..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, February 2, 2011

෴ විශ්මලන්තයෙන් ඉවතට යමි ෴

එක දවසක් හීනෙන් ආපු සුදු උස මනුස්සයෙක් මගෙ ලෝකෙම වෙනස් කරා. ඒ මනුස්සය හිටියෙ ටිකක් බමන මතින්....ඒ මනුස්සයගේ රාජකාරිය කීවේ සිහින බෙදා හැරීම. ඉතින් මටමයි කියල ගෙනාව හීනයක් ඒ මනුස්සය මට දීල ගියා. . . . මාත් ඉතින් මගේම හීනෙක , මගේම ලෝකෙක තනි වෙලා හිටිය ...... ඒක හරිම ලස්සන කාලයක්. . . 


ඒත් මෙන්න හිටපු ගමන්, අර හීන බෙදන සුදු උස මනුස්සය ආපහු ඇවිත් කීව 


“ මට සමාවෙන්න , එදා මට ටිකක් වැඩි වෙලා හිටියෙ, එදා සිහිනලන්තයේ පුංචි පාටියක් තිබ්බ ඒකයි. මම එදා ඔයාට ගෙනත් දීල තියෙන්නෙ ඔයාට අයිති හීනයක් නෙමෙයි.මට ආපහු ඒ හීනෙ ඕනෙ අයිතිකාරයට ගිහින් දෙන්න “


“ මේක හරිම පුදුම අසාධාරණ කතාවක් නේද? දැන් මම ඒ හීනෙ බලමින් ඉන්නෙ. ඒ හීනෙන් ආපහු දෙන්න බැහැ. ඔයා එයාට වෙන හීනයක් ගිහින් දෙන්න “


“ එහෙම බැහැ. ඔයාට මම ගෙනත් දීපු හීනෙ තව කෙනෙක් බල බල හිටපු හීනෙක ඉතුරු කොටස. ඒ නිසා කොහොමටත් ඒ හීනෙ ඔයාට අයිති නැහැ. ඔයාට දෙන්න බැහැ. මම ඔයාට වෙන ලස්සන හිනයක් ගෙනත් දෙන්නම් “


අන්සතු හීනයක් බල බල හිටිය මගේ හීනෙ අන්තිමට අන්සතු වුනා.



හිතුවෙත් නැති එක ලස්සන දවසක
නුඹ මට හිමිහිට මුණ ගැසුනා

හීනෙන් ආ සුදු රතු උස මිනිසෙක්
ගුලියක් දී නොපෙනිම ඇදුනා

උදයේ ඇහැරී බලනා විටදී
මේසය මත ලියුමක්  තිබුනා


දිග හැර බලනා විටදී එය තුල
මේ ලෙස වු සටහන දුටුවා

“ඔහුව ඕනි නම් මාව ගිලින්න “

දෙවරක් සිතුවේ නැහැ මා සිත යලි
එක කටටම එය ගිල දැමුවා
හරි පුදුමයි ඒ හිමිදිරි උදයේ
ආයෙත් නුඹ මට මුණ ගැසුනා


හිමිහිට හිමිමිට ගත වුන කාලය
ඔහු මා ටික ටික ළං වූවා
කවුරුත් නොසිතන ලස්සන ලෝකෙක
සතුටින් අත්වැල් ඇල්ලූවා

දවසක් හදිසියෙ නොසිතූ විටකදි
සුදු උස මිනිසා මතු වූවා

හීනෙන් හොඳටම වාදෙක පැටලී
ඔහු දුන් ගුලියම ඉල්ලූවා


උදයේ ඇහැරී බලනා විටදී
මේසය මත නැහැ කිසිම දෙයක්
එස වුන පා යුග බිම ගැටෙනා විට
දැනුනා ඉසිලිය නොහැකි දෙයක්
බලනා විටදී විස කටුවකි එය
ඇනිලා ගැලවිය නොහැකි දුරක්

එදිනම සිට නුඹ ක්‍රමයෙන් ක්‍රමයෙන්
මා අසලින් ඈතට ඇදුනා
කකුළේ ඇමිණුන විස කටුවේ විස
මා හද පතුලට ගොස් තිබුනා

