ඉස්සල්ලම් කියන්නම් මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත කතාවක්.මම මේ තරම් අවංකව මේ ගැන කතා කරන එක ගැන සමහරු නම් මට දොස් කියාවි. ඒත් තව දුරටත් මට මේ දේ මගේ හිතේ හිර කර ගෙන ඉන්න බැහැ..
මගේ පරණ සම්බන්ධය මම නැවැත්තුවා... ඔව් ඔවු පරණ සම්බන්ධය කියන්නේ ඉතින් දැන් අලුත් සම්බන්ධයක් තියෙන නිසා තමයි....අනික දැන් කාලේ කාටද පුලුවන් සම්බන්ධයක් නැතිව පාලුවෙන් ඉන්න. හරි හරි සමහරු ඉන්නව තමයි... ඒ සමහරු කියන ගොඩට මම අයිති නැහැ...අනික අද කාලේ හැටියට මේව හරිම සුළු දේවල් නේද.. සමහරුන්ට සම්බන්ධකම් දෙක තුන හතර තියෙද්දි මම අලුත් සම්බන්ධය පටන් ගත්තේ පරණ එක නතර කරල.. එහෙම බැලුවම මම හරි සාධාරණයි කියල මට හිතෙනව....
එක සම්බන්ධයක් හරියට නඩත්තු කර ගන්න බැරි එකේ සම්බන්ධකම් දෙක තුන හතර කොහොම අරන් යනවද කියල මට නම් හිතා ගන්න බැහැ.
පරණ සම්බන්ධය මම පටන් ගත්තේ එයාම මාව හොයාගෙන මගේ ළඟටම ආව නිසයි. අනික ඒ කාලේ හැටියට එයා හරිම හොඳයි කියලයි මගේ මේ මොළ ගෙඩියට හිතුනෙ... ඉතින් මමත් හා කීව අපි දෙන්න යාළු වුනා... ඉතින් මුල් කාලේ නම් එයා හරි හොදයි... මගේ පර්ස් එකටත් ලේසි... පස්සෙ පස්සෙ තමයි මෙයා වෙනස් වුනේ....
අනික මෙයා මා ළඟ ඉන්නව කියල දන්න මගේ ඔපිස් එකේ ගොඩක් අය විටින් විට මගෙන් මෙයාව ඉල්ල ගන්නේ හරියට එයාල මට මෙයාව ජෝඩු කරා වගේ මගේ පුද්ගලික දෙයක් කියල සත පහකට මායිම් කරන්නේ නැහැ ඉල්ලුව වෙලාවට දුන්නෙ නැත්තම් මුණ එල්ලන් ඉන්නව. "විනාඩියකටනෙ ඉල්ලුවෙ" "විනාඩියකටවත් දෙන්න බැරි මොකද ?" කතන්දර ගොඩයි..
පස්සෙ පස්සෙ මෙයා හරියට වෙනස් වුනා... එන්න එන්න මගේ පර්ස් එකේ සල්ලි වලින් මෙයා වෙනුවෙන් වෙන් කරන කොටස වැඩි කරන්න සිද්ධ වුනා... මෙයා එවන ලවු ලෙටර්ස් ගෙදරටත් අහුවුනා.. අම්ම මට අවවාද කරා මේ සම්බන්ධය නතර කරන්න කියල... ඒත් මම හිත දැඩි කරන් උන්නා. ඒත් අන්තිමට එයා එක්ක මට කතා කරන්න බැරි වුනා. එයාට ඕන නම් විතරයි මාත් එක්ක කතා කරේ....
පස්සෙ පස්සෙ එයාත් කතා කරන එක නතර කරා... මාත් ගනන් ගත්තෙ නැහැ... මෙන්න එයා ඊට පස්සෙ මට ලියුම් එවන්න ගත්ත. මේ සම්බන්ධය නතර කර ගන්න එපා.. කියල... පරණ වාදනය නැවත අහන්න මම කැමති වුනේ නැහැ. ඔපිස් එකේ අයත් කියන්න ගත්ත "අපරාදේ වටින සම්බන්ධයක් මීට පස්සෙ ඔය වගේ එකක් හම්බෙන්නෙත් නැහැ මේ සම්බන්ධය නතර කර ගන්න එපා "කියල.....
මම ඇහුන්නේ නැති කණ් ඇතිව සිටිය. කොටින්ම මට එයා එපා වෙලයි හිටියෙ.... මගෙ හිත කළකිරුණ... දැන් ඒ පරණ සම්බන්ධය ඉවරයි....
ඒත් සම්බන්ධයක් නැතිව දැන් කාලේ ඉන්න බැහැනේ. ඇතිවත් බැහැ නැතිවත් බැහැ... ඔන්න ඉතින් මම වෙනත් සම්බන්ධයක් පටන් ගත්ත. දැනට නම් එයා හොදයි. පස්සෙ එයත් නරක් වෙයිද දන්නේ නැහැ....
හෝව් හෝව් .. දැන් අහන්න එපා මොකක්ද අලුත් සම්බන්ධය කියල... ඒකත් විනාඩියට රුපියල් 2කේ සම්බන්ධයක් තමයි...........පරණ සම්බන්ධෙනම් විනාඩි 1000 ක් ප්රී .....
ඔවු අනේ ඔවු මම මේ කීවේ ජංගම දුරකතන සම්බන්ධය හෙවත් සිම් එක ගැන තමයි.............
දැන් කාලේ ඇතිවත් බැරි නැතිවත් බැරි මේ ජංගමේ නම් මට පෙන්නන්න බැහැ......
කවුද හැබෑට ජංගමේ හොයා ගත්තේ ..............................
Use of mobile phones can be addictive.
අළුත් සම්බන්ධයක් පටන් ගත්ත
මම
෴ වත් .෴















