..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, February 26, 2011

෴ සඳ නැති පුර පෝය ෴


ජීවිතය විඩාබරයි
සඳ නුඹත් බොහෝ දුරයි
නිදි නැතී දෙනෙත් බරයි
නුඹ ගැනම සිතයි දුකයි


ගවු ගනන් දුරින් ඉදන්
සිත් වලින් පෙරුම් පුරන්
වුන් කලත් ප්‍රියංකරයි
මිදී එයින් හිතත් බරයි

පෝය දාට විත් හොරෙන්

එඹී බලා සිනාසුනෙන්
බැන්ඳ පෙම් සිතත් අරන්
ගිහින් නැතේ යලිත් ඇවිත්

තරු සමඟ සිනාසෙමින්
නුඹ ගැනම සිතා සිටිම්
තව දිනක් උදා වුනොත්
නුඹ දකිනු රිසින් හිඳිම්

පෝය දා ඇවිත් යලිත්

සඳ නැතේ ඉඩක් අරන්
සඳ කොහේ ගියත් ඉතින්
ගිය තැනක සැපෙන් ඉදින්


“Shoot for the moon. Even if you miss, you'll land among the stars.."

 I miss the moon. . . ! ! 

සඳ මගහැරුන 
මම
෴ සොඳුරු සිත ෴

6 comments:

  1. ලස්සනයි අක්කේ..... වෙනදා වගේම. අනේ මංදා මට වෙලාවකට හිතෙනවා ඔයා කවි ලියන්නේ හිතේ තියන මොකක් හරි දුකක් තුනී කරගන්නද කියලා......
    අද පළවෙනියා මමද මංදා........

    ReplyDelete
  2. නුඹ දැක ගන්න එන්නම් ආයෙත්
    අදුරු වළා රොද අතරින්
    නිදි නැතිව දැස් දල්වන්
    හිදිනු සදළුතලයේ තව මොහොතක්..

    තරු වැඩි අහසට ආදරෙන් නොබැදෙන්
    මම එන්නම් වළාකුළු අතරින්
    පුරපොහොය දා මහ වැසි වැටුනොතින්
    පමා වේවි හිනැහෙන්නට ඔබ සමගින්..

    ReplyDelete
  3. මගහැරුන සද..
    ලගට විත් හිනැහියන්...
    යලි නො යන සේ...
    හිදින් මා ලග...
    නුඹ නොමැති කලු අහස්ගැබ..
    හඩනවා දුකින් ..

    ReplyDelete
  4. තනි හඳට වඩා.....මහ ගොඩක් තරු.....එපාද...

    ReplyDelete
  5. කියෙව්ව, හොඳය් කියල හිතුන, කවි ගැන විවේචන ලියන්න තරං..... අනේ මන්ද..... මට..... දැනුන් තේරුන් මදි වගෙ.

    ReplyDelete
  6. හඳ ඉල්ලලා කොයිතරම් ඇඬුවත් කවමදාකවත් හඳ අපට ලැබෙන්නේ නෑ . හැමදමත් එහෙමයි ...

    අපිට ඉතින් කවි ලියන්න බෑ නෙව . ඒක නිසා කවිය බලල හිතට ආපු දෙයක් ලියලා දැම්මා ...

    කවිය ලස්සනයි අක්කේ මේක මට ලිවුවා වගේ ..බොක්කටම වැදුනා ..

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...