..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, January 6, 2011

෴ හත් පෙති මල සහ ශේන්යා ෴


එක මල් පෙත්තක් අත ඇතිවා 
මම නුඹ සොයමින් හැම තැන දිවුවා
මල් පෙති අතරේ තොල් පෙති රදවා
නුඹ සුවඳත් ඒ මත නැතිවා

කාලය අත්තටු නිති සොලවා
ඇසි පිය වදිනා සැනකින් යනවා
ඒ සැම අතරේ නුඹ සොයමින් මම
මල් පෙත්තත් අතැතිව යනවා

පෙති හත විවිධයි පාට ඇතත් 
අවසන් පෙත්තෙ වර්ණය නුඹටයි
‍පෙති ගිලිහී මල මැලවෙන්න කලින්
නුඹ හමුවේදැයි මා සිතට බයයි

නුඹ සෙවුවා නිති නෙතු මඟමයි
" වීත්යා " නුඹ කොයි මල් පෙති විමසයි
අවසන් මල් පෙත්තත් සමඟ ඉතින්
නුඹ නොදැකම මා මිය යයි ද සිතෙයි



හත් පෙති මලේ අවසන් පෙත්තත් සමඟ නුඹ සොයන "ශේන්යා "
මම
෴ සොඳුරු සිත ෴

පලි:- "ශේන්යා" මල් පෙති හයක් ඉවරකර ගත්තෙ මෙහෙමයි....
  1. "පාන් වලලුත් එක්ක ගෙදර ඉන්න ඕන "
  2. "අම්මාගේ මල් පෝච්චිය තිබුන විදිහටම හදන්න "
  3. " උතුරු කෙළවරට යන්න / උත්තර ධ්‍රැවයට " 
  4. " ආයෙමත් ගෙදර එන්න" 
  5. " ලෝකයේ තියන ඔක්කම සෙල්ලම් බඩු ගන්න " 
  6. " සෙල්ලම් බඩු ආපහු සාප්පුවට යන්න "
" නුඹ වෙනුවෙන් ඉතිරි වුනේ හත් පෙති මලේ ලස්සනම ලා නිල් පාට මල් පෙත්ත " ......................


" I'll be smarter next time." 

Fly, petal, oh-
      East to West you go.
      Then North to South
      And turn about.
      Touch the ground, do,
      Make my wish come true

17 comments:

  1. පුංචි කාලෙට හිත දිව්වෙ ඉබේටම,ස්තූතියි කෙල්ලේ මතක අලුත් කෙරුවට,, මං ආසම කරපු පොත

    ReplyDelete
  2. මල් පෙත්තේ මල්පෙත්තේ
    උතුරු දෙසට දකුණු දෙසට
    ..............මෙහැම දෙසට
    කැරකිලා ඇවිත් බිමටම
    මා කියන දේ කරදෙන් මට

    ReplyDelete
  3. ඔව් ඕව්, මටත් මතකයි පොත. මං ඉස්සර ඔය පාං වලලු ඉල්ලල එක පොරේ. මං ඒ පාං වලලු කාල නැතත් තවමත් හිතෙන්නෙ ක්‍රීම් හරි චොක්ලට් හර නොදාපු ඩින්ගල් විතර හයිය [කර වෙලා නැති] ඩෝනට් වගේ ජාතියක් කියල. ඩෝනට් කන හැම වෙලාවකම මට ඔය හත්පෙතිමලේ පලවෙනි පෙත්ත මතක් වෙනව.

    ReplyDelete
  4. මට ඔය පොත නම් කියවන්න ලැබිලා නෑ. ඒත් කතාව ලස්සනයි කියලා හිතා ගන්න පුලුවන්.

    ReplyDelete
  5. ගොඩක් අයගේ පුංචි කාලය රුසියානු ළමා කතා වලින් පිරිලා නේද. දැදිගම වී. රොද්‍රිගු මහත්මයාට පින් අත් වෙන්න ඕනේ අපේ ළමා කාලය ඒ පොත් වලින් තව තවත් ලස්සන කළාට. සොඳුරු සිතටත් ගොඩක් පින් ඒ මිහිරි මතක ආයෙත් ගෙනාවට. මේ මට හම්බුනා හත් පෙති මලේ ඉංග්‍රීසි කතාව. රූප ටිකත් එහෙමමයි. RAINBOW-FLOWER

    ReplyDelete
  6. ඔව් ඔව් ඔහොම කතාවක් පොඩි කාලේ කියෙව්වා මතකයි :)

    ReplyDelete
  7. wmcreations
    ගොඩක් ස්තූථියි ලින්ක් එකට ....

    ReplyDelete
  8. පුංච් කාලෙ කියවපු මතක ඇති පොතක්. ස්තුතියි යලිත් මතක් කලාට... :)

    ReplyDelete
  9. අක්කියෝ ඕක මගේ පොඩි කාලේ වෙගේම දැනුත් ප්‍රියතම කතාවක්....අර ලස්සන වසිලිස්සා පොතත් තාම කියෙව්වත් එපා ‍වෙන්නේ නෑ...මගේ ළග ඔය පොත් දෙකම සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම...දැන් තියෙන්නේ නෑදෑ සහෝදරියක් ළග...මේ ළගදිත් ‍ගෙනත් බැලුවා...ඇත්තටම ලස්සනයි....ඒ වගේ කතා දැන් පොඩි ලමයින්ට කියනවන්න ලැබෙන්නේ නැති එක ගැනනම් දුකයි.මොකද දැන් කාලේ තියෙන් විඩියෝ ගේම් එකකින්වත් ළමා ෆිල්ම් එකකින්වත් ඒ රුසියානු වගේම අපේ ළමා පොත්වල තිබ්බ රසය වගේම ආදර්ශය දේනන බෑ...

