..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, February 18, 2011

෴ පමා වූ වැලන්ටයින් / Valentine Belated - Better Late Than Never, ෴

ආදරවන්තයින්ගේ දිනය පසු වී ගොසිනි. මගේ වැලන්ටයින් හමුවු අවසන් දිනය කවදාදැයි මතකයට නගා ගැනීම ද ඉතා අසීරුය. නමුත් අද උදෑසන ද මා ඔහුගේ දයාබර මෑණියන් බැලීමට රෝහලට ගියෙමි.

අප දෙදෙනා හමු වූ අපූරුවටත් වඩා ,අපූරු දෙය වන්නේ මෙතරම් කලක් අප ආදරයෙන් සිටීමයි. අවසන් හමු වීමේදී ඔහුගේ හිසෙහි ඔහු සැගවීමට තැත් කරන නමුත් ,සැම පරයා නැඟී සිටීමට වෙර දරන සුදෝ සුදු කෙස් ගසක් මා දුටිමි. එදින මා නිවසට පැමිණි වහා කණ්නාඩියෙන් පෙනෙන මගේ ප්‍රතිබිම්බය දෙස කෙතරම් වේලාවක් බලා සිටියා දැයි මටම මතක නැත. කේඬෑරි ද නොවන ඉතාම මහත ද නොවන දේහය එලෙසම පැවතුන ද , මුහුණේ වැටෙන සියුම් රැල්ලක සේයාව කෙසේ නම් සඟවන්න ද?

වැලන්ටයින්ගේ දිනය ණයට ගත් යොවුන් පෙම්වතුන් අත් දවටන් යන මාවත වුවද අප දෙදෙනාව ප්‍රතික්ෂේප නොකරනු ඇද්ද.

හදිසියේම සිතුවිල්ලට නැගුණු ආදර සිතුවිලි ප්‍රබල වූයෙන් ඔහු දැක ගැනීමේ ආසාව දරුණු වන්නට විය. අද සිකුරාදා දිනයයි. සමහර විට ඔහු අද සවස ගම්බිම් කරා පැමිණීමට ද හැකිය. ජංගමය අතට ගත් මා speed dial අංක එකට යොදා ඇති , නමුදු අඩුවෙන්ම ඩයල් වන ඔහුගේ අංකය ගනිම්දෝ නොගනිම්දෝයි දෙගිඩියාවක පසු වූයේ ඔහු සෑම විටම පාහේ කාර්ය බහුල වන බැවිනි. ජංගමයේ පුංචි තිරයේ එහා මෙහා දුවන හුරුබුහුටි කුඩා ළැදැරියගේ පින්තුරය අතරේ මා දෑස් දිවෙන විට ම

“ සරස වසන්තය ආයෙත් එනවා නම් “ ඒ මගේ රින් ටෝනයයි... ඇමතුම ඔහුගෙනි.

“  ඔයාට ෂෝට් ලීවී තිය ද ? “

“ ඇයි ? “

“ මම අද මේ හාෆ් ඩේ . මට ඔයාව මුණගැහෙන්න ඕනි “

“ හා හොඳයි. මාත් එන්නම්. එහෙනම් පුරුදු තැනට එන්න. පරිස්සමින් “


කෙටි නිවාඩුව ලබා ගැනීමට ගිය විටද ප්‍රශ්ණ වැලකි. එයින් අපහසුවෙන් ගැල වුන මා අත් බෑගය හා කුඩය ද රැගෙන මහ මඟට පීලි පැන්නෙමි.

පාසල් පොත් විකුණන සාප්පුවේ වීදුරු දොර අතරින් පෙනෙනා රතු පැහැති රෝස මල් මට සිහි කරවූයේ , තවමත් පහ නොවී ගිය වැලන්ටයින් උණුසුමයි.

පොත් සාප්පුවට ගොඩ වූ මම. රෝස මලක් ඉල්ලා ගත නොහැකිව ..... ලතවෙමින් සිට ඩයලොග් රී ලෝඩ් කාඩ් පතක් මිලට ගෙන කඩයෙන් පිට පැන්නෙමි.

බොහෝ දිනකින් ඔහු හමුවන අද වැනි දිනක හිස් අතින් යෑම ද කළ නොහැකිය.  නොදැන වුව ද පා එසවුනේ රෙදි පිළි මන්දිරයකටයි. 

ඔහු වෙනුවෙන් ගත් ලා නිල් පැහැති පසුබිමේ සිහින් තද නිල් ඉරි වැටුන වෑන් හුසේන් වර්ගයේ අත් දිග කමිසය මගේ සිත පුරවා ලන්නට සමත් විය. ටයි පටියක් තේරිමට ගිය මා ටයි පටි අතරේ අතරමං ව හිදිද්දි ටයි පටි අතරින් ගිලිහුන නෙත් රෙදි පිලිමන්දිරයේ පහල මාලයේ සාරි සහිත කොටසට දිවුවේ ගෑණු සිත නිසා වන්නට ඇත.

