..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Sunday, January 30, 2011

෴ ජිවිතය කවියක් , තනිය එහි පදයක් ෴

තමන්ගේ හිස අත තියල දිවුරල ,තමන්ව අමතක නොකර එන බව කිව දිලිසෙන නෙත් ඇත්තා, අන්තිමට සිදාදියේ ඉඳල ගමට එන දවස අදයි. ඒ ඇත්තගෙ ගෙදර අද රජ මඟුල් . ඒකට හේතු වෙලා තියෙන්නේ ඒ ඇත්ත ආපසු ගමරටට එන්නේ හිසි අතින් නෙමෙයි. බරටම දෑවැද්දත් ඇන්න සිදාදියෙන් කරකාර ගත්ත බෝණික්කියක් වගේ නෝනමහැත්තැන් කෙනෙකුත් කරකාර ඇන්න.මේවග විත්ති හින්නි නෝනෙගෙ කණට වැටුනම ඒකී පිස්සියෙක් වෙයි කියලැයි සෝමෙ හිතුවෙ. මොකද හින්නි නෝනෙගෙ හිතේ දිලිසෙන නෙත් ඇත්තට තිබ්බ සෙනෙහෙ කන්දරාව සෝමෙ හොඳාකාරවම දැන වුන්නා.හින්නි නෝනෙ කළේ දිග හුස්මක් ඇඳල අරන් , ඒ සුසුම් පොදේම දිය කරල , හිතේ පිරිල තිබ්බ ආලවන්තකම් ඔක්කම සුළඟට මුසු කරපු එක විතරයි.


සෝමෙගෙ හිතේ තිබ්බ ලෙංගතුකම් වලට පිටුපාලා දිලිසෙන නෙත් ඇත්තගෙ ආලවන්ත දැලේ බැඳුන හින්නි නෝනෙට මෙහෙම වෙලා මදි කියල සෝමෙට නොහිතුනාම නෙමෙයි. ඒත් සෝමෙගෙ හිතේ දැන් ඒකී ගැන ආලවන්තකමක් නැතිවා. කපුට කාලා විසි කරපු වරක , පැණි වරක වුනත් ,මඳුලක දෙකක රස බලන්න මිසක ගඩාගෙන ගෙනිහුන් පිළිවලකට රස බලන්න දැන් සෝමෙගෙ හිතෙත් නැති විත්තිය හින්නි මැණිකෙගෙත් හිතට ඉවෙන් වගේ දැනුන.


දිලිසෙන ඇස් ඇත්ත ගැන තරාවක් කෝපයක් වෙනුවට ,ඇගේ හිතේ හට ගත්තේ මොහොතකට හරි ඒ ඇත්තව දැක ගැනීමේ ආසාවක් විතරයි.


පැණි වරක ගහටත් හෙණ ගහන එකේ . . .  තමන් ගැන හින්නි කෙල්ලට දැනුනෙ ආත්මානුකම්පාවක් මිසක ඒ ඇත්ත ගැන වෛර ක්‍රෝධයක් නෙමෙයි.





 ජිවිතය කවියක්
ආදරය
එහි සොදුරුතම වදනක්
කදුලැලි බිදක් හසරැලි පොදක්
එකට එක් වු විට දැනේ
පෙර නොවිදි රසයක්
පසු පසින් හඹා එන අතවර
හැරදමා යා නොහැක බෝ දුර
දුක ද ඉවසා දරා ගන්නට සිතට බලකරනා
හැඟුම් අවදිව මැවේ කවිකම


සෙනෙහසින් රැඳී වුන් නෙක දන
පලා යයි නොකියාම ඇතට
පවුරු පදනම් බිදී දස අත විසිර යන යාමේ
කවුරු නම් ළංවේද තනියට

ගායනය - නන්දා මාලනී
පද රචනය -(දන්න කෙනෙක් ඉන්නව නම් ලියල යන්න )
අහල බලන්න කැමති නම් මෙන්න . . . . .



ජීවිතය කවියක් . . . තනිය එහි තව එකම එක පදයක්
කියල හිතන
මම
෴ සොඳුරු සිත ෴

20 comments:

  1. @ නිසල්
    හ්ම්... ආදරය කොහොමත් හැඟුම්බරයි නිසල්....

    ReplyDelete
  2. ජීවිතය කවියක්, හ්ම...එකගයි. තනිය එහි පදයක් ......

    ඇයි තනිය විතරක්, ඇයි දුක කදුළු වේදනාව?? ඒවත් පද නේ?

    ඇයි, ආදරය, සතුට, උණුහුම...ඒවත් පද නේ....

    මට හිතෙන්නේ...

    ජීවිතය දිග කවියක්, තනිය එකම එක පදයක්...

    ReplyDelete
  3. හිස අතගා දිවුරා
    නුඹ පැවසූ ආදරේ
    නුඹට අතීතයක් උනිද
    සිදාදියට ගිය දිනේ..

    මල් වැට ගාව
    මම හැමදාම
    නුඹ දැකගන්න
    බලන් හිටියා
    නෙත් යොමාගෙන..

    කාලය ගෙවිලා
    එක් උදෑසනක
    නුඹ එනබැවි මතක් වී
    මගුල් ගේක සිරි ගම පුරා..

    නුඹ එන සතුට
    කදුළක් උනි මට
    මන්ගල නැකතින් නුඹ
    ඈයව කැන්දන් එන නිසා...

    ReplyDelete
  4. @Niroshan
    හ්ම් හරි

    ජීවිතය කවියක්
    තනිය එහි එකම එක පදයක්


    පිළිගන්නම් .... ස්තූතියි Niroshan

    ReplyDelete
  5. @ Dinesh

    මුළු කතාවම එකම කවි පද ටිකකට අරන්....

