..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, January 3, 2011

෴ පරණ සපත්තු ෴


2011 නව වසරේ ගොඩක් දෙනා අද තමයි ඉස්ඉස්සෙල්ලම ඔෆිස් යන්නේ. බලන්න ඔයාගේ  ටයි පටිය,කමිස කොලරය, කලිසම.

ම් ම් ම් ... හොඳයි ලස්සනයි ... ලස්සන මහත්තයෙක් වගේ. සුවඳ ටිකක් නම් ඉහල වැඩී වගේ.

කෝ බලන්න ඔයාගේ සපත්තු දෙක .... හ්ම් .... අලුත් දෙකක් ද? 
නැත්තම් මුහුණ බලන්න පුලුවන් තරමට මැදල ? එහෙමත් නැත්තම් .... හේ හේ ..මම ඒ ගැන කියන්නෙ නැහැ ඕං . .... 

ඔයාගේ සපත්තු දෙක මොන වගේ වුනත් මම ඔයාට ගොඩක් ආදරෙයි කියල මතක තියා ගන්න. 

ඔෆිස් එකේ පිස්සු බල්ල වගේ වැඩ ගොඩක් තියෙනවා නෙ ඔයාට කරන්න. ඒ අතරෙදි ඩිංගිත්තක් මාව මතක් කරන්න අමතක කරන්න එපා හරි ද?  

එහෙනම් සුබ දවසක් . . . . . . .

මෙන්න ඔයාගේ පරණ සපත්තු දෙක . . . . . . 


අද නැතිව ද ඔපිස් යන්නේ
අපි ඇයි තව මෙතන ඉන්නේ

පාට ටිකත් ගෑවෙත් නැහැ
පොලිෂ් පාර දුන්නෙත් නැහැ

සිකුරාදා ගෙනත් දැම්ම
වෙනද වගේ බැලුවෙත් නැහැ

සමහර විට අලුත් කෙනෙක්
එදා හවහ ගේන්න ඇති

නැති නම් අර ගැහැණු ළමය
අලුත් එකක් දෙන්නත් ඇති

දවස තිස්සෙ ඔහුගෙ ලගින්
හිටය ඉවර වෙලා වගෙයි

මටත් ඉතින් මේ මුල්ලෙම
ඉන්න සිද්ධ වෙලා වගෙයි

සුමුදු සුවය දෙන්නට තව
මට නොහැකිව ගියා වගෙයි

අලුත් කෙනත් එක්ක සුවෙන්
පා සිඹ සිඹ යන්න ඉතින්


කකුල්  කැපුන කියා අඬන්
 එන්න එපා ලඟට හොරෙන්

කමක් නැහැ ඉතින් දවසක එයාටත් මේ මුල්ලට එන්න වෙනවා.


“Value yourself. The only people who appreciate a doormat are people with dirty shoes.”


 සුබ නව වසරේ පලමු දිනයට සුබ පතන
මම
෴ සොඳුරු සිත ෴

ප.ලි - එක්කොත් පලි ඕනි නැහැ. හවහට ආවමම කියනවා . . . . 

14 comments:

  1. අද තමා හොඳම ප/ලි එක දාල තියෙන්නේ.......

    ReplyDelete
  2. අළුත් සපත්තු දිලිහුනත් පරණ සපත්තු යුවල පා හැරෙන්න කලින් දැන ගන්න නිසා දෝ ගොඩාක් නම්‍යව (flexible) එහා මෙහා වී ගමන ලේසි කරනවා වගේම පා යුගත් පරිස්සම් කරගන්නවා.

    ඒ වගේම රාජකාරී යුද පිටියේ නිතරම කරන ආයාචනයක් get into my shoes

    ජීවිතය හා පරණ පරණ සපත්තු යුවලක් අතර මේ විමසුම ගොඩාක් ගැඹුරුයි නංගියේ.

    ReplyDelete
  3. සපත්තු දෙක පරන උනාට කමක් නෑ ආදරේ සපත්තු දෙකෙන් මනින්න බැහැ නේ. ම්..... වත් අක්කා කතා කරන්නේ කාගේ සපත්තු දෙක ගැන වත් ද ? මනමාල කුරුල්ලගේ ද ? එහෙමත් නැත්නම් වෙන කාගෙවත් ද ?

    අලුත් සපත්තු වලට වැඩිය පරන එක හොදා. පරන එකෙන් කකුල් කැපෙන්නෙත් නෑනේ.

    ReplyDelete
  4. සපත්තු පරණ වුනත් ආදරේ කවදාවත් පරණ වෙන්නෙ නෑ.නේද වත් අක්කේ.

    ReplyDelete
  5. කකුල පොඩ්ඩක් කැපුනත් මක්කෙයි.....ජැන්ඩිය ලෝකෙට පරකාසේ වෙනවනේ හීනියට........

    ReplyDelete
  6. ලස්සනයි අක්කියෝ....අළුතු විදිහට අළුත් දෙයක්....

