..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, January 4, 2011

෴ මඟ බලන ලන්තෑරුම ෴



පෙර කලක හැමදාම 
රෑ ඇඳිරි වැටෙන කොට
" දුවේ ගේ කළුවරයි " 
ඇගේ දිගු ඇඟිලි වල
පහන් සුව විදිමි මම


සඳ නැඟුන වෙලාවෙත්
ඇගෙ ළඟින් තනියටම
ඇඟෙ රහස්
ඇඟෙ සුසුම්
සියළු දේ අසා ගෙන

පොතින් පොත පිටෙන් පිට

ඇය සමඟ බලා ගෙන
කවි පදත් දිගු නෙතත්
සම සමව බෙදා ගෙන


අනේ ඇය . . . 
ගිහින් දුර
ගම් දනවු ගෙවා ගෙන
උසස් නිල සමඟම තව
කුමරෙකුත් සොයා ගෙන


ඇඟෙ මවත්
කවි පොතත්
ඇය ළඟම තබා ගෙන
කවි පදේ එළි කරපු
මා අමතක වෙලා නෙව


තැනින් තැන එළිය දෙන
විදුලි රැස් නිසා නුඹ
සඳට නොපෙනෙනා බව
සඳ කියා ගියා මට


Faith means living with uncertainty - feeling your way through life, letting your heart guide you like a lantern in the dark.


එළිය දුන්න ලන්තෑරුම අමතක වෙච්ච
මම
෴ සොඳුරු සිත ෴


------------------------------

පලි - නුඹ අමතක වෙලා නෙමෙයි. එත් මටයි කියල ජීවිතයක් හදා ගන්න යද්දි මට නුඹ අමතක කරන්න වුනා. ඉතින් මට සමාවෙන්න .

15 ප්‍රතිචාර:

arunishapiro said...

සොඳුරු පින්තූරයක් මැවිලා පෙනෙනවා අද කවි පද කියවද්දී.

MaRlaN said...

ගොඩක් වෙලාවට ජීවිතේට මග පෙන්නන ජීවිතයට ආලෝකය දෙන අයට මේක තමයි වෙන්නේ.... :(
ඒත් එයාල කවදාවත් තමන්ගෙ ප්‍රයෝජනයක් ගත්ත අයත් එක්ක තරහ වෙන්නෙත් නෑලු

පිණිබිඳු... said...

විදුලි එලියෙන් ගිණි කණ වැටී ලන්තෑරුම අමතක කලෙමි..

ඉලංදාරියා said...

හරියට මාත් ඔය ගොඩක් අයට අමතක උන ලන්තෑරුම වගේ තමයි ... මොනවා කරන්නද ඉතින්... නේද ..


පදපෙල ලස්සනයි..!

නිශ් said...

එලිය දුන් බව සැබැයි
ඒත් මක් කරන්නද
අමතක කලා නොව
ඔබ රැගෙන යා නොහැක

මුන ගැහුනු හැම සමග
ඔබෙ ගුන වැයූ නමුත්
ඔබට වඩා සේවයක්
ලබා දෙයි විදුලි රැස්

අපේ ජීවිත වල ගොඩක් දේවල් ඔහොම තමා අමතක කරනව නෙවි ඒත් එවැනි ගොඩක් පුද්ගලයන්ට හා දේවල් වලට පසුකාලීනව හිමි වෙන්නෙ ගුන කථන විතරයි.වෙන කෙනෙක්ගෙන් අපිට එහෙම උනත් උපේක්ෂාවෙන් බලනව ඇර වෙන කරන්න දෙයක් නැහැ.

Heeniyata said...

අමතක වෙච්චි කිව්වට.......අමතක නොවන්නෙත් ඔය සැන්තෑසියම තමයි. අමතකයි වගේ උන්නට.......

රත්ගමයා said...

හෙහෙ....වත් අක්කාගේ කවි කියවන්න නැවත ඉඩ ලැබින.....අලුත් නවා තැන්කින් හමුවෙමු...හෙහෙ

---- ටේක් කෙයාර් ----

මධුරංග said...

