..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, January 4, 2011

෴ බොස් ෴

අද හරිම නරක දවසක්. වසර ආරම්භයත් තවත් වසරක අවසානයත් අභිමුවේ රාජකාරි වෙනදට වඩා බහුල වුනත්. ඒ සෑම‍දේම හරියට සිද්ද කෙරෙමින් තිබුනා. කෑම බීම පවා අතපසු වෙමින් තිබුනා. 


හරියට වෙලාවට කන අපි ( හාමුදුරුවන්ගෙ වෙලාවට ) කෑම ගන්න එක ප්‍රමාද වුනත් එය එතරම් ගත යුත්තක් නොවුනේ වැඩ ඉවරයක් කරනකම් හිතේ සැනසිල්ලක් වත් කුස ගින්නක් වත් නොදැනුන නිසාමයි.


බැනුම් අහන අස්සේ හිනා වෙන්න දෙයක් කියන්නත් ඔහු අමතක කරන්නේ නැත්තේ, ඔහුට වගේම අපේ සිතටත් දැනුන පීඩනය පලවා හරින්න වෙන්න ඕනි.හැම ඉලක්කමක් ම අකුරක්ම පරිගණකයක් වගේ මතකයේ තිබුන ඔහු හා සසදද්දි තරුණ අපි මොනවද කරන්නේ කියල මට සිතුන වාර අනන්තයි. පරිණත බුද්ධිය වගේම සෑම විටම නිවරදි දේ කරන නිසා මද මන්ද සමහරු ඔහු එක්ක අමනාපයි.

ලොකු පඩියකට පුද්ගලික අංශයේ සේවයට යන්න පුලුවන් ඔහුගේ වෘත්තීය මට්ටම රජයේ සේවයට කැප කිරීම සම්බන්ධව ඔහු සිටියේ සතුටින්. ඇත්තම කියනව නම් රාජ්‍ය සේවයේ තියෙන හොඳ දෙයක් තමයි මිනිසෙකුට සේවය කිරීමෙන් ලබන්න පුලුවන් තෘප්තිය. අපි කවුරුත් වගේ රාජ්‍ය සේවයේ ලැබෙන වැටුප ගැන සෑහීමකට පත් නොවුවත් අදත් උදෑසන වවුචර් සකස් කරන විට ඔහු කීවේ අපි ගන්න පඩියට වැඩ කරනව මදි බවයි.



ඒත් . . . . . . .

නොසිතූ පරිදි ඔහු හදිසියේම අද  අසනීප වුනා. කාර්යාලය තුල සියළු දෙනාම එකා වගේ රැස්වුනා. රෝහල් ගත කළ ඔහුට දැන් ටිකක් සුවයි. 


හදිසියේම සිදු වූ දේ දරා ගත නොහැකිව මගේ සහෝදර නිලධාරින් ඉන්නෙ සිත් තැවුලෙන්. ඔබ අසනීප වුන හැටි දැකල මට මගේ පියා සිහිවුනේ ඇයි ද මන් ද?


සර් . . . 

අපේ  බ්‍රාන්ච් එක පාලු වෙලා. බනින්න විතරක් නෙමෙයි, හිනා වෙන්නත් කෙනෙක් නැහැ. රාජකාරි හරි වැරදි බලන්න . ගොඩ ගැහුන වැඩ ටික ඉවර කරන්න සර් නැතිව බැහැ නේ. සමහර දවසට සර් හවසට ගෙනත් දෙන රසකැවිලි තේ ගෙනත් දෙන්නත් දැන් කෙනෙක් නැහැ නේ. ඔක්කටම වඩා සර් වගේ හොඳ හිතක් තියෙන බොස් කෙනෙක් නැතිව . . . . .මනුස්සකම් තියෙන ආදරණිය සහෝදර නිලධාරියෙක් නැතිව අපි ඉන්නේ ගොඩක් දුකින්. . ..


