..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, February 5, 2011

෴ මට දැනෙනවා ෴

මට දැනෙනවා. . . ඔව් . . . හිතට හරිම මිහිරි හැඟීමක් දැනෙනවා. මටත් කවුදෝ කෙනෙක් ආදරේ කරනවා කියල මට දැනෙන්න පටන් අරන්. ඒ කවුද කියල මගෙන් අහන්න එපා. මොකද මමවත් දන්නෙ නැහැ ඒ කවුද කියල.. . . ඒත් මට දැනෙනවා.කොහේ දෝ ඉඳන් කවුද මා දිහා බලන් ඉන්නව වගේ. මා ගැන සොයල බලනව වගේ. මා ගැන හිතනව වගේ. කොටින්ම මට ආදරය කරනව  වගේ.


තමන් වෙනුවෙන් ලෝකේ කොහේ හරි තැනක කෙනෙක් ඉන්නව කියල හිතෙන එක කොයි තරම් සොඳුරු හැඟීමක් ද?

ඒත් ඒක හීනයක් නම් කොච්චර භයානක හීනයක් ද?
 
මේ ලෝකේ මොන ජගතෙක්ටවත් තනියෙන් නම් ඉන්න බැහැ. තපස් රකින්න කැළේට ගිය තාපසයෙක්ට වුනත් ඒක ඔට්ටුයි.

ඒකට හේතුව තමයි. අන්යෝන්‍ය බැදීම් කියන දේවල් පණ තියෙන හැමකෙනාටම පොදුයි. ගස්වැල් , සතාසිවුපාවා , මනුස්සය කවුරුත් එහෙමයි.


මිනිස්සු සතාසිවුපාවට වඩා වෙනස් වෙන්නේ බැඳීම් වලදී මානසික බැඳීමක වටිනාකමක අගය දන්න හඳුනන නිසා. නැත්තම් ඉතින් අද හමුවුනා , හෙට වෙන් වුනා දුකක් නැහැනෙ. බලාපොරොත්තුවකුත් නැහැනෙ.


පිනි වැටිලා දළු කොළ අග්ගිස්සේ 
රන්වන් පාටින් දිලිසෙනවා
කිචි බිචි සද්දෙත් අමුතුම තාලය
කණ් පතුලෙන් හද අමතනවා

කෙහෙදෝ සිට විත් කුරුළු ජෝඩුවක්
කුඩු තනන්නට වෙහෙසෙනවා
ලගඳිම දවසක සුබ පණිවිඩයක්
එන බව මඟ සලකුනු දෙනවා

මා ගැන හිතමින් ලොව තනිවෙන්නට
සිතපු සිතුම් වැල් ගිලිහෙනවා
මා වෙනුවෙන් කවුරුද අර ඈතින් 
හිමිහිට මේ පැත්තට එනවා

ජිවිතයට ආ මඟ නොව 
හැර යන මඟ සුන්දර වේ නම්
ආදරයක් එකතුව නෙක පාටින්
පාට කරන්නම් ජීවිතයක්


Nobody wants to be lonely
Nobody wants to cry
Time is precious and it’s slipping away
And I’ve been waiting for you all of my life
Nobody wants to be lonely so why
Why don’t you let me love you

Can you hear my voice
Do you hear my song
It’s a serenade
So your heart can find me
And suddenly your flying down the stairs
Into my arms, baby

Before I start going crazy

Run to me, run to me
Cause I’m dying


අහල බලන්න . . . .

 

මම කවුද කියල අදනම් මම ලියන්නෙ නැහැ. මොකද අද ඉන්නෙ මම නෙමෙයි වෙන කෙනෙක්.

16 ප්‍රතිචාර:

හිස් අහස said...

ජීවිතයෙ ඇරඹුමද
කල්පයක් නොගෙවාම
හැරදා නුඹ ගියත්
යලි නොඑනා ලෙසින්
පාලුවද තනිකමද
ජීවිතය පෑරුවද
තනි කමක් නොමැත මට
බෝතලය මා ලඟ නිසා /

මකුළුවා...... said...

හැමදාම කියනවා වගේ ලස්සන නිර්මාණයක් අක්කේ.....

ඇත්ත තමා අකකේ මේ‍ ලෝකේ මිනිස්සුන්ට විතරයි හැමදේකටම අර්ථයක් දෙන්න පුළුවන්....ඒක නිසයි මිනිස්සුන්ට මේච්චර ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියන්නේ....හැඟීම් දැනීම් තිබුණට ඒවත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියන දේ ගැන හැඟීමක් නැති එක ඇත්තටම දුකක්......

"Time is precious and it’s slipping away
And I’ve been waiting for you all of my life"

මේ පද පේලි දෙක හරිම ලස්සනයි...‍මගේ පෞද්ගලික ජීවිතේටත් ටිකක් විතර සම්බන්ධයි.....

නිම්ශා said...

අද නම් වත් අක්කාට විපර්වාසයක් වෙලා වගේ... :)

arunishapiro said...

highs and lows ජීවිතේ හැටියි නංගා. අද ඉන්න කෙනා කවුදැයි අසා නොඉන්නම්!

RoshanHerath said...

ඔව් ඔව්. අද නම් ඉන්නෙ සොඳුරුසිත නෙවෙයි තමයි...

Niroshan said...

