..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, January 24, 2011

෴ මගේ වෙනස සහ නුඹ ෴

ඒ හරිම සුන්දර කාලයක්. . .ඒ සුන්දර බවත් එක්කම පසු පසින් ආපු මූසල කාලකණ්නි කාලයෙත් සුන්දර බවක් තිබුන. අන්තිමට ඉතිරිවුනේ කඳුළයි සුසුමයි... මතක ටිකයි කියල හිතුවත්.... දැන් ඒ මතකත් මතකෙට නංවන්න සෑහෙන වෙහෙසක් ගන්න වෙලා. කඳුළු ආවේ සුසුම් හෙලුවෙ ඇයි කියල හිතා ගන්න බැරි වෙලා. ඇත්තටම එදා හිටිය “මම“ අද කෝ ! ! !

ගිනි ගෙන දැවුන සිත
සුව වී දන්නෙ නැතිවම
හිත අතගා බැලින
එහි සිටිය නුඹ ගිහින් නොකියම

පායනා හිර මෙන්
පෝයදා පුන් සඳ මෙන්
දකින්නට නැතිවත්

එළිය පමණක් කොහෙන් දෝ විත්

ආදරය මහ මෙර මෙන්
ඉසිලුවත් දවසක්
දුකත් සැපතක් මෙන්
ටිකින් ටික රස බැලුවත්
රසත් නැහැ පෙර මෙන්
අනේ මම දුක් වින්ඳ තරමක්

වෙනස් වන හැමදෙය

එකම දේ නොවෙනස් වන
නුඹට මා බැඳි පෙම
කියා සිතුවෙ ඇයි ද පෙර දින

ආදරයෙන් බැඳුන මම
එයින් පැරදි පලා ගිය මම
දුක් කඳුළු බිවු මම
පුදුම මටමයි කොහිද ඒ මම


“Everything changes, nothing remains without change.


නුඹ නිසා හරි සතුටින්
තවත් කල් හරි දුකකින්
සිටි
මම
෴ සොඳුරු සිත ෴

10 ප්‍රතිචාර:

Anonymous said...

oyaa magea hitha kiyawanawadha kiyalaa hithenawaa wath...

Su

Anonymous said...

ඔයා මගේ හිත කියවනවද කියලා හිතෙනවා වත්...
Su

Anonymous said...

ඔයා මගේ හිත කියවනවද කියලා හිතෙනවා වත්...

Podi Kumarihami said...

එතකොට ඔයා ආදරය කරලා තියෙන්නේ ආදරයටද? පුද්ගලයකුට නෙමේද? හොඳ වටිනා පාඩමක්...

Podi Kumarihami said...

අර උඩ කමෙන්ට්ස්වලට මොකද වෙලා තියෙන්නේ?

හිස් අහස said...

ඇත්ත දැන්නම් සොඳුරු සිතේ ලොකුම කොකු වෙනසක් මටත් පේනවා .. හැබැයි මම පොඩ්ඩක්වත් මේ වෙන්සට කැමති නෑ , මමත් කැමති ඉස්සර හිටපු කෙනාට ..

ඔය හැම දෙයක්ම අමතක කරලා දාන්න ..වාසනාව ඔයාව හොයාගෙන එනකම් ඉන්න ..පරන සොඳුරු සිතිවිලි ආයෙමත් අවදිකරන්න

ජය වේවා !!

දුකා said...

සමහර දේවල් නොලැබී ගියාම තමයි ජීවිත කාලය පුරාවටම ඒ දේට වටිනාකමක් තියෙන්නේ.

ලැබුනනම් ටික කලකින් එපා වෙනවා.

නොලැබුනු නිසා අයිති කර ගැනීමේ ආසාවක් නැතත් අඩු තරමින් මතකයක් වෙලා හරි හිතේ රැඳෙනවා.

ගල්මල්-Coral said...

හැම දෙයම වෙනස් වෙනවා, ඒ වෙනසට මුහුණ දෙන්න ජීවිතයත් වෙනස් වියයුතුයි. අන් බොහෝ "වෙනස" වගේ ජීවිතයේ "වෙනස" ඇතිවෙන තුරු බලා ඉන්න බැහැ, මන්ද යත් අපි නොදැනුවත්වම ජීවිත කාලය පියාඹා යනවා. ඒ නිසා වෙනස අපිම ඇතිකර ගත යුතුයි නේද නංගී. ජය පතනවා!

(මොන හේතුවක් ද දන්නේ නැහැ කොමන්ට් කරන්න උත්සාහ ගන්න තුන්වෙනි වතාව මේ)

prasanna86k said...

ලස්සනයි අක්කේ

෴ හසියා ෴ said...

අක්කා ඉතිං පද පෙලක් ලිව්වොත් ලියන්නේ අපේ හිත් කියවලා....මටත් දෙන්නෙක්ටම කියන්න තියෙන්නේ....
නුඹලා නිසා හරි සතුටින්
තවත් කල් හරි දුකකින්
සිටි
මම
෴ හසියා ෴

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...