..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, January 15, 2011

෴ පෙම් කරන්න හිතයි මටත් ෴

සතියට එක දවසක් වත්
නුඹ එක්කල තනි වෙන්නට
හිත රැදි දුක දියවෙන්නට
ආසයි නුඹ ළඟ ඉන්නට
පිළිණු වෙච්ච ආදරයයි
නෙතට දැනුන ලුණු රසයයි
හදට ආව සැර ගතියයි
බයිට් එකට අඩු වැඩියයි
හදවත ගුලි කොට තලලා
මධූ බදුනක් ඉන් හදලා
නුඹ දුන් අම රස සමඟින්
මධු විත පමණට  කලතා
නුඹ දුන් පලවෙනි හාදුව
වගෙයි අමා රස සාදය
ලඟ නැති වූවද කම් නැත

අගේය මී විත සාදය
හද පිච්චුන දුමත් එක්ක
රටා මවන නිකොටින් දුම
හාදු දුන්න දෙතොල් පහස
දුම් වැටියේ නුඹ සිඹින්න
පපුවට උණුසුම දැනෙන්න

ගැහැණූ පිරිමි බේද මොටද
මටත් ඉතින් අයිති නොවෙද
අද වගේම හෙටත් මගේ
හද බදුනට නුඹ වඩින්න


නුඹ විසින් මත්කර දමා ගිය  සිත වෙරි කළ
මම
෴ සොඳුරු සිත ෴


ප/ලි :- කොටු දාන්න එපා ඔන්න. මත් සිත මගෙ ගෙනත් දෙන්න.

7 comments:

  1. අක්කේ කවියනම් උපරිමයි.

    අක්කා ඔය අලුතෙන් දාලා තියන බඹරා නම් මට ටිකක් කරදරයි :(

    ReplyDelete
  2. ඔව් ඔව් ඒ බබරා මටත් ඇන්නනෙ......
    මේ මොකද මේ අක්කට වෙලා තියෙන්නේ....

    ReplyDelete
  3. බූට් කාපු කවියො කවි ලියනව....
    ගොවියො තවත් තදින් පොලොව කොටනව...
    කරන වැඩ වලට තව ටිකක් ඇඩ් කරගත්තම බූට් රස ගොඩක් අඩු වෙනව...
    කොටිම්ම අම්බානෙක බිසී වෙලා තව ටිකක් බිසී උනාම ප්‍රේමෙටත් රිංගන්න ඉඩ ටිකක් මදි වෙනව...
    සිගරට් නිවුනම...බෝතල් වේලුනාම...බයිට් පිනිබාල පසුදාට පහන් උනාම පාටි ආතල් එක නිවිල යනව....

    ReplyDelete
  4. ​මේ වම් පැත්තේ පල්ලෙහා තියෙන අටමගල මොකක්ද කියල මට පෙන්නේ නෑ. නමුත් කියවීම අපහසු කරනවා..

    The plugin for this content has been disabled.

    ReplyDelete
  5. අඩියක් ගහපු වෙලාවක කියවන්න නියම කවිය. ලස්සනයි.

    ReplyDelete
  6. බූට් එකට පිදුරු දාන දෙන්න තමයි අරක්කු, සිගරට් ......

    ReplyDelete
  7. බඹරා තමා අපිටත් ඇනපු හෙනේ....

    හික් හික් ලස්සනයි අක්කේ පද පෙල.....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...