" කෝ බලන්න.... ම් ම් ම්..... ලස්සන කෙල්ලෙක් ... කවුද මේ ? අර හන්දියෙ කඩේ මුදලාලිගේ දුව නේද?"
" ඔයාට පිස්සු"
' ඇයි.. එහෙමනම් කියන්න කවුද මේ ඔයා හැමදාම අඳින කෙල්ල කියල"
" මේ ඔයා"
"මම ඔයාට පිස්සු ද? මේ මම.!!!!!!! .. මගේ නහය මෙච්චර දිග නැහැ, මේ කඩේ මුදලාලිගේ දුව තමයි... ඔයා හැම චිත්‍රයකම අඳින්නේ එයාව..මම තරහයි ඔයත් එක්ක...ඒ මදිවට තව බොරුත් කියනව,"
"නැහැ නැහැ මොකටද මම බොරු කියන්නේ මේ ඔයා තමයි"
" මට බොරු කියන්න එපා... "
දෑසේ කඳුළු පුරවා ගත් ඇය ම'ගෙන් මිදී ඈතට දිව ගියාය...මගේ සිත දුකින් පිරුණි.මා ඇයට මුසාබසක් පැවසුවේ නැත.මේ චිත්රයේ සිටින්නේ ඇයයි.ඇගේ මතකය සිත පුරවාගෙන මා ඇඳි සිතුවම හරියට ඇය වාගේමයැයි මට සිතේ... ඔවු ඇත්තටම ඒ ඇය තමයි.
.
හදිසියේම මා බැලීමට බෝඩින්කාමරයට ආ පියල් දුටු විගස මට යස අදහසක් පහල විය.... මා ඇඳි ඇගේ සිතුවම් කිහිපයක් ඔහුට පෙන්වූ මම
" උඹට හිතෙන්නේ මේ කවුරු කියලද?"
"ආහ්... ඕකත් අහන්න දෙයක් ද ... මේ ඉන්නේ අර සඳ කිඳුරු නාට්‍යයේ රගපෑව නිලිය නේද? හරි අගෙයි උඹ හරි ලස්සනට ඒ කෙල්ලව ඇදල"
"හ්ම් ...."
" ඉන් පසු අවස්ථා කිහිපයකදීම කිහිපදෙනෙක් ගෙන්ම විමසුවත් මට ලැබුනේ පෙර පරිදි විවිධාකාර පිළිතුරුය... මගේ පෙම්වතියගේ නිවසැයන්ගෙන් විමසුවද ලැබුනේ විවිධාකාර පිළිතුරුය. ඒ අතර සිත් රිදුම් දෙන පිළිතුරුද ලැබුනි. අදාළ නොවන පිළිතුරුද ලැබුනි...
""සිත්තම් වලින් කොහොමද ළමයෝ ජීවත් වෙන්නේ ...ඕව හොදයි ලිපට දර නැති වෙලාවක ගිනි මොළවන්න ගන්න"
ඒ ඇගේ පියාගේ පිළිතුරයි.
එහෙත් ඇයට මා ඇඳි සිතුවම් පෙන්වුව හොත් නැවතත් ඇය මගෙන් වෙන් වන්නේ මා සිත දුකද ඈ සිත තරහවද රදවමින්ය... මාගේ සිතුවම් ඇයට නොපෙනන ඇස නොගැටෙන දුරක සැගවූවද ටික වේලාවකින් ඇයට ඒවා මතක් වෙයි.... ඉතින් ආයෙත් .... සිත්තම් නොපෙන්වූ විටද ඇය මා සමඟ උරන වෙයි...
" මම හිතුව හරි... ඒ චිත්‍ර වල ඉන්නේ මම නෙමෙයි. ඒකනේ මම එන වෙලාවට චිත්‍ර හංගල තියෙන්නේ"
" මම දවසක ඒ චිත්‍ර ඔක්කම පුච්චල දානව"
දිනක් මා ඇඳි ගැහැණු අඩ නිරුවත් චිත්‍රයක් දුටු ඇය කම්පා වුයේ මුළු ලෝකයක් මැද ඇය නිරුවත් වූ තරම් දුකකින් සහ තැතිගත් සිතකිනි....
මා ඇය කෙදිනකවත් නිරුවතින් දැක නැතත් මාගේ සිහින වල දී දුටු ඇයගේ ලස්සන මෙසේ සිත්තම් කර ලඟ තබා ගැනීමට මගෙ සිත ආශා කලේය....
නමුත් එදින මා සමඟ උරනවු ඇයගේ තරහව දින තුනක් යන තෙක්ම පහවී නොතිබුනි. අවසානයේ ඇය ඉදිරිපිට දීම ඒ අඩ නිරුවත් සිතුවම් සියල්ලම ගිනි තබා විනාශ කරන බවත් නැවතත් එවැනි සිතුවම් සිත්තම් කරන්නේ නැති බවත් බැව් සපථ කිරීමෙන් පසු ඇය යන්තමින් මා හා සිනාසුනේය.
