ස්ථානය : ඉරාකයේ නගරයක්
වේලාව : තවත් එක් උදෑසනක්
ඉරාකයේ එක් නගරයක කැඩී බිදී ගිය ගොඩනැගිලි සුන්බුන් අතර සැරිසරන දැරියක් සහ සුන්බුන් වූ ගොඩනැගිල්ලකට පිට දී මදක් ගිමන් හරිමින් සිටින ඇමරිකන් යුධ සෙබලෙක්.
මගේ ඇසින් ඔහු :දයාබර බිරිද ,දගකාර දියණිය සමග අතීතමතක ලොවේ සැරිසරණ දයාබර පියෙක්
මගේ ඇසින් ඇය : පිපෙන්න වෙර දරන තනිවූ දැරියක්
දැරිය : ආමි අන්කල් .... ඔබට සුභ දවසක්.
සොල්දාදුවා : ඔවු පුතා ... අද නම් ටිකක් නිස්කලංක දවසක් වෙයි වගේ.
දැරිය : ආමි අන්කල්ගෙ ගෙවල් ගොඩක් දුරද තියෙන්නෙ ?
සොල්දාදුවා : ඔව් පුතා ... මගේ රට ඇමරිකාව ... මෙහෙන් ගොඩක් දුර.
දැරිය : ඉතින් අන්කල් ඇයි ඔයා අපේ රටට ඇවිත් යුද්ධ කරන්නෙ. ඒ රටේ යුද්ධ නැතිද?
සොල්දාදුවා : නැහැ පුතා..... මේක මගේ රස්සාව... මම පුතාලගෙ රටට ඇවිත් යුද්ධ කරේ නැත්තම් ., මගේ බිරිද .. මගේ දරුවො ජීවත් වෙන්නෙ කොහොමද.. එයාලට කන්න බොන්න අදින්න .උගන්නන්න තමයි මම මේ රස්සාව කරන්නෙ.
දැරිය : අන්කල් .. ඔයාටත් දූලා පුතාලා ඉන්නව ද? මගේ පවුලෙ ඔක්කම අය ෂෙල් වෙඩිල්ලකට අහුවෙලා මුරුණා. දැන් ඉන්නෙ මම විතරයි
සොල්දාදුවා : මට සමාවෙන්න පුතා ...... මට ඉන්නව පුතා වගේම ලස්සන දෝණි කෙනෙක් . හැබැයි එයා ඔයාට වඩා සුදුයි.
දැරිය : මගේ තාත්තාත් අන්කල් වගේමයි. ඒත් අන්කල්ට වඩා කළුයි.
අන්කල් කවද ද දූ බලන්න යන්න නේ.?
සොල්දාදුවා : දන්නෙ නැහැ පුතා... සමහර විට මට කවදාවත් මගේ දෝණිවත් ඇයවත් දකින්න බැරි වේවි.
දැරිය : එතකොට අන්කල් ... ඔයා වීරයෙක් ද?
සොල්දාදුවා : !!!!!!! !! මගේ දරුපවුල රකින්න... දුගෙ රටට ඇවිත් .. දූගේ තාත්තාව .. දූගෙ පවුලම නැති කරපු මම වීරයෙක් කියල මගේ දූ හිතාවි ද .....
මම
සුන්බුන් අතර ජීවිතය සොයන්න වෙර දරන
-- වත් --