..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, May 30, 2010

෴ පහන නිවී ෴




පාලු හද අරණත්
එය විසුව කුටියත්
එළිය කළ නිසයි නුඹ
පෙම් බැන්ඳෙ මෙතරම්

දියව ගිය පසුවත්
නුඹ දකිනු රිසියෙන්
නුඹ ඇවැසි වුව මුත්
රදව ගනු කෙලෙසින්

නුඹ රඳව ගන්නට
අදුරේම සිටිමි
නොදැල්වුන පහනේ
 සිරිය මම දකිමි.......

පහන නොදල්වා එළිය විඳින 
මම
෴වත්෴
ස්තූතිය : වාසල (වාසලගේ සටහන්)

Saturday, May 29, 2010

෴ ජීවන ගමන෴


සෙනෙහසේ සෙවන යට
ආදරේ වියන මත
නිසංසල දිවි ගමන
ඉඳිරියට යන්නයි

විසල් නුග රුකක් ලෙස
විහිදාලා අතු පතර 
ශක්තිමත් මුදුන් මුල
හදවතම වෙන්නයි

මහා සුළි සුළඟටත්
වැස්සටත් පින්නටත්
එක ලෙසම නොසැලෙනා
දෙහදක්ම වෙන්නයි

නුඹේ මහ සෙවනටම
වසන් වී සැනසෙනා
 මගේ සිත නුඹ නමට
 මියෙන තුරු ඉන්නයි

 
සෙවන දෙන රුක මුල සිටින 
මම
෴වත්෴

Friday, May 28, 2010

෴ තමන්ගෙ වැරදි අනුන් පිට පැටවීම෴

උදේ මම නටපු පිස්සුව දන්නෝ දනිති ......... ඇත්තටම වුනේ වරදවා වටහා ගැනීමක් සහ ක්ෂනිකව ප්‍රතිචාර දැක්වීමක්............. දැන් ඉතින් "අනේ, මට සමාවෙන්න" කීවට කිසිම තේරුමක් නැහැ................... වලිගෙ ගිනි ගත්ත හනුමා මුලු ලංකාවටම ගිනි තිව්ව වගේ වැඩක් තමයි වුනේ...........

මම ආදරේ කරන හිත මාව කවදාවත් දාලා යන්නෙ නැහැ........ දාලා යන්න බැහැනෙ ඒ හිත මා ගාව ......... කොමෙන්ට් කරපු කාටත් මගේ ස්තුතිය... උදේ ඈවිලුන ගින්න හවස මේ ඉක්මනට නිවුනෙ කොහොමද කියල බලාවි... ඇත්තටම එය වරදවා වටහා ගැනීමක්........ වරද මගේ මේ මෝඩ සොඳුරු සිත....  හිතට එන හැම දේම ලියන්න යන එක දැන්වත් අඩු ක ගත්තොත් හොඳයි ..............

නැත්තම් වෙන්නෙ තමනුත් අමාරුවෙ වැටිල , තමන් වටේ ඉන්න ආදරණිය හිතුත් අමාරුවේ දුකේ දාන එක කියල වයසින් අඩු වුනත් ගොඩක් බුද්ධියෙන් හිතන්න පුලුවන් මොළයක් මට අවබෝධ කර දුන්න................

කොයි තරම් ආදර කරුණාවක් තියෙන, කොයි තරම් උගත් ගැහැණියක් වුනත් ප්‍රශ්ණ හමුවේ මුණ දෙන්නෙ මං වගේ මෝඩ විදිහට නම් ........ ආයෙත් කුමන කතාද ....

මම
මෝඩ
 ෴වත්෴

෴ ජීවිතය මෙය නම් ෴

අද උදෑසනම email ගිණුම දිගහැරියේ හිතේ දහසකුත් බලාපොරොත්තු ගොන්නක් රදවා ගෙනයි...... Inbox දිගේ දිව ගිය නෙතු සොයමින් සිටි ලිපිනයේ නතර වූයේ ඈසිල්ලකිනි. බිලොග් කොමෙන්ටු පමණක් මෙල් ලෙස ලැබෙන මට ලිපියක් ලැබෙන්නේ ඔහුගෙන් පමණි...... හිත ප්‍රීතියෙන් පිනා ගියත්........... ලිපිය දිගේ දුවන නෙතු පියන් වල කඳුළු තැවරෙන්නට වැඩි වෙලාවක් වුවමනා නොවීය.......

නොදනීම ගලා ආ කඳුළක් යතුරු පුවරුව මත රැදෙනු දුටු විටයි මා පියවි සිහියට පැමිණියේ...........................

ජීවිතයේ තෙවන වරටත් මගේ සියළුම බලාපොරොත්තු ගිලිහී ගොසින්.......................

ප්‍රථමයෙන්  මගේ තාත්තා මිය ගිය එදින දැනුන වේදනාවත්
දෙවනුව මගේ ප්‍රථම ආදරය ම බොරුවක් බව දැන ගත් එදිනත්
තෙවනුව අදත්

මට දැනෙන්නෙ එකම වේදනාවයි..................

තිදෙනාම පිරිමින් වෙයි.... නමුත් විවිධාකාරය ........... ලැබුන දුක නම් එකමය...................

මුලු ලොවකටම පිටු පා අහසක් තරම් ආදරය කරන්නට කෙනෙක් ලැබුනයි සිතූ මම අද ඒ තරම්ම ආද​රයක් නිසා ගොළු වී වේදනාවෙන් මිරිකී සිටිමි......... වෙනදා මෙන්නම මගේ දුක ලියන්නට අසන්නට සිටින මගේ එකම මිතුරා වන බිලොග් පිටුව ට සියල්ල පැවසීමට මම සිතුවේ වේදනාව සිරවී මා මිය යතැයි සිතුනු නිසාය.......

