..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, January 25, 2011

෴ හිස් වෙච්ච හිත එක්ක / With my empty heart ෴


ඇගේ සිත මේ දිනවල හරියට අයාලයේ අහසෙ පාවේන වලාකුළක් වගේ. . .නවතින තැනක් , අරමුණක් නැතිව ඔහේ පාවෙනවා. . .

හැම දෙයකින්ම මඟ ඇරල යන්න, තමන්ගෙ පාඩුවේ මුලු ගැන්විලා ඉන්න මිසක වෙනද වගේ ඉදිරිපත් වීමේ පෙළඹවීම සෘණ අගයකට බැහැල. මෙහි දරුණුතම අවස්ථාව වෙන්නෙ ඇගේ මේ වෙනස්කම ඈ වටා ඉන්න සියළු දෙනාටම පාහේ දැනීමයි.

“ ඔයාට මොකද වෙලා තියෙන්නේ ? “

වෙන වෙලාවකදි නම් ඇයට මේ සඳහා දෙන්න තියන පිළිතුරු ගොඩක් තිබ්බට දැන් ඇයට කතා කරන එකත් එපා වෙලා.ඔහේ පැත්තකට වෙලා බලා ඉන්න තියනම්........ කොච්චරම මේ තත්ත්වය දරුණු වෙලාද කියනව නම් ඇය අද රැකියාවට ගිහිල්ලත් නැහැ. මොකද ඒ අය ඇගෙන් අහන නිසා “ මොකද වෙලා තියෙන්නෙ “ කියල. ඇයවත් දන්නෙ නැහැ ඇයට මොකද වෙලා තියෙන්නෙ කියල. ඉතින් කොහොමද ඇය අනිත් අයට උත්තර දෙන්නේ.

වෙන දවස් වලට බොහොම උනන්දුවෙන් තමන්ගෙ වැඩයි අනුන්ගෙ වැඩයි කියල වෙනසක් නැතිව ඉටු කරන ඇය ,තමන්ගෙ වැඩ ටික විතරක් ගානකට කර ගෙන ඉන්නවා. තමන්ට තමනුත් නැති වෙලාවක් . . . . සිය දිවි නසා ගන්න තරමට ඔඩු දුවන  රෝගයක් ද කියල ඇයට බියකුත් ඇති වුන නිසා තමයි ,තකහනියෙම තමන්ගේ ආසන්නතම මිතුර එක්ක මේ හැඟීම බෙදා ගන්න හිතුනේ....

හැබැයි යාලුවනේ ඇයට දුකක් නැහැ සතුටකුත් නැහැ.... සතුටක් නැතිවට අඩුම තරමින් දුකක් හරි තිබ්බ නම් ඇයට දැනේවි ඇය ජිවත් වෙනව කියල හරි......

හැබෑටම ඇයට මොකද මේ වෙලා තියෙන්නේ. . . . . . . . 

Broken heart is totally better than empty heart.
 
 

ඇයගෙන් වියුක්තව 
ඇය දුටුව
මම
෴ සොඳුරු සිත ෴

20 comments:

  1. මේ ඈය ඔබ නොවන තරමට හොදයි ....

    මගේ ජිවිතේ හුගාක් කලෙක ඉදන් ඔහොම තමයි ..ගෙවෙන්නේ තනිකම,පාළුව.නිහඩබව,දුක,කෑලබිලි සහගත බව මම ජිවිතේ මෙහෙමයි කියලා හිතලා .. ඉවසගෙන ඔහේ බලගෙන ඉන්න්වා .....

    ReplyDelete
  2. ඇගේ හිත වගේමයි මගේ හිතත් මේ දවස්වල, ජීවිතේට වෙන දෙවල් දරාගන්න, පාලනය කරන්න බැරිව ඔහේ පාවෙනවා වගේ දැනෙනවා නේද ? ඇගේ සොදුරු හිතට සතුට ඉතිරෙන අලුත් දවසක් ලැබෙන්න කියල මුලු හිතින්ම පතන්න විතරයි මට පුලුවන්. වෙන දෙයක් කරන්න බැරිවට අනේ සමවෙන්න.

    ReplyDelete
  3. සොදුරු සිතට මොකද වෙලා තියෙන්නේ??????????? :/

    ReplyDelete
  4. හිස් වෙච්චි හිතක මොනවා බෙදාගන්නද... ආසන්නම මිතුරාව පැත්තකන් තියලා විවේකයක් තියෙන ආසන්න නැති මිතුරෙක් එක්ක එළියට ගිහිල්ලා වෙලාව අරන් කෝපි කෝප්පයක් තොළ ගාලා ඇවිල්ලා බලන්න... ආසන්නම මිතුරා එක්ක බෙදාගන්න පිරුණු හිතක් තියේවි...

