..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, January 19, 2011

෴ විවාහය සහ මගේ කෙටි කතාව ෴

කෙටි කතාවයි නව කතාවයි ගත්තොත් මම කවදත් කැමති කෙටි කතා වලට. කොච්චර කෙටි වුනත් , ගොඩක් කෙටි කතා කවදාවත් තේරුම් ගන්න බැහැ. ඒ වගේම ඒවට නිශ්චිත අවසානයක් බොහෝ දුරට නැහැ. කෙටි කතා අමතක වෙන්නෙ නැහැ. 

මම හැමදාම කෙටි කතා වලට ආදරය කරන්නෙ ඒක නිසාද දන්නෙ නැහැ.  

ඒත් 

කෙටි කතාවට සමුදෙන්න කාලය ඇවිත්. දැන් මටත් නීරස දීර්ඝ නව කතාවක් ලියන්න කියල සෑහෙන බලපෑම් ඇවිත්...... 

ලියුව කෙටි කතාවම නව කතාවක් කරන්න හිතා හිටියත් .... ඒක කෙටි කතාවක්ම විතරක් වෙලා. මොකද ඒක මට කෙටි කතාවක් වුනාට ඒ කෙටි කතාව තවත් කෙනෙක් ගෙ නවකතාවක කොටසක්  කියල මම දැන ගත්තෙ පරක්කු වෙලා.

කෙටි කතාවක අන්තිමට විත්
එල්ලිලා ඉමි සීරුවෙන්
නව කතාවක ජේදයක් 
ඇරඹිලා නොදැනම දැන් ඉතින්
නිමා නොකරම නිමා වු
 කෙටි කතාවට පණ ආවොතින්
එපා එන්නට නව කතාවට
චරිතයක් නැත එහි නුඹ නමින්

ඒත් දවසක . . .ආයෙත් කෙටි කතාව ලියන්න හිතුනොත් . . . . 

“ පිදුම“
මගේ හදවතට .......


කවදාවත් ඉවර කරන්න බැරි කෙටි කතාවක අයිතිකාරි
මම
෴ සොඳුරු සිත ෴

We never get what we want, 
      We never want what we get,
We never have what we like,
We never like what we have.
And still we live & love.
That's life...

14 comments:

  1. හ්ම්ම්ම් ලස්සනයි අක්කේ.......

    ReplyDelete
  2. ඒත් හැමදාටමත් අපට මතක ති‍යෙන්නෙත්, අපි නැවත නැවතත් ආදරෙන් මතක් කරන්නෙත් අර පුංචි කෙටිකතා මිසක් මහ දිග නවකතා නෙවෙයි නේද..!?

    ReplyDelete
  3. අපේ කතාව නව කතාවක් උනත්..බලාගෙන යනකොට අපි හැමෝම අනුන්ගේ නව කතාවල කෙටි කතා විතරයි...
    අවුල තියෙන්නේ අපි අපේ කෙටි කතාව ගෙනිහිල්ලා ඒ නව කතාව අස්සේ රිංගවලා ඒ කතාව අපේ කර ගන්න හදන එකයි..
    ඒක එපා වෙන වැඩක්..
    කොහොම උනත් අළුතින් ලියන්න යන නව කතාවට සුභ පතන මං...
    දන්නවනේ වන් ඇන්ඩ් ඔන්ලි මාරයා...

    ReplyDelete
  4. We never get what we want,
    We never want what we get,
    We never have what we like,
    We never like what we have.
    And still we live & love.
    That's life...

    මේකනම් නියමයි...

    ReplyDelete
  5. හැමදාමත් මතක තියෙන්නෙ පුංචි කෙටි කතා තමයි.. අන්තිමට කියපු
    We never get what we want,
    We never want what we get,
    We never have what we like,
    We never like what we have.
    And still we live & love.
    That's life... කියන එක නම් සහතික ඇත්ත අක්කේ.. ලස්සනයි

    ReplyDelete
  6. කොටස් වශයෙන් ලියනකොට නවකතාවත් වරදක් නෑ

    ReplyDelete
  7. අපූරුයි යාළු

    ReplyDelete
  8. මට එන්න බැරිඋන ටිකට මෙහේ කොයිතරම් දේවල් වෙලාද ? හැබැයි මමනම් කෙටිකතාවලට වගේම දිග කතාවලටත් බොක්කෙන්ම කැමතියි .ඒක නිසා දුං වීසිවෙන දිගම දිග කතාවක් ලියලා දාන්න අක්කේ . ඒකත් නියමයි එතකොටමට එකදිගටම බලන්න දෙයක් තියනවා . හැබැයි ඉතින් ඉඳලා හිටලා පිංචි කතා දෙක 3කුත් ලියන්න .

    මොකෝ මේ සොඳුරු සිත කියන්නේ පුරුදුවෙන්න ලියන කෙනෙක් නෙවෙයිනේ .

    ජය වේවා !!

    ReplyDelete
  9. ඇක්චුවලි අයි ලව් අම්බානෙක කෙටි කතා...මගේ ගාව තියෙන්නෙත් කෙටි කතා තමා...එකක් පටන් ගත්තා....මේක වත් නව කතාවක් කොරගන්න ඕන

    ReplyDelete
  10. ම්ම්ම්ම්ම් වක්‍රාකාරව කිව්වේ ජිවිතයේ දුක් කරදර පසුතැවීම් නම් වු කෙටිකතාව අවසන්කර අළුත් ජීවිතය නම් වු නවකතාවේ පරිච්ඡේදයක් ආරම්භකරන බවක් මන්හිතන්නේ.....මට දැනුනු විදිහට.මම හරිදෝ?

    අහ් ඔන්න ඉතිං ඒ කිව්වාවු අළුත් නවකතාවට හසියාගෙනුත් හදවතින්ම සුභ පැතුම්...පටන් ගත්ත අළුත් නවකතාව සාර්ථකව ලියාගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්නත් හිතනවටත් වඩා සතුට සාමය ආදරය සමගිය පිරිඉතිරෙන්න්න නවකතාව ලියන්න පුළුහන් වෙන්න කියලත් හදවතින්ම සුභ පතනවා....
    හසියා දෙයක් ප්‍රාර්ථනා කලොත් දන්නවනේ..අමුතුවෙන්ම ඒක කියන්න ඕනි නෑනේ....

    හැමෝම කිව්වා වගේ මෙන්න මේ වචන ටිකට මගෙත් හිත ගියා....
    "We never get what we want,
    We never want what we get,
    We never have what we like,
    We never like what we have.
    And still we live & love.
    That's life..."

    ReplyDelete
  11. මේ කියන්නේ “අසවලා“ලියපු කතාවද කියලා මට ලාවට හිතෙනවා... අනේ මන්ද, ලියන්න ලියන්න....

    ReplyDelete
  12. When & if we get everything we wish for,
    Life would be so monotanous & uninspired,
    The spice & essence of life is longing for what we desire,
    But all the same be out of reach eternally,

    ReplyDelete
  13. මේ ‘අසවලා‘ ලියපු කතාව ගැනද කියල මට ලාවට හිතෙනවා :D

    ReplyDelete
  14. කෙටිම කෙටි උනත්....පතරOග දිග උනත් කොයි කථාවෙත් තියෙනව බොක්කට යන කොටසක්.......

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...