..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, January 29, 2010

Virtual Love ......

 

පරම්පරාවෙන් පරම්පරාවට ගොඩක් දේවල් වෙනස් වෙනව.ඒත් ආදරේ වෙනස් වෙනවද.ඔව්..  ආදරේ කොහොම වුනත් ආදරේ කරන විදිහ වෙනස් වෙනව.දැන් බලන්න.අවු 16 විතර ඉදල ආදරේ කරන විදිහ දැන් වෙනස්. ගොඩක් දෙනා.. දැන් virtual Love.ඒ කියන්නේ chat කරල , email හුවමාරු කරගෙන. "ඔයා කෑවද" "ඔයා නෑවද" "ඔයා නිදිද" "ඔයා ට Good night" "ඔයාට Good Morning"....  මේ විතරක් නමෙෙයි පිටු 10 20 SMS වලින් දවස ගානෙම ආදරේ වපුරනව. කොහොම කරත් ආදරේ සුන්දරයි තාක්ෂණය නිසා ආදරෙත් හරිම කාර්යක්ෂම වෙලා.

ඒත් හමුවෙලා කතා කරල, අත් අල්ලන් මුහුදු වෙරළෙ ඇවිදින එක තරම් ආශ්වාදජනක දෙයක් කරන්න ඒ තාක්ෂණය දුප්පත් කියලයි මම හිතන්නේ.

ඉස්සර දවස් ගණන් පෙරුම් පුරල පුරල, කාටත් හොරෙන් හමුවෙලා ,පෙම් බස් දොඩල, දෑසට දෑස බලන් ඉදල හිතට දැනෙන මිහිර අවුරුදු ගානකටම මකතයේ රැදෙනවා. ඒත් අද වෙලාවට SMS ආවෙ නැත්තම් Love එක ඉවරයි.

මේ ලියන මම නාකි ආචිචි කෙනෙක් නම් නෙමෙයි. තාක්ෂණයෙන් උපරිම ඵල ප්‍රයෝජන ගන්න කෙනෙක්.ජීවිතකාලයෙම ඇසුරු කරත් අදුරගන්න බැරිවුන උදවිය තාක්ෂණය නිසා දවසින් දෙකෙන් හදුනා ගැනීමේ  අවස්ථා කිහිපයක් මට උදා වුනා. ගොඩක් දෙනා අමාරුවෙන් සගවාගෙන ඉන්න යටි හිත තාක්ෂණයට පින්සිද්ධ වෙන්න ගොඩක් දෙනා එළියට දානව. මුලදි මුලදි පරිස්සම් වුනත් පසු කාලය වෙන කොට ඉක්මනින්ම පුද්ගලයා හදුනාගන්න අපට පුලූවන් වෙනව. ඒක නරක දෙයක් විදිහට මම නම් දකින්නේ නැහැ. හිත අභ්‍යන්තරය හදුනා නොගෙන ආශ්‍රය කරනවාට වඩා සගවා ගෙන සිටින සිතුම් පැතුම් හදුනා ගන්න ලැබුනම ජීවත්වෙන්න පහසුයි.

කොහොම කරත්, කොහොම ලැබුනත් ආදරේ ආරම්භය පිරිසිදු සිතකින් පිරිසිදු අරමුණකින් නම් ඒ ආදරේ හැමදාමත් පවතින ආදරයක් වෙනව.

Internet cafe තුල රස්තියාදු වී
එන මග බලා සිටියා වරු ගණන් ඔබ
cyber අවකාශයේ පාවී
දින ගණන් ගෙවී යන විට
දිග ලියුම් රෝස මල් email එක දිගේ
ආදර හදවතට මුහුනක් ?
එයත් ඉටු කළා facebook / මුහුණු පොත
හමුවන්න සැමදා උදේ, දිවා, රැයේ
ජංගම දුරකථනය ඉටු දෙවියෙක් වගේ
කාලයත් සමග පාරවා මා සිත
delete කලද SMS
වෙනස් කළද SIM
disconnect කලද accounts
කෙසේ මා මකන්නද 
නොදනීම ස්ථාපිත වූ
හදේ ඇදි ආදරය
වත්...

Tuesday, January 19, 2010

..... මම ......

ගොඩක් දවසකින් මුකුත්ම ලියන්න බැරි වුනා. දේශපාලනය තමයි ඉතින් හැම තැනම.... ඒ ගැන ලියන්න නම් මගේ කිසිම අදහසක් නැහැ....

හ්ම්ම්...... ආදරේ ගැන ලියන්නත් දෙයක් නැහැ. දැන් මට ආදරේ අරහන්..... කාලයක් ඒ ගැන පිස්සුවෙන් හිටියත් යථාර්ථය තේරුම්  ගත්තම මට ඕන වුනේ ආදරෙන් ඈත් වෙලා ඉන්න. ටික කාලෙකට හරි ඒක මගෙ හිතට විසාල සහනයක් වුනා....

