ඇය ගේ නුවන් කඳුළින් පිරුනේ බලා සිටිය දීමය. ඇසට නැගෙන කඳුළු වලකා ගන්නට අසාර්ථක උත්සාහයක යෙදුන ඇය ක්ෂණයෙන් මේසය වෙත නෙත් හෙළූ අතර ,කඳුළු බිඳු ඇගේ සහතික ගොන්න මත පතිත විය.
" කරන්න දෙයක් නැහැ ළමයා. අපිට ඔය ළමය කියන දේ තේරෙනවා.... ඒත් ප්‍රතිපත්තියක් විදිහට දැනට රජයේ සේවයෙ යෙදෙන අයව සලකා බලන්නේ රැකියා විරහිත අයට ප්‍රම්‍රඛස්ථානයක් දුන්නට පස්සෙ."
මගේ වම් පසින් සිටි මා සඟයා ඇයට පවසන්නට විය....
වැහි අතරින් ඉර පායන්නා සේ සිනා සුන ඇය " හොඳයි සර්... ඒකට කමක් නැහැ" යි පැවසීය. ගැහැණූ කියන්නේ පුදුම චරිත. මට සිතුනි.
සහතික ගොන්න එක්කාසු කර ගත් ඇය නැවතත් වරක් මා දෙස බලා මද සිනා පා යන්නට ගියත්. ඇඟේ නෙතු තුල කැකෑරුණ දුක සංවේගය... කලකිරුණු සිනාව මා සිත තුල පැලපැදියම් විය....
" මොනා කරන්න ද , සුරේ... ඒ ගැහැණු ළමය ගැන මටත් දුකයි... ඊළඟ එන්න .. ඉක්මන් කරන්න...." මගේ සඟයා පැවසුවේ උදෑසන සිට රැස්කන දිගු පෝලිම දෙස බලමිනි.
-----------------
ඉතා වෙහෙසකර දින අවසානයේ රාත්‍රී යහනට ද ඇගේ මතකය මා පසු පසින් පැමිණ තිබුනි. කෙදිනකවත් කාන්තා පාර්ශවය කෙරේ මෙවන් ලෙංගතුවක් ම"සිතේ රැඳී නොමැත. මැදි වයස් සීමාවට ආසන්නව දිවි ගෙවන මා තවමත් අවිවාහකයෙක් මි.... බොහෝ දෙනා කියන පරිදි සමලිංගිකයෙක්මි. නමුත් සෑම දෙනාම ගරු කරන උසස් තලයක සිටින රජයේ විධායක නිලධාරියෙක්මි.නින්දක් අහලකවත් නොවූ අතර සිත මට වද දෙන්නට විය... කඳුළු පිරි දෑසත් ...ක්ෂණික මද සිනාවත් අතරින් ඇගේ අවිහිංසක රූපය ක්‍රමයෙන් මා සිහින ලොවට කැඳවා ගෙන යන ලද අතර ඒ වන විට මා තීරණයක් ගෙන තිබුනි.
-------------------
වෙනදාටත් වඩා උදෑසනින් කාර්යාලය වෙත ගිය මම. පෙරදා නිමා කරන ලද සම්මුඛ පරීක්ෂණ ලිපි ගොනු ටික සොයා ගතිමි. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටි වගකිව යුතු නිලධාරියා වූ මම වගකිව යුතු වරදක් සිදු කෙරුවෙමි....
පෙරදා ඇගේ අයදුම්පතේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට පිරවිමට තිබූ හිස් තැන් නොපුරවා සිටියේ මගේ සිතද නොපිරූ තිබූ බැවිනි.
අයදුම්කරු / අයදුම්කාරිය රජයේ හෝ පුද්ගලික රැකියාවක යෙදේ ද? ( ග්‍රාම නිලධාරී සහතිකය අමුණන්න )
නැත යන්න යෙදූ මම ... ග්‍රාම නිලධාරී සහතිකය ඉරා කුණු කූඩයට දැම්මෙමි.ග්‍රාම නිලධාරී සහතිකයේ ඇය රැකියාවක යෙදෙන බව සනාථ කර තිබුනි.
නලලත වූ දාබිදු පිසලූ මම සැනසුම් සුසුම් හෙලුවෙමි.
---------------------
" ආහ් බන් සුරේ... අර එක ෆයිල් එකක ග්‍රාම නිලධාරි සහතිකයක් අඩුයි නේ බන්... මොකද කරන්නෙ "
කතා දෙකක් නැත ඒ ඇගේ ලිපි ගොනුව විය යුතුය...
" මම අත්සන් කරල ද? රැකියාවක් ඇති නැති බව ලියල ඇති නේද "
" ඔවු උඹ ලියල අත්සන් කරල තියෙනවා ."
