..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, February 22, 2011

෴ ‍නො‍රොක් වීම / Bickering ෴


ඔන්න හොඳේ ... උදේම පුංචි පහේ බහින්බස් වීමක්...

ඇඳුමෙ පුංචි කහට පොදක්
එය දැකලා බැනුම් ගොඩක්
ඇදුමක්වත් හොද දෙන්න 
බැරිද මෝඩියේ

 කොපමණ දේ නුඹට කරත්
නැහැනෙ ඉතින් තුති පිදුමක්
 පොඩ්ඩක් මට බැරි වුනාම  
හඬ වැඩියි නුඹේ


මගේ ඇඳුම මට අගේය
නුඹ නම් මට හරි වදේය
 කෑම බිම මේසෙ උඩම
ගිහින් ඇල් වෙලා 

බඩගින්නෙන් ඔහු සිටී ද
මා කළ දේ වැරදි නේද
බිරිඳ තනිව නිවසට වී
සිතයි දුක් වෙලා

වැඩට ගියත් , නැහැනෙ සිතක්
ඇයට කළේ මා වරදක්
ඇඳුම දෙසත් රවයි ඉතින්
හිත නොරොක් වෙලා

දැම්ම ෂෝට් ලීව් එකක්
ගත්ත ඇයට මල් පොකුරක්
තවත් පුංචි ‍අරුමෝසම්
 ගොඩක් එක් වෙලා

ඔහු කැමතිම දේ හදලා
රසට කෑම මුසු කරලා
ඔහු වෙනුවෙන් සැරසුන ඇය
 සිටියි මඟ බලා

සමාවෙන්න අනේ ඔයා
මගෙන් වරද වුනේ මෙයා
මල් පොකුරත් සමඟ ඉතින්
හාදු පුද කරා

වරද මගෙයි සමාවෙන්න
මා කළ දේ වැරදි නේද
පළල් සුවැති පපුවේ
උණුසුමට ගුලි වුනා 


ආදරයත් එහෙම තමයි
ළඟ ඇති විට අගය අඩුයි
 අලුත් යුවල ලෙස දෙදෙනා
එකට ළං වුනා


In Love, Little Things Mean a Lot .....


රසට කෑම ඉවුව 
මම
෴ සොඳුරු සිත ෴



ප/ලි :- ඊට පස්සෙන්දා සැමියටත්  කලින් ගෙදර ආවේ අලුත්ම අලුත් රෙදි සෝදන යන්ත්‍රයක්. ඒත් ඒ බිරිඳ තවමත් ඔහුගෙ ඇඳුම් සෝදන්නේ තමන්ගෙම දෑතින්.... මොකද රෙදි සෝදන යන්ත්‍රය " සෙනෙහස" අඳුරන්නෙ නැති නිසා.

12 comments:

  1. මම කැමතිම නැති වැඩක් තමයි රෙදි හෝදන එක. එපාම වෙන්නෙ කුණු අතුල්ලල ඉවර වුණාට පස්සෙ ඉවර වෙලා සබන් යනකම් ආයෙ ආයෙ හෝදන්න වෙන එක

    ReplyDelete
  2. pardon me, but let me change the last phrase a bit..

    "In love, even the smallest thing means a lot.."

    ReplyDelete
  3. නුඹේ මුහුනේ සිරියාවට
    එළියයි ගේ පැල සදහට
    අනේ ඉතින් හිනා වෙලා
    ඉන්නකෝ මගේ ලගට වෙලා..

    හැමදාමත් මා රිදවා
    නුඹ හිනැහෙයි මගෙ ලගට වෙලා
    ඒත් හිත නුඹට ආදරෙයි
    යන්නෙම නැහැ දුරස් වෙලා..

    ReplyDelete
  4. අපුරුයි අක්කා..

    ReplyDelete
  5. සහතික ඇත්ත, ඔය සෙල්ලං ඔක්කොම පැය දොලහයි, ඊට පස්සෙ ආයෙමත් ‍ෆිට්

    ReplyDelete
  6. හික්ස්....... නියමයි අක්කා.........

    ඔය ඩිංගක් ‍නො‍රොක් උනත්
    මහත්තයා හරිම ‍හොඳයි
    ආ‍යේ ආද‍‍රෙ පුරවලා
    මා සනසන්නා....

    ‍ගෙවන දිවිය ඔ‍හොම තමයි
    ඉඳලා හිටලා වලි ගියාට
    ආද‍රේ නැ අඩුවන් ‍නේ
    වැඩිවි උතුරනවා මිසක......

    ඇත්තටම හරිම ආසා හිතුනා කවි ‍පෙලට..........

    ReplyDelete
  7. දෙන්නගෙ මේ පොඩි වලි පවතින්නේ,
    බත බෙරි වෙන තුරු පමණයි රාලේ,
    බෙරි බත කන්නට නම් මට බැරියේ,
    අලුතෙන් වලියක් යාවිද ආයේ,

    ReplyDelete
  8. තදින් ආදරෙන් බැඳිල ඉන්නකොට හිතාගන්න බැරි චූට්ටන් දෙයිනුත් හිත පෑරෙනව.....
    හීනියට රන්ඩුවක් නැති ආදරේ....පරිප්පු නැති හෝටලෙ වගේ......

    ReplyDelete
  9. හෑමොම ඔහොම හිතුවොත් ජිවිතේ විදින්න පුලුවන්..

    ReplyDelete
  10. අනේ අක්කේ ඔයා නම් හැමදාමත් අති විශිෂ්ඨයි...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...