..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, February 8, 2011

෴ මිනිසෙකුට ‍පෙම් කළ සුරඟන / The Angel Who Loved a Man ෴



මට ආසයි දුවල එන්න
ආ‍යෙත් ‍නොම හැරිල යන්න
සේපාලික මලක් ‍වෙලා
නු‍‍ඹෙ පය පාමුල නිදන්න

මට ආසයි නුඹ සිබින්න
හාදු ගඟක් පුද කරන්න
ඟග උතුරා ගලන විටදි
එහි ගිලිලා මිය ඇ‍දෙන්න

මට ආසයි ගී ගයන්න
නුඹ සිත සතුටින් තබන්න
සිත රැදි දුක මිටට අරන්
සක්වල එපිටට ‍හෙලන්න


මට ආසයි දිවි ‍ගෙවන්න
නුඹත් එක්ක පියාඹන්න
නමුත් ඉඩක් ‍‍කොහිද එවන්
පිහාටු නැහැ නුඹට ‍දෙන්න

සමහර වි‍ට  ඇයට ජිවිතය පරදුවට තියල  පිහාටු හලන්න වෙයි. .  නැත්තම් ඔහුටත් පිහාටු සොයල දෙන්න ‍වෙයි. . . 

" wishes are only granted in fairy tales."


පිහාටු නැති සුරංගනාවි
මම
෴ ‍සොඳුරු සිත ෴

15 comments:

  1. පරිත්‍යාගයෙන් මෙපිට ආදරයක් කොහේ ‍රැදෙන්නද?

    ReplyDelete
  2. ලස්සනයි අක්කේ...

    ReplyDelete
  3. ඕකෙ අන්තිම පදය වෙනස් වුනා නම් හොඳ නැත්ද ....
    ''පිහාටු නැහැ පියාඹන්න.''

    ReplyDelete
  4. "මට ආසයි දිවි ‍ගෙවන්න
    නුඹත් එක්ක පියාඹන්න
    නමුත් ඉඩක් ‍‍කොහිද එවන්
    පිහාටු නැහැ නුඹට ‍දෙන්න" හ්ම්ම්ම් :-(

    ReplyDelete
  5. මම මේ කල්පනා කරන්නේ දෙවඟනකට පෙම්කල මිනිසෙකුට මොනවා වේවිද කියලයි.

    ReplyDelete
  6. ලස්සනයි වත්.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  7. බලාගෙනයි
    මලක් වෙලා
    පය පාමුල
    පෑගිල යයි

    බලාගෙනයි
    ගඟක් ලඟදි
    පිහාටු
    තෙත බරියන් වෙයි

    ගී ගයන්නෙ
    බලාගෙනයි
    හිතේ තියෙන
    දුක වැඩි වෙයි

    පියාඹන්නෙ
    බලාගෙනයි
    දෙව්ලොව මග
    අමතක වෙයි

    ReplyDelete
  8. කළකදි මමත් දෙවඟනකට පෙම් බැන්දා
    දෙව් ලෝ සුවය එකලදි නම් අත් වින්දා
    ඒ දෙව් ලොවට මා නුසුදුසු වූ හින්දා
    ඈ වෙන දෙවියෙකුට දුන්නා අත් බන්දා

    ReplyDelete
  9. පිහාටු නැතිවෙන්නේ කොහොමද ? ඔයා බ්ලොග් අවකාසේ පුරාම පියාඹන කෙනෙක් නෙව ..

    මමත් පෙම් බැන්ඳා නෙව සුරඟනකට....මගෙත් ගොං කම මිනිහෙකුට පුලුවන්ද එච්චර දෙයක් ..

    ලස්සන කවිය අක්කේ ..සත්තයි

    ReplyDelete
  10. ලස්සනයි... මට මාවම මතක් උනා...

    මිනිහෙකුට පෙම් කරල, එයාව මට ලැබෙයි කියල කවදාවත් නොහිතපු කාලෙක මගේ පරන බ්ලොග් එකක ලියපු සටහනක් මේ...

    One day Angel without wings sees a stranger... And the picture of him gets planted in her mind for some unknown reason... Out of the blues, this same stranger came to her life as a friend... Life is sometimes very strange.. It brings you surprises at a time you least expect... The angel with broken wings, finds her self in love again... As she has never been before... And she knows that this is what true love means... She gets chills deep down her soul just by looking into his eyes... It is a feeling that can never be explained in words... It's beautiful... Like you are floating through the clouds and rainbows... Like you are dancing in the rain... And like the waves of the ocean...

