..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, January 2, 2011

෴ ආදරය සහ නැති වුන අර්ධය ෴

ආදරය . . . .  ගහකින් වැටිල යන කොළයක් වගේ ආදරය. හැම බ්ලොග් එකකම අඩු තරමින් එක ලිපියක් හරි තියෙන ආදරය. හැම කෙනෙක්ගෙම ජිවිතයට එක් වරක් හරි එබිල බලන ආදරය. කාලයත් එක්ක වෙනස් වුන ආදරය.

කීමට කියන විදිහට නම්,
වයස
පෙනුම
මුදල් හදල්
කුල මල පැලැන්ති
ජාති ආගම් 
විවාහක /අවිවාහක බව 

මේ කී නොකී කිසි දෙයක් බලපාන්නෙ නැති ආදරය. . .( කරන්න පටන් ගත්තම එපැය අර කීව දේවල් වල බලපැම බලන්න )


මම මේ කියන්නේ දෙමාපිය ආදරය ගැනවත් , සහෝදර ආදරය ගැනවත් නෙමෙයි. ඒත් මම හිතන දකින ආදරය ගැන කියන්න ගියොත් මටත් පිස්සු හැදිල ඔයාලටත් බාගෙට පිස්සු හැදෙන නිසා , මම ආදරය ගැන හිතන විදිහ හා ලඟින් යන පරණ දේව කතාවක් කියන්නම්. 



ඔන්න ඉතින් ඉස්ඉස්සෙල්ලම ලෝකෙට මවපු මිනිසුන් අපි වගේ නෙමෙයි. කකුළ් හතරක් ,අත් හතරක්, මුහුණු දෙකක් සහ එකම හිසකින් යුක්තව තමයි ඉඳල තියෙන්නේ. හැබැයි එකිනෙකාගේ මුහුණු කිසිදිනක දැකල නැහැ. හැඟීම්, දුක, සතුට, ආදරය ,සෙනෙහස දෙදෙනාටම සම සමව දැනිල තියෙනවා. ඒ වගේම මොවුන් හරිම බලසම්පන්නව ඉඳල තියෙනවා.



ඒ වගේම තමයි. ස්ත්‍රීන් හා පුරුෂයන් වගේම , ස්ත්‍රින් හා ස්ත්‍රීනුත් , පුරුෂයන් හා පුරුෂයනුත් මේ විදිහට පලු දෙකක් විදිහට නමුත් එකම පද්ධතියක් විදිහට ඉදල තියෙනවා. වැඩි පුර ඉන්න ඇත්තෙ මම කීව පළමු ක්‍රමය වෙන්න ඇති කියල මට හිතෙනවා.


ඉතින් මෙහෙම හිටිය මනුස්ස වර්ගයාගේ ශක්තිය දැකපු දෙවියන්ට හිතුනලු මේ මිනිස්සු කවදහරි තමන්ට හානිදායක වෙයිද දන්නෙ නැහැ කියල. ( දෙවියන්ටත් වඩා බලසම්පන්න )ඉතින් ඒ නිසා මේ දෙවියන් හරියටම සමමිතික විදිහට මේ යුගලවල් වෙන් කරල.


ඉතින් එදා ඉඳල ඒ මිනිසුන් දැඩි දුකට පත් වෙලා තියනවා. දෙවියන්ටත් තර්ජනය වන විදිහට හිටපු ඔවුන් දැන් මුළු ජීවිතකාලයේ වැඩි හරියක් ගත කරන්නේ අර තමන්ගේ නැති වුන පලුව හොයන්න.


ඒ යන ගමනෙදි තමන්ගේ පලුව කියල හිතල වෙනත් පලු වලට රැවටෙන අයත් ඉන්නවා. (මේ අපේ රංග මහත්තයා වගේ අය ).මොකද ඉතින් එකම පද්ධතියක හිටියට මුහුණ දැකල නැහැ නෙව. සමහරු නම් දැක්ක ගමන් සංසාරගත බැඳීමක් වගේ තමන්ගෙ නැතිවුන පලුව ටක් ගාලා හොයා ගන්නව.


සමහරුන්ට නම් මේ සම්ම ජාතියේ තමන්ගෙ පලුව හරියට හොයා ගන්න බැරිව අනුන්ගේ පලු කරේ ගහගෙන දුක් විදිනව. ( මම හිතන්නේ මාරුව ඇරියොත් හරි. ) ඒත් සමාජ සම්මතත් එක්ක බැදිල ඉන්න නිසා තමන්ගේ පලුව නෙමෙයි කියල හොඳටම දැන දැනත් අනේ දුක් විඳගෙන ජීවත් වෙනවා.