    ස්තූතියි Dinesh

    ReplyDelete
  6. @හරී - පිණිපළස
    ඇයි මැකුවේ...බන්දුල නානායක්කාරවසම් නෙමෙයි ද පද ලීවේ...
    ඔයා හරි “ගජමන් නෝනගේ කතාවෙ තමයි මේ සින්දුව තිබ්බේ...

    ReplyDelete
  7. වත් මේක මීට කලින් කිව්වද මන්ද ඒත් දැන් නම් දිග කතාවක් ලියල ඒක රටේ ඉන්න සාමන්‍යය ජනයාට පොතක් විදිහට තිළිණ කරන්න කාලෙ උදා වෙලා වගේ.

    ඔයාගෙ තේමා හා එ තෙමා වෙත චරිත ගැලපීම තෙරීම ඒවාට ආවෙනික චින්තන රටා මතු කර පාඨකයා අභිමුවට ගෙන ඒම දැන් බොහොම අපුරුවට වියත් ලෙස ඔයා අතින් සිද්ධ වෙනව කියල පොත් ගුල්ලෙක් වුන පැන්ඩට නම් දැනෙනව.

    ReplyDelete
  8. ජීවිතය කවියක්
    තනිය එහි එකම එක පදයක්
    ලස්සන අදහසක්...

    ReplyDelete
  9. අනේ මන්දා අක්කේ ඉතින්...මට හැගීම් බරව කොමෙන්ට් එකක් දාන්න බෑ නේ....

    ReplyDelete
  10. නියමයි සොඳුරු සිත. වෙන මුකුත්ම නෙමෙයි ආදරේම තමයි මේ.

    ReplyDelete
  11. හින්නිගේ ආදරේ අවOකයි.....හින්නිට බැහැ අවOක ආදරේට වෛර කරන්න......

    සිළුමිණේ ගිය කවිකාර කෝම්බිව මතක් උනේ හීනියට.....

    ReplyDelete
  12. සෑහෙන කාලෙකින් අක්කගේ බ්ලොග් එකට නාවේ අමනාපයක් හින්ද නම් නෙවේ මගේ අන්තර්ජාල ප්‍රශ්නයක් හින්දා ..ඉක්මනට ලෝඩ් වෙන පිටු වලට පමනයි මට යන්න පුලුවන් උනේ ..අදනම් හොඳට සිග්නල් තියනවා ඒක නිසා මම අද ..මෙහේ ආමි

    ලස්සනම ලස්ස්නයි අක්කේ ..ඔයා ලියපු එක

    හැබැයි සින්දුවට මම ඒතරම් කැමති නෑ ....

    ReplyDelete
  13. @පැන්da
    ස්තූතියි පැන්da.... පොත් ලියන එක හිතින් අයින් කරල ගොඩක් කල් ...


    @Podi Kumarihami
    ස්තුතියි ..Podi Kumarihami



    @රත්ගමයා
    පිස්සු ලේනා...

    ReplyDelete
  14. @nawammawatha
    ආදරය තමයි ජීවිතය අනුබව කරන්නේ නැද්ද ? හිහි...හැබෑට කවුද පයින් ගියේ...

    ReplyDelete
  15. @Heeniyata
    ඔයා හරි. මේ තියන පින්තූරය “කවිකාර කොම්බි“ ගෙ තමයි... මමත් ඒ කතාව දිගටම බලපු කෙනෙක්... ඒ නිසා වෙන්න ඇති ඒ හුරුවට ලියන්න මටත් හිතුනෙ...

    ඒ කතාව හරිම ලස්සනයි...

    ස්තූතියි හීනියට...

    ReplyDelete
  16. @හිස් අහස
    ස්තූතියි මල්ලියා බැරි බැරි ගාතේ හරි මේ පැත්තෙ ආවට... මම දන්නව මේ පේජ් එක ලෝඩ් වෙන්න වෙලා යනවා. ඔයාගේ කිලෝබයිට් ගාණට වැඩේ හරි තමයි...සමාවෙන්න...
    ඒ වගේම ස්තූතියි...

    ReplyDelete
  17. මගෙ ජීවිතය ම කවියකි,
    නුඹ එහි එකම එක පදයකි,
    නමුදු ඒ අවසන් පදය වූ කල,
    නුඹ නොමැතිව කෙලෙසක,
    ගලපන්නෙම්ද මම කවිය,
    බලාහිඳිනෙමි අසරණව,

    නොහැක කවි ගයන්නට,
    නොහැක ජීවිතය විඳින්නට,
    කවියෙහි අවසන් පදය නැත,
    ජීවිතයට නුඹ නොමැත,

    පද තුනක් අමුණා,
    බලා ඉමි නුඹ එන තුරා,
    සිව්වන පදය රැගෙනා,
    ඇවිත් අමුණන තුරා,
    මම කවිය ගයනා,
    අයුරු අසනට දිවි ඇති තුරා,

    නුඹ නොපැමිණේනම්,
    අවසන් පදය නැතිනම්,
    තනිකම යොදා එතැනට,
    ගයමි මම ජීවිත කවිය,

    ReplyDelete
  18. මම හිතන්නෙ අක්කේ මේක ගජමන් නෝනගෙම කවි පන්තියක්. ඒ කතාවෙ තේමා ගීතයට ගියේ ඒ නිසා. ෂුවර් කොහෙදි හරි කියෙව්වා එහෙමයි කියලා. මගේත් ප්‍රියතම සින්දුවක්. ස්තූතී

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...