..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, January 10, 2011

෴ වසන්තයේ අග දවසක් / One Day In Spring෴

" අද නම් ඔයා වෙලාවට ඇවිත් "

" වෙලාවට නෑවිත් කොහොම ද ? තව ටික දවසනේ අපිට මෙහෙම හම්බෙන්න පුළුවන් "
" ඒ දේවල් ගැන හිතන්න එපා. අපි මේ මොහොත සතුටින් ඉමු "

" ඇත්ත තමයි . . . .  "

" මොකද කරන්නේ හවසට ගෙදර ගිහින් . . .  මාත් එක්ක චැට් එකට එනව ද? "
" බැහැ  . . .  මට සින්දු වගයක් තියනවා අහන්න "
" අනේ ළමයෝ කරුණාකරල . . . විරහ ගීත නම් අහන්න එපා. ආහ් මම ගෙනත් දුන්න යානිගේ  සීඩී එක බැලුව ද? "

" ඔවු... ඒක නම් කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැහැ . . . ."
" මට ඕනි ඔයා හැමදාම සතුටින් ඉන්න ."

" මම දන්නවා. . .කවුරුත් අහන්නේ ඇයි මම දුකින් ඉන්නේ කියල. . .ඒත් මගේ එහෙම විශේෂ දුකක් නැහැ . සතුටකුත් නැහැ. . . ඒත් ඔයා එක්ක කතා කරන වෙලාවට . . .ඔයත් එක්ක මෙහෙම ඇවිද්දන ආපු වෙලාවට මම ඉන්නේ හරි සැහැල්ලුවකින් , කසාද බැන්ඳට පස්සේ අපිට මෙහෙම කතා කරන්න බැරි වෙයි ද ? "
" මම කීවනේ ළමයෝ .ඒ ගැන හිතන්න එපා. "

" හරි හරි . . . . . ඔන්න හැබැයි ඔය ළමයව අමතක වුනා කියල මට දොස් කියන්නත් බැහැ හරි ද? "
" හරි . . .  "

" මම අවුරුද්දකට සැරයක් ඔයාට එවන තැගි බාර ගන්න ඕනි හරිද ?"

"  බැහැ බැහැ  මට තෑගි එපා ළමයෝ "

" ම් ම් . . .එහෙම බැහැ . . .එහෙනම් මට දෙයක් කියන්න තියනව ඔයාට . . . ඔන්න අමනාප වෙන්න බැහැ. අපි දන්නව අපි දෙන්නගේ අරමුණු වෙනස් . අපි දෙන්න ඉන්න ස්ථර වෙනස් . කොටින්ම අපි දෙන්නා යන මාර්ග දෙකත් වෙනස් "

" හරි ඉතින් . .ඒක අපි දෙන්නම දන්නවනේ මුල ඉඳලම "

" ඒත් . . .මට මේක කියන්නම ඕනි ඔයාට . . . "

" කියන්න . . ."

" ඒක කීවයි කියල මේ කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. . ඒත් මට ඒක ඔයාට කියන්නම ඕනි "

" ඉතින් කියන්න ළමයෝ "

" කෙල්ලෙක් මෙහෙම කොල්ලෙක්ට කියන එක හරි නැහැ තමයි . .ඒත්  . . . "

" කියන්න ළමයෝ. ඔහොම දේවල් ද ඔයා මට කියල තියෙන්නේ. ඉතින් ! ! ! "

" මම ඔයාට ආදරෙයි "

" මම දන්නව ඒත් . . . "

" හරි හරි ළමයෝ .ඔයාගෙන් ඇහුවෙ නැහැනෙ මට ආදරේ ද කියල. දැන් අපි යමු . . . හවස් වෙලා "



Give you love without the pain
Show you light beyond the rain
Gonna make you happy
Gonna make you happy now
There'll be days when things go wrong
I'll be there to make you strong

 


කිසිදිනක නුඹෙන් ආදරයක් නොපතන 
මම
෴ සොඳුරු සිත ෴


6 ප්‍රතිචාර:

eldileepa said...

ලස්සනයි... සැරටම දැනුනා.

Heeniyata said...

ආදරෙ පතන්නේ නැහැ කියන්නේ ආදරේ හිතට වද දෙන නිසාද?
ඒ වදේම නෙමෙයිද ආදරේ..........
වත් ආරOචි එහෙම නැතෙයි කූඩු හදන්න ආපු කුරුල්ල ගැන......

නිශ් said...

හ්ම්ම්ම් මතකයක් අවධි උනා.........

සොඳුරු සිත said...

@නිශ්
බලන් ගියහම කාට කාටත් මේ වගේ අත්දැකීම් තියනව නේ ද නිශ්...

පූසා said...

" කෙල්ලෙක් මෙහෙම කොල්ලෙක්ට කියන එක හරි නැහැ තමයි"

පොඩ්ඩක්වත් එකඟ නොවෙමි :(

෴ හසියා ෴ said...

අක්කේ මම දාන්නු උන්නු පෝස්ට් එක ඔයා දාලා....
ඔයා මගේ හිත කියෙව්වද අක්කේ?අනේ මන්දා....

මාත් දැන් ඉන්නේ ඔය බෝට්ටුවේ....
ජීවිතේ කියන්නේ අතහැරීමද? මන් දන්නේ නෑ හරියට....

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...