දැනට වසර 13 කට පමණ පෙර තමයි මම ඔහුව ප්‍රථම වරට දැක්කෙ. අපේ යහළුවන් අතර හිටපු හිත හොද කොල්ල තමයි ඒ. රසායන විද්‍යා පන්තියට අපි දෙන්නම එනකොට පන්තිය පටන් අරන් සති ගාණක් ගිහින්. ඉතින් අපිට හම්බ වුනේ පන්තියේ අවසාන පේළිය ඒ නිසා අන්තිමට ආපු ගැහැණු පිරිමි ළමයි කවුරුත් වාඩි වුනේ ඒ අන්තිම බංකුවෙ. ඒ අන්තිම බංකුවෙ හිටිය ළමයි දැන් ගොඩක් ඉහල තනතුරු දරන නිලධාරීන්. මාත් වැරදිලා හරි ඒ බංකුවෙ වාඩි වුන නිසා මටත් යන්තම් විශ්වවිද්‍යාලයට පැන ගන්න පුලුවන් වුනා.
ඉතින් පන්ති එන්න දවසක් හරි අතපසු වුනොත් මම නෝට් ඉල්ල ගන්නේ මගේ අර පිරිමි යාළුවන්ගෙන් තමයි.මොකද ගැහැණු ළමයි ඒ දවස් වල කාටවත් නෝට්ස් දෙන්න කැමති නැහැ. මොකද උසස් පෙළ නිසා. තමන්ට වඩා අනිකා ලකුණක් වත් ගන්නවට කවුරුවත් කැමති වුනේ නැහැ.
අනේ ඒ වුනාට ඒ ළමය මගෙන් අහලම මට මගඇරුණ සටහන් ගෙෙනත් දෙනවා. ඒ දවස් වල ළමයින්ට ආදර සම්බන්ධකම් තිබුනා. අපි දෙන්න අතරේ තිබ්ඛෙ හිතවත්කමක් විතරක් ද කියල මට හිතුනා. ඒත් මට ඉස්සර වෙන්න බැහැ. අනික යාලුකමත් නැති වුනොත් එහෙම ඒක දරාගන්නත් බෑ.
කොහොමහරි අපි දෙන්නම විශ්ව විද්‍යාලයට තේරුනා. ඒත් ඔහු ඉංජිනේරු අංශයටත් මම කළේ ජීව විද්‍යාව නිසා මම යන්තමින් බීඑස්සී උපාධියටත් තේරුනා. එකම විශ්ව විද්‍යාලයේ නිසා හිතවත්කම ගලා ගෙන ගියා.ඒ දිනවල පිරිමි ළමයෙක් මා ගැන උනන්දු ව්නත් මට ඒ ගැන කිසිම උනන්දුවක් තිබ්ඛෙ නැහැ. ඒත් මගේ යහළුවගේ සිතේ මා ගැන තියෙන හැගීම කුමක්ද කියල තේරුම් ගන්න ඔ්න නිසා මා ගැන උනන්දු වුන පුද්ගලයට මම සමීප වුනා. එහෙත් මගේ යහළුව කිසිම වෙනසක් නැතිව පෙර ලෙසම මා ගැන සොයා බලමින් පුරුදු පරිදි හොදම යාළුව වගේ සිටියා.
එයින් මා තේරුම් ගත්තා ඔහුගෙ සිතේ මා පිළිබද ආදර හැගීමක් නැහැ කියල.
මෙහෙම කාලය ගත වුනා.මගේ ප්‍රේම ස්ම්බන්ධය වැඩිකල් තිබ්ඛෙ නැහැ. මොකද ඒක මට වදයක් වෙලා තිබ්ඛෙ.