දුක් ගීම... තනිකමම ලියවුනු මගේ බිලොග් පොතේ.. සතුට සැනසීම උතුරන්න ගත්තේ ඔහු හමුවූ පසුවයි.... ඒ බැව් මට නොහැගුනත් සැමදා මා හා රැඳුන මගේ සහෘදයන්ට ඒ බැව් දැනී තිබුනි...." වත් අක්ක දැන් සතුටින්" කියල ඔවුන් කීවේ ඒ නිසයි...

දුරකථනය ද නිහඬය ඒ බිල නොගෙවූ නිසාය........  හද සැනසවූ ඒ කඬඬ ඇසීමේ දරුණු උවමනා​වකින් ඊයේ රාත්රියේ පෙළුණු මා විනාඩියකට හෝ මා සමඟ කතා කරන්නයි ඔහුට දන්වා යැවුවෙමි.......... හැරෙන තැපෑලෙන් සතුටින් කතා කර ඔහු මෙවැනි ලිපියක් ලියාවියයි මම සිහිනෙන් හෝ නොසිතුවෙමි..............

මා පෙර සිටි ලෝකයට මා රැගෙන යනු මැනවි
ආදරය කරන්නට මා නොපෙළඹවනු මැනවි
මගේ කුඩා කුටිය මා පමණක් සිටින හිස් වු කුඩා ලෝකය
මා නැවත පැමිණෙන තෙක් බලා සිටිනා සෙයකි

අනේ මට කෑගසා අඬන්න පුලුවන් නම්
මගේ පියා මිය ගිය එදින වගේ
එහෙනම් මේ දුකින් බිඳක් හරි අඩුවේවි
අඬන්නවත් බැරි තරමට අද මා අසරණයි

මා නැවතත් මිය දෙමින් සිටින්නේදැයි සිතේ

මා මිය යන තෙක් තනිකඩව සිටිමි ..........................

ඔබගේ ලස්සන අද දවස මා නිසා අසුන්දර වුනානම් මට සමාවන්න.............. මා ආදරය කළ ඔහු මට වෙනකෙක් සමඟ සතුටින් දිවි ගෙවන්නයි පවසන්නේ මට ඇති ආදරය නිසාම බව මම දනිමි............ එහෙත් .......

පතන දේ ඒ අයුරින්ම ලැබී .. අත මානයේ පෙනි පෙනී .... ළංකර ගත නොහැකිව මා පෙළන්නේ කිමද.........
වරද මගෙයි ..........
වැරදිකාරී  
මම
෴වත්෴

Thursday, May 27, 2010

෴ පමා වූ සෙනෙහස ෴

අද මම කියන්නම් ලස්සන පුංචි කුරුල්ලෙක් ගෙ කතාවක්........

 
 දැනට වසර කිහිපයකට උඩදි නම් මේ කුරුල්ල තරම් සතුටින් සැහැල්ලුවෙන් හිටිය වෙනත් කෙනෙක් නැති තරම්.... ධනයෙන් බලයෙන් කුලයෙන් රූපෙන් හැමදෙයින්ම දිදුලන කිරුලක් මේ කුරුල්ලට තිබුන.... කාගෙත් ආදර ගෞරව බැද ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවුව කුරුල්ලට කිරිල්ලියකුත් ජෝඩු වුනා / ජෝඩු කරා.....

ජෝඩු වුනාම ජීවිතේ තවත් ලස්සනලු... ඉතින් මේ කුරුල්ලත් ඒ ලස්සන යුග දිවියේ ​තේමා ගීතය ගයන්න කිරිල්ලිවත් එකතු කර ගත්ත.... ඒත් ජීවිතේ හැමදාම හැමදේම එක විදිහට තියෙන්නෙ නැහැ කියන අනිත්‍ය සිහි කරමින් කුරුල්ලටයි කිරිල්ලිටයි දෙපසට වෙන්න සිද්ධ වුනා............

එදා ඉඳල ඒ කුරුල්ල තමන්ගේ ඒ ආදරණිය විජිතයෙන් ගොඩක් දුරට ගියේ ඉන්න ඉන්න හිතේ ඇතිවෙන දුක් කන්දරාව දරා ගන්නම බැරිවයි.......... ඒ ලස්සන ලෝකෙන් පියාඹලා ඇතට ඈතට ගිහින් නතර වුනේ කාන්තාර ලෝකෙක... ලස්සන ලස්සන ගීත ගයන හැටි ඒ කුරුල්ලට අමතක වුනා.... දුක රජයන හිත සුව තර ගත්තේ වැඩෙහිම යෙදිල ..... 


ඉතින් මෙහෙම කාලයක් යන කොට බිදි සිත ටිකක් සුවපත් වුනත් පෙර තත්ත්වයට එන්න බැරි වුනා වගේම වතුර යට තියෙන රබර් බෝලයක් වගේ විටින් විටින් අතීත සුවඳ හිත පාරන්නවුනා.........


ඒ දුකෙන් මිඳෙන්න හිතපු කුරුල්ලා ආයෙත් පාරක් අර ලස්සන ගීත ගයන්න උත්සාහ කරා.... අමතක වෙලා තිබ්බ ඒ ගීත වල පද වැල් ටික ටික තුඬගට එනකොට ආයෙත් ඒ සිත සතුටින් පිරෙන්න වුනා....

ඒ සතුට දෙගුණ වෙන්න පුලුවන් විදිහෙ පුංචි සිද්ධිදාමයකුත් ඒ අතර රැදිල තිබ්බ. ඒ තමයි ඒ කුරුල්ලගේ දුක් ගීතයට සවන් දෙන්න ඒ ගීත රස විඳින්න අඩු පාඩු පෙන්නන් පුලුවන් විදිහෙ පුංචි කිරිල්ලියකුත් අහම්බෙන් වගේ මුණ ගැසීම....පමා වෙලා මුණ ගැසුනත් සසර පුරා හුරු සුවඳක් ඒ ගීත වල තියෙන බව ඒ පුංචි කිරිල්ලිට දැනුන..... එතෙක් හිතේ හිස්ව තිබුන ලොකු ඉඩකඩට හරියටම හරියන විඳිහෙ කිරිල්​ලියෙක් වෙච්චි මේ පුංචි කිරිල්ලිව අතහැරල යන්න බැරි ලෝභ කමකින් කුරුල්ලගෙ හිතත් බැඳුන................