    ReplyDelete
  5. ඇත්තටම මොකද මේ සොදුරු සිතට වෙලා තියෙන්නේ ? මොකක් නමුත් ලොකු දෙයක් සිද්ධ වෙලා තියෙනවා නැත්නම් ඔහොම ඉන්න කෙනෙක් නෙමෙයි නේ සොදුරු සිත කියන්නේ

    ඒ දේවල් ඉක්මනට නිමා වෙලා සොදුරු සිතට සහනයක් ලැබෙන්න කියලා පතනවා

    ReplyDelete
  6. ඉක්මනටම වෙලා තියෙන දේ වලින් අයින් වෙන්න හැකියාව ලැබේවා

    ReplyDelete
  7. @ ඉලංදාරියා
    වෙන කවුද ඉතින් ..ඒ ඇය මම ම තමයි.. සිතේ ඇතිවෙන හිස් බව තරම් කාලකන්නි හැඟීහක් තවත් නැහැ ඉලංදාරියා ...

    සිය දිවි නසා ගන්න තත්ත්වයට යනවලු වැඩි දියුණු වුනාම... හිහි

    ස්තූථියි ඉලන්දාරියා.. කාලෙකින් ඔයාව දැක්කෙ...

    ReplyDelete
  8. @sukitha
    අනේ .. ඕව නම් මොනාද.. වචනයෙන් හරි මා ගැනත් හිතන අය ඉන්නව කියල දැනෙන එකම ලොකු දෙයක්...

    sukitha මම මේ අහන්නමයි හිටියෙ...මොකද බ්ලොග් එකක් පටන් අරන් ඔහේ තියෙන්න ඇරල ..ලියන්න කො මොනා හරි....

    ReplyDelete
  9. @Ansh Lucky Sri Jay
    @MaRlaN

    කවුරුත් අහන්නෙ ඕකම තමයි... “ඔයාට මොකද වෙලා තියෙන්නෙ කියල?“

    හිහි ...දුක් වෙන්න දෙයක් නැහැ... දැන් මම හොඳින් ඉන්නවා.. හෙට වැඩට යනවා...
    ස්තූතියි..දෙන්නටම...

    ReplyDelete
  10. @Beetle
    අදහස නම් සෑහෙන හොඳයි... ඒත් ආසන්නතම මිතුරා හැරුණ කොට.. මටයි මටමයි කියල කවුද ඉන්නේ...ඉන්න කෙනත් ලග පාතක නැහැ..හිටිය නම් එයත් එක්ක කෝපි එකක් නෙමෙයි සැර බීම එකක් හරි බොන්න යන්න තිබ්බ ( සැර බීම එකක් බොන එක පුංචි කාලේ බදල තියෙන ලොකු ආසාවක්)

    ඒ නිසා... තනියම තේකක් බීල ඉන්න තමයි වෙන්නේ “ පුංචි කුරුමිණීයෝ “

    ස්තූතියි Beetle ...

    ReplyDelete
  11. @මධුරංග
    ඔක්කම හරි මධුරංග... විරාමයෙන් පසු නැවතත් සුපුරුදු සොඳුරු සිත...

    ස්තූතියි.. හිටි ගමන් කාටත් මෙහෙම වෙනව ඇති... ඒත් ඒක දරා ගන්න හිතට හරිම අමාරුයි...

    ස්තූතියි ආයෙත්...

    ReplyDelete
  12. හද රැදි දේ..
    හද රැඳී ..දුක , සතුට බෙදා ගන්න ඔබ වැනි අය සිටීමත් සතුටක්... ස්තූතියි..

    ReplyDelete
  13. අපි හැමෝටම නරක එපාවෙන ජරාම ජරා කාලසීමා වලට මුහුන දෙන්න වෙනවා ...අපිට ඒව මගහරින්න බෑ අනිවා ඒවට මුහුන දෙන්න වෙනවා ඔයාටත් මටත් ..ඔයාගේ හිත හයිය බව මම දන්නවා ..

    "ජීවිත ගමනේදී මිනිසුන් පරදිනු ඇත ඒත් හැමදාම පරදින්නේ නැත"

    ජය ....

