ශල්‍යාගාරයේ රතු එළිය තවමත් දැල්වුන ගමන්ය. ඒ එළියත් සමඟ මා සිතේ දැල්වෙන ගිනි දැල් මා මොහොතින් මොහොත දවා හළු කරයි.
ඇය මා සතු කර ගෙන මගේ නිවහනට ගෙන ආ දිනය අද ඊයේ සිදු වූවාක් මෙන් මගේ හදගැඹේ ගැඹුරුම තැනක සුරක්ෂිතව තැන්පත් වී ඇත.ඇය මා කරා ආ දින සිට මගේ ජීවිතයට මල් යායක සුවඳත් කුරුල්ලෙකුගේ සැහැල්ලුවත් පියාපතක උණුසුමත් ගෙන දී ඇය මා මුසපත් කළ අයුරු මට නම් පුදුමයකි.ගැහැණියකට මෙතරම් දෙයක් කිරීමට හැකි දැයි දැනුදු මට සිතා ගත නොහැක.නෙතු උනා ඇති කඳුළු දෑතින් පිස ගත් මම රෝහල් කොරිඩෝවේ තිබු පහසු හසුනකට බර දී මගේ හිස බර සැහැල්ලු කර ගැනීමට වෙර දැරුවෙමි.
සෑම දිනකම පාහේ ඇයට පොරොන්දු වූවාට වඩා පැය දෙක තුනක් පසුවී නිවසට ගොඩ වදින මම මග බලා සිටින ඇය විසින් පිළිගනු ලබන්නේ සිනා මුසු මුහුණිනි. උදයේ පැවසූ කාල වේලාවල් පිළිබඳව කිසිම නොක්කාඩුවක් නොපවසන ඇය කුඩා දරුවකු මෙන් මා අසල මොහොතක් දැවටී සිට මා වෙනුවෙන් උණු සුම් තේකෝප්පයක් සදා ගෙන එන්නීය... මා වෙනුවෙන් ඇගේ ජීවිතයම කැප කළ ඇය මෙවන් දෝහී කමක් මට සිදු කරාදැයි සිතන විට නැවතත් මගේ සිත දුක යටපත් කරෙ ගනිම්න් කෝපය පැතිරී ගන්නට වැඩි වෙලාවක් නොගනී.....
" දිවෙන් දිව ගාගෙන හිටියත් ගෑණු විස්වාස කරන්න එපා මචං" යැයි මගේ යහළුවන් පවසන විට එදා මා සිතුවේ ඔවුන් මගෙත් ඇගේත් ජීවිතයට ඊර්ෂ්‍යාවෙන් එසේ පවසන බවයි.. එහෙත් එය කෙතරම් සත්‍යයක් ද? නමුත් මා ඇයට මෙසේ දරුණු ලෙස සැලකීම කළ යුතු නොවෙන දෙයකි. සිතේ බුර බුරා නැගී කෝපය නිසා අත දිග හැර සියළු කෝපය තවරා ඇය මත පැටවූවද ඇයට මෙතරම් හානියක් කිරීමට මගේ තුන් සිතක වත් නොතිබුනි.
"මිස්ට නාකලන්ද "
කටහඩින් තිගැස්සනු මම දුටුවේ.මා අබියස සිටගෙන සිටින වෛද්‍යවරයායි....
" මිස්ට නාකලන්ද. ඔපරේශන් එක නම් සාර්ථකයි. ඒත්... හෙට වෙනකම් අපිට හරියට මුකුත් කියන්න බැහැ.මිස්ට නාකලන්දට පුලුවන් ඔනි නම් දැන් ගිහින් බලන්න. නමුත් වයිප්ට සිහිය නම් නැහැ, මට නම් හිතා ගන්න අමාරුයි පඩි පෙළකින් වැටිල කියල.. මොකද අතේ පයේ ඇගේ කිසිම සීරීමක් වෙලා නැහැ"
අත පය සීරෙන්නේ කෙසේද? ඇය මගේ පහර දරා ගත නොහැකිව විසිවී ගොස් බිත්තියේ ඇගේ හිස තදින් වැදුන බව දන්නේ ඇයත් මමත් පමණි
."කොහොමත් හෙට සිහිය ආව ගමන් පොලිසියෙන් ඇවිත් මිසිස්ගෙන් කටඋත්තරයක් ගනීවී"
ඇයව බැලීමට මා නොගියේ ඇය සමඟ තිබූ තරහව නිසාද නැතිනම් ඇය වෙත මගේ හෘදසාක්ෂිය දැක්වීමට තිබූ අකමැත්ත නිසාදැයි මම නොදනිමි. හදිසියේ සිහිවූ දෙයක් නිසා විගසින් පැමිණ වාහනයට ගොඩ වූ මම හැකි වේගයෙන් නිවස වෙත පියෑඹුවේ මෙහි සත්‍ය අසත්‍යතාවය සදහා ඇති හොදම සාක්ෂිය ඇත්තේ නිවසේ බැවිනි.....
