..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, January 29, 2011

෴ මම තුරන් වෙමි ෴


ලිලිපුට්ටන්ගෙ ‍දේස‍යේ සිට ගලිවර්ට ආද‍රේ කරපු
පුංචි අගුටු මිටි කුමාරි - මම

නුඹ මට ‍‍සෙවන ‍දෙන මහ විශාල වෘක්ෂයක් වුනත්
මට ඕන වු‍නේ නුඹව ‍බොන්සායි ගහක් කරල
ම‍ගෙ ලගම තියා ගන්න

කළුවර අහස පුරා පායපු සඳ වගේ හිටිය නුඹගෙන්
මට ඇවැසි වුනේ පහන් තාරකාවක එළිය විතරයි


පිපාසයට ඕන කරල තිබ්බෙ පිරිසිදු වතුර වීදුරුවක්
ඒත් නුඹ මට පතුලක් නොපෙනන මහ ළිඳක් වුනා

නුඹෙ අතින් අල්ලන් කතා බහක් නැතිව
 නොදන්න පාරවල් දිගේ ඇවිදන් යන්න හිටිය මට
දවසකට පැය 25ක් නැති නිසා 24 වෙනි පැයෙ නොදන්නා
පාරවල් වල මට තනිවෙන්න වුනා


පැහැදිලිව ඇඳල තිබ්බ මගේ ජීවිතය
නුඹ පාට කරයි කියල මම හිතුවත්
නුඹ කරේ තිබ්බ කළු සුදු ඉරි ටිකත්
 බොඳ කරල දාපු එක විතරයි

මේ පුංචි රටේ කොතැනක හරි ඉදන් නුඹෙ සුවඳ
මගෙ නැහැයට දැනෙයි කියල මම ඉව කරත්
නුඹ දැන් මේ රටෙත් නැහැ



ඒ තරම් දේවල් සිද්ධ වෙලත්
අද එයි
හෙට එයි 

කියල
ලිලිපුට්ටන්ගෙ දේසයේ ඉඳන් 
කුමාරි මඟ බලන් හිටිය

එක දවසක් ඒ කුමාරිට ලස්සන පාට කොලේක ඔතපු
පණිවිඩයක් හම්බ වුනා


“ මම දැන් විවාහකයි “

බොහොම පැහැදිලිව සඳහන් වෙලා තිබ්බ




I know you still love me but I can't get adopted to it.
 

“It is not the strongest of the species that survives, nor the most intelligent that survives. It is the one that is the most adaptable to change.”

 

 

 ගෝලීයකරණය වෙච්ච ලෝකෙක. පනින්න බැරි සීමාවල් නිසා
තනි වෙලා ජීවත් වෙන්න බැරි 
සමහර ජීවින්
 මේ ලෝකෙන් තුරන් වෙලා යනවා
 ඒ කියන්නේ ඒ ජාන කිටුවම
 මේ ලෝකෙට නැති වෙනවා
ලිලිපුට්ටන් මේ ලෝකෙන් තුරන් වෙලා යන්න ඇත්තෙත් එහෙමයි
ඉතින් මා ගැන කවර කතාද ?


හෙට දින ලොවින් තුරන් වන ජාන කිටුවක අවසන් පෙළපතක අවසන් පුරුක
මම
෴ සොඳුරු සිත ෴

15 ප්‍රතිචාර:

arunishapiro said...

:)

arunishapiro said...

:)

Siribiris said...

හුටා.

අර ජාන කි‍ටුව කිව්වෙමොකක්ද? ඇයි ඒක ඒක අවසාන පුරුක වුනේ?

MaRLaN said...

එහෙම වෙන එකක් නෑ...
ඔයාට ලගදිම ඔයාගේ නියම බාගේ හම්බ වෙයි අක්කෙ... අන්න එදාට ඔයා මහා පෙලපතක ආරම්බක පුරුක වෙයි..

Hishan Melanga said...

"හෙට දින ලොවින් තුරන් වන ජාන කිටුවක අවසන් පෙළපතක අවසන් පුරුක මම෴ සොඳුරු සිත ෴"

අක්කෙ ඔයා ශ්‍රේෂ්ටයි.

