This Post is Dedicated to My Sweetheart .....
ආදර ලකුණු පුවරුව කියන ලිපියට ආව ඉල්ලීමක් ඉටු කරන්නයි යන්නේ . ඒ පොතේම 65 වෙනි පිටුව....එහෙනම් ඔන්න බලන්නකෝ ඒ පිටුවෙ තියෙන දේවල් කොයි තරම් සත්‍ය ද නැද්ද කියල.....
- බාධා නොකර ඇය කියන දෙයට සවන් දෙන්න.
( ගොඩක් පිරිමි අය එහෙමයි කියල මම හිතනව. ඒත් අපි කියවල කියවල ඉවර වෙලා ,මේ මම කීව දේවල් ඇහුනද කියල ඇහුවම තමයි එයාල පියවි සිහියට එන්නේ.... අහන් ඉන්නව වගේ ඉන්නව විතරයි)
“A foolish man tells a woman to stop talking, but a wise man tells her that her mouth is extremely beautiful when her lips are closed”
2. දවසකට විනාඩි පහළොවක් පමණ ඇය සමඟ සම්පූර්ණ අවධානය යොමු කර කාලය ගත කරන්න.
( අන්න නියම අදහස..... විනාඩි 15 ක් නම් මදි. කමක් නැහැ, එහෙම හරි කතා කරනව නම් අවධානයක් ඇතිව)
3. ගෙදර පැමිණි විගස ඇය සමඟ විනාඩි කිහිපයක් ගත කරන්න.
( මහන්සි වෙලා නේද එන්නේ.. ඒ නිසා කතා නොකරට තරහක් නැහැ....)
4. විසඳුම් නොදී ඇය කියන දෙයට සවන් දෙන්න.
( මට නම් විසඳුම් ඕන ......... )
5. ඇය කන්න කැමති දෙයක් ඇයට නොකියා ගේන්න.
( අන්න ඒකනම් නියමයි.... මම කන්න ආස.... ම්ම්ම් ආහ් වැනිල අයිස් ක්‍රීම් ....)
6.නිතර නිතර ඇයගේ සැප සනීප විමසන්න..
( නැතත් තරහක් නැහැ අනේ.... )
7.පරක්කු වෙනවා නම් ඇයට කලින් කියන්න.
( අන්න මේක නම් බෝල්ඩ් කරන්න තරම් වටිනව... හැබෑට පරක්කු වෙනව නම් මොකද කියන්න බැරි. නිදි මරා ගෙන බලා ඉන්නව නේද මම.....)
8. ඇයගේ පෙනුම අගය කරන්න.
( අගය කරන්න තරම් පෙනුමක් නම් මට නැහැ. අනික බොරුවට කරන අගය කිරීම් වලට මම කැමති නැහැ)
9. ඇයව සතුටු කරන මල්,මාල,වලලු,සුවඳ,විලවුන් වැනි කුඩා තෑගි ඉඳහිට ගෙන එන්න.
( මට නම් ඕන ඕව නෙමෙයි.... පුංචි හාදුවක් හොඳටෝම ඇති. මොකටද නිකම් වියදම් කරන්නේ )
10.ඇය මහන්සියෙන් සිටින විට එය අවබෝධ කර එය පිළිබඳ විමසන්න.
(ඒක නම් අගෙයි..... )
11.ඇයට ආදරෙයි කියා දවසට කිහිපවරක් පවසන්න.
(පිරිම්න් අඩුවෙන්ම කියන වචනයක්.... බඳින්න කලින් කොහොම වුනත් විවාහයෙන් පස්සෙ භාවිතයෙන් ඉවත් වන වචනයක් ද මන්ද... මම දන්න විවාහක ගැහැණු කිහිපදෙනෙක්ම කීව පරිදි ඒ අයත් තම ස්වාමියාගෙන් අහන්න කැමතිම එහෙත් නොකියනම වචනයක් ලු... )
12.කන්තෝරුවේ සිට දවසට කිහිපවරක් ඇයට දුරකතන ඇමතුමක් දෙන්න.
(ම් ම් ම් අවශ්‍යම නැහැ.. පුලුවන් නම් හොඳයි තමයි. ඒත් මම නම් දන්නව එයා ගොඩක් බිසී කෙනෙක් කියල)
13. ගෙදරින් පිටදි අන් අයට වඩා ඇයට සැලකිල්ලක් දක්වන්න.
( ඒකත් නම් හොඳ අදහස)
14. ඉඳහිට කෙටි ආදර ගමන් බිමන් යන්න.
( හොඳයි තමයි... ඒත් මම නම් ආස නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න තමයි)
15.විවේක කාලය ගත කිරිමට යා යුතු තැන් සොයා ගන්න. එහි බර ඇය පිට නොපටවන්න.
(ඇත්ත ඇත්ත.... කොහේ ගියහම මොකද එයත් එක්ක නම්)
16. උපන් දිනය සහ දෙදෙනාගේ විශේෂ සැමරුම් දිනවල සුභ පැතුම් පතක් , ආදර හසුනක්, පොඩි තෑග්ගක් රහසේ ලෑස්ති කර එදිනට දෙන්න.
