..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, January 11, 2011

෴ සැගවීම / Hiding ෴


කාට බයෙන් නුඹ සැඟ වෙන්නේ 
ලොවට බයෙන් මා සැඟවෙන්නේ
වරදක් කරලද සැඟවෙන්නේ 
නිවරද්දේ මා ගුලි වෙන්නේ

නුඹ සිත නැති වද වුන් දන්නේ 
සිත් අරමුණ හොඳ නැහැ දත්තේ
මඟ හැර ඇයි නුඹ පැන යන්නේ 
රණ්ඩු දබර මැද කුමටද ඉන්නේ

වරදට එරෙහිව නැගිටින්නේ 
කාලය හරි නැහැ නුඹ දන්නේ
සැමදා ඔහොම ද නුඹ ඉන්නේ 
සඳ හාවත් මා ලෙස ඉන්නේ

සැඟ වී කොහොම ද දිවි දෙන්නේ 
දිවි දී කුමට ද පල නැත්තේ
බය ගුල්ලිය නුඹ නම් ලද්දේ 
නම් දුන් අය  සතුටින් ඇත්තේ

බය ගුල්ලිය නුඹ නුඹ නුඹ නුඹමයි
කම්නැත මා සිත සොඳුරුයි නිහඬයි

  “I close my eyes and see the black, I open them again and I see the world, I've hidden from fears, and that knife sears, so welcome back to the world. Don't close your eyes or you will miss the storm, and you will miss what follows after, the beauty o”


නුඹෙන් සැඟවෙන්න වෙර දරන 
මම
෴ සොඳුරු සිත ෴

9 ප්‍රතිචාර:

සොඳුරු සිත said...

ටෙස්ටින්

Ravi said...

සියොලඟෙහි විස සපිරි,
බෝ රුදුරු මනු සපුන්,
විස කැවුනු රුදු වදන්,
කැට කැබලි පහර වැද,

පලායමි වන වදිමි,
යලිදු මම නො එන්නෙමි,
වග වලස් තිරිසනුන්,
අතර දිවි ගෙවන්නෙමි,

බුදු රදු ද ඒ දවස,
දෙව් රම ද හැර දමා,
වැඩියා ලු මහ වනේ,
සියල් සත කලකිරී,

නපුරු වූ දුදනයනි,
තොපට මම දිනුම දෙමි,
මසිත නිල් දිය සපිරි,
නිසල වූ විලක් මෙනි,

prasanna86k said...

සැඟවෙනු බෑ මේ අපි ඉන්නේ
සඟවුනොතින් එය අප දන්නේ
සැඟවී ඉන්නට නැහැ දෙන්නේ
සොඳුරු සිතට අපි හිත ඈත්තේ

MaRlaN said...

අක්කගෙ වලට මොකෝ වුනේ.... අන්න මේ කවියත් ලස්සනයි තේරෙනවා....... :)

හිස් අහස said...

කවුරුහරි ඔයාට චෝදනාවක් කරොත් ඔයා සද්ද නොකර ඉන්න වටේ අය එයා ගැන බලා ගනීවි

ඒක නිසා සොඳුරු සිතට දොරගුලු දාන්න යන්න එපා ! වෙනදා වගේම ලියාගෙන යන්න. අනික ඔයාට හැංගිලා බේරෙන්න බෑ .මොකද මේ බ්ලොග් එකට එන්නේ සුලුපටු සෙනගක් නෙවේ .

දිගටම ලියන්න ..

ජය වේවා !!

MaRlaN said...

අන්න හරි සදරු සර්....!

Heeniyata said...

හැමෝම දන්නව වත්ගේ කහටක් නැති සිතේ, සොඳුරු වග තුග........

-HacKrisH- | හැක්ක්‍රිෂ් said...

මගුලක් කතා කරනවා. කොහේ හැංගෙන්නද?. මෙන්න මේහේ ඉන්න අනේ... විකාර කියවන්නේ නැතුව...:D

෴ හසියා ෴ said...

මටත් ඔය දේම හැගිලා තියෙනවා.මුළු ලෝකයෙන්ම සැඟවිලා ඉන්න.

අක්කානම් කොහේ යන්නද...මෙන්න මේ බ්ලොග් එක ලියාන ඉන්න.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...