    Expecting nothing in return, she is yet in love again with the man that would never belong to her.. But she's smiling... Thankful to God for letting her have this heavenly feeling and praying for more of it... She is ready to die... and wants to die with this feeling... and wants to die in his arms... :)


    දිලිසෙන ඇස් දෙකකට පෙම් බැන්දල, ඒ ඇස් දෙක හැමදාටම මගෙම කර ගත්තු..

    ත‍ටු නැති සුරංගනාවි මම.... :)

    ReplyDelete
  11. //මම මේ කල්පනා කරන්නේ දෙවඟනකට පෙම්කල මිනිසෙකුට මොනවා වේවිද කියලයි.//

    ආයි මොනවද, උන්දැට දෙයියන්ගෙම පිහිටයි. අනිවා, සොරි ඩොට් කොම් ම තමා.

    ReplyDelete
  12. සුරංගනාවියක් වෙන්නේ පිහාටු නිසා නොවේ නගේ, ලස්සන හදවත නිසා......
    ඒත් ලස්සන කියන්නේ සාපේක්‍ෂ දෙයක් කියලත් අමතක කරන්න එපා...

    @SRI MANJULA - ලස්සන පද පෙළ, ඒ වගේම අරුත....

    ReplyDelete
  13. The Man Who Loved An Angel

    He was a lonely man for sure,
    Living in world of his own,
    His heart cried out in misery,
    Amidst thousands of souls no avail,

    To each & everyone who dated to ask,
    He had but one answer,
    My love is only for the angel in my dreams,
    Who will come to me one day in person,

    Then that one day finally came,
    A night with a sparkling moon in glory,
    From a cloudless sky like a silver streak,
    Angel of his dreams came to him,

    "I am the angel of your dreams,
    Came to you from heavens above,
    But beware I can stay only one night,
    Leaving you with dawn no matter what"

    Without a word he extended his hand,
    With a lingering smile she came to him,
    Kissing him on his cheek tenderly,
    Wrapping her arms around his neck,

    Whispered she,
    “Take my hand and I will lead you through A place where only sweet dreams can come true.
    Close your eyes and open up your heart, For then this flight of dreams so sweet can start.
    Dream, Dreamer, Dream.”

    She brought him through the darkness to the Light,
    Where colours wrapped around him, such delight.
    A patchwork quilt of beauty without seams,
    Each colour was a rainbow full of dreams.

    She led him through a hallway of pure sound,
    With doors flung open widely all around.
    And from each room a song would gently play.
    He wished with all his heart what he could stay,

    But they drifted in the fragrance of the breeze,
    To savour all the flowers and the trees.
    They tasted all of life that they could see,
    And felt it flow as one in harmony…..

    Then his angel turned her eyes to him and said,
    “You’re the Keeper of these Dreams inside your head.
    Find sweet Dreamers, who would Dream of Love and Light,
    These Dreams will lead them safely through the night.
    Help these Dreamers Dream.”

    Night went by in blurry ecstasy,
    And the dawn came up as usually it does,
    With tears unshed in her blue eyes,
    The angel flapped her wings and flew away into the dawn,

    "You would never see me again my love,
    But when you see a twinkling star at night,
    That would be me looking down on you,
    Think of me and love me with your soul "

    There he was sitting at his threshold,
    Looking up at that twinkling star,
    But he would never be lonely ever again,
    For that star was twinkling for him,

    The stars shine down,
    And watch us live,
    Our little lives,
    And weep for us,

    ReplyDelete
  14. පිහාටු තිබුනත් මා හට
    නැත අවසර දිග හරින්න
    බලා හිඳිමි මා නුඹ දෙස
    ඇයත්/ඔහුත් සමග පියාඹන්න

    මෙහෙම දේවල් අනන්තවත් වෙනවා අක්කේ.....හරිම ලස්සනයි.....

    ReplyDelete
  15. නුඹට පිහාටු නැති හන්දා
    මට පිහාටු ඇති හන්දා
    නුඹ මගේ කරඋඩ නග්ගා
    ගෙන යම් නුඹ ලෝ වටා.....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...