තවත් සමහරු තමන්ගෙ පලුව වෙන කෙනෙක් ඩැහැගෙන නිසා තනි පලුවක් විදිහට ජිවත් වෙනවා. ඒත් එහෙම ඉන්න දෙන්නෙත් නැහැ අපේ රටේ නම් ( බැඳපිය බැදපිය කියල කොහේවත් ඉන්න පලුවක් ඇන්න ඇවිත් ගැට ගහල දෙනවා )

දෙවියන්ට නම් මේ සෙල්ලම දැකල හරි විනෝද ඇති. ඇයි ඉතින් එයා නෙව ඇත්ත තත්ත්වය හරි හැටි දන්නේ. 



ඔන්න ඉතින් සත්ත්වවේදියෝ  . . .අරයල මෙයාල තව එතකොට ඩෙස්මන් මොරිස්ගේ යාලුවො එහෙම කියාවි .... මිනිස්සුත් තව සත්ත්ව කොට්ඨාශයක්ය , ප්‍රජනනයෙන් තම අනාගත පරපුර බිහි කරන්න තමයිය මේවා ඔක්කම කියල. ඔවු ඒක ඇත්ත. 

ඒත් ආදරය ? ඔන්න ඉතින් පටාන් ගත්ත තැනටම මම ආයෙත් ඇවිත්. . . ආදරය ස්ථර කිහිපයක් වටා ගොඩනැගෙන දෙයක් ශක්තිමත් වගේම සෑහෙන බලවත් දෙයක් කොයි තරම් බලවත් ද කියනව නම් ඩෙස්මන් මොරිස් මෙන්න මෙහෙම කියල තියනව කියල සිංහල පොතේ තිබ්බ.


ඒ තමයි  " යුගල බන්ධනයකදි යුගල බන්ධනයට පිටින් ඇති කර ගන්න ලිංගික සම්බන්ධයක් නිසා යුගල බන්ධනයට සිදු වන හානියට වඩා වැඩි හානියක් යුගල බන්ධනයට පිටින් ඇති කර ගන්න ලිංගිකමය නොවන මානසික බැදීමකින් සිද්ධ වෙනව " යි කියන එක. 


අන්තිම ටික තේරෙනවා මදි නේද? මටත් ඒක කියවපු අලුත හිතුනෙ මේ මොන ඉටි ගෙඩියක් ද කියල. ඒත් දැන් තේරෙනවා එහෙම බැඳීම් මේ ලෝකේ ඉතාම සුලුවෙන් හරි තියනව කියල.

කොටින්ම කීවොත් " හිත එක තැනක ගත වෙන තැනක " 



මම නම් කියන්නේ මේ ලෝකේ මොන දේශදීපංකරේක ඇවිදල ආවාත් තමන්ටම කියල විශේෂිතම කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. ඉංග්‍රිසියෙන් Partner කියනවට වඩා Soulmate කියන වචනය කොයි තරම් වෙනස් ද කියල මට හිතෙනවා.


Soul Mate
Someone with whom one has a special, almost spiritual connection Soulmate (or soul mate) is a term sometimes used to designate someone with whom one has a feeling of deep and natural affinity, friendship, love, intimacy, sexuality, and/or compatibility. A related concept is that of the twin flame or twin soul – thought to be the ultimate soulmate, the one and only other half of one's soul, for which all souls are driven to find and join. However, not everyone who uses these terms intends them to carry such mystical connotations.


විද්‍යාවෙන් මිත්‍යාව දුරු වෙනව කියූවත් මිත්‍යාවට පෙම් බදින්න හිතෙන අවස්ථා නැත්තෙම නැහැ'.

තවමත් නැති වුන අර්ධය සොයන 
මම
෴ සොඳුරු සිත ෴

--------------------------------------
ප.ලි - විශේෂ ස්තූථිය - දයාබර රවී අයියාට .....

30 ප්‍රතිචාර:

RoshanHerath said...