අද වැරදි පැත්තෙන් ඇහැරිලා වගේ! අනර්ගයි, හැමදාම ඔය පැත්තෙන් නැගිටින්න...

රංග - මගේ ලෝකය said...

කාට කාට හරි හොඳක් වෙනව නම් කොච්චර දෙයක්ද.

සොඳුරු සිත said...

මකුළුවා ඔයාට කියන්න තියෙන්නෙ මේකයි. තමන්ගේ ජීවිතේ වටිනා කාලය වෙන කෙනෙක් වෙනුවෙන් ගෙවා දාන්න එපා දරුවො.කාලය ආපහු ගන්න බැහැ කවදාවත්.

නිම්ෂාඇත්ත.වෙනස මම හැමදාම ලියන්නේ ආදරයක් නොලැබුනු හරි ආදරය ලැබිල නැති වුන හරි අය ගැන කියල ... ඒත් අද ලීවේ ආදරයක් ලැබෙනව කියල දැනෙනවා කියල. හැබැයි මේ කමෙන්ට් දැක්කම මට හිතෙනවා. මම රැවටිලා කියල..

සොඳුරු සිත said...

රංග - මගේ ලෝකය
Niroshan
RoshanHerath
arunishapiro
නිම්ශා
මකුළුවා......
හිස් අහස
කාටත් ගොඩක් ස්තූතියි. ඇත්තම කියනව නම් මේක නිකම්ම නිකම් හැඟීමක් විතරයි. හිතින් මවා ගත්ත දෙයක්. “ මටත් කවුරු හරි ආදරෙයි “ කියල හිතුවමත් හිතට සතුටක්.

කාලෙකින් මේ පැත්තෙ ආව රංගටත් ගොඩක් ස්තූතියි. රංගට සහ හිස් අහස මම කියන්නමයි හිටියෙ.ඔයාල කන හැටි කෙසේ වෙතත් බොන හැටි දැක්කම මට හිතෙනව එකම එක දවසකට හොද පදමට වෙරි වෙන්න බොන්න. ඒකට ඉතින් ගොඩක් විශ්වාසවන්ත කෙනෙක් ඕනි වෙනව. මොකද ජීවිතේ පරදුවට තියල කරන වැඩක් නිසා.

arunishapiro
අහන්න දෙයක් නැහැ අක්කා.ඒ කවුද කියල මාත් නොදනන්න කොට. මේක මම හිතේ මවා ගත්ත සිතුවිලිල්ලක් විතරයි.

සොඳුරු සිත said...

RoshanHerath
ඇත්ත.වෙනස මම හැමදාම ලියන්නේ ආදරයක් නොලැබුනු හරි ආදරය ලැබිල නැති වුන හරි අය ගැන කියල ... ඒත් අද ලීවේ ආදරයක් ලැබෙනව කියල දැනෙනවා කියල. හැබැයි මේ කමෙන්ට් දැක්කම මට හිතෙනවා. මම රැවටිලා කියල

Niroshan
මේක සිතුවිල්ලක් විතරයි Niroshan.හැමදාම එහෙම ඉන්න නම්. මට හැමදාම ඉන්න වෙන්නෙ හින ලෝකෙක..

සොඳුරු සිත said...

මේ පෝස්ට් එක ලියන්න ප්‍රධානතම හේතුව වුනේ , අපේ බස් සෙට් එකේ අලුත්ම ප්‍රේමවන්තො ජෝඩුව. ඒ දැක්කම මගේ හිතට ආවා දේ තමයි මම ලීවේ.

රත්ගමයා said...

(මේ පෝස්ට් එක ලියන්න ප්‍රධානතම හේතුව වුනේ , අපේ බස් සෙට් එකේ අලුත්ම ප්‍රේමවන්තො ජෝඩුව. ඒ දැක්කම මගේ හිතට ආවා දේ තමයි මම ලීවේ. )
හැම එකාගෙන්ම අහනවා ...කව්ද මුන් දෙන්නා කියලා එකෙක් වත් කියන්නෙ නෑ නේ...අනේ කවුද කියන්නකෝ අක්කේ

TG said...

හපොයි වත් ඔය රෝග ලක්ෂණ පහලවෙන්නෙ හර්දය වස්තුවට සම්බන්ද බරපතල හර්දය කම්පනයකදී . පොඩ්ඩක් හදවත චෙක් කරගත්තොත් නරකද ? අන්තිමට ඔය සිතුවිලි ඔඩු දුවල හර්දය පැලිලා ගියොත් කාට කියන්නද අප්පා :)හැබෑටම කවුද ඔය හර්දය කම්පනයේ අණ දෙන නිලධාරියා ? :)

Podi Kumarihami said...

අනේ ඔය බස් සෙට් එකේ අලුත්ම ප්‍රේමවන්තයෝ දෙන්නා කවුද කියලා අපටත් කියන්නකෝ ආඩම්බර නොවී.

@ TG, කතාව හරි. මටත් හිතෙන්නේ වත්ගේ හදවතේ කවුරු හරි අපි නොදන්න අන දෙන නිලධාරියෙක් ඇති කියලා.

Anonymous said...

අළුත්ම ජෝඩුව නේද අහන්නේ?
මගේ සඳ හා අහිංසකී....
හොයාගන්න එකයි ඇත්තේ

෴ හසියා ෴ said...

මේ ලොව තුල කිසිවෙකුත් තනී වී නැත....තනි වෙන්නේත් නැත‍......

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...