..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, January 2, 2011

෴ මලක මරණය ෴



සුවඳයි ලස්සනයි
මලකට අයිති දේ තමයි
බඹරකු දැවටෙන්නෙත්
මලක ඇති ඒ මෙලෙකටයි

වියලියි කර්කශයි
මල මුල ඇදුන පොලවටයි
 නෙලන්නට වන්නෙත්
එය දන්න අතකින් තමයි

නෙලා ගෙන විල්ලත්
 පොළවක් නැතිව අසරණයි
 නෙලුවේ ඇයි මල
හිමි පොළව ඉකි බිඳ හඩයි

 ගෙනා වේ හැඩකර 
නිවස එළි දෙන්නට නම්
ඇයි ද මේ ගැරහුම 
සෙනෙහෙ ඉල්ලා සිත හඩයි

මලක මරණය දැක දැක 
හිරුත් කඳුළක් එක් කරයි
වියලි සිත් මල වෙත 
දයාවේ පැන් පොද පතයි


Flowers are the sweetest things God ever made, and forgot to put a soul into.
 පාට නැති සුවඳ මල
මම
෴ සොඳුරු සිත ෴

11 ප්‍රතිචාර:

Janani said...

//ගෙනා වේ හැඩකර
නිවස එළි දෙන්නට නම්
ඇයි ද මේ ගැරහුම
සෙනෙහෙ ඉල්ලා සිත හඩයි//

මේ පද ටිකට මං ගොඩක් කැමති..ඔය ප්‍රශ්නේ කසාදෙන් පස්සේ බිරින්දෑවරුන්ට හිරිහැර කරන, නොසලකා හරින සැමියන්ගෙන් අහන ප්‍රශ්නයක් වගෙයි...

හිස් අහස said...

අතට ගෙන ඔතනු බෑ
නීතියට පටහැනියි
තොල් අසල තබනු බෑ
ලෝකයම මට බනියි

මටනම් මල් කීවම මතක් වෙන්නේ මගේ පරන අතීතය . මල් සුවය ඒදවස් වල මම කොයිතරම් නම් හොයා ගෙන ගියාද ? ඒත් පස්සේ කාලේ මට හම්බවෙච්ච මලක් නිසා මල් සුවය හොයා ගෙන යාම මම සදහටම නතරකරලා දැම්මා ..

" මල් "

ජයම වේවා !!

මධුරංග said...

මලුත් මැරෙන වෙලාවල් තියෙනවද ? ලස්සනයි අක්කා මේ කවි පද ටික.

පූසා said...

ලස්සනට පිපුනු නිසා මම ගිහිල්ලා නෙලූ මල
පසුව දැනුනි වැලක්ය පිපෙනා නියඟලා මල
ඉවසලා ඉවසලා අවසානයේ මට පැන්නා මල (මළ නෙවෙයි මල)
ඕක තමයි මලක් නිසා මට සිදුවුණු කෙහෙල් මල

MaRlaN said...

හැම මලකටම සුවදයි ලස්සනයි දෙකම තියනවනම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද නේ....?
මලක් කොච්චර ලස්සන උනත් වැඩක් නෑ ඒ මලේ සුවදක් නැත්නම් නේ?

හසී රන් said...

නිවස හැඩකර පිපෙන මල
ගුණ සුවද දසත විහිදන මල
ජිවිතයට ආදරය කරන මල
තවමත් කිසිවෙක් නොනෙලු මල

ගසේ ඇති විට හරි හැඩයි මල
සුනිල දිය ඇති පොච්චියට වන් කල
තවත් සතුටින් හැඩ වේය මල
නව ජිවයෙන් මල ඔකද වේ එකල

ආදරයෙන් පිරි දිය ඉසෙන කල
සුවෙන් සතුටෙන් වෙසෙයි මල
එබැවින් පොච්චියකට යන කල
එහි ගුණ දොස් විමසන්න මල

පාට නැතත් හොද ගුණ ඇත්නම් මලක
හිමිකාරයා පැමිණෙයි කල හොද වු කලෙක
බඹරා නොවේ දන්නේ සමනලයයි මලේ මෙලෙක
ඔහු රොන් ගනි නොතලයි මල් පෙති කිසි කලෙක

සහෝදරයා said...

ලග දුනුකේ මලකි
දුර මානෙල් මලකී
උඩ වැඩියා මලකී
මල් මැද මල් ලදකී

මලක මෙලෙක මලක සුවද අඩුවන විට මෙලෙක් නොමැති සිතට මල පනිනු ඇත !

෴ හසියා ෴ said...

අද පෝස්ට් එකේ අමුතුවක් තියේ....
ම්ම්ම්ම් වචනත් ලස්සනයි...වචන වල පාටත් ලස්සනයි....අමුතුම එලියක් අද...

ම්ම්ම්ම් ඒ හැමදේම ලස්සන වුනේ ලියපු කෙනාගේ හිත ලස්සනි නිසා වෙන්න ඕනි....

පද පෙලත් ලස්සනයි අක්කේ....

(හැමදාම අක්කි ලියන ඒවයේ ඉතිං වචන කොහොමත් ලස්සනයිනේ....)

අපි එහෙනම්....

ඒසවඃ පුඃ

ගල්මල්-Coral said...

මලක ගුණ අලංකාරව මතුකර ලස්සනට පැදිපෙලක්. ඒවගේම මලට ම විතරක් ඇලුම් කර මලේ පැවැත්ම ගැන නොසිතුන කතාව ගැබ් කරන්නේ සීරුවෙන් - අනිත්‍යය පැහැදිලි කිරීමක්.

කවි පෙල ගොඩාක් සිත්ගත්තා නංගී.

Heeniyata said...

හැමදාමත් වගේ ලස්සනයි.........ස්තුතියි!

Ravi said...

මලක මෙලෙක හිතාගන්න බැරි අතකින් මල් නෙලන්න එපා යාලුවේ,
හිතක මෙලෙක හිතාගන්න බැරි හිතකින් පෙම් කරන්න එපා යාලුවේ,

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...