" යුගල බන්ධනයකදි යුගල බන්ධනයට පිටින් ඇති කර ගන්න ලිංගික සම්බන්ධයක් නිසා යුගල බන්ධනයට සිදු වන හානියට වඩා වැඩි හානියක් යුගල බන්ධනයට පිටින් ඇති කර ගන්න ලිංගිකමය නොවන මානසික බැදීමකින් සිද්ධ වෙනව "

ඔව්. ඒක ඇත්ත.. ලිංගික සම්බන්ධය බොහෝවිට එම අවස්ථාවට පමණක් සීමා වෙනවා.. නැවත ඒ ගැන සිහි වෙන්නෙ නැවතත් අවශ්‍යතාව ඇති වුනාමයි.. නමුත් මානසික සම්බන්ධය සැමවිටම මනසට වද දෙන්න පුලුවනි..

Uditha Umesh said...

ඔව් ආදරය කියන්නෙ අමුතුම හැඟීමක්.. ඒක වචන වලට පෙරලන්න යන එක මෝඩ වැඩක්.. ඒක කවදාකවත් කරන්න බැරි වෙයි..

අභීත said...

If you have a reason for love, It's not love. if it isn't, it is Love.

෴ හසියා ෴ said...

හ්ම්ම්ම්ම්ම්.....හරිම ලස්සනයි අක්කේ‍‍.....

ආදරය සෙවීමේ එහෙම නැතිනම් තමන්ගේ සහකාරයා හෝ සහකාරිය සෙවීමේ මෙහෙයුම පිළිබදව මන් දැකපු හොදම කතාව...
ඇත්තටම ගොඩක් ලස්සනයි....

මාත් හිතන්නේ මේ ලොකේ තමන්ට ගැලපෙනම තමන්ගේ අනිත් පලුව හෙමත් නැතිනම් අනිත් කෙනා ඉන්නේ එකම එක්කෙනයි කියලා....

මටනම් ඉතිං ඔය පලුව හම්බවුණා...හැබැයි ඉතිං පරහකට තියෙන්නේ ඒ පලුව වෙනකෙනෙක්ගේ වෙලා.....මොනාකරන්නද අපායට ගියත් කලින් යන්න කියන්නේ ඕකනේ....

ඕක කරපු දෙයිය මට හම්බවුනොත් ඕකගේ හතර හන්දි කඩනවා කඩනවා කඩනවාමයි ඕන්....හසියා කිව්වොත් කිව්වා...දන්නවනේ ආයේ ඉතිං...හසියට ඉතිං කොහොමත් ඔය කොන්ද පණ නැති අපෙන්ම යැපෙන දෙයියන්ව පෙන්නන්න බෑ...

Heeniyata said...

ආදරයට කෝටු කෑලි.......
ආදරය සුන්දර වරදකි / කිසිදා සමාවක් නැති......
මනස්ගාත....
ආදරයක් නැති ජීවිතය පරිප්පු නැති හෝටලයක් වගේ.....
අනේ මන්ද.....

සහෝදරයා said...

ඔය අන්තිමට කිව්ව වගේ 'හිත එක තැනක ගත එක තැනක' ප්රසිද්ධ ආදරයක් ඉන්දියාවෙ ඉන්දිරා ගාන්ධි හා බිරිතානය ආණ්ඩුකාරවරයෙක් අතර තිබුන නේද... (මම හරිද දන්නෙ නෑ ,මට මතක විදියට එහෙමයි)

මේ පලු කතන්දරේ නම් නියමයි .... මේ ලෝකෙ තමන්ගෙ පලුව හොයා ගන්න කොච්චර මහන්සි වෙන්න ඔනෙද ...
මට පොඩි ප්රශ්ණයක් තියනව....දෙවියො ඔය අපේ අනික් පලුව අපි ඉන්න රටේ කෙනෙක් නැතුව වෙන කෙනෙක් වෙන්න බැරිද ....

සොඳුරු සිත said...

@ RoshanHerath
සිරුරින් එක තාන - හදවත් දෙතැනක
දෙදෙනකු වෙමු අපි - එකම වහල යට
ඔබෙත් මගෙත් හද - ගැහෙනා රාවය
අපිට මියෙන තුරු - හැදිනිය හැකි වෙද

ඕක තමයි වැරදි පලු බැන්දම කියන ශෝක ගීය

සොඳුරු සිත said...

@Uditha Umesh
ඔබ හරි. උදිත මල්ලි ...ස්තූථියි....

සොඳුරු සිත said...

@අභීත
We all have our own reasons ....for love' Isn't it?

සොඳුරු සිත said...