ඉතින් සර් අපි වගේ ආත්මාර්ථකාමියෝ ටිකක් ගැන හිතල සර් ඉක්මනින් සනීප වෙලා ඒවි කියල අපි හිතනවා . . .


තුරුණුවන් සරණින් ..... සර්ට ඉක්මනින්ම සනීප වේවි . . . . ..



ඉක්මනින් සුව වී සුපුරුදු ඔබේ කාර්යාල මේසයට පැමිණෙන තෙක් මඟ බලන ගෝලිය
මම
෴ සොඳුරු සිත ෴

19 comments:

  1. සර්ට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. කොහොමත් අක්කා පුද්ගලික අංශය කියන්නෙ වැඩ කරලා ඉවර වෙන්නෙ නැති අංශයක්. රජයේ රස්සාවල පඩිත් අඩුයි වැඩත් අඩුයි.

    අද මම තමයි මුලින්ම ලිපිය කියවන්නේ !!!!! හුරේ !!!!

    ReplyDelete
  2. මට නම් බොස්ලා පේන්න බැ..

    ඒත් ඒ බොශ් ඉක්මනට හොද වෙන්න කියලා මාත් පතනවා....

    අක්කා නම් බොස් ගැන හිතනවා වැඩියි වගේ.... :P :P

    ReplyDelete
  3. අක්කගෙ සර්ව ඉක්මනට හොද වෙන්න කියල අපිත් කියන්නම්කෝ

    ReplyDelete
  4. ඔන්න මමත් ටික දවසකින් ආවා වත් අක්කව බලලා යන්ඩ. නිවාස අඩස්සියේ හින්දා ජාලේ පැත්තේ ඇවිද්දේ නැහැ.
    අපිත් ඔයාගේ බොස් ට ඉක්මන් සුවය පතනවා.
    ඒ වගේම ඔයාටත් ලැබුවා වූ නව වසරේ කිරි පැණි නැතත් සතුට පිරුණු සහ ප්‍රාර්ථනාවන් ඉටු වන වසරක් වේවා කියලා මමත් මගේ නෝනාත් දෙනන්ම එකක් පතනවා.
    ඇත්තටම සන්තෝසයි එදා වත් අක්කව අඳුනගන්න ලැබීම ගැන...

    ReplyDelete
  5. ඕන්න ඔබතුමීගේ බොස් ට මගෙනුත් ඉක්මන් සුවය ලබන්න කියල අහින්සක ප්‍රාර්ථනාවක්.
    අනේ මෙවන් ගෝලියො වාසනාවන්.....

    ReplyDelete
  6. බොස්..... හ්ම්.... :D

    ReplyDelete
  7. අක්කාගේ බොස්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා....
    ඔය job satisfaction කියන එක රඳා පවතින්නේ ගන්න පඩිය මතම නෙමේයිලුනේ

    ReplyDelete
  8. නඟේ,

    මේ බොස්ටද ඔයා අර එකපාරක් රාජකාරි වෙලේ බ්ලොග් ලියල අතටම අහු උනයි කියාල කිව්වෙ, ඔයා ඊට පස්සෙ උනත් සුපුරුදු ලෙස දිගටම ලිව්ව නිසා උපකල්පනය කරන්න තියෙන්නෙ බොස් එච්චර ප්‍රශ්නයක් ඇතිකලේ නැහැයි කියල,ඒ කියන්නෙ යමක් තේරුම් ගන්න පුලුවන් බොස් කෙනෙක්ය කියන එක,

    කොහොම උනත්, ඒ බොස් උනත් නොවුනත්, බොස්ට ඉක්මන් සුවය මමත් පතනවා,

    ReplyDelete
  9. මගේ බොසා පර දේශක්කාර උන්දෙක්.....එකා මට සෑර් කියනව, මම ඒකට සෑර් කියනව. හරිම පහසුවක් දැනෙන්නෙ බොසා අපේම සපත්තුවෙ කියල දැන්ගත්තහම.
    වත්ගෙ ගුරාට ඉක්මන් සුව!

