..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, December 30, 2010

෴ කොළ ඉවරයි - සඳ නැටුමට නොඑයි ෴

 ෴ විකාර කවිය ෴

කොළ ඉවරයි සුවඳත් නැහැ
අදින් පස්සෙ වැඩකුත් නැහැ
හෙට ආයෙත් අලුත් කෙනෙක්
ඒවිද මම දන්නෙත් නැහැ

නුඹ වාගෙම කොළ එක එක
කඩ කඩ මට දෙන්නෙත් නැහැ
මම තාමත් හිටි තැනමයි
නුඹ ගිය හැටි මතකත් නැහැ

පසු ගිය දේ හිතුවෙත් නැහැ
හිතුවත් එහි පලකුත් නැහැ
වෙන්න තියෙන දේ හිතුවොත්
හිතකට සැනසිල්ලක් නැහැ

යාලු යෙහෙලි හිත් අතරේ
නුඹගෙන් මට වැඩකුත් නැහැ
ආපු අයම ගියපු නිසා
වෙනසක් දැන් ඇත්තෙත් නැහැ

හෙට එළිවෙන හිරු වෙනදට
උදා වුනා දන්නෙත් නැහැ
31 මේ මල කෝලම් 
බෝල්රෑම් තනියෙන් බැහැ

සඳ කාටත් මතකත් නැහැ
සඳ ඒ ගැන දන්නෙත් නැහැ
සඳ නුඹ නම් පුදුම කෙනෙක්
නැටුමට නුඹ එන්නෙත් නැහැ







බෝල්රූම් රඟහලේ සැඳැල්ලට වෙලා අවසන් සඳ නරඹන 
මම
෴ සොඳුරු සිත ෴

17 comments:

  1. අක්කේ ....!

    දුක් කරදර පිරිච්චි ඔය හිත් පොජ්ජට සන්තෝස පොජ්ජක් මන්දෝ කරපං . බ්ලොග් පොජ්ජෙන් නම් කපේකටවත් වහං වෙන්න ට්‍රයි කොරන්න එපා .

    මම විශ් පොජ්ජක් කරන්නම් ලබන නව වසරට.. අක්කට හොