..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, January 1, 2011

෴ නව වසරේ ප්‍රථම ලිපිය " මගේ යාළුවාට " ෴

* Just Friends  ? ? ? ? ? ? ?



යාළුව . . . . . . . . . 


ම් ඔවු . . . . යාළුවෙක් විතරයි.. . . .  .


ඒත් වෙන කාටවත් පුලුවන් ද එයා වගේ යාලුවෙක් වෙන්න. ම්හ් බැහැ .යාළුවෙක් විතරයි කියල කෙනෙක් අදහස් කරන්නේ මොකක් ද කියල මට නම් හිතා ගන්න බැහැ. මොකද කියනව නම් "යාළුවෙක් විතරයි" කියන එකෙන් අපි අපේ යාළුකම සෑහෙන පහතට දානව කියල මම හිතනව. ඊට වඩා අපිට කෙනෙක් ඇහුවොත් මෙහෙම කියන්න පුළුවන් නම්.

" ඔවු. .එයා මගේ යාළුව. මගෙ හොඳම යහළුවා "

" හොඳම යාළුවෙක් කියන්නේ ? "
" මම නම් හොඳ යාලුවෙක් කියල කියන්නේ , රහස් රකින්න පුලුවන් ඒ වගේම ඕන රහසක් කියන්න පුලුවන් . තරහ වෙන්නේ නැති යාළුවෙක්ට "

" හැබෑට තරහ වෙන්නෙ නැති යාළුවො ඉන්නවද ? "

" අපොයි ඇයි නැත්තේ. තරහ වුනොත් ඒයා තව දුරටත් යාළුවෙක් ද ? "

" වැදගත් ප්‍රශ්ණයක් තියනවා මට ඔයාගෙන් අහන්න , ගැහැණියකුටයි පිරිමියෙකුටයි පුලුවන් ද සැබෑ යාළුකමක් ගොඩනඟන්න "

" ආහ් . . . ඇයි බැරි. ඔයා ඔය හිතන්නේ ආදරේ ගැන නේද ? "

" ඔවු "

" යාළුකම ප්‍රේමසම්බන්ධයකට වඩා ගැඹුරුයි කියල තමයි මට නම් හිතෙන්නේ. ඒ මොකද කියනව නම් , යාළුකමේදි කවදාවත් දේවල් හංගන්නේ නැහැ. මොකද යාළුව අපිව දාලා යන්නේ නැහැ කියල අපි දන්න නිසා. හිතේ තියෙන දේ අමු අමුවෙන්ම කියන්න පුළුවන්. ඒත් ආදරේදි ප්‍රේමවන්තයට දෙයක් කියන්න කලින් අපි සෑහෙන හිතනවා. ඇයි ඉතින් එයා අපිව වරදා තේරුම් ගත්තොත් , තරහ ගියොත් අපිව දාලා යන්න එයාට තියෙන ඉඩ වැඩි නිසා "

" එතකොට යාලුකමේදි ආදරයක් ඇති වෙන්නෙම නැද්ද ? "
" ඇයි නැත්තේ. ආදරයක් සෙනෙහසක් බැඳීමක් තියෙන නිසා තමයි යාලුකම ගොඩක් ශක්තිමත් වෙන්නේ "

" ඒ කියන්නේ "

" හරි හරි ඔයා ඔය කියන්නේ අරම මෙහෙම ඉන්න ඒව ගැන නේද ? "

" ඔවු "

" අරම මෙහෙම ඉන්න නම් ආදරයට රාගය එක් වෙන්න ඕනි. හැඟීම් ඇති වෙන්න ඕනි. යාලුවො අතර එහෙම ඇති වුනොත් ඒ දෙන්න ප්‍රේමවන්තයො වේවි. හැබැයි හැම දෙනාම එහෙම වෙන්නේ නැහැ.මොකද දන්නව ද. යාලුකමේදි ගැලපෙන දේවල් ආදරේ දි නොගැලපෙන්න පුලුවන් "

" ‍මක්ක දොඩනව ද මන්ද "

" මෙහෙම හිතන්න. යාලුකමේදි අනිකා අදින පලදින විදිහ කන බොන විදිහ කතාබහ කරන විදිහ සහ ඇතැම් ගති ගුණ අපිට ප්‍රශ්ණයක් නෙමෙයි. ඒත් ප්‍රේමවන්තයො වෙන්න නම් අපි ඒ දේවල් ගැන බලනව නේද? එයා ඒ විදිහට නැත්තම් අපි අපිට ඕනි විදිහට හදන්න යනව. එතකොට‍ එයා එතන නැහැ. එතන ඉන්නේ ප්‍රේමවන්තයට ඕනි විදිහට ගැඩ ගස්සපු කෙනා "