@෴ හසියා ෴
අපොයි දෙයියනේ... ඔන්න හසිය පරල වෙලා එනව... ඉන්න තැනකින් හැංගියන්ලා....

සොඳුරු සිත said...

@Heeniyata
වැඩිය හිතන්න එපා පිස්සු හැදෙනවා.
ආදරය හොයන්න එපා , දේදුන්නක් වගේ නැති වෙනවා.
‍ජීවිතයට වටින වෙන දෙයක් හොයන්න -එතකොට නිකම්ම ආදරයත් හමුවෙනවා....
ස්තූතියි........

සොඳුරු සිත said...

@සහෝදරයා
ඔයා ඔය කියන්නේ ...භාරතයේ ප්‍රථම අගමැති ශ්‍රී ජවහර්ලාල් නේරු හා ඉන්දියාවේ අවසන් බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාර මවුන්ට්‌ බැටන් සාමිවරයාගේ ආර්යාව වූ එඩ්විනා මවුන්ට්‌ බැටන් අතර තිබුන ආදර සම්බන්ධය ගැන වෙන්න ඇති.

ඒක " ප්ලේටොනික " (platonic)ආදරයක් කියලයි මම අහල තියෙන්නේ. ඒ කියන්නේ ලිංගිත බැදීම් නැති ගැඹුරු අධ්‍යාත්මික ආදරයක්.

වැ‍ඩේ කියන්නේ මවුන්ට් බැටන් සාමි ඒ ආදරයෙන් අයුතු ප්‍රයෝජන අරන්. රටවල් දෙක අතර දේශපාලනික සම්බන්ධ වලට අර ආදර සම්බන්ධයෙන් ප්‍රයෝඩන අරන්...

ඔන්න මිනිස්සු...

ස්තූථියි සහෝ ......

හසී said...

අනේ මන්දා.. මේ කථාවනම් ගොඩාක් ලස්සනයි..

මාරයාගේ හෝරාව said...

@සහෝදරයා...
@වත්..

මට මෙ ඊයේ පෙරෙදා ලිපියක කියවන්න හම්බ උනා..එකේ හැටියටනං ඉන්ධිරා ගාන්ධිගේ පෙම්වතා මෙ අපේ රටෙ හිටපු විශිෂ්ඨයෙක්..
මට මතක හැටියට ඒ ලයනල් එදිරිසිංහ වෙන්න ඔන...
ඒක හරි අපූරු ආදර කතාවක්...
අර මවුන්ට්බැටන් ආර්යාවයි නේරු කතන්දරයත් ඒ වගේම තමයි.

හා පැටික්කි (MS) said...

මටත් කියන්න තියෙන්නේ අනේ මංදා කතාව නම් ගොඩක් ලස්සනයි කියලා තමා.......

Dinesh said...

The modern fairy tale ending is the reverse of the traditional one: A woman does not wait for Prince Charming to bring her happiness; she lives happily ever after only by refusing to wait for him -- or by actually rejecting him. It is those who persist in hoping for a Prince Charming who are setting themselves up for disillusionment and unhappiness.

- Susan Faludi-

---- ඉරු ---- said...

ආදරය.....ලෝඩින්ග්......................

මන්දාකිණි said...

හසී කියපු දේ තමයි මටත් කියන්න වෙන්නේ..ප්‍රමාද වැඩියි..

පූසා said...

තාමත් නැති වුන පූසි පලුව හොයන
මම
පූසා.......
(මම හිතන් හිටියේ දෙවියෝ තමයි අපිට කෙනෙක් හොයලා දෙන්නේ කියලා. මාර කේස් එක බලනකොට එයානේ එකට හිටපු අයව වෙන් කරලා තියෙන්නේ. දැන් ඉතින් දෙවියෝ දෙනකම් බලන් හිටපු එක අතහැරලා අදම ඉඳන් පූසියෙක්ව හොයන්න ට්‍රයි කරන ඕනේ.)

මධුරංග said...

මොනවා කියන්න ද කියලා හිතා ගන්න බෑ.... තමන්ට ගැලපෙන හරි ම පලුව දැක්කම අදුන ගන්න පුලුවන් ක්‍රමයකුත් දෙවියෝ මැව්ව නම් තමයි වටින්නේ

හිස් අහස said...