පූසා said...

"කළුවර අහස පුරා පායපු සඳ වගේ හිටිය නුඹගෙන්
මට ඇවැසි වුනේ පහන් තාරකාවක එළිය විතරයි"

ගොඩාක් වෙලාවට ලොකු දෙයකින් පොඩ්ඩක් බලාපොරොත්තු වුනත් ලැබෙන්නේ නෑ, පොඩි දෙයකින් ගොඩාක් බලාපොරොත්තු වුනත් ලැබෙන්නේ නෑ :(

තාරා said...

කියන්න වචන නෑ අක්කේ. ඒ තරමට ලස්සනයි...

kumaraya said...

ඔයා අහල තියෙනවද ''වත්'' ... ගෑණුන්ගෙ පින කුණු මුල්ලෙ කියන කතාව.
ඒක කියන්නෙ අපහාසෙට එහෙම නෙවෙයි.
ඒකෙ ඇත්ත තේරුම ඔයා දන්නව ඇති.
මම හොඳටම දන්න .. ඇත්තම සිද්ධියක් උදාහරණයක් වශයෙන් දෙන්න පුලුවන්. එතකොට මේක දිග වැඩි වෙනව.

මාරයාගේ හෝරාව said...

අති විශිෂ්ඨයි...

Niroshan said...

හ්ම...මමත් විටින් විට ඇවිල්ලා මේ තියෙන දේවල් බලලා ගියාට මෙතුවක් කොමෙන්ට් එකක් දැම්මේ නැහැ. අද හිතුනා මොනවා හරි ලියන්න....

අපි කාට කාටත් ලස්සන කොල වල ඔතාපු පයින්ඩ හැමදාම එනවානේ....නමුත් අන්තිමට එන එක නං black and white තමා..පාට පාටත් නැහැ, ඕනේ කෙනාට ලැබෙන්නෙත් නැහැ, ඒ උනාට ෂුවර් එනවා..ඉගිරිසියෙන් කියන්නේ මරණ සහතිකේ කියලා තමා. ඉතිං ඔය වෙලාවට අපි කවුරුත් අවසාන පුරුක තමා...

සොඳුරු සිත said...

@arunishapiro
:D

@Niroshan
කළු සුදු වලින් එන පණිවිඩේ ඉක්මනින් එනව නම්... කොච්චර හොඳද...

@මාරයාගේ හෝරාව
ස්තූතියි...

@Siribiris
ජානි කිටුව... ඒක තමයි මම මටම කියල තියෙන එකම දේ. මම මම වෙන්නේ මම උපතින්ම අරන් ආව ජාන නිසා.ඒකනේ මම වගේ වෙන කෙනෙක් නැහැ. මම මම විතරයි. නුඹත් ඒ වගේ.නුඹ නුඹ ිතරයි..වෙනත් නුඹ කෙනෙක් නැහැ..අයියෝ මට පිස්සු වගේ...

@Hishan Melanga
ලෝකෙන් නැති වෙලා වධ වෙලා යන කෙනෙක්ට ශ්‍රේෂ්ඨයි කියනව ද? අපොයි...

@පූසා
හ්ම්...සඳක් හමුවෙලා.පහන් තරැවක එළිය විතරක් ඉල්ලන එක වැරදි තමයි...

@තාරා
ස්තූතියි..තාරා....

සොඳුරු සිත said...

@kumaraya
හපොයි... ඔයා නම් අමුතු මනුස්සයෙක්... එක දවසකුත් මට මතකයි ..ආහ්..පුස්තකාල පොත් හොරා කතාවේ දි ඔයා කීව ඒ වගේම කතාවක් තියේ කියන්න ගියොත් දිග වැඩි කියල...

ඉතින් මම කීව..ඒ කතාව ඔයාගේ බ්ලොග් එකේ ලියන්න කියල... කෝ අද වෙනකම් නැහැ...

පුලුවන් නම් මට ලියල එවන්න... මම මේ බ්ලොග් එකේ පබිලිෂ් කරන්නම් ඔයා කැමති නම් විතරක්...

අදත් ඒ වගේම කියනවා.... දිග වැඩි වුනාට මොකද..වෙලාවක් තියනම් ලියල පල කරන්න....ප්ලීස්...