" ආදර සම්බන්ධයකින් පස්සෙ යාලුකමකට යන්න පුලුවන් ද? "

" බැහැ. මොකද හැඟීම් ඇතිවුනාට පස්සේ දකින දකින වාරයක් ගානේ යාලුව නෙමෙයි මතක් වෙන්නේ. යාලුකමෙන් ආදරයට ගියත්. ආදරයෙන් යාලුකමට එන්න නම් සෑහෙන අව‍බෝධයක් ඕනි වෙනවා "

" මේ ළමයෝ . . . ඔයා දැකල තියෙද ඇත්තටම ඔය කියන ජාතියෙ අය ඉන්නවා. අඩු ගානේ සුප්‍රසිද්ධ කතාවක වත්. ගොඩක් වෙලාවට ඒව අවසන් වෙන්නේ පෙම් සම්බන්ධකම් වලින් "
" අයියෝ ළමයෝ . . . ඔයා බලල තියෙද " එක්ස් ෆයිල්ස් " මම දැකපු  හොඳම යාලුවො දෙන්න ඉන්නේ ඒ කතාවේ "

" ඒ කතාවක නේ. සැබෑ ලෝකේ නැද්ද ? "

" ඉන්නව ළමයො. අන්තිමට ඔයාට තේරේවි "

" මේ ඒක නෙමෙයි. ඇයි ඔයා උඹ , බං .බොලන් , මචං කියල කතා නොකරන්නේ.? යාලුවො වුනාම ගොඩක් අය එහෙම නෙ කතා කරන්නේ "

" ඇත්ත . ඒත් මම ගැහැණු යාලුවෙක්ටවත් උඹ බං කියන්නේ නැහැ . එහෙම කතා කරන යාලුවො මට ඉන්නවා. එයාල මට උඹ බං කීවට මම තරහ වෙන්නේ නැහැ. ඒක හිත පතුලෙන්ම නැගෙන දෙයක් "

" ඒක නෙමෙයි ඔයා දන්නවද ? ඔයාගේ බ්ලොග් එකේ කවි කතා නිසා යාලු වෙච්ච . ආදර සම්බන්ධකම් පටන් ගත්ත අය ඉන්නව කියල "

" හ්ම් . . .මම දන්නව. මට පුදුමයි "

" ඉතින් "

" කිතුල් "

" බරපතලම ප්‍රශ්ණයක් තියනවා "

" කියමු බලන්න "

" විවාහයේදි හොඳම යාලුව නිසා ප්‍රශ්ණ ඇති වෙන්නෙ නැද්ද "

" සමහර විට. මෝඩ පැටියෙක් මාව බැන්දොත් ප්‍රශ්ණ ඇති වෙන්න පුලුවන් " 

" එතකොට ? "

" ඒ එතකොට නෙ අනේ "

" මේ . . . ."

" ම්ම් ... "

" අන්තිම ප්‍රශ්ණෙ "

" අහන්න ළමයො "

" මම ඔයාගේ කවු ද? "

" ඔයා මගේ . . . . .හොඳම හොඳම හොඳම හොඳම යාළුවා "

 
“We are friends and I do like to pass the day with you in serious and inconsequential chatter. I wouldn't mind washing up beside you, dusting beside you, reading the back half of the paper while you read the front. We are friends and I would miss you, do miss you and think of you very often.”

ඔවු යාළු ඔයාට මම ලියන දේ කියවන්නවත් ඉසිඹුවක් නැති බව මම දන්නව. ඒත් ඔයා දන්නව ද ඔයා තමයි මගෙ හොඳම යාලුව කියල.

යාළුකමේ සෙවන යට ඉඳන් ඒ යහළුකම ගැන ලීව
මම
෴ සොඳුරු සිත ෴

30 ප්‍රතිචාර:

kumaraya said...