කිරිල්ලිටත් ප්‍රශ්ණ ගොඩයි......... දාලා යන්න බැරි තවත් හිතක් කිරිල්ලි ළඟ තියනව......................

දන්නෙම නැතිව ආදරයකට හැරුණ මේ හමුවීම ඒ හිත් දෙකටම අරන් ආවේ පුදුමාකාර සැනසීමක් එක්කම දරා ගන්න බැරි දුකක් කියල කීවොත් ඔබ විශ්වාස කරනවද?

සසර පුරා සෙවු දෙයක් හමුවීමේ සැනසීම වගේම......................
හමුවූවත් ළං වෙන්න බැරි දුකත් ඒ දෙහදේ රැඳී තියෙනව...................

අද වගේ පින්බර දවසක මගේ ප්‍රාර්ථනය ඒ කුරුල්ලටත් කිරිල්ලිටත් හරිමඟ සොයා ගන්න උදවු ලැබෙන්න කියලයි.................

 අතරමං වූ පුංචි කිරිල්ලි
මම
෴වත්෴

Wednesday, May 26, 2010

෴ සැනසිම෴

 

දුර ඈත යනදා
නුඹ මාව හැරදා
සිප සනසවන්නම්
ගොස් නැවත එන්නම් 

හෙට දින උදාවන
හිරු පමා වේ නම්
මේ මොහොත සොඳුරුයි
සඳ නොබැස යා නම්

හෙට අළුයමින් මා
එහි සිටිය යුතු වේ
 ඉක්මනින් ගියොතින්
යළි ආය හැකි වෙයි

දුර නොවෙද යන්නේ
 හිත ළඟින් ඉන්නම්
යළි දකිනු කෙදිනේ
 ඉක්මනින් එන්නම්
 
උණුසුමට ගුලි වී
 සිත් අතර තනි වී
සුවඳ තවරන්න 
එනතුරු විඳින්න 

හිත දීල යන්න
හැකි විගස එන්න
 නුඹ නාවොතින් නම්
හිත නුඹට නැති වෙයි

තනියට හිත ඉල්ල ගත්තු 
මම
෴වත්෴ 

Tuesday, May 25, 2010

෴ ශේෂ වූ ප්‍රථම හාදුව ෴




 මගේ බ්ලොග් සහෘදයෙක් වන යසේල කොමෙන්ටුවකට කල සඳහනක් තමයි මේ පහල ඉංග්‍රීසියෙන් තියෙන්නේ ....................

For it was not into my ear you whispered, but into my heart.
It was not my lips you kissed, but my soul.
- Judy Garland


ඉතින් මට මෙහෙම ලියන්න හිතුන .................................

තොලින් තොල බැදි හාද
හිතින් යා නොවේ නම්
තොලට තොල යා කෙරුව
සිතත් මගේ නොවෙයි නම්

හාදුවෙ තෙතමනය
හදේ නොම රුදේ නම්
ඉතින් කුමකටද තව
ලොවක් ඉදි නොවේ
නම්
 
රාගයක් පමණක්ම ශේෂ කළ ආදරේ
රාගයක් පමණක්ම ඉපයූව දෝ කෙසේ

මගේ මුලු ජීවිතේ
ඔබෙන් තොර වුනාවේ
හාදුවත් රැගෙන නුඹ
සිතෙන් පිට වුනාවේ

ප්‍රථම හාදුවේ මතක උරුම
මම
෴වත්෴

"~~~~~ හිටපන් තනිකම මගේ ගෙයි මිදුලෙම හතර මායිමෙන් එහා නොයා" ..~~~~~~~~

Monday, May 24, 2010

෴ ශෘංගාරය ෴



ආදර වැස්සේ තෙමෙන්න
පුංචි හාදුවක් තියන්න
නුඹ තු​රුලේ ගුලිව ඉන්න
සිහිනෙකින් වගේ

මගේ කුසේ සමණළයින්
පියඹනවා සේ දැනෙන්න
දෑස් පියන් පියවීලා
මුමුණත් බැරිව යන්න


 ඈත ඈත ඈත ඉඳින් 
රෝස මලේ සුවඳ අරන්
ඒ සුවඳින් මගේ දෙතොල් සුවඳ කරාවි

නුඹේ සුසුම් මගේ සුසුම් 
එකම විටක හඩනැගෙනා
 ආත්මයන් දෙකක් ඉතින් එකතු කරාවි
 

සමණළයන් පියාඹන යාමයක
නුඹ සෙවූ මම
 ෴වත්෴

Sunday, May 23, 2010

෴ නූතන මනමේ කුමරිය ෴

සිංහල අපි කවුරුත් මනමේ කුමරිය ගැන දන්නව... "අනේ මම එයාව දන්නෙ නැහැ" කියනව නම් ඒක බොහොම ලැජ්ජාවට කාරණයක්. ඉතින් අද මම ලියන්නේ මගේ පද වැල් නම් නෙවෙයි... මෑතකදි මට ඇසුන ගීතයක පද වැල්..... 
හිත නැවතුන තැන
ඔබ නවතිනවාද
ඔබ නැවතුන තැන
හිත නවතිනවාද