    ReplyDelete
  14. දුකකුත් නැහැ සතුටකුත් නැති වෙන්න බැහැ අක්කා..එතකොට තමයි නියම සැනසිම තියෙන්නෙ...කිසිම වෙදනාවක් නැහැ එතකොට..ම්..හොදට හිතල බලන්න..කොහේ හරි නොපෙනෙන තැනක දුකක් ඇති...ඒක හොයාගෙන නැති කරලා දාන්න බලන්න..ආයෙමත් ජීවත් වෙනවා කියලා ඔයාට දැනෙයි...යාළුවන්ට දෙන්න උත්තරත් ලැබෙයි

    මම
    තරු අහස...

    ReplyDelete
  15. මටත් ඔය වගේ කාලයක් තිබුන මීට අවුරුදු පහකට විතර කලින්, ඒ දවස් වල මම නම් කලේ පොත් කියවන එක. ඔය පොත් ගොඩ අස්සෙ හිතට වැදුනම පොතක් උනේ කේ. කේ. සමන් කුමාර [සර්පයා] ගෙ "පිණි අහුරක් ඉහිරුණා" කොච්චර හිතට වැදුනද කියල කියවනවනම් ඒ පොතේ සිද්ඩ්ධියක එන සයිමන් ඇන්ඩ් ගාෆන්කල් ගෙ " හෙලෝ ඩාක්නස් මයි ඔල්ඩ් ෆ්‍රෙන්ඩ්" සින්දුව තඩියට ලියං බිත්තියෙත් ගහං උන්න.

    සොඳුරු හිතටත් ඉක්මනටම ඔය නපුරු සිතිවිලි වලින් මිදෙන්න පුළුවන් වෙන්න කියල මාත් ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  16. ජීවිතය යනු කුමක්ද? ජීවිතයෙන් අප බලාපොරොත්තු වන්නේ කුමක්ද? එහෙමත් නැත්නම් ජීවත් වීමේ අරමුණ කුමක්ද?

    මට හිතෙන්නෙ අපි හැමෝටම ජීවිතේ අවම වශයෙන් එක මොහොතකට හරි ඉහත කී ප්‍රශ්න මතු වෙලා ඇති,දැඩි බලාපොරොත්තු කඩ වීමකදි එහෙම නැත්නම් කිසිවෙකුගෙන්වත් තමන්ට සෙනෙහසක්, ආදරයක් නොලැබේය සිතුනු විටකදි, කිසිවෙකුට තමන් අවශ්‍යය නොවේයයි සිතුනු විටකදි, මම ජීවත් විය යුත්තේ ඇයි යන ප්‍රශ්නය සිතට නැඟීම සම්පූර්ණයෙන්ම ස්වාභාවික වගේම වැළැක්වියද නොහැක්කක්,

    ඒ එක්කම මේ වගෙ හිත් රිදුම් තමන්ට හිතවත් කෙනෙකුගෙ සෙනෙහෙබර වදනකින් ඒ සැනෙකින්ම මැකීයනව බොහොමවිට,

    තමන් ගැන හිතන කෙනෙකුත් මේ ලෝකෙ ඉන්නවය කියන හැඟීමම ඒ රිදුනු හිතට ගල්වපු සිහිල් ආලේපයක් වගේ සුව දෙනවා,

    ඉතින් තව එකක් කියන්න තියෙන්නෙ නංගි, සිද්ධවෙන්න යමක් තියේනම් ඒක සිද්ධවෙන්නම ඕනෙ, වළක්වන්න බැහැ කියන සිතුවිල්ල ධනාත්මක චින්තනය පැත්තෙන් බැලුවොත් සාර්ථක සිතුවිල්ලක් නොවුනට මේ වගෙ වෙලාවක, සිත සනසා ගන්න මොහොතකට හරි උදව්වක් වෙයි කියලත් මට හිතෙනවා,

    Once in a while
    we all get despaired,
    It takes a while to
    get out of blues,

    But as the sun
    will rise tomorrow,
    be assured,
    it will go away,
    so do not lose faith,
    just ride it away,

    ReplyDelete
  17. මොකද මේ හිටපු ගමන්! එදා අපටත් එක්ක හොඳ පාඩමක් කියල දීපු කෙනා...

    ReplyDelete
  18. තනිකමට හුරු උනහම......
    අමුතුම දෙයක් එතන තියෙන්නේ.....
    සියලුම දේ තමන් සමග පමණයි.....(අත්දකිමින් ඉන්නේ....)

    ReplyDelete
  19. ඇත්තටම මොකද වෙලා තියෙන්නේ? මමත් මගෙන්ම අහන දෙයක් තමයි අක්කේ ඕක මේ දවස් වල....

    සතුටින් ඉන්න....දුකින් ඉන්න එපා...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...