එහෙත් මගේ සිතේ ඇති ඇගේ සිතුවමට මා කෙසේ ගිනි තබ්ම්ද ?
මෙසේ කාලය ගත විය.... මා ඇදි සිතුවම් සියල්ල එක්කාසු කර සිතුවම් ප්‍රදර්ශණයක් නොපවත්වන්නේ ඇයි ද යන පැණය විටින් විට ඇය මගෙන් අසන්නට විය.
සැබෑවින්ම ඉදහිට හෝ ඇගේ මොළයට බොහොම හොඳ අදහස් ද පහල වන බව සිතූ මම ඒ පිළිබඳ අවධානය යොමු කළෙමි.....
සිත්තම් ප්‍රදර්ශනය පැවැත්වූයේ ඉන් බොහෝ කලකට පසුවය. සිත්තම් ප්‍රදර්ශණයේ තිබූ සැම චිත්‍රයකටම පාහේ මා සිතුවාටත් වඩා ප්‍රතිචාර ලැබුනි. ඇතැම් සිතුවම් මිලට ගන්නට ඉදිරිපත් වූවන්ගේ මිල ගනන් මා සිතුවාටත් වඩා ඉහල වටිනාකමකින් යුතු විය... එහෙත් කොතෙක් අය ඉල්ලුම්කරද මා කිසිවිටක නොවිකිණිමට සිතා සිටි එකම එක සිත්තමක් ඒ අතර විය. ඒ ඇය සැමදා මා සමඟ රණ්ඩුවීමටත් අවසානයේ තරහ වීමටත් යොදා ගත්, කිසිම විටක ඒ ඇය යැයි පිළිනොගත් මා ඇඳි ඇගේ සිතුවමයි...
ගැණුම්කරුවන්ගෙන් එය බේරා ගැනීම සඳහා මම එහි " විකිණි අවසන් " යන්න සඳහන් කළෙමි. එහෙත් ප්‍රදර්ශණය අවසානය තෙක් රැදී සිටි එක් මිනිසෙක්ගෙන් පැමිණි ඉල්ලීම මට ගැලවියා නොහැකි තරම් ප්‍රබල විය. කෙතරම් කිවත් කිසිවක් පිළිනොගත් ඔහු ඒ සිත්තම් කීයත් ගියක් නොගෙන මිසක මෙතනින් නොයන්නෙමියි දිවුරමින් පවසා සිටියේය.....
" මහත්තයා දැන් මම කී වතාවක් කීවද..ඒ පේන්ටින් එක දෙන්නේ නැහැ කීවොත් දෙන්නෙම නැහැ වෙන ඕන චිත්‍රයක් මම දෙන්නම්."
" මම මේක නොගෙන මෙතනින් එහාට අඩියක් තියෙන්නේ නැහැ"
"මහත්තයා මට කියන්න.මොකද මේ චිත්‍රයට මේ තරම් කැමැත්තක්"
" මේ චිත්‍රය මට ගෙනෙන හැඟීම ගැන විස්තර කරන්න මට චවන නැහැ. කොටින්ම මේ චිත්‍රය දැක්කම මට මතක් වෙන්නේ මගේ බිරිඳව"
අවඥාව රැදවනු සිහින් සිනාවක් මගේ මුවඟට නැඟුනේ කිසිදවසක මේ චිත්රයේ සිටින්නේ සැබෑ ලෙසින්ම ඇය යැයි කිසිකෙනෙකු කිසිදිනක හඳුනා නොගත් නිසයි. එකිනෙකාට එක් එක් විදිහට පෙනුන මෙම සිතුවමේ සැබැවින්ම සිටින්නේ ඇය ඇය යැයි ඇයවත් හදුනා ගත්තේ නැත.
" ඇයි හිනාවෙන්නේ"
"නැහැ නිකම්..මොකක් ද මහත්තයගේ බිරිඳගේ නම"
"රෙබෙකා ඇගේ නම රෙබෙකා"
" රෙබෙකා !"
" ඔවු රෙබෙකා. රෙබෙකා ............"
ඔහු ඇගේ ගම ,නම වාසගම ඇතුළුව කී සියළු තොරතුරු සියල්ල. මගේ රෙබෙකාගේම විය. මගේ රෙබෙකා මට අහිමි වූයේ මා සිත්තරෙකු පමණක් වීම නිසාය...ඇගේ දෙමාපියන් අප දෙදෙනා විවාහවනවාට දැඩි සේ විරුද්ධ වු අවස්ථාවේ ඇය මා සමඟ පැන යාමට පැමිණි විට ඇය ආපසු හරවා යැවුවේද මම මය.