ඔබයි ඔබේ හිතයි 
 ක විට එක තැන නැවතුන දා
බලන්න වට පිට 
මම ඔබ ළඟ ද කියා

දුර ඇත නොපෙනෙන රෑක
ළඟ පාත ඉන්නෙමී
දුටුවාද බැලුවාද 
දෙනෙතින් සෙනේ කියමී

හිත තාම දුර නේද
හැමදාම අසමි
හිත පාලු වුන දාට 
ඔබ ගාව ඉන්නෙමි

මුලු රෑම සඳු ගාව 
තරු රෑන තනි රකී
හැමදාම ඔබ ගාව 
තනි නෑනෙ මම ඉමී

නුඹ නාව නෙතු ගාව
කඳුළැල් සැලි සැලී
ඉඟි පෑව ඔය දෑස
මතකේ රැදි රැදී
 මෙන්න අහලම බලන්න .................
අදටත් මනමේ කුමාරියන් ඉන්නව...... සමහරු කියනව ඈය වැරදි කියල තවත් සමහරු කියන්නේ ඇය වැරදි නැහැ කියල..... මම නම් උසස් පෙළ විද්‍යා විෂයන් කර නිසා සිංහල වලට මනමේ කරල නැහැ... ඒත් මට හිතෙනව ඇය හරිම වැරදි ගැහැණියක් කියල......

හැම පිරිමියෙක්ම සොයන්නේ මන්ද්‍රි දේවියක් මිස මනමේ කුමාරියක් නෙමෙයි නේද ?

මන්ද්‍රි දේවියක් වන්න පෙරුම් පුරන  
මම
෴ වත්෴

Saturday, May 22, 2010

෴ ඔබ වයන්න ෴


වයන්න වයන්න ම'සිත නම් වයලීනය වයන්න
ම'හදේ  තත්සර හඳුනන දැතින් වයන්න
සුසර කරන්න හදේ සිතුවිලි මා නමටම පමණක් 
සැමදා මා නමටම පමණක්

රගන්නෙමි මා ඒ හඩටම පාද තබා, සැමදා පාද තබා
සිත සනහා නුඹගේ ,මුදු සිත සනහා
නුඹට පෙනෙන්නට පමණක් පාද තබා, තාලයකට පාද තබා

ජීවිතයේ ගායනාව 
ජීවිතයේ රස විමාන, සැමදා නුඹයි මමයි
ගයමු නටමු සතොසින් සිටිමු 
මේ ජිවිත අඹරේ පාවී නොයමු 

වයලීනය සමඟ තනිව සිටින  
මම
෴ වත් ෴

Friday, May 21, 2010

෴ අද ඇගේ දවසයි෴


මාල හතක් කර බැඳලා
ඉර සඳ අවසර පතලා
අද දීගෙක ඇ යනවා
කුමාරයෙක් කැන්ඳා

ඉතින් අමුතුවෙන් මගේ යාළුවන්ට කියන්න ඕනි නැහැ නේ ... අද තමයි දවස..... මගේ යාළුවන් කාටත් බොහොම පිං... ඒ මොකද දන්නවද .. වැස්ස වලාහක දෙවියන්ට අද වහින්න එපා, ගලන්න එපා කියල සංදේශයක් අරන් යන්න එකතු වුනාට....( සමහරු නම් ​වැස්ස වලාහක දෙවියන්ට කෙළින්ම email කළා නෙව)
මට මගේ ආදරණීය හිතක් කීව ,
"Don’t worry rain will stop and bless for your sister’s wedding. "
ඒ කියමන කොච්චර ඇත්තද කියල දැන් තමයි මට තේරෙන්නේ.... ආදරණීයයන්ගෙ හිත් වලින් කරන ආශිර්වාද වලට ස්වභාදහමත් අවනතයි.... 

ඉතින් ඔබ සැමදෙනාටම පිං ෴
මම
෴වත්෴

ප/ලි  
මට කිහිපදෙනෙක්ම කීව මම ලියන වේගය වැඩියි කියල........ ඔන්න ඉතින් අද ඉඳල මම ලියන වේගය (පෝස්ටි ) අඩු වෙනව.... මොකද මම ආයෙත් ඉගෙන ගන්න යන්නයි හදන්නේ........

Thursday, May 20, 2010

෴ සිත්තරාගේ බිරිඳ ෴

 

නුඹේ සිතින් හැඩ කරනා 
තෙල් සායමෙ රුව බලන්න
ළඟින් ඉදන් ඒ සිතුවමෙ 
රේඛාවක් වගේ ඉන්න
සුසුම් පවන් ළඟින් හමන
උණුසුම නිතරම දැනෙන්න
කවදාදෝ ළඟින් ඉඳන් ඒ සිතුවම නුඹ අඳින්න 

මම
සිත්තරාගේ බිරිඳ
෴ වත් ෴

Wednesday, May 19, 2010

෴ අයදිමි ෴( Rain, rain, go away....... )



වැස්ස වලාහක දෙවියනි
සවන් යොමා මෙය අසන්න
මගේ පුංචි නැගණියගේ 
 සිහින එපා බොඳ කරන්න

ඇගේ සිතේ සිටි කුමරා
අත ගන්නා දවසෙ ඔන්න
 වැස්සෝතින් දෙගොඩ තලා
 මම තරහයි ඔබත් එක්ක

ඇය යන්නේ කුඬු තනා
අලුත් හෙටක් ගොඩ නඟන්න
මනමාලිය වන නැකතට
එපා කඳුළු ඔබ සලන්න 

මවයි ඇයයි නඟයි මමයි
හලන කඳුළු සමඟ එක්ව
මල් වැහි වරුෂා කම්නැහැ
ආශිර්වාදය ගෙනෙන්න 

පඬුරක් මම ගැට ගැසුවා
ගං වතුරක් නොමඒවා
මගේ පුංචි නැඟණියගේ
සිහින පැතුම ඉටු වේවා. 