( පිරිම්න්ට හරියට විශේෂ දින අමතක වෙනව. ඒක හිතල කරන දෙයක් නම් නෙමෙයි... විවාහයෙන් පස්සෙ ලු ගොඩක්ම අමතක වෙන්නේ)
“Women always worry about the things that men forget; men always worry about the things women remember”
17. ඇය සතුටින් සිටින විට එය වටහා ගෙන ඒ පිළිබඳව ඇය සමඟ කතා කරන්න.
( අමුතුවෙන් කතා කරන්නේ මොකටද අනේ... මට වැඩියෙන්ම සතුටු ඔයත් එක්ක කතා කරන කොට තමයි)
18. ගෙදර තිබෙන කැඩුන දෙයක් සාදා දීමට ඉදිරි පත් වෙන්න.
( ම්ම් දන්නවනම් විතරක් කරන්න. නැත්තම් වැඩේ දෙක වෙලා වියදම වැඩි වෙනව )
19. ඇයට දොර අරින්න...
( ඇත්තටම මේ දේ ලංකාවේ නම් හරි අඩුයි... ඒත් බටහිර රට වල තවමත් තියෙනව. දොර ඇරියෙ නැතත් තරහක් නැහැ.... )
“When a man opens a car door for his wife, it's either a new car or a new wife.”
20.බඩු ගත් පසු බර වැඩි මළු ඔබගේ අතට ගන්න.
( ඒකනම් එහෙම වෙනව නම් හොඳයි)
21. ඇය උයන දේ රස බලා එහි හොඳ කියන්න.
( රස නම් විතරක් කියන්න. බොරුවට කීවොත් අමාරුවෙ වැටෙන්නේ ඔයාමයි )
22.ඉදහිට විශේෂ කෑමක් උයා දීමට ඉදිරිපත් වන්න.
( ම් ම් නැහැ ...දෙන්නම සමගියෙන් හැදුවොත් මොකද ඉදහිට විශේෂ කෑමක් )
23. ඇයට මහන්සි විට තේකක් හදා දෙන්න...
24. නාන කාමරය පිරිසිදුව තබා ගන්න.සෙරෙප්පු දමා ඇතුළට යන්න. පොළව කිලිටි වූ විට වතුර ගසා පිරිසිදු කරන්න.
( මම දන්න තරමින් නම් පිරිසිදු කමට ගැහැණුන්ටත් වඩා කැමති පිරිමි)
25. විදුලි බුබුලක් අක්‍රිය වූ විට හැකි ඉක්මනින් අලුත් එකක් දමා දෙන්න.
( හොඳ අදහස... දැනට නම් අපේ ගෙදර මේ වැඩේ කරන්නේ මම )
26. ඇය සමඟ කතා කරන විට ඇයගේ දෙනෙත් දෙස , නෙත් යොමු කරන්න.
( ඔට්ටුයි ඔයාට බැහැ මා දිහා ගොඩක් වෙලා එහෙම බලා ඉන්න.... )
27. ඇය කියන විනෝද කතා වලට සිනා සෙන්න.
( හිනා යන්නෙ නැති දේවල් කීවම හිනා යනවයෑ නේද අනේ...)
28. විශේෂ දවස් වල ඇයගේ ජායා රූප කිහිපයක් ගන්න.
( දෙන්නගෙම... තනියම ගත්තම ලස්සන නැහැ නෙ...)
29. ගමනක් යෑමට ඇය හැද පැළඳ ගැනීම නිසා හෝ විවිධ ඇදුම් පැලදුම් මාරු කිරීම නිසා සිදුවන පරක්කු වීමට ඉඩ දෙන්න.
( ඒහෙම වුනොත් ඒ ගමනන නම් යන්න වෙන එකක් නැහැ ඕං... හා හා ඔයා බය වෙන්න එපා මම නම් විනාඩි 05න් රෙඩි)
30. ඇයගේ බෙල්ල පිට නැති නම් දෙපා සම්බාහනය කිරීමට ඉදිරිපත් වන්න.
( බටහිර රට වල දකින්න පුලුවන්. ලංකාවේ නම් අනේ මන්ද)
31. මෙම ලැයිස්තුවට ඇය කැමති දේවල් එකතු කිරීමට ආරාධනා කරන්න.
( ලියන්න තීන්ත මදි වෙයි ඕං .. නොකීවයි කියන්න එපා )
මතක තියා ගන්න . මෙතන වරහන් ඇතුලෙ ලියල තියෙන්නෙ මගේ හිතට හිතෙන විදිහ මිසක් මුළු ගැහැණු සනුහරේටම හිතෙන විදිහ නෙමෙයි හරිද..... මේ ලිපිය එයා කියෙවුවොත් එයාට මා ගැන අවබෝධයක් ගන්නයි මම එහෙම ලීවේ... සමහර විට ඔයාළගේ එයාලත් එහෙම හිතනව ඇති.............
- “Man was made at the end of the week's work, when God was tired”
- “When a man has once loved a woman he will do anything for her except continue to love her.”
එයාට ලකූණු දෙන
මම
෴වත්෴