..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, December 6, 2010

෴ කණාමැදිරියා - The firefly ෴


සඳෙන් එළිය සොරකම් කරන්
ඇවිත් හොරෙන් මිහිපිට සැරූ
නුඹත් හරියට ඔහු වගෙයි
මගේ සිත හොරකම් කෙරූ

බිඳින් බිඳ සොරකම් කරත්
සඳේ එළියද අඩු නොවෙයි
මගේ සිත සඳ මෙන් ඉතින්
නුඹේ නමටම වෙන් කෙරෙයි

රැයට ආලෝකය අරන්
ලොවම එළීයෙන් සරසනා
එසඳ ඔහු මා ළඟ ඉඳන්
සිහින නිති මගෙ එළි කළා

Before, beside us, and above, The firefly lights his lamp of love,

කණා‍මැදිරි එළි වලින් සිහින දකින 
මම
෴ වත්෴

30 ප්‍රතිචාර:

පූසා said...

කණාමැදිරියා එළිය ගත්තේ හඳෙන් කියල මම දැනගෙන හිටියේ නෑ නේ.
හි හී විහිලුවක් කලේ අක්කී.....
ලස්සනයි කවි ටික............

අකීකරු හිත said...

ලස්සන අදහසක් අක්කේ

තරු අහස said...

සඳෙන් පොඩ්ඩක් එළිය අරගෙන
ඉද්ද මල් උඩ දඟ කරන්නට
මැදියමට මා යනෙන මාවත
දුටුවා ඉන්නව කල්පනාවක...

නොගෙන වෙනතක නෙත් යොමාගෙන
දැහැනකට වැද මා බලාගෙන
රැඳුන මුව අග මල් සිනාවෙන්
තේරුණා මට ඔහුගෙ වත ගොත...

( මම පුංචි කණාමැදිරියා )

මධුරංග said...

කදෝපැනියෝ ගැන ලියපු මේ සංකල්පනාවවත් නියමයි අක්ක. මට මතකයි අපි පුංචි කාලේ කනාමදිරියෝ අල්ලලා බෝතල් වල දාගෙන ඉන්නවා. පව් හැබැයි එවුන් මැරෙනවත් එක්ක.

කොහොම උනත් වත් අක්ක මේ ලියපු කවි ටික නම් නියමයි.

ගල්මල්-Coral said...

සඳේ නුඹ
නුදුන්නා නම්
එළිය බිඳක්
ඒකාත් නිකම්
කුරුමියෙක්
නොවෙද ඉතිං

ඉලංදාරියා said...

"
බිඳින් බිඳ සොරකම් කරත්
සඳේ එළියද අඩු නොවෙයි
මගේ සිත සඳ මෙන් ඉතින්
නුඹේ නමටම වෙන් කෙරෙයි"

මම කෑමතිම මේ ටිකට.... ලස්ස්නම ලස්සනයි අක්කේ ..

මේ වචන අතරින් මම කියවවුවා ලොකු කතාවක්.......

Dinesh said...

ලස්සනයි අක්කේ......

සද මෙන් සිසිලයි
නුඹෙ සෙවන මට
තනි තරුව වී රෑ අහස
ඉන්න හිතයි මට හැමදාම...

හිස් අහස said...

අක්කා වෙජිටේරියන් උනාට පස්සේ දාපු පලවෙනි කවිය ..ඔය අක්කගේ හිත හොරකං කරපු කෙනා කැමති වේවිද මන්දා වෙජිටේරියන් ලඳකට..

ලස්සනයි ලස්සනයි කියලා මට දැන් එපා වෙලා ..ලියන්නකෝ දවසක කැතයි කියන්න පුලුවන් ජාතියේ කවියක් ...ඇත්තමයි එහෙම එකක් දැක්කොත් මම "හූ" කියල තමයි පස්ස බලන්නේ ! තවම මම ඒ වගේ කැතයි කියන්න පුලුවන් කවියක් නම් දුටුවේ නෑ ..

ඔය හිත හොරකං කොරපු හොර ගෙඩියා නම් මාර වාසනාවන්තයි ..මොකද මෑන් හොරකං කරේ නිකම්ම නිකං සිතක් නෙවෙයිනේ "සොඳුරු සිතක්"

අර කනාමැදිරියා දැක්කම හිනා කාලා මැරෙනවා !

ජයවේවා !!

arunishapiro said...

කළාමැදිරියා කියන්නෙත් ඌටම නේ. මෙහෙ රසවත් රූපවාහිනි ටෙලිනාට්‍ය පෙළක් ගියා Firefly කියලා. ඒක නම් විද්‍යා ප්‍රබන්ධයක් විශ්වයේ සැරසරන අමුතු වීරයෝ කල්ලියක් ගැන. ඒකෙත් හිටියා ඔයා කියන විදියේ හිත් හොරකම් කරන කණාමැදිරියෙක්!

malithi said...

එකම එක මොහොතකට දුව ඇවිත්
හිත කොණක හාදුවක් තවරාන
යලිත් ආ සැණින් මේ සැඟව යන
කදෝපැණි නුඹයි කළුවර සිතට

ලස්සනයි වත්! :)

wath said...