ඒ කොටසේ සාරි ගොඩක් අතරේ අතරමං වී ඇති ඔහු කවුද ? සිහින් සිනාවක් මුවඟට රැදුනි. සෙමින් තරප්පු පෙල බැස ගත් මා ඔහු වෙත ආසන්නවනවාත් සමඟම එක් වරම මා වෙත හැරුණු ඔහු.

“ ඔයා. . . . “ 

“ හ්ම් ... ඔවු මම තමයි. ඔය මහත්තය කාටද සාරි තෝරන්නේ. “

“ ඔය නෝනගෙ අතේ තියන කමිසය බලන්න දෙන්න බැරිද ටිකක් “

“ ආහා . . . ඒක ගත්තෙ මගෙ මහත්තයට “

නැවතත් විශ්ව විද්‍යාල අවධියට ගිය මාත් ඔහුත් පුංචි තේ කඩයකින් උණු උණු පරිප්පු වඩේ කා. දිව පිච්චෙන තේ දෙකක් තරඟයට බීවෙමු.

ඔහුගේ වත වෙහෙසින් බරවී ඇතත්. දිලිසෙන දෙනුවන පවසන්නේ නොසන්සිඳුනු ආදරය නොවේ ද?

සිනා ඟග කුමයෙන් නිවී ගොස්, දොඩමළු වත නිහඬ වු යාමයෙන් පසු එළඹියේ සංවේදි මොහොතයි. ඔහු මා වෙනුවෙනුත් ,මා ඔහු වෙනුවෙනුත් ගත් ත්‍යාග හුවමාරු වීමේදී මගේ නෙතට ඉනූ කඳුළක් රෑටා ගොස් ඔහුගේ ලැප්ටොපය සහිත බෑගයේ පතිත විය.

“ මේ . . .  ඉතින්  බලන්න ළමයො මා දිහා. මේ මම ඔයාට අරන් දෙන අන්තිම තෑග්ග.“ 

“ ආහ් ....“

“ මේ බලන්න. මේ වගේ තව එකක් ගන්න ඔයා හිතන්නවත් එපා තේරුනා ද ? “

බිමට නැඹුරුව තිබූ මගේ දෙනයන සැනකින් එසවුනේ ඔහුගේ මේ තේරුමක් නැති වචන මා සිත සසල කළ නිසා වෙනි.

ඔහුගේ අතේ වූයේ රන් මුදුවක් රැඳවු කුඩා නමුත් හැඩති ජුවලරි බොක්සයකි.

“ මම දන්නවා. ඔයාමා වෙනුවෙන් ගොඩක් ........................................“

“ ඇති අනේ ! “

“ ම්ම් . . . .  අපි කසාඳ බදිමු “

“ දැන් ! , “

“ ඔවු මේ දැන් ! , ඇයි මට කැමති නැද්ද දැන්  ඔයා. මම නාකි වෙලා නම් තමයි දැන්.  “

“ ආහ් ... හැබෑ ද? ඇයි මම කියල වෙනසක් “

“ හෙට උදේම අපි රෙජිස්ටර් කරමු . ඔයාට වෙඩින් එකක් ගන්න ඕනි ද? “

“ මට , ! ! එපා . .  මේ දැන් වුනත් කමක් නැහැ අපි ඔයාලැයි ගෙදර යමු“

“ අපෝ මෙයැයිට තියන හදිස්සියක් . මා ළඟින් ඉන්න ඔච්චර කැමති ද? “

“ හ්ම් .. ඔවු ගොඩක් . . . .“

මට දකුණු පසින් , සුසුම් වදින තරම් ළංව සිටි ඔහුගේ , උරහිසට බරවූ මම, මීට වසර ගණනකට පෙර විදි උණුසුමම රැදි ඔහුගේ පපුවේ කඳුළු පිරි මගේ වත සැගවූවෙමි. ඔහුගේ ආදරණිය ඇඟිලි තුඩු වල බර පහස මගේ හිසට දැනෙද්දී , පිටවු සිහින් ඉකිය වලකා ලීමට මට නොහැකි විය.

when valentine comes there is no such thing as being late ,
you are never ever too late to meet your valentine, ,
- Ravi Aiya-




වසන්තයේ අග සුවඳැති මල
මම
෴ සොඳුරු සිත ෴

18 ප්‍රතිචාර:

පූසා said...

“when valentine comes there is no such thing as late,
you are never ever too late to meet your valentine”

:)

roylyfernando said...

:S

නිම්ශා said...

හ්ම්...ආදරේ කරන්න ආදරේ විදින්න වයසක් වුමවමනා නැ...හැම නහරයක් හිතක් ගැහෙන මිනිහාට ම ආදරයක් වුවමනායි...
ලස්සනයි වත් අක්කේ...සංවේදිව කතාව ගලන් ගියා...