ආදර සම්බන්ධතාවයකින් පසු යාලුවෙක් වෙන්න බැරිද ...?
මොකද බැරි. හොඳටම පුලුවන්. මට එහෙම යාලුවො කීප දෙනෙක්ම ඉන්නවා.
ඒ විතරක් නොවේ .. විවාහ වූවාට පසුත් එහෙම වෙන්න පුලුවන්. උදාහරණයක් හැටියට කිව්වොත් මගේ බිරිඳ ඉන්නෙ මගෙ හොඳ යාලුවෙක් විදිහටයි.
ඕකෙ සාර්ථක අසාර්ථක භාවය තියෙන්නෙ එකිනෙකාගෙ සිතුම් පැතුම් අනුවයි. විටෙක ඔයා කිව්ව වගේ රාගය මුල් වෙනව. විටෙක ආදරය මුල් වෙනව.
මගේ නම් ඉතින් ඔය දෙකම කවලමේනෙ තියෙන්නෙ. ඒ නිසා අවස්ථාව අනුව මම කැමති එකකට මාරු වෙනව.
හෝ දෙකෙහිම ඉන්න වෙලාවලුත් තියෙනව.

kumaraya said...

''ඔබට සුභ නව වසරක් වේවා''

නව වසරේ ප්‍රථම කමෙන්ටුව මගෙ යාලුවෙකු වන ඔබටයි වත්.......

සොඳුරු සිත said...

කුමාරයාටත් කුමාරයාගේ යහළු වෙහෙලි බිරිඳටත් නව වසරට සුබ පතන මම
කුමාරයාගේ යාලුවෙක් වන
෴ සොඳුරු සිත ෴
පලි - කීවෙනම් කොහොමෙයි . මල් කඩල නැහැ කියල... ඔන්න බලන්න ඉතින්... කුමාරයත් එහෙනම් රැජිනක් යටතේ ඉන්න කෙනෙක්...

පාඨකයා said...

පැහැදිලි නැත!

෴ හසියා ෴ said...

සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!

හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!

(උදේට පෝස්ට් එකට කොමෙන්ට් කොරන්නම්කෝ....දැන් මට හරියට .....)

kumaraya said...

වත්....
ඇයි .. මම ඔයාට කලිනුත් ඕක කියලා තියෙනවානේ.
මතක නැත්ද මම අර ඔයාගෙ ලිපියකට කමෙන්ට් එකක් දැමුවා ... විවාහ ජීවිතය ප්‍රීතිමත්ව ගත කරන 2% ක් වන කොටසට අයත් මිනිසෙක් බව.

kumaraya said...

හැබැයි මම රැජිනක් යටතේ ඉන්නව කිව්ව එකට නම් විරුද්ධයි.
මම නිදහසේ , සතුටෙන් ඉන්න මිනිහෙක්.

සහෝදරයා said...

"මෙහෙම හිතන්න. යාලුකමේදි අනිකා අදින පලදින විදිහ කන බොන විදිහ කතාබහ කරන විදිහ සහ ඇතැම් ගති ගුණ අපිට ප්‍රශ්ණයක් නෙමෙයි. ඒත් ප්‍රේමවන්තයො වෙන්න නම් අපි ඒ දේවල් ගැන බලනව නේද? "
ඔව් ඇත්තම ඇත්ත .... මටත් එහෙම යාලුවෙක් හිටිය ... ගෑනු ලමයෙක් .. නමුත් ඇය මගේ ආදරවන්තිය කරගත්තෙ නම් නෑ ... ඒකට සම්පූර්ණ හේතුව ඔය අක්ක කියපු ‍දේ තමා ...
හැබැයි එයා අදටත් මගේ හිතේ ඉන්න හොදම යාලුවෙක් ...
වත් අක්කාට
සාමය සතුට පිරි සෞභාග්යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා…! තවද කිරියෙන් පැනියෙන්, බත බුලතින් මුදලින් ඉතිරී සපිරුනු දියවැඩියා,මධුමේහ,තරබාරැව ආදි කොටගත් අට අනුවක් රෝග, ග්රහ අපල, හදි හූනියන් ආදි අන-විනකොඩි-වින වලින් තොරවූ, කැපූ වෙල් ගෙමිබෝ නැති...,නැග්ග ගහේ දෙබල් නැති තම තමන්ගේ ලව්කික ලෝකෝත්තර සාමයක් බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉටුවන සුභ නව වසරකට ආසිරි..............!! අනෙත් හැම දෙනාටත් එසේම වේවා !!
මටත් එසේම වේවා !! ; )

මන්දාකිණි said...