අනිද්දා  (මැයි 21) මගේ නැඟණියගේ ජීවිතේ ලස්සනම දවස.... ඒත් අහස අපිත් එක්ක තරහ වෙලා වගේ දවස් ගානක් තිස්සෙම වහිනව...නිල්වලා ගඟත් පිටාර ගලල. පාරවල් යට වෙලා. දෙයියනේ කියල අපේ පාරවල් වලට නම් තවම අකරතැබ්බියක් වෙලා නැහැ.වත්තපහල නම් ඔක්කම යට වෙලා... ඉතින් මගේ හිතේ පැතුම තමයි මෙහෙම කවි කරේ.....෴

Rain, rain, go away....... Come again some other day please ..

වැස්ස වලාහක දෙවියනි
මම
෴වත්෴

෴ නිහඬතාවය ෴


ගලන දියේ මගේ සිතුවිලි පෙරී එති
හමන පවන මගෙ සුවඳින් ගෙතී ඇති
යන එන මග ද මගෙ සිනහා හඩින් නිතී
රැවි දෙන විටදි නුඹෙ තනිකම අරන් යතී

තනියක් කොහිද නුඹ සිත ළඟ මා ඇත්නම්
 කලබල මොටද නිති සවනට කොඳුරයි නම්
රැයද නිබඳ සිහිනෙන් මා හමුවෙයි නම්
 මොන තනියක්ද දහවල හිරු සේ ඒ නම්

නිහඬබවද දහසක් දේ පවසනවා
හිතට තුරුලු වී සෙනෙහස අයදිනවා
කවුරු නැතත් නුඹ ළඟ මා දැවටෙනවා
ළඟදිම දිනක අප දෙහදක් එක් වෙනවා

" Out Of Sight Is Not Out Of Mind "

 නිහඬ බව ඔබට දුකක් මුත්
නිහඬ බවේ ගිලී සිටින 
මම
෴වත්෴

පින්තූරය සොරකම් කළේ : Thomas Kinkade

Tuesday, May 18, 2010

෴ නුඹට ෴


මා සොයා වදවෙනු එපා
මා සොයා නිති එනු එපා
මා නිසා ඔය නෙතු ඉමේ
කඳුළු බිඳු ලෙල දෙනු එපා

මා මගේ ලොව තනි වෙලා
ඉඳිමි සැමදා පෙර ලෙසේ
සරල බව මිස මගෙ ලොවේ
කඳුළු රස නැත ජීවිතේ

මා ලොවින් මුදවන දිනේ
පැමිණ මුව සිප සමුදියන්
එහෙත් කවදාවත් නු‍ඹේ
නෙතින් කඳුළක් නොසලියන්

නුඹේ කඳුළු වලට අකමැති
මම
෴ වත්෴

Monday, May 17, 2010

෴ ඔබ එන තෙක් ෴



වස්සාන කාලයත්
දන්නෙ නැතිවම ඇවිත්
වියළි ගිය හිත මගේ තෙමනවා


බොඳ වෙලා ගිය රුවක්
යළි ඇඳෙයි සිත් ඉමේ
සිහිනයක් දෝ මෙයත් සිතෙනවා


දැක ගන්න කාලයක්
සිප ගන්න ආලයක්
උදා වෙයිදෝ කියා පතනවා


ළං වෙන්න සිත් වලින්
විමසන්න නෙත් වලින්
ආදරේ මෙය නේද දැනෙනවා

ඔබට ගොඩක් ගොඩාරියක් ආදරේ කරන
මම
෴වත්෴

Sunday, May 16, 2010

෴ කැඳැල්ල ෴




ගවු ගණන් පියාඹලා
සිත් මලත් මැල විලා
විත් මවෙත නතර වෙලා
කී කතා සෙනෙහෙ​ වුනා

නිල් පියාපතත් නුඹේ
බිඳී නොයේ කළින් වගේ
කා නැතත් ඉතින් ලොවේ
මා ඇතේ ළඟින් නුඹේ

දුක් හඬින් පවසනා
ගී වලට තිතක් තියා
ම​ගේ හඬත් දවටලා
සෙත් කවිය මුමුණමු

ඒ සෙනේ ඇතී තුරා
 නොයන්නෙමි නුඹ දමා
ගතත් සිතත් මගේ ඉතින් 
මගේ නොවේ නුඹෙයි නුඹයි

දුවා දරුවනුත් තනා
තවත් ලොවක් එළී වෙළා
ඔබෙත් මගෙත් පැතුම් ලොවේ
කැඳැල්ලකුත් ඉඳී වෙනා

Glitter Graphics
කැඳැල්ලේ කිරිල්ලීය වන
මම
෴වත්෴

Saturday, May 15, 2010

෴ මම ඇය නොවෙමි ෴

 

මා ඇය වගේමයි 
නුඹ කී වෙලාවේ
මගෙ සිත රිදුනි 
එය නුඹ හට නොතේරේ

වෙන ළඳකගේ හැඩ රුව නුඹ සිත රුදුන
මා තුල සොයයි නම් එය වරදක් වෙයි නිබඳ
මා දුක් නොදෙමි ඇය මෙන් නුඹ සිත තැලුව
මම මම මය නුඹ තුල සැඟවෙන තුරුම

 ඒ ලෙස නැවත නුඹ මා හට ​නොකියන්න
 මා හද අරණ නුඹටයි ​විත් සැතපෙන්න
ගවු සිය දහස් දුර නොපෙනී නොම යන්න
සිහිනෙන් නිතර සැපමින මා ළඟ ඉන්න

හිත රිදුන 
මම
෴වත්෴

Friday, May 14, 2010

෴ මඟ බලමි ෴



මහ සාගර හතක් දුරින්
මහ ගිරි කඳු මුදුන් මැදින්
සුළඟක් වී ඇවිත් ඉතින් 
ටික දවසක් ගෙවී ගිහින්