මගේ ආදරණිය රෙබෙකා..... ඔබටත් හඳුනාගත නොහැකි නුඹව , මා මෙන්ම හඳුනාගත හැකි සැමියෙක් දැන් නුඹට ලැබී ඇත..... ඔහු මා මෙන්ම මේ සිත්තම තුල නුඹ දැකීම යනු එයම නොවේද?
"නැහැ නැහැ මොකටද මම බොරු කියන්නේ මේ ඔයා තමයි"
" මට බොරු කියන්න එපා... "
දෑසේ කඳුළු පුරවා ගත් ඇය ම'ගෙන් මිදී ඈතට දිව ගියාය...මගේ සිත දුකින් පිරුණි.මා ඇයට මුසාබසක් පැවසුවේ නැත.මේ චිත්රයේ සිටින්නේ ඇයයි.ඇගේ මතකය සිත පුරවාගෙන මා ඇඳි සිතුවම හරියට ඇය වාගේමයැයි මට සිතේ... ඔවු ඇත්තටම ඒ ඇය තමයි.
---------------------------------------------------------------------------------------------------
ඇය නැති සැදෑව පුදුමාකාර මුසල පාලුවකින් පිරෙයි.... කන්දෙක ගොඩවන තෙක් මා ලඟ දැවටි දැවටී නිනව්වක් නැතිව දොඩවන... විටක කිසිවක්ම නෙදොඩා දෑස් අයා මා දෙස බලා සිටින ඇය මා ළඟ නොමැති විට මේ තරම් පාලුවක්.........
හදිසියේම මා බැලීමට බෝඩින්කාමරයට ආ පියල් දුටු විගස මට යස අදහසක් පහල විය.... මා ඇඳි ඇගේ සිතුවම් කිහිපයක් ඔහුට පෙන්වූ මම
" උඹට හිතෙන්නේ මේ කවුරු කියලද?"
"ආහ්... ඕකත් අහන්න දෙයක් ද ... මේ ඉන්නේ අර සඳ කිඳුරු නාට්‍යයේ රගපෑව නිලිය නේද? හරි අගෙයි උඹ හරි ලස්සනට ඒ කෙල්ලව ඇදල"
"හ්ම් ...."
" ඉන් පසු අවස්ථා කිහිපයකදීම කිහිපදෙනෙක් ගෙන්ම විමසුවත් මට ලැබුනේ පෙර පරිදි විවිධාකාර පිළිතුරුය... මගේ පෙම්වතියගේ නිවසැයන්ගෙන් විමසුවද ලැබුනේ විවිධාකාර පිළිතුරුය. ඒ අතර සිත් රිදුම් දෙන පිළිතුරුද ලැබුනි. අදාළ නොවන පිළිතුරුද ලැබුනි...
""සිත්තම් වලින් කොහොමද ළමයෝ ජීවත් වෙන්නේ ...ඕව හොදයි ලිපට දර නැති වෙලාවක ගිනි මොළවන්න ගන්න"
ඒ ඇගේ පියාගේ පිළිතුරයි.
---------------------------------------------------------------------------------------------------
ඇගේ තරහව පැය කිහිපකින් නිම වෙයි. තරහව යනු කුමක්දැයි වත් නොහඳුනන්නියක වන ඇය නැවතත් මා කරා ඇඳෙන්නේ සඳ දමා හොරෙන් පැන ගිය සාවියක පරිද්දෙනි..................එහෙත් ඇයට මා ඇඳි සිතුවම් පෙන්වුව හොත් නැවතත් ඇය මගෙන් වෙන් වන්නේ මා සිත දුකද ඈ සිත තරහවද රදවමින්ය... මාගේ සිතුවම් ඇයට නොපෙනන ඇස නොගැටෙන දුරක සැගවූවද ටික වේලාවකින් ඇයට ඒවා මතක් වෙයි.... ඉතින් ආයෙත් .... සිත්තම් නොපෙන්වූ විටද ඇය මා සමඟ උරන වෙයි...
" මම හිතුව හරි... ඒ චිත්‍ර වල ඉන්නේ මම නෙමෙයි. ඒකනේ මම එන වෙලාවට චිත්‍ර හංගල තියෙන්නේ"
" මම දවසක ඒ චිත්‍ර ඔක්කම පුච්චල දානව"
දිනක් මා ඇඳි ගැහැණු අඩ නිරුවත් චිත්‍රයක් දුටු ඇය කම්පා වුයේ මුළු ලෝකයක් මැද ඇය නිරුවත් වූ තරම් දුකකින් සහ තැතිගත් සිතකිනි....
