා වුන යාළුවා එන්නකෝ ඉක්මණට අපේ වත් අක්කිව හොයන්.....

    ReplyDelete
  6. හිස් වුණේ නැත්නම් පිරෙන්න බැහැ....

    ReplyDelete
  7. ඔයා බය නොවී ඉන්න යාළුවා ආයෙමත් ඒවි . ඔහොම තනිකරලා පැනලා යන අය නියම යාළුවෝ නෙවේ නේද ?

    අක්කට ජයම වේවා !!

    ReplyDelete
  8. සොඳුරු සිත කොහොමද හිස් වෙන්නෙ?

    ReplyDelete
  9. හ්ම් .... කවුද ඒ විශේෂ මිතුරා ?

    ReplyDelete
  10. lan wena hamoma wen wela yanawa akke...giya aya gana thawennne nathuwa inna aya gana hithala sathutu wenna akkiyo...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...