වාහනයේ සුක්කානම කරකවන අතර තුර මගේ සිත අතීතයට ගමන් කරන්නට විය... ඇගේත් මගේත් සොඳුරු ජීවිතයට කණකොකා හඩලන්නට පටන් ගත්තේ අපේ නිවසට යාබද නිවසේ සිටි විවාහක තරුණ කාන්තාවකට පරිගණක ඉගැන්වීමට පැමීණි තරුණ පහේ ගුරුවරයා නිසාය....
මා නිවසට පැමිනෙන තෙක් මග බලා ඉන්නා දෑස ක්‍රමයෙන් හවස්වරුව ගත කිරීමට යාබද නිවස තෝරා ගෙන තිබුනි. ඇතැම් දිනෙක මා පැමිනෙන විට ඔවුන් තිදෙනා දොරකඩට වී සිනා සෙමින් අත්පොඩි තලමින් සංවාදයේ පසුවෙයි.
නමුත් මා දුටු වහා මවෛත පැමිණෙන ඇය කිසිවක් නෙවුවා සේ මා සමඟද සිනාමුසුව හැසිරේ...
" මොනාද ඔයලා ඔය තරම් හිනා ෙවවී කතා කරන්නේ"
" අනේ සමන් .. අර මනුස්සය කියන කතා වලට කාටද හිනා නොවී ඉන්න පුලුවන්... මාත් පාලුවෙන් ඉන්න එකනෙ.ඉතින් මාත් පන්ති ඉවර වුනාම එයාල එක්ක කතා කර කර ඉන්නව"
" එහෙනම් මිනිහ කොම්පියුටර් විතරක් නෙමෙයි උගන්නන්නේ. මිනිහ ජෝකර් කෙනෙක් ද"
ඉන් එහාට කිසිම දිනක කතාව දුර දිග නොගෙනියන ඇය නිහඩව කරබා ගනී...
එක් දිනක් රාත්‍රියේ ඇය මගේ රාජකාරි ලිපි වගයක් පරිගණකගත කරමින් සිටියාය. ඇය ආ පසු මගේ සෑම වැඩක්ම ඉතාමත් පහසු වී ඇත... මා කියවන විට ඇගේ ඇගිලි පරිගනක යතුරු පුවරුව මත දිව යන්නේ මා කියවනවාටත් වඩා වැඩි වේගයෙනි... ඇය ඉතාම ආසාවෙන් සිදු කරන එම කටයුත්ත නිසා යතුරු පුවරුවද සිටින්නේ ඇගේ ඇගිලි තුඩුවල ආදරය ලගා ගැනීමට පොරකමින් බව මට සිතේ....
" සමන් ඔයත් ගන්නකෝ අලුත් ලැප් ටොප් එකක්.සදමාලිට උගන්නන්න එන සර් ගාව තියෙන ලැප්ටොප් එක නම් නියමයි" ඔයත් ගන්න ඒ වගේ එකක්.දැන් මේක පරණයි"
" ඔවු ඉතින් දැන් නේ අපිව පරණ වෙලා පේන්නේ"
" මොනාද සමන්. මම කීවේ ලැප් ටොප් එක"
" ඔහොම යද්දි මාවත් පරණ වෙලා පෙනේවි, අදට ඇති මට නිදිමතයි"
" ඇයි සමන් ඔයා කීව නේද මේ ටික අදම ඕන කියල. කො දෙන්න ඔයාට කියවන්න කම්මැලි නම් මම බලාගෙන ටයිප් කරන්නම්"
" නැහැ නැහැ ඕන නැහැ මගේ වැඩ මම කරගන්නම්. අනික මොකටද මේ පරණ කබලෙන් ඕව කරන්නේ"
දෑසේ කඳුළු පුරවා ගත් ඇය එදා රැයේ මා පපුව මත හිස තබා ගන්නට ගත් සෑම අවස්ථාවකම අනිත් පසට හැරී නිදා ගනිමින් ඇගේ සිත රිදවමින් මම අප්‍රමාණ සන්තෝසයක් වින්දෙමි....