නෙතින් දුරස් වුනත් ඉතින් 
දුරස් වෙයිද මගේ හිතින් 
විහඟ ගීය ගයන හඬින්
පිරී යාවි සොඳුරු සවන්

වෙරළ කොනේ තනි රකිමින්
සුළඟ සමඟ පොර බදමින්
නුඹේ සිනා අහුරු අරන්
නැව එනතුරු සිටිමි බලන්

අහසින් හෝ සාගරයෙන්
මගේ ආදර මුදුව අරන්
එන්න බැරිද හනික ඉතින්
මා එහි යන්නට කැඳන්

මඟ බලන 
මම
෴වත්෴ 

Thursday, May 13, 2010

෴ ආදරය , ආලය සහ රාගය ෴( Love ,Romance & Sex )

( රාගය / Sex) 


දුටුවෙමි ළඳේ ඔබේ නොවැසූනු ලය මඩල
ඉන්නට හිතයි එහි කිමිදී මොහොතකට
එනමුදු ඔබේ ගොරහැඩි චර හද මඬල
තුල නොනවතී දිගටම යමි මම ගමන


( ආලය / Romance )

සුදු මුදු හදේ නැවතී ඉමි මම ළදුනේ
දැවටී ඉන්න දෙනවද ඔය වත මඬලේ
අත් පටලවන් ඇවිදන් යමු සිතු විලසේ
නුඹ ළඟ හමන සුවඳින් මගෙ ගත දිලිසේ


( ආදරය / Love )

නුඹ මගෙ ළඟින් සිටියා වූ පෙර දවස
සුවඳයි හමන්නේ තාමත් සිත් අවට
පෙර ඒ අතීතෙට වැඩියෙන් අද නුඹව
මට වටිනවා අද වැටහෙයි ආදරය

( ආදරය / Love )
අපි දකින ආදරය කොටස් තුනකට බෙදන්න පුලුවන් කියල මම හිතනව....

පළමු වර්ගය  ("IF kind of love")
මගේ ක්‍රමයට ඔයා ඉන්න ඕනි
මට තෑගි දෙන්න ඕනි
කොටින්ම මෙහෙමයි..." ඔයා මට ඔයාගේ ටෙඩි බෙයාව/ඔයාගේ සෙල්ලම් කාර් එක/ ඔයාගේ චොකොලට් එක දෙනව නම් ("IF kind of love") මම ඔයාගේ යාලුවෙක් මම ඔයාට ආදරෙයි "කියල කියනව නම් ඒක කොන්දේසි සහිත ආදරයක්. බලාපොරොත්තු වන දේ නොලබුනොත් හැර යනව පලිගන්නව ​වෛරකරනව.  අවිනිශ්චිත ආදරයක්. සල්ලි දේපල මිල මුදල් ඉඩ කඩම් යාන වාහන මත බොහෝ විට රදා පවතිනව.

දෙවන වර්ගය  ("because of")
මම ඔයාට ආදරෙයි.මක් නිසාද යත් ඔයා හරිම ලස්සනයි, ඔයා හරිම තරුණයි.ඔයා ජනප්‍රියයි.ඔයත් එක්ක ඉන්න කොට මට සතුටක් දැනෙන නිසා.

මේ වර්ගය ගොඩක් දුරට දකින්න පුලුවන් තරුණ කාලේ ගැටවර කාලේ ආදරේ කරන්න පටන් ගන්න කොට.බාහිර දේ සමඟ බැදීම වැඩි නිසා කරන ආදරයක්. හෙට මොනා වේවිද කියල මේ ආදරේ ගැනත් හරියටම කියන්න බැහැ. ඈයි ඉතින් රූපෙ දිරනව නේ.හැබැයි ඉතින් කාලයත් එක්ක හදවත් හදුනා ගත්තොත්, තේරුම් ගත්තොත් පැවැත්මක් තියේවි.


තෙවන වර්ගය  ("in spite of kind of love")
ඔබේ වැරදි ගති ගුණ, වැරදි සිතුවිලි තිබියදී පවා මම ඔබට ආදරය කරමි.ඔබ කෙතරම් තර වුනත් කැත වුනත් කෙතරම් අප්‍රියජනක වුවත් මම ඔබට ආදරය කරම්. ලොව ඔබ කෙතරම් ගැරහුවත් වැරදිකරුවෙක් කරත් ඒ නොතකා මම ඔබට ආදරය කරම්.
මම නම් මෙහෙම ආදරයක් දැකල තියෙනව ... ඒ මම කියවපු පොත් වල විතරයි.(හරියට පොඩි කාලේ කියවපු Beauty & the Beast වගේ කතා වල. හැබැයි ඒ රාක්ෂය ආදරේ කරේ කුමාරිගේ ලස්සනටයි මුලින්ම, ...පස්සෙ ඇගේ ලස්සන හදවත වටහා ගත්ත. කුමරියත් රාක්ෂගේ බාහිර රූපය නිසා ඔහුව ප්‍රතික්ෂේප කරත් අවසානයේ ඔහුගේ පිරිසිදු හදවත හදුනා ගත්ත. ඒ නිසයි ඒ රාක්ෂයව ලස්සන කුමාරයෙක් වගේ අන්තිමට දුටුවෙ. නපුරු සාපය හමාර වෙලා ආදරය වටහා ගන්න ඒ දෙදෙනාටම හැකි වුනා.....

මම මේ දවස් වල මුහුණ පාල ඉන්න ලොකුම ගැටළුව ඒක තමයි....
හැබැයි ආදරය, ආලය සහ රාගය අඩු වැඩි වශයෙන් ම්ශ්‍ර වෙලා තමයි අපි ලබන ආදරේ තැනෙන්නෙ. ඒත් ආදරය වැඩිපුරත් රාගය අඩුපුරත් තිබෙනව නම් ගොඩක් ගැටළු අඩු වෙයි නේද ?