කවිය කියවද්දි අපේ අම්මා අපිට ඉසසර කියපු කතාවක් මතක් උනා. එයාලා පාඩම් කලෙත් ඔය වගේ ලන්තෑරුම් එලියෙන් ලූ. ඒකාලේ ඉස්සරට වඩා මිනිස්සු සුහදශීලි ලු. ගෙදර අයත් එක්ක අදහස් හුවමාරු කිරිල්ල ජයටම කෙරීගෙන යනවලු. මොකද දැන් වගේ ටීවී එක දිහා කට බලියන් ඉන්නෙ නෑ නෑ.

ඒ අතින් ලන්තෑරුම කියන්නේ ලොකු සම්පතක්. නේද වත් අක්කා ???

හිස් අහස said...

ලන්තෑරුමක් තවම අපේ ගෙදර තියනවා .වහිනදාට කරන්ට් එක ගියාම තමයි අපිට එයාව මතක් වෙන්නේ . අපේ ජීවිතවලට එලිය දීපු කෙනෙක් කොච්චර කල් ගියත් අමතකකරලා කොහොමද ? අක්කගේ ජීවිතේ තවම කලුවරේද ? ලන්තෑරුමක් අතින්ගත් කෙනෙක් අක්කගේ ලයිෆ් එක එලිය කරන්න මේ අවුරුද්දේ අනිවාර්‍යන්ම එයි .

එදාට ඉතිං බ්ලොග් අවකාසේ එලිය වෙයි ..! කවිය නම් . පොඩ්ඩක් විතර සෝක මූඩ් වගේ . අවුලක් නෑ .. මැක්සා කවිය ..



ජය වේවා !!

සොඳුරු සිත said...

arunishapiro
ස්තූතියි අරුණි අක්කා... පින්තූරය දැකලයි මට එහෙම හිතුනේ...

MaRlaN
තරහ වෙන්නෙ නෑලු ද ? එහෙනම් කමක් නැහැ. එහෙනම් ඔන්න ඔහේ ලන්තූරුම අමතක කරලම දාමු.

පිණිබිඳු...
හම් කමක් නැහැ. බලෙන් මතක තියා ගන්න කියන්නත් බැහැනේ...

සොඳුරු සිත said...

ඉලංදාරියා
හ්ම් ... මම හිතන්නේ නැහැ ඉලංදාරියාව එහෙම කෙනෙක්ට ලේසියෙන් අමතක වෙයි කියල....

නිශ්
ගොඩක් අය අතහැරිය ලන්තෑරුම් බොහොමයක් තියෙනවා ...
කොටහක් වැඩිහිටි නිවාස වල
තවත් ටිකක් මහමඟ
තවත් සමහැරු ජීවිතකාලකණ්නි කර ගෙන
උපේක්ෂාවෙන් හිත හදා ගන්න එක තමයි අගේ...

Heeniyata
හැබෑව හැබෑ ව...

දුරස් වන්නට සිතෙන සැම විට තවත් ළං වෙනවා
මතක නැති කර ගන්න සිතු විට - සිතේ රජ වෙනවා ...

රත්ගමයා
රත්ගමයා ගම මාරු කරාද ....

සොඳුරු සිත said...

මධුරංග
ඔය ඉතින් හිමින් සැරේ කියල තියෙන්නේ මාත් අම්මගෙ වයසෙ කියල නෙව... හිහි සොඳුරු සිතත් රෑට පාඩම් කරල තියෙන්නේ,කවි ලියල තියෙන්නේ ලන්තූරුම් එළියෙන්...(කවියෙ හැටියට )

සොඳුරු සිත said...

හිස් අහස
ලන්තූරුමක් අතින් ගත්ත කෙනෙක් ද? ෆ්ලෑෂ් ලයිට් එකක් අරන් එන කෙනෙක් ද?

මම නම් කැමති සඳ එළිය අරන් එන කෙනෙක් ට...

MaRlaN said...

"තරහ නොවුනත් අමතකම කරල දාන්න පුලුවන්ද?
දවසක් හරි අපිට එලිය දීපු කෙනෙක්ව?"

෴ හසියා ෴ said...

"ලාම්පුරේ පෙයාර් කෙරේ...."

දැන්ම අමතන්න සොඳුරු සිත වත්.....

ලස්සනයි අක්කියෝ පද පෙල...

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...