පසු දිනයේ මා වෙනදාට වඩා වේලාසන නිවසට පැමිණියේ ඇයට නොදන්වා සිතාමතාමය.මා පැමිණෙන විට ඇය ඔහු සමග බර පතල කතාවකය.ඊයේ සිදුවූ දේවල් ඇය ඔහුට කියනවා වන්නට ඇත. ඇය ලියුම් කවරයක ඔතා දුන් යමක් ඔහු රැගෙන සාක්කුවේ දා ගනු මම ඈතදීම දුටුවෙමි. මා දුටු විගස කලබලවූ ඇය. ඔහු වෙත ක්ෂකිකව ලන්වී " හෙට උදේ හරියට වෙලාවට එන්න" යැයි පවසනු මට ඇසුනි.
කතා දෙකක් නැත ඔවුන් දෙදෙනා මේ සැරසෙන්නේ නිවසින් පැන යෑමට විය යතුය. කිසිවක් නොවූ ගානට නිවසට ගොඩ වැදුන මම ඇය හා සිනාසුනෙමි.....
පසු දින වෙනදාටත් වඩා වේලාසන කාර්යාලයට යෑමට මා සැරසුනේ යටි අරමුණක් සිතේ තබා ගෙනයි.
" ඔයා අද වේලාසන යන නිසා අද ටිකක් වේලාසන ගෙදර එන්න පුලුවන් නේද?"
" මොකද අද විශේෂ දවසක්ද?" ඇය රිදවනු අටියෙන් මම විමසුවෙමි...
" ඔවු ඔවු ...... වේලාසන එන්නකෝ. අද විශේෂම විශේෂ දවසක් තමයි"
" කාටද? ඔයාටද මටද?"
" ඇවිත් බලන්නකෝ.... ඔයාටම තේරේවි"
ඇය සිතා සිටින්නේ මා කිසිත් නොදන්නා බවයි... හොදයි අපි බලමු..........
නිවසින් පිටවූ මම ඔහේ පාරවල් කිහිපයක් ඔස්සේ අරමුණකින් තොරව රථය පදවා ගෙන ගියේ ඔහුටත් ඇයටත් අවශ්‍ය කාලය ලබා දී දෙදෙනාම අතටම හසුතර ගැනීමේ චේතනාවෙනි.....
උදෑසන 11 ට පමණ මම නිවසට මීටර් 500ත් පමණ එහායින් රථය නවතා පයින්ම නිවස වෙත පැමිණියෙමි.... දොර අඩවල්කර ඇත. සිනා හඩ ගෙතුලින් ඇසේ.... මම අඩවල් වූ දොර අතරින් හිස පොවා බැලූවෙමි... තරමක විශාල ගමන් මළු දෙකක් ඔවුන් දෙදෙනාගේ පාද අභියස වෙයි....එක්වරම කම්පියුටර් කාරයාගේ දෑතින් අල්ලාගත් ඇය ඔයාට කොහොම ස්තූති කරන්නද මන්ද? ඔයා මා වෙනුවෙන් මේ දේවල් කරාට ඔයාට ගොඩක් පින්....සමන් මට කවදාවත්.....
ඉන් එහාට කතාව ඇසුමට රිසි නොවූ මම ඔවුන් අතරට පැන මොන මොනවා කරාදැයි මට මතක නැත. මා නවතා ලීමට කම්පියුටර්කාරයා දැරූ සියළු උත්සාහට නිශ්පල වූ අතර හොද හැටි දෙක තුන වදින විට ඔහු පලා ගියේය.... ඇයට දරා ගත නොහැකිවූ මගේ බාහු ශක්තියෙන් විසිවී ගිය ඇය අවසානයේ රෝහලට රැගෙන ගියේද මමය... ඇයට මෙහෙම වෙලා මදි...........
“Do not put your trust in rivers, men who carry weapons, beasts with claws or horns, women, and members of a royal family.”
රෝහල් ගතව, සිහිසුන් නැතිව ,කල වරදට වන්දි ගෙවන
මම
෴ වත් ෴