  ආදරය තේරුම් ගන්න තැවෙන 
මම
෴වත්෴

Tuesday, May 11, 2010

෴100෴

 
මේ මගේ 100 වෙනි ලිපිය............ 

මගේ පස්සෙන් එන 117 දෙනාටමත්
 පස්සෙන් එන්නෙ නැතිව, හැමදාම මම ලියන දේවල් බලන දන්නා, නොදන්නා සියලු දෙනාටමත් මගේ හෘදයාංගම ස්තූතිය පිරිනමනව.
ඒ වගේම මේ දේවල් රටටම ,ලෝකෙටම කියවන්න ඉඩ සලසන මහ ගෙදර සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයටත් ... ලාංකීය සිතුවිලි වලටත් මගේ හදපිරි ස්තූතිය...

Glitter Graphics

කාලයක් මම මගේ හිතින් වැටිල ඉන්න කොට තමයි මම මේ සයිබර් අකුරු කෙරිල්ල පටන් ගත්තේ... ඒ ලිවිල්ල ගොඩක් පරිණාමය වෙලා කියල පලවෙනි පෝස්ටි එකත් අන්තිම පෝස්ට් එකත් බැලුවම මට තේරෙනව.......

නම් වශයෙන් කියන්න ගියොත් නම් ,බැරිවෙලා හරි එක නමක් හරි හැලුනොත්, ඒක ඒ හිත් වලට කරන පුංචි හරි අසාධාරණයක් නිසා, මම නම් වශයෙන් කියන්න යන්නෙ නැහැ... හැබැයි මට බ්ලොග් එකක් ලියන්න කියල වදකරල මාව ඒ වෙත යොමු කරපු කෙනාව නම් අමතක කරන්න බැහැ නේ... ඒ තමයි Nuwan's lane ලියන අපේ කෘෂිකර්ම මහත්තයා...... 
ඒ දවස් වල නුවනුත් අනිවාර්යයෙන් සතියට එක බ්ලොග් එකක් නම් ලියනව මයි. ඒත් දැන් නුවන් යුගල වෙලා නිසා ලිවිල්ල නම් අඩු වෙලා... මාත් යුගල වුනොත් මේ ලිවිල්ල අඩු වෙයිද දන්නෙ නැහැ.....  

මම නැතත් ඇස් දෙක වගේ මගේ බ්ලොග් එක බලා ගන්න, බිගොල් එකේ අකුරක් එහා මෙහා වුනත් විමසිල්ලෙන් ඉන්න දිලිසෙන ස් දෙකටත් පිං................

දුකින් පිරුණ මගේ බ්ලොග් එකට ආලෝකය ගෙනාව ,සොදුරු සිත තවත් සොඳුරු කරන්න උදවු වුන විහඟ ගීතයටත් විශේෂ ස්තූතිය ( අනිත් අය තරහ වෙන්න එපා හොඳද)

හැමදාම කවි සිතුවිල්ලක් ලියන මට, මගේ 100 වෙනි පෝස්ටි එකට කවි සිතුවිල්ලක් ගලපගන්නම බැහැ නේ.............

කතා ඇති එහෙනම් කේක් කෑල්ලක් කන්න කටිටිය කිට්ටු වුනානම් ........... 


​බොන්න තියෙන්නෙ නම් හොට් හොට් ප්ලේන්ටී තමයි (ඉගුරු ප්ලේන්ටි)... සැර ජාති නම් නැහැ ඔන්න......

එහෙනම් කට්ටියටම ආයෙත් සැරයක් කියන්නේ..... මාත් එක්ක මෙතුවක් දුර ආවට මගේ උණුසුම් ප්‍රණාමය........ තව දුරටත් මම වටින යමක් ලීවොත් ඔබලා මා සමඟ ඉදිවී කියල විස්වාස කරනව....
 Glitter Graphics
( හ්ම් හ්ම් ..... කට්ටිය ගෙනාපු තෑගි එහෙම කියනව නම් අර අතන තියෙන මෙසේ උඩින් තියල යනව හොඳයි... හරි හරි ගේන්න එපා කියල කීව තමයි.. ඒත් අපරාදෙනේ ආයෙත් උස්සන් යන්න මහන්සිවෙන්නෙ... )

 සියය ලීව  
මම
෴වත්෴

Monday, May 10, 2010

෴ මොණර පිහාටු෴


මේ දවස් වල අපේ වත්ත පහලට ගියොත් ‍ලස්සන ලොකු මොණර පිහාටු 5 ,6 ක් නම් වරදින්නෙ නැහැ. ඒ මදිවට පුංචි කුකුල් පැටවු වගේ මොණර පැටවුත් ඉන්නව. හැබැයි ඉතින් මොණරුන්ගේ ඈඩියාව නම් අහන් ඉන්න බැරි බව දන්නෝ දනිති. මොණර පිහාටු දැකල මගේ හිතේ ඇතිවුන පුංචි සිතුවිල්ලක් තමයි මේ. අඩු පාඩු නම් බහුල ඇති. මේ මගේ පළමු කවි කතාව නේ...( එකතු කරපු මොණර පිහාටු වල පින්තූර ටිකක් ඇති ගෙදර කොම්පීටරේ... දැන් ඉන්නේ කාර්යාලයේ නේ..ගෙදර ගියහම පින්තූර ටික එකතු කරන්නම්) මොණර පිහාටු ගෙදර ඇතුලෙ තියා ගන්න හොද නැහැ කියල අම්මා පිහාටු ටික ගෙදර එළියෙ කොරිඩෝ කෑල්ලක තමයි තියල තියෙන්නේ...... විසිකරන්නත් ලෝබයි නේ...

එහෙනම් කියවලම බලන්නකෝ......