මේ වගේ යාලුවෙක් මටත් හිටියා.කොච්චර නෑ කිව්වත දන්නේම නැතිව යාලුකම ආදරයක් උනා..අද යාලුවත් නෑ ආදරෙත් නෑ.. සුභ අලුත් අවුරුද්දක් වත්!!

විහඟ ගීතය said...

වියත් සභා මැද බැබලෙන හිතවතිය
පුවත් දැන දැනත් ඒ වඟ නොසැලකිය
අමුත්තක් නොපා ළතැවුල් විඳ ගතිය
තවත් නුඹවගේ කෙනෙකුන් දැක නැතිය

හරී - පිණිපළස said...

සුභ නව වසරක් වේවා !!!!!,,,,,,,

හසී said...

සුබ නව වසරක් වේවා අක්කේ...!

Amila said...

​කෙල්ලෝ යාලුකම් පවත්වන්නේ තමන්ගේ වැඩේ කොරගන්න විතරයි. ඒ අතරෙ තමන්ට හොද කෙනෙක් අහුඋනොත් ජීවිතකාලෙම වැඩගන්න ක්‍රමයක් හොයනවා... නමුත් ඒ අහිංසක කොල්ලගේ සිතුම් පැතුම් ගැන කිසිම හැගීමක් නැතිව තමන්ගේ ගැන විතරක් හිතනවා.... පහු පහු වෙනකොට කොහු කොහු වෙන්නේ තමන් ගැන විතරක් එක්කෙනෙක් හිතන අය ගෙ ආදර කථා..දෙන්නම එහෙම නම් අවුලක් නෑ. දෙන්නගෙන් එක්කෙනෙක් හරි අනිකා ගැන හිතනවා නම් එයාට ගොඩක් රිදෙනවා...



(දැන් තියෙන තත්වෙ කිව්වේ. )

සොඳුරු සිත said...

පාඨකයා
සමාවෙන්න ...

සොඳුරු සිත said...

෴ හසියා ෴
ඔබටත් එසේම වේවා මල්ලියේ...

සොඳුරු සිත said...

kumaraya
සමාවෙන්න... රැජිනක් යටතේ ඉන්නව කීවට.

චානක said...

සුභ නව වසරක් වේවා.............!

Janani said...

හුගක් වෙලාවට ප්‍රේමයට පෙරලුනු හරි, යාන්තම් ප්‍රේම හැගීමක් වත් ආපු යාලුකම් පවතිනවා අඩුයි. අපි යාළුවො විදියට යන දුර ගමන, ප්‍රේමවන්තයෝ විදියට නොයන්න පුළුවන්. ඒ යාලුවෙක් විදියට බලාපොරොත්තු වෙන සීමා, බැදීම්, අවශ්‍යතා වලට වඩා වැඩි දේවල් ප්‍රේමවන්තයෙක්, ප්‍රේමවන්තියක් විදියට අනෙකා බලාපොරොත්තු වෙන නිසා.

හා පැටික්කි (MS) said...

හොඳම යහළුවා..........

සමාජයත් ඒ වගේ බැඳුම් ගැන වැරදි විදියට හිතනවා... ඒත් යාළු වන් හරියට තේරුම් අරන් ඉන්නවනම් ගැටළුවක් නෙමෙයි..... නේද අක්කියා.....

සියළු ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටුවන නීරෝගිමත් සුභ නව වසරක් වේවා....!!!!!

මධුරංග said...

සොදුරු සිත, ඔබටත් මේ ලැබුවා වූ නව වසර වාසනාවන්ත සුබ නව වසරක් වේවා !!!!

හිස් අහස said...

යාළුකම කිරි කලයක් . ඒ කිරි කලේට ගොම නැමති ආදරේ . එකතුකරගන්නේ අපි විසින්මයි . මටත් ඔහොම යාළුකමක් තිබුනා . මගේ යාළුවාට ඒක ආදරයක් කරගන්න ඕන උනා . ඉතිං මමත් එක පයිං කැමති උනා . ඊටපස්සේ එයාට ආයේ ඒක යාළු කමක් කරගන්න ඕන උනා . ඉතිං මම මාපට ඇඟිල්ල දිගුකරලා එයාට "මම ඔයත්තෙක්ක 'තා" කියලා කීවා .

ඔයාගේ බ්ලොග් එකෙන් ආදරය පටන්ගත්ත අය අතරේ මම ඉන්නවා ..

ජයවේවා !! සුබම සුබ නව වසර වේවා !!

Heeniyata said...