මා ඇය කෙදිනකවත් නිරුවතින් දැක නැතත් මාගේ සිහින වල දී දුටු ඇයගේ ලස්සන මෙසේ සිත්තම් කර ලඟ තබා ගැනීමට මගෙ සිත ආශා කලේය....
නමුත් එදින මා සමඟ උරනවු ඇයගේ තරහව දින තුනක් යන තෙක්ම පහවී නොතිබුනි. අවසානයේ ඇය ඉදිරිපිට දීම ඒ අඩ නිරුවත් සිතුවම් සියල්ලම ගිනි තබා විනාශ කරන බවත් නැවතත් එවැනි සිතුවම් සිත්තම් කරන්නේ නැති බවත් බැව් සපථ කිරීමෙන් පසු ඇය යන්තමින් මා හා සිනාසුනේය.
එහෙත් මගේ සිතේ ඇති ඇගේ සිතුවමට මා කෙසේ ගිනි තබ්ම්ද ?
---------------------------------------------------------------------------------------------
සැබෑවින්ම ඉදහිට හෝ ඇගේ මොළයට බොහොම හොඳ අදහස් ද පහල වන බව සිතූ මම ඒ පිළිබඳ අවධානය යොමු කළෙමි.....
-----------------------------------------------------------------------------------
ගැණුම්කරුවන්ගෙන් එය බේරා ගැනීම සඳහා මම එහි " විකිණි අවසන් " යන්න සඳහන් කළෙමි. එහෙත් ප්‍රදර්ශණය අවසානය තෙක් රැදී සිටි එක් මිනිසෙක්ගෙන් පැමිණි ඉල්ලීම මට ගැලවියා නොහැකි තරම් ප්‍රබල විය. කෙතරම් කිවත් කිසිවක් පිළිනොගත් ඔහු ඒ සිත්තම් කීයත් ගියක් නොගෙන මිසක මෙතනින් නොයන්නෙමියි දිවුරමින් පවසා සිටියේය.....
" මහත්තයා දැන් මම කී වතාවක් කීවද..ඒ පේන්ටින් එක දෙන්නේ නැහැ කීවොත් දෙන්නෙම නැහැ වෙන ඕන චිත්‍රයක් මම දෙන්නම්."
" මම මේක නොගෙන මෙතනින් එහාට අඩියක් තියෙන්නේ නැහැ"
"මහත්තයා මට කියන්න.මොකද මේ චිත්‍රයට මේ තරම් කැමැත්තක්"
" මේ චිත්‍රය මට ගෙනෙන හැඟීම ගැන විස්තර කරන්න මට චවන නැහැ. කොටින්ම මේ චිත්‍රය දැක්කම මට මතක් වෙන්නේ මගේ බිරිඳව"
අවඥාව රැදවනු සිහින් සිනාවක් මගේ මුවඟට නැඟුනේ කිසිදවසක මේ චිත්රයේ සිටින්නේ සැබෑ ලෙසින්ම ඇය යැයි කිසිකෙනෙකු කිසිදිනක හඳුනා නොගත් නිසයි. එකිනෙකාට එක් එක් විදිහට පෙනුන මෙම සිතුවමේ සැබැවින්ම සිටින්නේ ඇය ඇය යැයි ඇයවත් හදුනා ගත්තේ නැත.
" ඇයි හිනාවෙන්නේ"
"නැහැ නිකම්..මොකක් ද මහත්තයගේ බිරිඳගේ නම"
"රෙබෙකා ඇගේ නම රෙබෙකා"
" රෙබෙකා !"
" ඔවු රෙබෙකා. රෙබෙකා ............"
ඔහු ඇගේ ගම ,නම වාසගම ඇතුළුව කී සියළු තොරතුරු සියල්ල. මගේ රෙබෙකාගේම විය. මගේ රෙබෙකා මට අහිමි වූයේ මා සිත්තරෙකු පමණක් වීම නිසාය...ඇගේ දෙමාපියන් අප දෙදෙනා විවාහවනවාට දැඩි සේ විරුද්ධ වු අවස්ථාවේ ඇය මා සමඟ පැන යාමට පැමිණි විට ඇය ආපසු හරවා යැවුවේද මම මය.
මගේ ආදරණිය රෙබෙකා..... ඔබටත් හඳුනාගත නොහැකි නුඹව , මා මෙන්ම හඳුනාගත හැකි සැමියෙක් දැන් නුඹට ලැබී ඇත..... ඔහු මා මෙන්ම මේ සිත්තම තුල නුඹ දැකීම යනු එයම නොවේද?
“I paint objects as I feel them, not as I see them.”
Pablo Picasso
සිත්තමේ රැදි තෙල් සායම් අතර සැගවී නොපෙනී ගිය
මම
෴ වත් ෴