..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, January 18, 2011

෴ නවතින්නම බැරි නම් ෴



හමන සුළඟත් සුසුම් නොහෙළයි
නුඹ ගමන ඉක්මන් වෙයි කියා
හිරුත් සැඬ වී කිරණ විහිදයි
නුඹ මගේ සෙවනට එයි කියා

එහෙත් නුඹ සිත රැඳුනෙ දුරමයි
කලක් වුන්නත් මා ළඟින්
සුවඳ නුඹෙ නවතන්නෙ කෝමද
වැටකඩොළු බැන්දත් නුඹ නමින්

අරමුණක් ඇති තැන නුඹේ නැවතුම
දනිමි නුඹ ජය ගනූ ඇතී
ගමන පසු නොබලාම යනු මැන
සෙවනැල්ල මා බව නුඹ දනී

නවතින්න බැරි නවතන්න බැරි
සුන්දර දෙයක් සිත සිර කරන්
නුඹ යනෙන මාවත එකළු කරනෙමි
අමාවක නොඑනා ලෙසින්

ගමන අවසන ඉසිඹූ ලන දින
 දෙපා දොවනා පැන් වෙමී
වෙහෙස වී සිත රිදුන දවසක
ඔසුව වී පිහිටට එමී

  Have you ever run away from your true love because you were not brave enough to face it? what do you do? just let it go?

 
පලායන්නාට ආදරය කරන
මම
෴ සොඳුරු සිත ෴

8 comments:

  1. අක්කේ තරහා වෙන්න එපා කාලෙකින් මේ පැත්තේ ආවේ. මම මගේ කතාව ලිව්වා. අක්කා ඒක කියවලා තේරුම් ගනියි කියලා හිතනවා. මම මේ කවිය කියවලා පස්සේ හෙමිහිට කමෙන්ට් එකක් දාන්නම්.

    ReplyDelete
  2. පලා නොයමි කිසිදාක එවන් ආදරයක් ඉදරියේ....

    නමුත් පලා යන්න වුනේ ඇය වෙනුවෙන්නම්.....? ඇයගේ සතුට වෙනුවෙන්නම්...?

    ගොඩකාලෙකින් මේ පැත්තේ ආවේ...ලිපි ගොඩක් තියේ කියවන්න....කියවමි එකිනෙක...පොඩ්ඩක් ඉවසන්න.....

    ReplyDelete
  3. දැවෙන සිත තව දවනු මැන නුඹ නොවේ මා පිටමන් කලේ
    ‍රැදෙන පින ලඟ නැතිවුනත් සිත,කිසිදෙනෙක නැත තනි කලේ
    හමන සුළඟම නුඹේ සුවඳත් ඉසව්වත් ගැන ඉඟි කලේ
    කුමන අරුමෙද..? නුඹේ ලඟමයි .. ගතිනි මම පියමං කලේ

    ReplyDelete
  4. පලා යන්නන්ට කිසිදා ආදරය නොකරන්න...

    ReplyDelete
  5. ගොඩාක් කලකින් ඔයා බලන්න මේ පැත්තේ ආවේ...හරිම ලස්සන අදහස් ටිකක්. හිත රිදෙන වෙලාවට හරියට දිව ඔසුවක් වගේ. අර 'පිස්සා පලාමල්ල' කියන කතාව සම්පුර්න ඇත්ත. අපි ඇයි 'පලායන අය' පසුපස ලුහුබඳින්නේ?

    ඒත් 'විහඟ ගීතයේ' කවි ටික බැලුවාම ඒ අදහස නිකංම වෙනස් වෙලා ගියා.

    ReplyDelete
  6. තිමිර පටලය ඉරා පෑයූ තරුව වන්නට පින් නැතේ,
    නුවන් වැසෙනා කඳුලු සීතල දැනුනි හද පතුලට මගේ,
    සෙනෙහෙ ගඟුලක් ගලා ගිය බව ලකුණු පමණකි මඟ දිගේ,
    දුරක සිට හෝ කඳුලු අතරින් බලා ඉඳිනෙමි මතු දිනේ

    ReplyDelete
  7. පලා යන්නාට ආදරය කිරීමෙන් ඇති පල කුමක්ද
    ඔහුට පලා යන්නට ඉඩදෙන්න
    වට පිට බලන්න
    දහසක් දෙනා ඇත තව

    ReplyDelete
  8. හේතු ඇතුව පලා යන්නාට, වතුර බාල්දියක් එහෙම ගහල තවත් ගට දෙන්න....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...