    ReplyDelete
  10. අපිත් ප්‍රාර්ථනා කරනවා ඉක්මනට සුව වෙන්න කියලා.

    ReplyDelete
  11. අපේ බොස් නැති දවසට අපිට නම් මාර සතුටුයි අක්කේ එදාට මම Institute එක ඇතුලේම පදංවෙන්න පටං ගන්නවා . අපි සිංදු කියලා නටලා . සන්තෝසෙන් දවස ගෙවනවා

    ඒත් අක්කට ඇයි දුක ?

    ඒකෙන් තේරෙන්නේ ඔයාගේ බොස් ගුන යහපත් කෙනෙකු බවයි නොදැක හිටියම දුකක් දැනෙන්නේ ඒකනේ .

    අක්කගේ බොස්ට ඉකමන් සුවය ප්‍රාර්ථනා කරනවා !!!

    ReplyDelete
  12. මිනිසුන්ගේ වැරදිම දකින/ලියන කලෙක මිනිසෙකුගේ - ඒකෙත් විශේෂය බොස්ගේ; හොඳ ඉස්මතුකර ලියුවාට තුති නංගී.

    බොස්ට ඉක්මන් සුවය පතනවා.

    ReplyDelete
  13. ස‍ර් තුමාට සුව වේවා....
    මමත් ජීවත් වෙනකල් රජයේ රැකියා වලට නම් යන්නේ නෑ

    ReplyDelete
  14. ‍බොස්ට ඉක්මන් සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කියෝ....

    ඔය වගේ සේවයට කැප වෙලා වැඩ කරන අය ගොඩක් අය අඩුයි.පුද්ගලික අංශයේ වැඩ කරද්දි මැරීගෙන වැඩ කරනවා.ඒ මිනිහම රජයේ සේවකයෙක් වුනහම මෙලෝ වැඩක් කරන්නේ නෑ..අනේ මන්ද පුදුම මිනිස්සු.ඒකම මිනිහා දෙතැනක් දෙවිදිහක්...

    හදවතින්ම සුභ පතනවා අක්කිගේ බොස්ට ඉක්මනින් සුව වෙන්න කියලා.....

    ReplyDelete
  15. බොස් හොද කෙනෙක් වගේ... මමත් බොස්ට ඉක්මන් සුව ප්‍රර්ථනා කරනවා...

    ReplyDelete
  16. මධුරංග
    ෴ හසියා ෴
    රත්ගමයා
    ගල්මල්-Coral
    හිස් අහස
    prasanna86k
    Ravi
    පූසා
    nawammawatha
    raala
    Jeew
    MaRlaN
    Bugs Bunny

    සියළු දෙනාටම ස්තූතියි... කාගෙත් ආශිර්වාදත් එක්ක අන්න අපේ සර්ට සනීපලු... දැන් ලෑස්ති වෙයල්ලකො ආයෙත් බැනුම් අහන්න...

    ස්තුතියි යාළුවනේ...

    ReplyDelete
  17. -HacKrisH- | හැක්ක්‍රිෂ්
    ස්තූථියි හැක්ක්රිෂ් මල්ලි ......

    ReplyDelete
  18. Heeniyata
    ස්තූථියි ...Heeniyata ...

    ReplyDelete
  19. මාත් හිටපු බොස් කෙනෙක්නෙ, කවදාවත් අසනීපයකටවත් ගෙදර නොහිටිය....!! ඉතිං අපේ ගෝලයොත් හැමදා ම ප්‍රාර්ථනා කරන්න ඈති අඩු ගානෙ දවසකටවත් මූ අසනීප වෙනව නං කොච්චර හොඳ ද කියල..!! හැබැයි අද උං ඉන්න ඉහළ තැං දැක්කම මට හිතෙනව මුං ව හදන්න ගිහින් අඩු ගානෙ දවසක්වත් මට අසනීප උනේ නැත්තෙ ඈයි කියල..!!

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...