කොහෝම හරි දහ දුක් විඳලා .තමන්ගේ නැතිවෙච්චි පලුව හොයාගත්තාය කියමු . ඒත් වටේ පිටේ ඉන්න අනික් පලු එකතුවෙලා . ඇයි අපිව වෙන් කරන්න හදන්නේ ? ඒගොල්ලෝ දන්නේ නැතුව ඇති . මම ආදරය කරන්නේ මගේම කොටසක් එක්ක කියලා..!

නියමයි ..

ජයවේවා !

änthräX said...

කතාවනම් සහතික ඇත්ත. අපි අනිත් පලුව හොයාගන්න දෙන ගේමක් නෙ :)
මට මතක හැටියට මවපු කෙනාම (සූස් - පේගන් ආගමේ ලොක්කා) තමා හෙන ගස්සවලා වෙන් කරලා තියෙන්නෙ.

Ravi said...

"A soul mate is someone who has locks that fit our keys, and keys to fit our locks. When we feel safe enough to open the locks, our truest selves step out and we can be completely and honestly who we are; we can be loved for who we are and not for who we're pretending to be. Each unveils the best part of the other. No matter what else goes wrong around us, with that one person we're safe in our own paradise. Our soul mate is someone who shares our deepest longings, our sense of direction. When we're two balloons, and together our direction is up, chances are we've found the right person." - Richard Bach

There's one thing for certain, the majority of human beings are romantics at heart in some sense of the word, and we all dream of finding our better half. that special someone who will complete us whether we choose to categorize them as our soul mates, kindred spirits, or whatever it is. we all yearn for that someone you can't wait to come home to, or merely listening to the sound of his or her voice, on the other end of the phone, makes your heart skip a beat. we all search for that one of a kind, till death do us part, and we eternally believe that we will find it at last before death. It's perhaps the one aspect of life we never lose hope in, always believe in.so we feed our hope and strengthen our romantic nature, and as long as human beings continue to dream, we will never give up the search for our other half that would make us complete, May be that's what our life's purpose, all others just secondary, who knows,

A thousand thanks for your appreciation, Wath,

Kandulu Binduwa said...
This comment has been removed by the author.
Kandulu Binduwa said...

අනේ මන්ද මොනා වුනත් මේ කියන හෑමදේම ඈත්ත..මටම කිව්වදත් කියලා හිතෙනෙවා වෙලාවකට
ඈත්තමයි අද ලොකේ මඊට වඩ දෙවල් බලාපොරොත්තු වෙනෙවා.ලං වෙන්නෙ අදරේ විතරක් අරන් ඊට පස්සේ මේ හෑම්දේම ඔනේ වෙනවා..
අපි කාටත් කිව්ව වගේ..හිත පාරගන්න හෑමෝටම..හරියට අර ඉටු පන්දම් දෑල්ලට අසා කරන පලඟෑටිය ඒ දෑල්ලටම පිච්චිලා මෑරෙනවා වගේ,අපිත් දෑන දෑන ආදරේ පෑටලිලා දුක් විදිනවා.අපි කටත් හරියටම අපේ හරි පලුව හම්බුවෙනවනන් කොච්චර හොඳද..හම්බුවෙයි කියල හිතන ගමන්ම කියන්නේ..
හරිම ලස්සනයි අක්කේ මේ පෝස්ට් එක. කියලා තියෙන හෑමදෙම ඈත්ත.

Nishy said...

හැමදාම වගේ අදත් හරිම ලස්සනයි...සුභ පැතුම් අක්කි ඔයාට ...

රවා said...

අක්කෙ මෙ කතාව මම මිට අවුරුද්දකට ඉස්සර වෙලා ඔයාගෙ බ්ලොග් එකෙ කමෙන්ට් එකකට ම දැම්මා හොදට බලන්න. එ වෙලාවෙ ඔයා කිව්වෙ මගෙ දෙවියන් ගැන එච්චර ලොකු විස්වාසයක් නැහැ කියලා :D :D

ඉලංදාරියා said...

හෙ හෙ..දෑන් අක්කට ඔය කියන පලුව හම්බ උනද ලගදි...

නිම්ශා said...

වචන නැ අක්කේ... ඔයා හරි....
කිව්වට කවුරුත් ගත්ත බෙරේ ගහන්න ඔනා කියලා ....එක එහෙම්ම නැ ..ගහන්න බැරි නම් අතාරින්න ඔනා... හ්ම්ම්ම්...... මොකටද බොරු පලුවක් හන්දා දුක් විදින්නේ....
ඔයාගේ කතාව නම් මරු...

Najath Akram said...

නැති වූ පළුව හමු වී ද??

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...