Dinesh said...

ආදර සැමරුම
අප හිත් අතර
වියපත් නොවුන
සෙනෙහසක ගමන..

බලා නෙතින් නෙත
සරසවි මග
අප සිත් බැදුන
සොදුරු ආදර කව..

මංගල මුදුව අරගෙන ඔඹ
අපේ ලෝකෙක තනිවෙන්න
ඇරයුම් කලා සෙනෙහෙ සිතින්
පෙම්වතුන්ගේ දිනයක..

RoshanHerath said...

හරිම ආදරණියයි.........

Buratheno said...

සැබෑ ආදරයක් හමුවේ වැලන්ටයින් දිනය වුව කිසිදා පමාවූවක් නොවේ.. මන්ද යත් සැබෑ ආදරවන්තයින්ට හැමදාමත් වැලන්ටයින් දිනයක් වන බැවිනි..

"For some, Valentine's day is just a commercial way for companies to make money , and for some it's just another day ... But for some others it's a day to refresh the good old memories and days.,,, it might even refresh a relationship ..."
-මගේ මිතුරියකගේ මූණු පොතින්-

nawammawatha said...

හරිම ලස්සනට ලියනව ඔයා. හැබෑ ජීවිතෙත් ඔච්චරටම ලස්සන නම්.....

Heeniyata said...

පමා වෙලා ලැබෙන දේ වටිනාකම වැඩියි......ලැබුනහම පරිස්සමත් වැඩියි සාපේක්ෂව....

Beetle said...

Writers Block හොඳවුණු එක නියමයි... :)

ස්වප්නා said...

ලස්සනම ලස්සනයි !!

Ravi said...

එදා අප ඇවිදගිය මලින් බර මංපෙතේ,
අදද මල් පිපී ඇත නොවෙනස්ව සොඳුරියේ,
මගෙ සුරතෙ දැවටි ඔබෙ අතැඟිල්ලෙ උණුසුමේ,
නොවෙනස්ව දැනුනෙ මට එදා රැඳි ඒ සෙනේ,

එදා සිට ගලා ගිය නොසිඳීම,
ඔබෙ සෙනෙහෙ ගඟුලැල්ලෙ තෙමෙන්නෙමි,
එදා සිට සෙවණ සැදු පරිද්දෙන්,
වනස්පතියක්ව මතුදවස ඔබ රකින්නෙමි,

හුටපටයා said...

ආදරයට වයසක් නෑ කියන කතාව ඔප්පු වෙනවා වගේ

හුටපටයා said...

ආදරයට වයසක් නෑ කියන කතාව ඔප්පු වෙනවා වගේ

Jeew said...

වැලන්ටයින් දිනය යනු හුදෙක් දිනයක් පමණි... එය පමා වූව ද ඉක්මන් වූවද කම් නැත..... සැබෑ ආදරය නම් සදාකාලිකය......

http://jeew-jeew.blogspot.com/2011/02/blog-post_14.html

හිස් අහස said...

මේකද එතකොට හැබෑ ආදරේ ?ලස්සනම ලස්සන කතාවක් අක්කේ . ඒත් කතාවක්ම විතරයි . මම විස්වාස කරන්නේ මේතරම් ආදරේ කරන අය නෑ කියලා . ඒ මම හිතන හැටි

අද කතාව ඔයා අතින් ලියවුන සුපිරිම ලස්සනම ලස්සන කතා ගොන්නට එකතු කරන්න කැමතියි .

ඇත්තම කියන්නද මේ දවස්වල සොඳුරු සිතට නින්ද ගිහිල්ලා ! මීට මාස 4 කලින් උන්න කෙනා අන්න නියම "සොඳුරු සිත" බැරිද එයාව ආපහු ගෙන්වන්න

harshana1985 said...

මිනිස්සු වයසට යනකොට
තරුණකම ඈතට යනකොට
හම රැළි වැටෙනකොට
අත් කකුල් වෙව්ලනකොට
ඉස්සර ළඟ තිබුනු සුවඳ නැති බව දැනුනත්
හැමෝම හැම කෙනාම
ෆර්මිනා දාසා - ෆ්ලොරෙන්තිනෝ අරීසාට කිව්වා වගේ
"මං ලඟ දැන් එන්නෙ නාකි සුවඳක්" කීයලා නොකිව්වට
හදවතට දැනෙන ආදරේ සුවඳ
තරුණයි හැමදාමත්......

නිශ් said...

ආදරේ කරන්න දින ඕනිද?

වැලන්ටයින් හැම වෙලේම ඉන්නව නම් ඒක තමා හොඳම ආදරේ

ප්‍රාර්ථනා said...

හ්ම්... හරීම සුන්දරයි.. ඊටත් වඩා හැමදාම ඔයාගේ කතා වල තියෙන සතුටුදායක අවසානයට මම ගොඩාක් ආසයි..:)

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...