බැදීම් අඩුවෙන් ජීවත්වෙන එකත් ගොඩක් හොදයි. මොකද එතකොට සිත් රිදවීම් අවමයි.. මගේ බැන්දීම් දෙන ටික ටික ගිලිහෙනව... ආදරේ කරපු අය ටික ටික ඈත් වෙනව... තාත්තා ... නංගිලා... මට ඉතිරි වෙන්නේ හැමදාම මගෙන් බැනුම් අහ අහ ඉන්න.. මගේ ලගින්ම ඉන්න මගේ ආදර අම්මා විතරයි... අම්මා වගේ වෙන කවුද .... ඇය ලෙඩ වෙයි කියල මම හරි බයයි. සමහර විට ඒ මගේ ආත්මාර්ථකම වෙන්න ඇති.. මොකද ඇය නැතිව මම කවුද....

මිනිස්සු විවාහ වෙන්නේ ආදරේ නිසාම  නෙවෙයි කියල එතකොට තමයි මට තේරෙන්නේ. තමන් තනි වෙන නිසාත්... වයසට ගියහම  ලෙඩා දුකා වුනාම හවුහරණක් නැති වෙන නිසාත් තමයි විවාහය සිද්ධ වෙන්නේ....

ආදරේ කියල හිතන් විවාහ වුනත් සතුටින් ඉන්නේ කීදෙනාද...

ඉතින් මම මගේ සතුට නැති කර ගන්නවද ... තනිකමේ ගිලිල ඉන්නවද ... හිතන්න නම් බෑ... එතකොට හිත අනන්තයටම යනව...........


අනන්තයට ගිය මගෙ සිත
තුරුලූ කරන් හෙට අළුයම
ඔබත්එක්ක සිත ඇතුලින් කතා කරනවා
නෙතින් කදුලූ බිදු එනවිට
ක්ෂිතිජ ඉමේ රේකාවක
බොදවී ගිය ඔඛෙ රූපය යළි මතුවෙනවා
දවස නිම වෙලා හිමිහිට
පැතුමක් නැති මගෙ ලෝකෙට
අදුර සමග මගේ ලොවේ මං තනිවෙනවා
                                                                           වත්....

Sunday, January 10, 2010

මගේ ජීවිතෙන් තවත් දවසක් ..................

අද දවස නම් ටිකක් වෙනස් වුනා.

අම්මා,නංගිලා,කාර්යාලයේ අය ,දන්න හදුනන අය කවුරුත් මාව හමු වුනාම මේ දවස් වල කියන දෙයක් තමයි "ඔන්න වත්,අවුරුද්දත් ඉවරයි.මේ අවුරුද්දෙවත් බලමුද... දැන් එක්කෙනෙක් නම් ගොඩ ගියානෙ"(ඒ කියන්නෙ අපේ නගා ගැන එයා ලගදි බැන්දා) .... ඒ ගොල්ල මට කියන්නෙ උඹ කවදද අමාරුවේ වැටෙන්නෙ කියල නෙ නේද .....

සමහරු නම් ඒ දේ අහන්නෙ හදවතින්ම එන හිතවත් කමට.ඒත් තව සමහරු නම් සිත් රිදවීමටත්, ජීවත් වෙලා මොටද බදින්නෙ නැත්තම් කියන අදහසිනුත් අහනව.ඒ කියන අයට නම් ජීවිතේම මගුලක්ද දන්නේ නෑ.

ඇහැට කණට පේන,වයසත් ගාණට හරි යාගෙන එන, ගැහැණු ළමයි ඉන්න ගෙවල් වලට නිතරම කපුවෝ එනව යනව. ඒ වගේ තමයි අපේ ගෙදරත්.කෙල්ලොම 3 දෙනකේ නිසා කපුවො එන්නෙ හොයා ගෙන.අම්මාව රවටල රටේ තියන තරම් බොරු කියල සල්ලිත් කඩා ගෙන යනවා.

ඔන්න ඉතින් එහෙම එක්කෙනෙක් සෙනසුරාදා අපේ ගෙවල් පැත්තෙ ඇවිත්.පුදුමාකාර තරම් හොද කොල්ලෙක්ගෙ ඵීස්තරයක් කියල ඉරිදාට මාව බලන්න එනව සාරි ඇදල, make up   දාලා උදේ 9 වෙනකොට ලෑස්ති වෙලා ඉන්න කියල ගතමනාවකුත් ඉල්ලන් ගිහින්.

ඔන්න ඉතින් දැන් අද උදේ ඒ කියන්නෙ ඉරිදා උදේ ගෙදර යුද්ධෙ. අම්මා කෑම බීම ලෑස්ති කරනව. මම ඉතින් අම්මා ගේ සිත රිදවන්න බැරි නිසා මට තියන හොදම සාරිය ඇදල, පාට 2 ,3 කුත් මූණෙ උලාගෙන සූදානම් වෙලා ඉන්නව.දැන් ඉතින් ඔක්කොම හරි.කීව විදිහට නම් කොල්ලා හොද හැඩකාරයෙක් ලූ.