" සහතිකය මිස්ප්ලේස් වෙන්න ඇති. අත්සන් කරල නේද? ඕකේ කරල දාන්න "
-------
මෙය සිදුවී දැන් වසර කිහිපයක් ගෙවී ගොසිනි. මාගේ වාත්තීය ජීවිතයේ දී මා කළ එකම වංචාව එය නමුත්, එයින් මා සිත ලද තෘප්තිය තරම් තෘප්තියක් මම අත්විඳ නැත්තෙමි. සකස් කරන ලද අවසාන ලේඛන අතරේ ඇගේ නම රැදී තිබූ අයුරුත් , එය ඉදිරියෙන් " රසායන විද්‍යා ගුරු " ලෙස අකුරු ගැලපී තිබෙනෙ අයුරුත් දුටු දිනයේ ම'සිත රැදුන සතුට ...අදද සිහිකර මම සැනසුමක් ලබමි.
අද ඇය නැවත මට මුණ ගැසුනේ අහඹු ලෙස වුවත් ...ඒ හමුවීම කාලයක සිට සැලසුම් කර සිදු වූවාක් වැනි හැඟීමක් ම'සිත රජවූයේ ...ඇය නැවත දැකීමේ සිහිනයක් සැමදා රාත්‍රියේ මා සුව නින්දට ගෙන ගිය මන්තරය වූ නිසාවෙනි....
අගනගරයේ ප්‍රධාන පෙලේ ජාතික පාසලක ත්‍යාග ප්රධාත්සවයකට මට ඇරයුම් ලැබී තිබූ අතර මට බුලත් හුරුල්ලක් පිරිනමා මා පිලිගත් ඇය එම පාසලේ විදුහල්පතිනියයි....
-------------
ත්‍යාග ප්‍රධානෝත්සවය අහවර වූ සැනින් ඇය මට කතා කළේ ඇගේ කාර්යාලයට පැමින යන ලෙසයි....
ඇය ඉදිරියේ අසන් ගත් මා ඇගේ නාම පුවරුව දෙස දෑස් යැවුවේ ඇය වයසින් තරුණ විය ඉක්මවමින් සිටියද දෑසේ ශේෂ වූ දිප්තිය දරා ගත නොහැකිවු නිසාය.
" ස්තූතියි සර් "
" ආහ්.. ඒක මොකක්ද ? මම මේ වගේ උත්සව වලට කැමති "
" නැහ් සර්... සර් කරපු හැමදේටම ස්තූතියි.... නැත්තම් අද මම මෙතන නැහැ "
විශ්මිත වු මා දෑසේ රැදි පැනය ට ඇය පිලිවදන් අමුණන්නට විය.
" එදා ඉන්ටවීව් එකට පස්සෙ දවසේ හවස් වරුවෙ මම සර්ගෙ ඔපිස් එකට ගියා.... ග්‍රාම නිලධාරි සහතිකය නැති වෙලා. තවත් එකක් අරන් එන්න කියල.මට කෝල් එකක් දුන්න නිසයි ගියේ."
" ඒ ගියහම මගේ පයිල් එක මම දැක්ක. . ගෙනිච්ච සහතිකය ආපහු ගුලි කරල විසි කරා මම "
එයින් පසු ඇරඹි සංවාදය අප අතර වූ පරතරය නැති කරන්නට සමත් විය. ඇයි විවාහ වුවත් සැමියාගේ දුර්ගුණ අභිමුවේ දික්කසාද වූ ගැහැණියක් බව ඇය කීවාය. වයස අවුරුදු 5ක දියණියක් සමඟ සරල සුන්දර දිවියක් ගෙවන බව ඇය පැවසුවේ නිවුන සැනහුන සිතිනි. කුමක් නෝ නාදුනන හේතුවක් විසින් මෙහෙමය වනු ලැබූ මම ද මගේ සැගවුන දිවිය ඇය හමුවේ දිගහැරියෙමි..... සියලු සත්‍ය වමාරා අවසානයේ මා ඇගෙන් ඇසුවේ....
" මම දන්නව මේක හරි අසාධාරණ ඉල්ලීමක්... ඒත් මම ඔයාට ආදරෙයි... ඔයා කැමති ද මාත් එක්ක විවාහ වෙන්න "
ඈ දුටු මුල් දිනයේ මෙන්ම ඒ දැස කඳුලින් බොඳවන්නට වුවත් මෙවර ඇය එය වසන් කිරිමට කිසිමාකාරයක උත්සාහයක් ගත්තේ නැත. මා වෙත දිගුකල ඇගේ දෑත මම තරයේ ග්‍රහණය කර ගත්තේ අනාගතය පිලිබඳ අබ ඇටයක තරමක් හෝ අවිශ්වාසයකින් තොරවය...
සමලිංගිකයා විවාහ වී ඇත. ඒ අසමලිංගිකයෙකු සමඟ වන අතර ඔහුගේ ආදරයද අසමසම නොවන්නේද ?
ප:ලි ,-
සියළු නම්ගම් මන:කල්පිත අතර සත්‍ය ලෝකයේ සිදු විය නොහැක්කක් නිරූපණයට ගත් අසාර්ථක උත්සාහයක් බව කරුණාවෙන් සලකන්න.










