..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, January 8, 2011

෴ රහස / The Secret ෴


ජීවිතය දැක රස බලා ඇත
එහිම තව අය උපදවා ඇත
නමුත් දිනකදි මියෙන මා ලොව
රහස නුඹ හට කියනු කවුරුද

ගසක් ඇත වතු කෙළවරේ ඇති
කිසිම දිනකදි මලක් නොපිපුන
 සොයා ගොස් මා මියැදි දිනක දි
වළ දමනු මා එ'ගස පාමුල

දිනෙන් දින ගොස් නොදුටු නුපුරුදු
මලක් සුපෙපෙනු ඇතිය ගස අග
නෙලා ගෙනවිත් නුඹේ දෝතින්
අසනු රහසක් කියනු ඇත එය

නුඹට පෙම් කළ අයෙක් මේ ලොව
සිටිය බව හා සිටිනු ඇති බව
නුඹේ ලොව වෙත එන්න දොරගුළු
වැසූනු පසු මඟ හමුනොවූ සඳ

සෙවන සේ නුඹ පසු පසින් සිට
නුඹට නොදැනෙන ලෙසින් ආ ගිය
නුඹේ දුක සැප එක්ව රස විඳ
 කෙදිනකදි වත් නුඹට නොපෙනුන

නුඹ ලඟින් සිට නුඹට පේ වුන
මා ළගින් සිට මටම දුර වුන
නුඹේ නමටම සිතින්  යා වුන
එකම පැතුමක සුවඳ මල එය

ආදරය නමින් හඬන වැළපෙන අය අතර , නොහඬා නොවැලපී කාටවත් නොදැනෙන්න ආදරය කරන අය කිහිපදෙනෙක් හරි ඉන්නවා. එහෙම අය තම ජීවිතේ මැරිල යනකමුත් ඒ ආදරය රහසක් විදිහටම තියා ගන්නව.

කසාද බඳිනවා, දරු මල්ලන් හදනවා ඒත් ආදරය කරන්නේ වෙනත් කෙනෙක්ට... 
" ආදරය සහ විවාහය කියන්නේ එකම පාරක අන්ත දෙකක් .... සමහරුන්ට මේ අන්ත දෙක මුණ ගැහෙනවා වගේම තවත් සමහරුන්ට මේ අන්ත දෙක අන්ත දෙකක්මයි "
ළඟ වුන්න අය දුරින් දුර යද්දි. දුර වුන්න අයට ළං වෙලා තම ජීවිතයම කැප කරල , රහස් එලි නොකරම මැරිල යන එක සාධාරණ ද?

Still I come and I will go
Like the wind - who knows
You're my secret
Who needs to know...

නුඹේ රහස පණ සේ රකින 
මම
෴ සොඳුරු සිත ෴

10 comments:

  1. සාගර වෙරලට එන සේ ප්නුනී..
    ඈති න් ඈතට යනවා දුටිමී...
    දෑසින් මා මේ සිහින දකින්නී.
    යලි කවදා මා නෑ වෙරලට එන්නී..

    ReplyDelete
  2. " ආදරය සහ විවාහය කියන්නේ එකම පාරක අන්ත දෙකක් .... සමහරුන්ට මේ අන්ත දෙක මුණ ගැහෙනවා වගේම තවත් සමහරුන්ට මේ අන්ත දෙක අන්ත දෙකක්මයි "

    මේ ටික නම් මගේ ජීවිතයට ගොඩක්ම සම්බන්ධයි..
    හරියටම හරි.. හැබැයි ඔය දේ තේරුම් යනකොට ඔක්කොම දේවල් සිද්ධවෙලා ඉවරයි..

    "රහස් එලි නොකරම මැරිල යන එක සාධාරණ ද?"
    එක පැත්තකින් සාධාරණයි.. මොකද ඒ දෙයින් සමහරවිට තව කෙනෙකුට හොඳින් කරදරයක් නැතිව ජීවත් වෙන්න පුළුවන් වේවී..

    ReplyDelete
  3. ඒ රහස එලිකලාම මෙච්චර කල් ඇත්ත කියල හිතං උන්න ඔක්කොම බොරුවක් කියල තේරුං යනවනං රහස රහසක් විදියටම තියං මැරිල යන එකයි හොඳ.

    ReplyDelete
  4. ගහ කොල වලට දාහක් ඇස් ඇති හින්දා
    සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
    කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
    මුණිවත් හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

    ReplyDelete
  5. ආදරය..විවාහය...දරු මල්ලො...සමීප අය...ආත්මයට කථා කරන ඒත්.......අනේ මන්ද

    ReplyDelete
  6. කලමුත් පෙම මා සිත ගෙන මනබන්දා
    මව්පිය හට පිටුපා යනු බැරි හන්දා
    අන්ත දෙකක අපි පින්කොට නැති හන්දා
    දැන දැන මුත් බූරුවෙක්ව ඈ බැන්දා

    ReplyDelete
  7. ආදරය කියන්නෙ පුදුම ගැගීමක් වෙලාවක ආදරය හින්ඳා මිනිස්සු විඳවනවා. තවත් වෙලාවක ආදර හින්දම මිනිස්සුන්ගේ ජීවිත සාර්ථක වෙනවා. මේ දෙකම කරන්න පුලුවන් එකම හැගීම ආදරයයි.

    අපට වගේ යෑ වත් අක්කට ආදරයෙන් අඩුවක් තියේ යෑ අර මනමාල කුරුල්ලා ඉන්නකන්.

    ReplyDelete
  8. ind
    බොරු.... රැළ්ල වෙරළට එනවාමයි... ඒත් වෙරළ ?

    සිරකරුවා
    ඇත්ත. ඒවගේ කතාවක් තමයි "තේ කට ලුණු දාපු කතාව " ඇත්තටම ඒ රහස හරි අපූරුයි. ඒත් අන්තිමට ඒ රහසත් කීව..

    nawammawatha
    ඔන්න කීව කතාවක්... ඒ රහස එළි වුනාම එපා වෙයි කියල බය හිතුනත්. හිත නිදහස ඊට වඩා අගෙයි.

    ayesha
    කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
    නැවතී බලනවා මොහොතක් කොහොම හරී
    කතා නැතිව හිටියත් ගොලු වෙලා අපී
    දාහක් දේ තිබේ කීමට බැරිව වැසී

    Heeniyata
    අදත් හීනියටම කියල/ ඒවගේම නොකිය ගිහින් ....

    සහෝදරයා
    බුරුවෙක් ව බැන්දා - ගහකද ?

    මධුරංග
    කුරුල්ලා මට කැමති නෑලු ...

    ReplyDelete
  9. ඔබ හරියටම පැවසුවා
    සිතිං පමනක් ආලය කරන අය ගැන.

    ReplyDelete
  10. හ්ම්ම්ම්ම්ම්....මාත් එහෙන්ම හිටියනම් හොදයි කියලා දැන් හිතෙනවා....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...