ඔහුට හොද රැකියාවක් ලැබුනා. මටත් රැකියාවක් සොයා දෙන්න ඔහු ගොඩක් වෙහෙසුනා. ඒ අතර තුර ඔහුගෙ නිවසින් ඔහුට මනමාලියක් බලල තිබ්බ. ඔහු තමයි ඒ ගෙදර එකම දරුව.ඔහු ඒ මනමාලි ගැනත් හොද නරක විමසුවෙ මගෙන්. ඒ ඇයි කියල ඇහුවම ඔහු කීවෙ ඔහුව වඩාත් හොදින් අදුරන්නේ මමලු. අනේ ඔහුට මාව අදුරගන්න බැරි වුනා නේද කියල මම සිය දහස් වතාවක් සිතින් වැලපුනා.
මංගල දිනේ දවසෙ මගුල් ගෙදර හැම වැඩක්ම සොයා බලා කෙරුවෙ මම. මනමාලිය හරිම ලස්සනයි.ඔහු සොයන්න ඇත්තේ ලස්සන කෙල්ලක්. ඇත්තම කියනව නම් මම ලස්සන කෙල්ලක් නෙමෙයි.
විවාහයෙන් පසුවත් පෙර පරිදිම අපේ හිතවත්කම තිබුනත් මට ඔ්න වුනේ එයින් ඈත් වෙන්න. විවාහයක අවශ්‍යතාවයක් නම් මට තිබුනේ නැහැ.
දවස් ගත වුනා.... එක් දිනක් මා කාර්යාලයේ සිටින විට ඔහු හදිසි අනතුරකට භාජනය වෙලා හැකි ඉක්මනින් රෝහලට එන්න කියල පණිවිඩයක් ලැබුනා.
මම එතනට ගියේ කොහොමද කියල මම තවමත් දන්නේ නැහැ.
රෝහලට ගියහම දොස්තර මහත්තයා මගේ නම කියල කතා කරා. ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් ඔහු සෑම විටම මගේ නම කියා මා සොයන බවත් පැවසුවා. අවසන් මොහොතේ ඔහුගේ ළගින් සිටින ලෙස ත් ඔහු ඛේරා ගැනීමට සෑම ප්රයත්නයක්ම ගන්නා බවත් මට දැන්නුවා.ඔහුගේ බිරිදත් හැඩූ කදුළින් සිට සිහිවිසංඥව ගොස් ප්‍රතිකාර සදහා යොමු කර තිබුනා.
මගේ ජීවිතයේ මා ගත කළ දිගම පැය කිහිපය එළඹියේ ඉන් පසුවයි. ඔහුගේ අතින් අල්ලාගෙන ඔහුගේ මුහුණට එඹි ගෙන සිටිමට ඔහු කියූ අවසන් වචන කිහිපය මේ ලොවේ මා ඇසූ මිහිරිම හා වේදනාත්මක වදන් බව ඔබ දන්නවාද
ඔහු මට ආදරේ කරන බවත් ඒ ආදරය ඇරඹියේ රසායන විද්‍යා පන්තියේ අවසන් පේළියෙදී බවත්. මා සිත කෙබදුදැයි හදුනා ගත නොහැකිව එය පැවසීමට නොහැකිවූ බවත් විටෙක සිනා සෙමින්ද විටෙක හඩමින්ද අමාරුවෙන් වචන ගලපමින් ඔහු පැවසුවා. තම ජීවතේ අවසන් මොහොත උදාවී ඇති බවත් රහස රහසක් ලෙස මිය යාමට දීමට නොහැකි බවත් ඔහු ගැන වරදවා වටහා නොගන්නා ලෙසත් අයද සිටි ඔහු අවසන් හුස්ම හෙලුවේ තමා වඩාත්ම ආසා කරන සෙල්ලම් කරත්තය හමුවූ දරුවකු මෙන් සතුටු සිතින්.
මා ඔහුට කෙතරම් ආදරේ කරාදැයි කීමට මට ඔහු කෙරම් නම් වටිනා සම්පතක් දැයි කීමට අවකාශය නොතබා ඔහු මා හැර ගිහින් ......................
ප.ලි
මෙහි සදහන් මා සහ මෙය ලියන මා දෙදෙනකු වේ..