    අහ් අක්කිටත් ඔන්න අපි සුභ පතනවා අළුත් අවුරුද්දේ ඉස්ඉස්සෙල්ලාම වැඩ‍ට යන දවසේ...අද ඉදන් වැඩ ටික හරියට පිළිවෙලට කලබල නැතිව කරන්න....බුදු සරණයි...සදා ජය වේවා...!!!


    "ඔයාගේ සපත්තු දෙක මොන වගේ වුනත් මම ඔයාට ගොඩක් ආදරෙයි කියල මතක තියා ගන්න...."
    ෂහ්...මේහෙම කියන්න කෙල්ලෙක් ඉන්නවනම් මොනා කරන්න බැරිද අනේ....

    ReplyDelete
  7. ලස්සනයි කවි පෙළ... අලුත් සපත්තුවට කකුල කැපෙන කොට පරණ සපත්තුවේ අගේ දැනේවි

    ReplyDelete
  8. සුබ නවවසරක් වෙවා අක්කේ ..... හදවතින්ම සුබ පෑතුම්.... ජයවෙවා!!!!

    ReplyDelete
  9. ජීවිතේ අනියත බාවය පසක් කරන තවත් එක තැනක් හ්ම්ම්ම්...... කිසිවක් සදාකාලික නෑ..........!

    ReplyDelete
  10. අලුත් එකට මොනතරම් කකුල කැපුනත් පරන් එක දාන්න ලැජ්ජා හිතෙයි..ආදරේ පරන නොවුනත් හිත කැමතියි අලුත් අලුත් දේවල් වලට..

    ReplyDelete
  11. charmi
    පලි කොටස දැකල එයා ගෙදෙර නෑවිත්ම අරීද කියලයි මට මේ බය...

    -------------------

    ගල්මල්-Coral
    " get ijto my shoes" ගැන දැන ගත්තේ අද තමයි. මට මේ පින්තූරය දැක්කම හිතුනේ " අනේ පවු අයින් කරප දාලා " කියල ඒකයි මෙහෙම ලීවේ. ස්තුතියි අයියා.

    ----------------

    මධුරංග
    ඒත් ඉතින් හැමදාම පරණ සපත්තු දාන්න බැහැනේ...ස්තූතියි මධුරංග...

    ReplyDelete
  12. කිරිපුතා
    නැත්තෙමත් නැහැ... පරණ වෙන්න වෙන්න හොඳ දේවල් තියනවා තමයි ( වයින්, චීස් වගේ) ඒත් ආදරේ නම් පරණ වුනාම එපා වෙනව කියලයි අහල දැකල තියෙන්නේ........

    ReplyDelete
  13. Heeniyata
    හීනියට වුනත් කියන දේවල් නම් ඇත්තම තමයි. ස්තුථියි.

    ෴ හසියා ෴
    එහෙමෙයි කියල ඔන්න ජරාසපත්තු දාන්නෙ නැහැ හරිද? අර ඔයාගේ ගැහැණු ළමයට කියල තීන්ත ටිකක් ගාගන්න.

    අකීකරු හිත
    කොහොමත් පහු වෙලා නෙව අපි කාටත් පරණ දේවල් වල අගේ දැනෙන්නේ.

    ඉලංදාරියා
    සුබ නවවසරක් වෙවා ඉලන්දාරියාටත්.....

    නිශ්
    භාවනා කරන්න යන්න එපා.

    මන්දාකිණි
    මන්දාකිණිට විතරයි ඇත්ත කියන්න හයියක් තිබුනේ... ස්තුථියි මන්දාකිණි

    ReplyDelete
  14. අපේ පලාතේ කිසිම කෙනෙක් සපත්තු දන්නේ නෑ ! සපත්තු අඳිනවා !

    ගෑනු ලමයින්ට නම් . හැම දේකටම පාවහන් නැතුවම බෑ . පොලට යන්නද , වෙඩිමකට යන්නද , නාන්න යන්නද , වැඩට යන්නද , පන්සලට යන්නද , මේ හැමදේටම වෙනස් පාවහන් ඕන එයාලට .

    ඒත් පිරිමි අනේ උං විඳින දුක . අවුරුදු ගානක්ම අස්ප ලාඩං වගේ ගෙවිච්ච පාවහන් දාගෙන. හැමතැනම යනවා . මම සෑහෙන කාලයක් වැඩට ගියේ බාටා දෙකක් දාගෙන .

    මම සපත්තු පාරක් කාපු කාලයක් මතක නෑ .

    ලස්සනයි අක්කේ කනට සපත්තුවෙන් ගැහුවා වගේ . හරිම ලස්සනයි . .

    ජය වේවා !!

    පලි: පහුගිය පෝස්ට් එකට දාපු මල් මල් කමෙන්ටුව නිසා ඔබ මා හා අමනාපයක් ඇතිකරගෙනද ? වරදක් සිදුවුනි නම් අවංකවම සමාව අයදිමි ..

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...