..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, February 21, 2011

෴ කෝෂයෙන් පිට ෴




සමණළයෙක් වෙන්න ලොබින්
මාස ගනන් පෙරුම් පුරන්
වසර ගනන් ගෙවී ගොසින්
හිටපු තැනම මං

බිත්තරයෙන් පිටව ඇවිත්
කෝශ ගතව බොහෝ කලක්
සමණළයෙක් වෙන්න බැරිව
දුක් විඳිනව මං

 සොඳුරු සිහින බිදෙන බියෙන්
සමණළ තටු කැඩෙයි , දුකින්
තටු නොලබා දළඹු වෙසින්
අහිංසකයි මං



ජිවිතයක් සිතෙහි මවන්
එයට මුහුණ දෙන්න බියෙන්
 සිහින ටිකත් තුරුළු කරන්
 තවම එතන මං



“How does one become a butterfly?" 

"You must want to fly so much that you are willing to give up being a caterpillar.”


කෝශගතවූ සිහින සමඟ
මම
෴ සොඳුරු සිත ෴

14 comments:

  1. හ්ම්ම්ම්ම්ම්.....වෙනස්

    ReplyDelete
  2. සරල පද ගැලපුමක් අක්කා...ලස්සනම ලස්සනයි...

    ReplyDelete
  3. කෝෂයේ දළබුවා
    ලබන්නේ තටු

    පහත ලින්ක් එකෙන් BUTTERFLY කතාව බලන්න
    http://www.indianchild.com/inspiring_stories.htm

    ReplyDelete
  4. අමතක කර මවන් ඉන්න ජීවිතය
    එලියට බැහැලා බලන්න
    ඒ ජීවිතයට මුහුන දෙන්න
    සුබ පතනව මන්

    ReplyDelete
  5. BUTTERFLY

    A man found a cocoon of a butterfly. One day a small opening appeared. He sat and watched the butterfly for several hours as it struggled to force its body through that little hole. Then it seemed to stop making any progress. It appeared as if it had gotten as far as it could, and it could go no further.

    So the man decided to help the butterfly. He took a pair of scissors and snipped off the remaining bit of the cocoon.

    The butterfly then emerged easily. But it had a swollen body and small, shriveled wings.

    The man continued to watch the butterfly because he expected that, at any moment, the wings would enlarge and expand to be able to support the body, which would contract in time.

    Neither happened! In fact, the butterfly spent the rest of its life crawling around with a swollen body and shriveled wings. It never was able to fly.

    What the man, in his kindness and haste, did not understand was that the restricting cocoon and the struggle required for the butterfly to get through the tiny opening were God's way of forcing fluid from the body of the butterfly into its wings so that it would be ready for flight once it achieved its freedom from the cocoon.

    Sometimes struggles are exactly what we need in our lives. If God allowed us to go through our lives without any obstacles, it would cripple us.

    We would not be as strong as what we could have been. We could never fly!

    I asked for Strength.........
    And God gave me Difficulties to make me strong.

    I asked for Wisdom.........
    And God gave me Problems to solve.

    I asked for Prosperity.........
    And God gave me Brain and Brawn to work.

    I asked for Courage.........
    And God gave me Danger to overcome.

    I asked for Love.........
    And God gave me Troubled people to help.

    I asked for Favors.........
    And God gave me Opportunities.

    I received nothing I wanted ........
    I received everything I needed!

    Trust in God. Always !

    ReplyDelete
  6. කියවා රස විඳින ලදී.

    ReplyDelete
  7. අක්කා පස්සේ කමෙන්ට් එකක් විදිහට දාලා තියන සමනලයගේ කතාව මරු. ඒකේ ලොකු අර්ථයක් තියනවා. :)

    ReplyDelete
  8. ඒක මම ලියපු එකක් නෙමෙයි. ( පස්සෙ දාපු කමෙන්ට් එක ) ගල්මල් අයියා කිව ලිනක් එක දිගේ ගිහින් කොපි කරල පේස්ට් කරා...

    http://galmal.blogspot.com/ (ගල්මල් අයියා)


    http://www.indianchild.com/inspiring_stories.htm

    ස්තූතියි ඩීන් අයියා......

    ReplyDelete
  9. කෝෂේ ඇතුළට වෙලා දළඹුවා කරන්න ඔනේ සමණළයෙක් වෙන්න හීන මවනවට වැඩිය, පුළුවන්තරම් ශක්තිමත් සමණළයෙක් වෙන්න හැඩ ගැහෙන එකයි...

    එහෙම නොවුණොත් මාස ගාණක් පෙරුම්පුරලා එලියට එන සමණළයාගේ ආයු කාලය දවස් ගාණයි...

    ReplyDelete
  10. මේ කෝෂ ගතව ඉන්න Chrysalis, සමණලයෙක් බවට රූපාන්තරනය වෙන්න හිත හදා ගන්න බැරිවයි ඉන්නෙ, එතකොට දෙවෙනි කමෙන්ට් එකේ හැටියට සමණලයෙක් වෙන එකම එච්චර ලෙහෙසි දෙයක් නෙවෙයි,ඊට අමතරව සමණලයෙක් වෙලා පියඹා යා යුතු ලෝකය කෝෂය ඇතුලෙ ඉඳිද්දි හිතාහිටියාට වැඩිය කටුක වෙයිද කියන සැකයත්, දෙගිඩියාවත් හිතේ තියන නිසා කෝෂය ඇතුලෙ හැමදාමත් ඉන්න එක වඩාත් නුවණට හුරුයි කියල හිතනව වෙන්නත් පුලුවන්,

    ඒත් බරපතලම ගැටලුව තමයි හැමදාමත් ඔහොම කෝෂය ඇතුලට වෙලා ලෝකෙන් වහන් වෙලා ඉන්න පුලුවන්ද කියන එක, කවදා හෝ පිටත ලෝකයට පියඹා යන්නම වෙනවනෙ, ඒක තමයි තිත්ත ඇත්ත, ඒ ඇත්තට මුහුණ දෙන්න ඉක්මනටම හිත හදා ගත්තු තරමට පහසුයි කියලයි මට හිතෙන්නෙ, අනික සර්ව අශුභවාදීම නොවී උපේක්ෂාවෙන් ජීවිතෙ දිහා බලන්න උත්සාහ කාලොත් ඒක එච්චරම අමාරු වෙන එකකුත් නැහැ,

    "Thinking out of Box" කියන එක වෙනුවට "Thinking out of Cocoon" කියල ආදේශ කරගන්න විතරයි තියෙන්නෙ,

    "May the pain you have known and the conflict you have experienced give you the strength to walk through life facing each new situation with courage and optimism.”

    "The basis of optimism is sheer terror." -  Oscar Wilde

    ReplyDelete
  11. ahuraganna beri sithuvili walata pana enne kohomada

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...