හීනේන එන අර සුදු අස මිනිසත්
ගුලියම ඉල්ලා කෑගැසුවා
බීවේ ඇයි මම ඒ ගුලි නොසිතම
සිතලම මා මිය දෙයි සිතුනා

සිතෙනා පලියට නොසිතා , නොබලා
සිතටම බර වන මා වැන්නන්
ගන්නා තීරන වලදී නිතරම
සිත තුල ක්ෂය වේ  දුක් ගිණුමක්

ලස්සන සිහිනය මා දුටු මා විඳි
මට හිමි වූ සිහිනයක් නොවේ
සුදු උස මිනිසා බමන මතින් හිද
වැරදි ගෙනා සිහිනයක් වගේ


නුඹ මට හිමි නැති දිව ඔසුවකි නිති
වැරදීලයි එය මා බිවුවේ
අන්සතු දේ දැන දැන නොගනිමි මම
වරදක් මගෙනිය සිදු වූයේ


අන්සතු අන්හද මා ළඟ දැන් නැත
හිමි තැන් වලටම එය යවමී
මා පෙර මෙන් සතුටින් තනිවම ඉමි
අන්සතු පෙම් සිත් නොම තලමී


I had a  really bad dream and i want to forget it 


සිහිනයෙන් මිදුන 
මම
෴ සොඳුරු සිත ෴



9 comments:

  1. හිටි ගමන් හීන අරන් එන කට්ටිය හිටි ගමන් යන්න ගියාම ඔය වගේ ලස්සනට ලියන්න බැරි වෙනවා අක්කෝ......

    ReplyDelete
  2. සිහිනයට නුඹ ඇවිදින් ආදරේ කීවා මතකයි
    මුළු ලොවම නුඹ වී සෙනෙහස මම පිදුවා සත්තයි
    අහිමි පෙමක් වී නෙතගට ඉනු කදුළු බෝමයි
    සිහිනයකම නුඹ රදවා යා යුතු මග දුරයි..

    ReplyDelete
  3. ලස්සනයි.ඒ හීනෙ නපුරුම නම්, සීයාට වැරදිලා ඔයාට දෙන්න බැරි වෙච්ච ලස්සන හීනෙ අයිත් ගෙනත් දෙන්න කියන්න.ඔය සීය ඔවගේ වැඩ කරනවා, මටත් හීනයක් පෙන්නුව ඕවගේ....... දැන්නම් ඒ හීනෙ පේන්නෙ නෑ............

    ReplyDelete
  4. හීන හරි ක්‍රෑරයි... :-(

    ReplyDelete
  5. අක්කේ හීනත් එක්ක ජීවත්වෙන්න ඕනේ...හැබැයි ඒක හීනයක් කියලා දැනගෙන......
    අලංකාර නිර්මාණයක් අකකේ....

    ReplyDelete
  6. ලස්සනයි අක්කේ

    ඇයි ඉතින් බේබද්දෙක් කියන දෙවල් ගනන් ගත්තේ ? ඇයි අර වෙරි පිට මීයෙකුත් කිවුවලු පූසව පොලවේ ගහනවා කියලා (අපේ පූසා නෙවේ)

    ආදර ගුලිය මමත් කෑව දැන් ඔන්න ආයේ වමනේ කරා ..ඒත් ඉතින් අවුලක් නෑ ..

    ලස්සන නිර්මාණයක්

    ජය වේවා!!

    ReplyDelete
  7. Living in a dream is just exhilarating,
    Except,
    You will have to wake one day,
    Sooner or later,

    When you wake up finally,
    You won't ever believe that,
    It was a dream,
    And,
    Now you have to face the cruel reality,

    ReplyDelete
  8. රත්ගමයා
    Ravi
    හිස් අහස
    මකුළුවා......
    Pirate Bunny
    Blog Walk on Dew
    Dinesh


    ස්තූථියි සියළු දෙනාමට...

    ReplyDelete
  9. May be i fell love with ur dream. Do you like to marry me...?
    Please responce and consider this.....
    This is true begging....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...