දැන් ඔන්න 9යි ....9.30 යි ....10 යි.... 10.30 ....මේකා එන පාටක් නැහැ.වෙලාවට ඒ පිරිමි ළමයගෙ කේන්දර පිටපතේ ගෙදර දු.ක තිබ්බා. ඉතින් අපේ අම්මා ඒ දු.ක ට dial කරල බැලූවා. කියන්න බෑනේ අද කාලෙ හැටියට මොන මොන කරදර වෙනවද කියල නේද

මේස උඩ තිබ්බ cake ,කෙසෙල් ගෙඩිත් ටික ටික ඉවර වෙනව. ඒක වෙනමම කතාවක්.

දුරකතනයෙන් මොන මොනවද කතා කරපු අපේ අම්මා මූණත් නරක් කරන් මා ලගට ආව.

"මොකද අම්මා වෙලා තියෙන්නේ"

"ඕක ආයෙ මේ පළාතේ ඇවිත් ඉවරයි.කපුව ඒ ගෙදර පලාතෙ ගිහින් නෑ පුතේ. ඒ මිනිස්සු මෙහෙම දෙයක් දන්නෙත් නෑ. "

මගේ හිත නම් පස්වනක් ප්‍රීතීයෙන් ඉපිලී ගියා.......

"ඒකත් ඉවරයි" ........... කපෝති කවුද කියල නම් මම දන්නේ නෑ. මගේ ජීවිතේ නම් තව දවසකින් දිගුවුනා වගේ මට දැනුනා.............



Tuesday, January 5, 2010

මගේ සඳ අහිමි සද


අදු‍රේ මුලා වී සිටි දිනේ
සඳ සේ එළිය වී
පුංචි තරුවක් කරා
මා නු‍ඹේ හද ගැබේ

දිරිය වී මගෙ සිතේ
සුවද කර ජීවතේ
ලෝකයම වෙලා නුඹ
මගේ දිවි මාවතේ

අත්වැලෙන් ගිලිහුනත්
සිත් වලින් ළං වෙලා
මුමුණන්න නොලැබුනත්
එකම අහසට වෙලා

දකින්නට රිසි නිසා
දෑස් රිදෙනා තුරා
පුංචි තරුවක් ලෙසින්
සිටිමි ළගටම වෙලා

                                                                             වත්........

Saturday, January 2, 2010

සොදුරු සඳ


2009 වසර අවසානයත් 2010 වසර ආරම්භයත් සමග මධ්‍යම රාත්‍රියේ වන්ද්‍රග්‍රහණයක් ඇති  වෙනව කියල ආරංචියක් ආවා.ඉතින් සට ගොඩක් ආදරේ මම නිදිමරාගෙන බෙල්ල කඩාගෙන ග්‍රහණය බලන්න රෑ 11 ඉදල මිදුලෙ......

දුරුතු පෝය දවස ....මධ්‍යම රාත්‍රී වුනාට පොඩ්ඩක්වත් කළුවර නැහැ.ලස්සනට හ පායල.මුළු පරිසරයම සෞම්‍ය ආලෝකයකින් ඔපවත් වෙලා .මිනිසුන් විතරක් නෙමෙයි ගහ කොළ සතා සීවුපාව පවා නින්දට ගිහින් හරිම නිහඩයි.සොදුරුයි.සයි අහසයි දිහා බලන් ඉන්න කොට මුළු ලෝකෙම අමතක වෙනව.බෙල්ල කැඩිල ගියත් ඕන තරම් වෙලාවක් බලන් ඉන්න පුළුවන්.

පූර්ණ චන්ර්‍දග්‍රහණයක් නම් දැක්කේ නැහැ. හ ළාවට .... හදෙන් බොහොම ටිකක් කළුවර වුනා.ඒ සිද්ධිය එහෙම කෙළවර වුනත් මම තවත් අහස දිහා බලන් හිටිය.

 "ළමයෝ මේ මහ රෑ ජාමේ මොනව කරනවද මිදුලට වෙලා" අම්මාගේ කටහඩින් තමයි මම පියවි ලෝකෙට ආවෙ.
ට "පිස්සු හැදෙන හ"කියන්නෙ ඇයි කියල දැන් තමයි මට තෙරෙන්නේ........

 

දිහා බලන් තෙරක් නොපෙනෙන අහසෙ මගේ දෑස් අතරමං වුනා වගේ ඔහු දිහාම බලන් ඉදල මගේ ජීවිතෙත් අතරමං වෙලා ද කියල මට හිතෙනව.... 

 

ඒත් එහෙම වුනා කියල හ  ඒකට වගකියන්න ඕන නැහැ. හඑක්ක තරහ වෙන්න කාටවත්ම බෑ.හ නැත්තම් අහසින් වැඩක් නැහැ. .....

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...