..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, January 16, 2011

෴පොත් හොරා (i) ෴

මා බාල වියේ සිටම අතට අහුවෙන සෑම පත්තරයක්ම පොතක්ම බැලීමේ කුතුහලයෙන් පිරි දැරියක්මි. වයසින් වැඩෙත්ම වර්ධනය වු එම පුරුද්ද නිසාම පුස්තකාල  කිහිපයකම ක්‍රියාකාරී සාමාජිකාවක වූ අතර සිමිත පුස්තකාල කාඩ් ඉක්මවා ගොස් අන් සාමාජික සාජිකාවන්ගේ කාඩ් වලටද පොත් රැගෙන යාමට තරම් පිස්සුව දුර දිග ගොස් තිබුනි.


උ/පෙළ විභාගය නිම වී නිවසට වී සිටි ගන්ධබ්බ අවධියේ කියවූ තරම් පොත් සංඛ්‍යාවක් තව මේ වනතුරු මට කියවීමට නොහැකි විය. එකල මගේ බොහෝ යෙහෙළියන් පුස්තකාලය භාවිත කළේ නිවසින් පිට වී නිදහස සොයා ගැනීමටත් පෙම්වතා මුණ ගැසීමට පුංචි හෝ ඉඩ කඩක් සකසා ගැනීමටත්ය. පොත් කියවිමට උනන්දුවක් නොවූ ඔවුන්ගේ කාඩ් වලට පොත් ගැනීමේ මහඟු අවස්ථාව ට මේ නිසා ඉඩ හසර මට ලැබුනි.


එදින සෙනසුරාදා දිනයක් වූ අතර කියවා නිම කරන ලද පොත් ටිකද රැගත් මම පුස්තකාලයට බලා ගියෙමි. අතුරු පාරේ සිට ප්‍රධාන පාරට පැමිණෙනවාත් සමඟම පැමිණි බසයේ පා පුවරුවට ගොඩ වූ මට ටික දුරක් යන විට සිතුනේ කුමට මේ බසයට තකහනියෙන් නැංගාද කියායි. අතේ තිබූ පොත් මිටියත් කුඩයත් නිසා බසයේ අල්ලා ගෙන යැමද දුෂ්කර වූ අතර. එක පාදයකින් සිට ගෙන නොඅල්ලා යන් ගමන විටෙක පහසුවක් මෙන්ම විටෙක දැඩි අපහසුවක් ගෙන දෙන්නට විය. කොන්දොස්තර මලයා අතරැදි පොත් මිටියත් කුඩයත් ඩැහැගත් අතර එය බසයේ ජනේලයකින් අසුන් ගෙන සිටි අයෙක් අතට දෙන බව මා දුටු අතර ඒ කවුරුදැයි බලා ගැනීමට මට නොහැකි විය.


පුස්තකාලයට තව එතරම් දුරක් නොවූ අතර ඉන් විනාඩි කිහිපයක් ඇතුල පුස්තකාල හන්දියේ බසය නැවතූ අතර ඒවන විටද පා පුවරුවේ සිටි මම තකහනියෙන් බසයෙන් බැස බසයට එඹෙමින් පොත් මිටිය සොයන්නට වූයෙමි.... බසය දුම් දමමින් ඉදිරියට ඇදෙන්නට වෙර දැරූ අතර කොන්දොස්තර කොලුවා “පොත් ටික දෙන්න“ “ පොත් ටික දෙන්න“යි කෑගසු අතර ක්ෂණයෙන් කවුළුවෙන් එළියට ආ අතක රැඳී පොත් මිටිය මම ඩැහැගත්තෙමි.ඒ සමඟම බසය සැර දමා ඉදිරියට යන්නට වූයේ ඒ වන විට ඊට පිටු පසින් පැමිණෙමින් සිටි බසය ඒ ආසන්නයෙම වූ නිසාය.එහි සෙනඟ නොවු අතර තව විනාඩි කිහිපයක් ඉවසූවා නම් මටද එහි සැප පහසුවට පැමිණිය හැකිව තිබූ බව සිහිකරමින් හිරි වැටුන කකුළද ඔසවා පොළවේ බර අඩි තියමින් පුස්තකාල කවුන්ටරයට පැමිණියෙමි.


පුස්තකාල පොත් බාර දිමට ප්‍රථම අතට අසුවෙන ලෙස පොත් පිටු පෙරලා බැලීම මගේ පුරුද්දකි.එයට හේතුව වූයේ, අලුත් මුදල් කොළ මෙන්ම පුංචි පුංචි දේ ලියන චිට් ද අහුවෙන පොතක් අස්සේ සැගවීමේ මගේ නරක පුරුද්ද නිසාය.

“මොකද මිස් පොතේ අකුරු අඩු වෙලාද කියල බලනවද ? “මුල් දිනවලදී කවුන්ටරයේ සිටින අයෙක් එසේ ඇසුවත්.... නිධන් වදුලක් මෙන් එහි තිබී හමුවන ඇතැම් දේ දකිනා ඔවුන් මගේ මේ පුරුද්ද ගැන දැන් පුදුම නොවේ.