සොඳුරු සිත said...

@MaRLaN
“ ලියන්න නම් වෙලාව තියනව... හහ්..අපි ලියන කමෙන්ට්ස් වලට උත්තරයක් ලියන්න තමයි වෙලාවක් නැත්තේ.. මොකද අපේ කමෙන්ට් වලට උත්තර නැත්තේ...අඩු ගානේ ස්තූති කියල කියහන් “

හිහි....

සමාවෙන්න... මගේ වරද.... මටත් කරාට ගොඩක් ස්තූතියි...

Ravi said...

" It's not the strongest of the species that survives, nor the most intelligent that survives,it is the one that is the most adaptable to change "

මේ කතාව ඩාවින් කිව්වෙ පරිණාමය ගැන උනාට ටිකක් හිතනකොට අපේ ජීවිතයටත් ඉතාම අගේට ගැලපෙනවා, අද අපේ රට අරන් බැලුවොත් හැම අතින්ම ඉදිරියෙන් ඉන්නෙ බුද්ධියෙන් හෝ කාර්ය ශූරත්වයෙන් වැඩි අය නෙවෙයි පවතින වතාවරණයට හොඳින්ම හැඩ ගැහෙන්ඩ හැකි අයයි කියන එක ආයෙ අමුතුවෙන් කිවයුත්තක් නෙවෙයිනෙ,

තව මට මෙහෙම දේකුත් හිතෙනවා,සැඩ සුලඟකට ඔරොත්තු දීල සුළඟට අවශ්‍ය පරිදි නැවෙන දහසක් තුරුලිය අතර ඒ සුළඟට නොබියව මුහුණ දෙන මහ වනස්පතියක් වගේ ඉන්න එකත් එක අතකට විශේෂයෙන් සඳහන් කලයුතු දෙයක් නේද?

අවසානෙදි සමහර විට ඒ රූස්ස වනස්පතිය බිම ඇදගෙන වැටෙයි, ඒත් එ වැටෙන්නෙ තමන්ට ඕන විදිහට ජීවත් වෙන කාලෙ ගත කරලයි කියන එකත් එක අතකින් සැනසීමක් වෙන්නෙ නැද්ද?

ඒ වගේම වෙනස්වන තත්වයන්ට හැඩ ගැහෙන්ඩයි කියල වනස්පතියකට සාමාන්‍ය ගහකට වගෙ නැවෙන්ඩත් බැහැනෙ, වනස්පතියක් කියන්නෙ වනස්පතියක්, වනස්පතියක ඉරණම ඇදවැටී මියයාම නම් ඒක එහෙම්මම සිද්ධවෙයි අනිවාර්යයෙන්ම,

නුඹ ගැන මගේ හිතේ පිරිල තිබුනෙ මහ මෙරක් වගෙ බලාපොරොත්තු කන්දරාවක්,

ඒව එකින් එක උදේට තරු එලි නිවෙනව වගෙ නැතිවෙලා යනකොට නුඹ මට සෙවන දෙන වනස්පතියක් කොහොම වෙතත් අඩු ගනනේ දාහය නිවනා සිහිල් සුළං පොදක්වත් වේවි යයි හිතේ අහු මුල්ලක පුංචි බලාපොරොත්තුවක් තිබුනය කියල මමවත් හරියට දැනගෙන හිටියෙ නැහැ,

අවසානෙදි ඒ මා පැතූ සුළං රැල්ල මා වෙත හමා ආවා, ඒත් ඒ පැමිණියේ සිහිල් සුළං පොදක් නෙවෙයි, චණ්ඩ මාරුතයක් විලසින්,

ඒ මාරුතයට හසුවී මුලින්ම ඉදිරී ඇද වැටීම මගේ ඉරණම නම් මම කුමක් කරන්නද?

වෙනසකට හැඩ ගැහෙනවාට වඩා අවසානය තෙක් මාරුතයට මුහුණ දීම දැන් මගේ අරමුණයි,

Beetle said...

අඩේ මම පස්සේ දැක්කේ... මේක නම් මාරම ලස්සනයි... මට කියාගන්න බෑ...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...