@ පූසා
ආහ්.. පුසා.. පූසො දන්නේ කණාමැදිරියාව අල්ලන් කන්න තමයි... එතකොට බඩේ ලයිට් පත්තු වෙන්න ගනීවි පූසෝ

wath said...

@ අකීකරු හිත
ස්තූතියි... ඒකනෙමෙයි ඔයා ගෙ හිත මොකද අකීකරු..

wath said...

@ තරු අහස
තරු අහසින් හොරු අරගෙන
එවපු අයයි කණාමැදිරියෝ ...

ස්තූතියි තරු අහස .....

wath said...

@ මධුරංග
ස්තූතියි මධුරංග... මම අහල තියෙනව අර වඩු කුරුල්ලො ඉන්නේ අන්න වුන්ගේ කුඩු වල හයි කරන්න අරන් යනවලු මේ කණාමැදිරියන්ව...

වඩු කුරුළූ කූඩු හරි ලස්සනයි . ඒ කූඩු ඇතුලේ කොච්චර ලස්සන ඇති ද?

wath said...

@ ගල්මල්-Coral
ලස්සනයි... ඒක නෙමෙයි දැන් කවුද මේ කුරුමිණියව කණාමැදිරියෙක් කරේ...ස්තූතියි ගල්මල්-Coral අයියා...

wath said...

@ ඉලංදාරියා
ස්තූතියි ඉලංදාරියා ...

මාත් ආසම පද ටික තමයි
බිඳින් බිඳ සොරකම් කරත්
සඳේ එළියද අඩු නොවෙයි
මගේ සිත සඳ මෙන් ඉතින්
නුඹේ නමටම වෙන් කෙරෙයි"

ඔයා හරි ඉලන්දාරියා... මේ පද 4 අතරේ මුලු කතාවම හැන්ගිලා තියෙනවා...

wath said...

@ Dinesh
තනි තරුවේ... තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න ...
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

ස්තූතියි ....දිනේෂ් ....

wath said...

@ හිස් අහස
ඇත්ත තමයි හිස් අහස... ඒ පින්තූරය හරි ලස්සනයි නේද? ගොඩක් අය අහනව කවියට කොහොමද පින්තූර ගලපන්නේ කියල...

හිස් අහස ..ට සඳ පෑවුව වගේ තමයි ඉතින් මගේ සිතත්...

ස්තූථියි මල්ලි.......

wath said...

@ arunishapiro
ස්තූතියි අක්කා... මම තව අහල තියෙනව සින්දුවක්.Owl City Fireflies..

විද්‍යා ප්‍රබන්ධ වලට මාත් ආසයි. ලගදි බලපු හොදම ප්‍රබන්ධය තමයි "AVATOR"

wath said...

@ malithi
ස්තූථියි මලිති...

එකම එක මොහොතකට දුව ඇවිත්
හිත කොණක හාදුවක් තවරාන
යලිත් ආ සැණින් මේ සැඟව යන
කදෝපැණි නුඹයි කළුවර සිතට

෴ ලස්සනයි ෴

Indranatha Thenuwara said...

ඕනවට වැඩිය පප්ප ලයිට් එක පත්තු කරන්න එපා කියන්න. දැන් 8%වැඩි කරලනෙ තියෙන්නෙ...!!!

ගල්මල්-Coral said...

"දැන් කවුද මේ කුරුමිණියව කණාමැදිරියෙක් කරේ"

සඳ මිසක් වෙන කවුරුද.

පොලොවකටම ග්‍රහයන් මෙන්ම අඳුරට එළිය දෙන්න සඳක් ද, සඳ බබලවන්න ඉරක් ද තියෙනවා. හැම ජීවිතයටමත් එහෙමම නේද නගේ.

෴ හසියා ෴ said...

ගිණි පෙලෙල්ලෙන් බැට කාපු එකා (මේ මං වගේ....) කණාමැදිරි එළියටත් බයයි කියනවනේ....

wath said...

@ Indranatha Thenuwara
බිල ගියා කියල කළුවරේ ඉන්න බැහැ නේ අයියා...

wath said...

@ ගල්මල්-Coral
හ්ම්... ඇත්ත තමයි. ජීවයක් හදන්න මේ ඉර හඳ දෙකම ඕනි තමයි...ඩීන් අයිය හිතන හැටි හරි ලස්සනයි...

wath said...

@ ෴ හසියා ෴
මෙහෙමත් බය ගුල්ලෙක්...

෴ හසියා ෴ said...

ගුටි කාලම බලන්න ඹ්නි තේරෙන්න....

Ravi said...

සඳ එළිය ගලාවිත්,
ගෙමිදුලම වෙලාගෙන,
ඒත් කණමැදිරියෝ,
නුඹ මසිත සොරාගෙන,

බිඳෙන් බිඳ හෝ දිනෙන් දින හෝ,
සඳේ රැස් අඩු වැඩි වෙනා,
සඳට වැඩියෙන් මනාපයි මම,
කණමැදිරි එළි දැල්වෙනා,

wath said...

@ Ravi
කණාමැදිරි එළි හොඳයි ..දීප්තිය අඩු වුනත් හැමදාම ළඟ. ඒත් හඳ එහෙම නැහැ..

කවිය වෙනදා වගේම අගෙයි .

ඉෂ් said...

Without you I'm just a bug `
with you I'm a glow bug ~~

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...