    මේන්න නොකියපු අයට "හත් පෙති මල"සිංහල අනුවාදය...


    මතකය අවදිකලාට බොහෝමත්ම ස්තූතියි....

    ReplyDelete
  10. මම ඔය ළමා කතාව කියවපු කාලෙ අපි පදිංචි වෙලා හිටියෙ කුඩා නගරයක.
    එහි ලොකු වංගුවක් සහිත පල්ලමක් තිබුණා. ශේන්යා පාන් වළලු අරගෙන එන කොටස
    කියවන විට සිතේ මැවෙන්නෙ ඒ පල්ලමේ පාන් වළලු පිටිපසට කරගෙන හෙමීට වට පිට බලමින් එන පුංචි ගෑණු ළමයෙක්.
    දැන් ඒ කතාව සිහි කරනකොටත් ඒ දර්ශනය එසේම නොවෙනස්ව සිතේ ඇඳීයනවා.
    පොත් කියවනවිට ලැබෙන වාසිය ඕක තමයි.
    එකිනෙකාට සිතේ මැවෙන සිතුවම් එකිනෙක වෙනස් වෙනවා. හැබැයි ඒ සිතුවම් ලේසියෙන් මැකී යන්නෙ නෑ.

    ReplyDelete
  11. ආච්චි කිව්වේ මල් පෙත්ත ඕනි දෙයක් කරලා දෙනවා කියලා නේද...? ඉතිං වීත්යා සනීප කරන්න කලින් ...

    "මල් පෙත්තේ මල් පෙත්තේ...
    උතුරු දෙසට දකුණු දෙසට...
    බටහිරටත් නැගෙනහිරටත්...
    ඉගිල ඉගිල මෙහැම දෙසට...
    කැරකිලා ඇවිත් බිමට...
    මා කියන දේ කරදෙන් මට...

    දැන් මට තව හත් පෙති මලක් මවලා දෙන්න ඕනෑ....!"

    ප/ලි : සුරංගනා කතා වල ඒවා ඔට්‍ටු නැද්ද...? :)

    ReplyDelete
  12. සෙන්යාගෙ පාන් වලලු වලට වෙච්ච වගෙ වැඩක් මටත් වුනා. හොඳට තෙලෙන් බැදලා කවුන්ටරය උඩින් තියපු එළවළු රෝල් මගෙ දඩබ්බර බල්ලා පිඟාන ඉවර වෙන්නම කෑවානෙ!

    ReplyDelete
  13. මේක නම් කියන්න ලැජ්ජත් එක්ක... මම තාමත් ඔය පොත හිටපු ගමන් කියවනවා... හරි ලස්සන කතාවක් ​ඒක. ඒ පොත තාමත් මගේ ගාව තියෙනවා.

    ReplyDelete
  14. මාත් මේ කතා පොත කියවලා තියෙනවා... :)

    ReplyDelete
  15. හත් පෙති මල වගේම තවත් ලස්සන කතන්දර ගොඩක් තියෙන පොතක් තිබුන මගේ ගාව. නම නම් මතක නෑ. වැටකොලු බුරුසුවක් ගැන ලස්සන කතන්දරයක්, කිඹුලෙක් ඉර ගිලින කතාවක්, නාන්න අකමැති පුංචි පිරිමි ලමයෙක් ගැනත් කතාවක් ඒකෙ තිබුන.
    නම මතක් උනොත් කියන්නම්

    ReplyDelete
  16. හිත ආපහු එක සැනෙකින් ළමා කාලයට ගියා නංගි, මාතෘකාව දුටු පමණින්,

    රුසියානු ළමා කතා පොත්, අකුරු කියවීමට හැකිවූ වහාම, අපේ ළමා කාලයට එක්කල අපූරු සුන්දරත්වය තවමත් හිතේ කොනක හැංගිලා තියෙනවා කියන එකත් ඒ එක්කම ආයෙ පාරක් ඔප්පු උනා,

    හත්පෙති මල කියවා එවන් මලක් සොයමින් මල් වල පෙති ගනන් කලෙමි එදවස,

    ලස්සන වසීලිස්සාට, ආදරය යන වදනේ අරුත නොදැනම, ආදරය කලෙමි එදවස,

    බාබායිගා යකින්නට බියෙන්, රෑ කල එලියටවත් නොබැස්සෙමි එදවස,

    එකල සොඳුරු මතක සිහිකරමින්, අතීතයේ සරන්නෙමි මෙදවස,

    ඇත්තටම ලස්සනම මල් පෙත්ත ලා නිල් පාට එක නේද?

    ReplyDelete
  17. oh.. aththatama me post eka dakke ada ne...
    mama me kathawata pana yanakal aasai....

    aththatama lassanama mal peththa la nil eka thamayi

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...