හිත හොද යාලුවෙක්ගේ වටිනාකමට ලOසුවක් නැහැ.....

වත් ඔන්න නොදැනීම ඔයාගෙ දවස ඇවිත්......

මම ඩුමාංජරිය said...

අලුත් අවුරුද්දක්.............
තවත් දිනක්..................
පැතුම් ගොඩාක්................
ලැබූ නව වසර සාමය සතුට සපිරි සුභම සුභම අලුත් අවුරුද්දක් වේවා..........

MaRlaN said...

සුභ අලුත් අවුරුද්දක් වෙවා අක්කට....!
ඇත්තටම යාලුකමකදි ගැලපෙන දේවල් ආදරයකදි ගොඩක් වෙලාවට ගැලපෙන්නේ නෑ... ඒ ඇයි කියන්න මං දන්නෙත් නෑ.....
ප.ලි.- අත්දැකීමෙන් කිවුවේ.....

Bugs Bunny said...

ඔය යාලුවා මම වෙන්ට ඇති නේදැ ? :P

සුභ අලුත් අවුරුද්දක් වේවා... ඔව් අක්කෙ සිරාවටම යාලුවාට කියන්න පුලුවන් ඔනේ දෙයක් අනික්පාර්ශවේටනෙ කියන්න බැරි....

ayesha said...

සඳ වටකට
සිනා සලන
තාරකා වලින්
සමුගෙන
හිරුත් සමඟ
පායා විත්
හිරු සමඟම
අවරට යන

ඉර බටු තරුවක් වී
සිතිජ ඉමේ
මට හමු වූ
පුන්චි තාරකාවිය ඔබ
සදාකල්ම
නොවෙනස් වන
මිතුරුකමක්
හද රැද වූ

මගේ හොඳම හොඳ යාළුවෙක් මට ලියල එවපු කවියක්. පිවිතුරු මිතුරුම් මේ ලෝකේ තියෙනවා.ඒක ඇත්ත අක්කේ

෴ හසියා ෴ said...

හ්ම්ම්ම්ම්ම් හොද පෝසට් එකක්....දැන්නෙවැ කියෙව්වේ....

අනේ මන්ද...

" "ආදර සම්බන්ධයකින් පස්සෙ යාලුකමකට යන්න පුලුවන් ද? "

" බැහැ. මොකද හැඟීම් ඇතිවුනාට පස්සේ දකින දකින වාරයක් ගානේ.......බ්ලා බ්ලා බ්ලා...." "

ඔන්න එහෙම කරන කෙනෙක් මම දැනුවත්වත් ඉන්නවා...ඇත්තටම ගොඩක් අමාරුයි...
ඒක කරන්න පුදුම ආත්මශක්තියක් තියෙන්න ඕනි....

Ravi said...

You are my friend,

I still remember the first day we met
We were too shy to say much at all
It's funny to think back to that time
Because now we're having a ball!

They say that true friendship is rare
An adage that I believe to be true
Genuine friendship is something that I cherish
I am so lucky to have met you.

Our bond is extremely special
It is unique in it's own way
We have something irreplaceable
I love you more and more each day.

We've been through so much together
In so little time we've shared
I will never forget all the moments
that you've shown me how much you cared.

Friends are forever
Especially the bond that you and I possess
I love your fun-filled personality
Somehow you never fail to impress.

The world could use more people like you
it would certainly be a better place
I love everything about you
You are someone I could never replace.

You are always there for me
When my spirits need a little lift
I cannot thank you enough for that
You are truly an extraordinary gift.

You are everything to me and more
I could never express that enough
Life is such a treacherous journey, and
Without you it would be even more tough.

Our story will continue to grow
With each passing day
Because I trust that with you by my side
Everything will always be Okay.

You are so dear to me
You know I will love you until the end
I will always be there for you, and
You will always (and forever) be my best friend.

© Margery Wang

පොඩ්ඩ මල්ලි said...

ම් කතාව ගැන් නම් මම මොකුත්ම කියන්නේ නැහැ.. ඒකට මට සමාවේන්න. අක්කි ඇතුළු හැමෝටම සුභම සුභ නව වසරක් වේවා....

ගල්මල්-Coral said...

නංගී ඔබට හා පවුලේ හැමට
සියළු සිතුම් පැතුම් ඉටුවෙන, නිදුක් නිරෝගී සම්පතින් සවිමත්වෙන
සුභ නව වසරක් වේවා!

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...