එදිනද එක් පොතක් තුල තිබී විභාගයක් සඳහා මුදල් බඳින ලස රිසිට් පතක් මුණ ගැසුනි. එන විට ෆාමසියකින් රැගෙන එන්නයි කියා අම්මා මට දුන් බෙහෙත් වට්ටෝරුව ඒ තුල නොවිනි. පොත් පහක් ඒ වන විට මා සන්තකයේ තිබුන අතර ඒ පොත් පහ කිහිපවිටක් පෙරලා බැලුවද බෙහෙත් වට්ටෝරුව සොයා ගත නොහැකි විය.නිවසින් තකහනියේ පැමිණි නිසා ගෙනා පොත් ගණන හරියටම මතකයේ නොවූවද පොත් පහක් හෝ හයක් විය යුතු ය.




මගෙ පුස්තකාල කාඩ් අංකය පිරිකසා බැලූ අතර මා ළඟ නොමැති වුයේ යෙහෙළයකගේ කාඩ් පතකට ගන්නා ලද ඉතා දුර්ලබ වර්ගයෙ පොතකි.මවගේ බෙහෙත් වට්ටොරුව ඇත්තේ ඒ පොත තුල වන්නට ඇත.


එදින ඇඳිරි වැටෙන යාමයද පසුවන තෙක් බස් රථ ගාලේ රැඳි සිටිමින් මා පැමිණි බසය එනතෙක් සිට ඒ මුළු බසය සිසාරා මගේ නැතිවූ පොත සෙවුවෙමි. අවසානයේ දී කරුණාවන්ත වූ කොන්දොස්තර පැවසූවේ පොත ලැබුන හොත් සුරකිව තබා මා දෑතට පත් කරන බවයි. වැරුද්ද ඔහුගේද මගේද ? කාගේ වුනත් දැන් පල නැත. නිවස බලා ඒමට හැරුණ මා සිත යකුන් නැටූ පිටියක් මෙන් විය.


යෙහෙළියට කුමක් කියන්නද ? බෙහෙත් නැතුව ගෙදර යන්නේ කොහොම ද? ඉස්සරහට මුණ ගැසුනේ කවුද ? ඇයි මම ඒ බසයේ එල්ලීමට තරම් ඉක්මන් වුනේ.... ඇල්බට් අයින්ස්ටයින් වත් හිටිය නම් අතීතයට ගොස් සියල්ල වෙනස් කර ගත හැකි යන්ත්‍රයක් සාදා ගැනිමට තිබුණි.. තව ටිකක් පමා වී එන්න බැරි වුනේ ඇයි? කොන්දා මගේ පොත් ටික ගත්තේ ඇයි ?


අවුල් වූ මනසින් යුතු වු මා ,එදින කිසිම පොතක් පුස්තකාලයෙන් ණයට නොගත්තෙමි. හිස් අතින් ගෙදර පැමිණ මවගෙන් කණ පිරෙන්නට බැණුම් ඇසුවෙමි..... පිස්සියක මෙන් මුලු නිවසම පෙරලමින් නැතිවූ පොත සෙව්වෙමි.මගේ මව  නැවතත් වෛද්‍යවරයා වෙත යෑමට සැරසුනේද මටත් පුස්තකාලයටත් නොසෑහෙන්න බනිමින්ය... මම නිහඬ සිතුවිලි අතර තනිවූ අතර මගේ පුස්තකාල ගමන එතකින් නිමාවට පත්විය. යෙහෙලිය මා සමඟ අමනාප වූ අතර මම ඇයට ණය වූ ඒ පොත සොයමින් තවමත් පොත් සාප්පු ගානේ යමි......


මතු සම්බන්ධයි . . . . . . . . .


මෙන්න දෙවෙනි කොට ස

“We read to know we are not alone.”



 තවමත් නැති වූ පොත සොයන 
මම
෴ සොඳුරු සිත ෴

5 comments:

  1. අද කතාවනම් ශෝයි

    ReplyDelete
  2. අම්මප ඔය තාමත් හොයනව කිව්වෙ ඇත්තටමද අක්කෙ.
    සෝයි කතාව. :D

    ReplyDelete
  3. ඕනෙ ඔට්‍ටුවක් ඔය කොන්දා කියලා බැනපු අහිංසක කොන්දොස්තර කොළුවාම තමයි අන්තිමට වැඩේ ගොඩ දාන්නේ... :P

    ReplyDelete
  4. කතාව ලස්සනයි ... ඔන්න මම අදනම් අහන්නේ නෑ මේක ඔයාට වෙච්ච අද්දැකීමක්ද කියලා ..

    දැන් සොඳුරු සිත කතා ගොතනවා හිටු කියලා ...ඔහොමනේ ඉන්න ඕන

    ජය වේවා !!

    ReplyDelete
  5. ඊලග එකත් කියවන්නම්....ආයේ පා පුවරුවේ යනවා එහෙම නෙවේ ඕන්....එනවා මෙතන පණ්ඩිත වැඩ කොරන්න....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...