පුංචි රටේ ඈත කොනක
තිබුන හරිම සොඳුරු ගමක්
ගම්මානේ මායිම ලෙස
තිබුනේ සුනදර වනයක්

ඒ වනයේ පෙම් සුව විදි
ලස්සන රණ මොනර යුවල
රණ මොණරයි මොණරිය සේ
කල් ගෙවුවා සිත් සතුටින්

මෙහෙම දිනක් ගත වන විට
අල්ලපු ගම වන ලැහැබට
ගිනි ලෑවා ගම් වාසීන්

ඒ වනයේ සියලු සතා
මේ වනයට ආපු නිසා
දැන් ඉන්නේ නව මිතුරන්
සතුන් වුවත් මිතුරු වෙනා

ඒ වනයෙන් ආ මොණරෙක්
පිල් දිලිසෙයි නිල් පැහැයයි
මොණර පැටික්කිය ගෙ දිහා
නිතර නිතර බැලුම් හෙලයි

මගේ මොණරට වඩා හැඩයි
සවි ශක්තිය හොඳට පෙනෙයි
ඇගේ සිතත් හෙමින් හෙමින්
අර මොණරට කිට්ටු වුනයි

ටික දවසක් ගත වුනේය
අර මොණරා තනි වුනේය
ආගන්තුක මොණර එක්ක
රණ මොණරී පෙම් වඩයිය

සිවු වසරක පෙම බිදුනා
මා මේ ලොව තනි කෙරුණ
දකින දකින මල් ගස් වැල්
පරණ දේම සිහි කෙරුවා

මොණරට දිවි එපා වුනා
කැලේ අපා දුක සිතුනා
කැලය අතැරි මේ මොණරා
ගමට හෙමින් බඩ ගෑවා

ගමට ඇවිත් නැහැ කිසිදා
සිතට බයක් හෙම දැනුන
එහෙත් ඉතින් මගේ දිවිය
ඇය නැතුවට පලක් නැතා

මොණරාහට හරි වෙහෙසයි
තෙහෙට්ටුවයි හිතේ දුකයි
පිපාසාව දැඩිම නිසා
ගම ගෙදරට කිට්ටු වුනා

ගෙදර හිටපු තඩි බල්ලා
බුරාගෙනම පැනපි ඉදා
දිවි ආසා අතහැරලා
මොණර හිටපි හිටු ලෙසටා

පැන්නේ සුදු පුළුන් ගෙඩිය
ලෙස සිටි සුදු කිකිළි මොටා
පැනපු ගමන් බලු තඩියගෙ
මූණ ට දුනනේ පහරා

( සුදු කිකිළි චන්ඩි රැජින.... කරාතේ දන්නව)

බලු තඩියා පසු බෑවා
හෙමිහිට වූ ගෙට දීවා
සුදු කිකිළිගෙ නුවන නිසා
මොණර මෙපුර ඉතිරි වුනා

කිකිළි විමසු පැන සියල්ල
පිලිතුරු දුන් මොණර මොටා
කැලයට නම් නොයමි මෙමා
මොණර කියපි දුක් විලසා

කිකිළියටත් දුක සිතුනා
කූඩුවෙ ඇගේ ඉඩ දුන්නා
ගොපලු ගෙදර එළිය කරන්
වුන් දෙදෙනා එහි විසුවා

සුදු කිකිළගෙ කූඩුවෙ ඉඩ
සේම ඇගේ හිතේ කොනත්
මොණර නමට වෙන් කෙරුමට
කාලය දුන්නේය ඉඩක්


සෑමදෑම උදෑසනම
සෙනග පිරෙයි ගොපලු ගෙදර
නැටුම් බලන්නට මොණරගෙ
කවුරුත් පොර කනව ඔන්න

ටික දවසක් මෙහෙම ගියා
ගෙදර පුතා ලෙඩට වුනා
බෙහෙත් ගන්න සෙයිලම වෙත
යන්න මුදල් මදිත් වුනා

කිකිළියටත් හරිම දුකයි
මොණරගෙ හිත ඊට දුකයි
පුංචි පුතුගෙ දඟ වැඩ නැති
ගම ගෙදරම පාලු වුනයි

සුදු කිකිලිට දැන් වයසයි
බිත්තර හෙම දැන් ‍නොදමයි
මසට විකුණලා දැම්මොත්
සෙයිලම වෙත යන්න ලැබෙයි

ගමරාලගේ ඒ කතාව
කන වැකුණා මොණරා වෙත
අනේ මගේ සුදු කිකිළිය
මරන්න ඉඩ නොහැක දෙන්න

මොණරගේ සිත දුකින් සැලෙයි
කිකිළිය ගැන තැවෙයි තැවෙයි
ඇගේ දිවිය මගේ දිවිය එකම
නේද ඔහුට සිතෙයි

සුදු කිකිළිය මගේ පණයි
ඇය මට හරි අගෙයි අගෙයි
මගෙ පණ නල පුදලා හරි
ඇය බේරා ගැනුම වටියි

දස අත ඔහු සිත දීවා
කරන දෙයක් සිහි කෙරුවා
අවසානෙදි යස අදහස
මොණරගෙ සිහි වෙත ආවා

මගේ මොණර පිල හැඩයි
හොඳ මිලකට දිය හැකියි
පුංචි පුතයි සුදු කිකිළියි
දෙන්නම බේරිය හැකියි

මොණර නැටුම මක්කටයි
ඇගේ දිවිය මට වටියි
දැන්මම ගොස් ගමරාලට
අදහස මම සපයමියි

පිහාටු ටික ගැලවුනා
පුංචි පුතත් සුව වුනා
සුදු කිකිළියි රණ මොණරයි
ආදරයෙන් එක් වුනා

සැබෑ ආදරයත් හරියට මේ වගේ නේද........................

මොණර පිහාටු එකතු කරපු
මම
෴වත්෴

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...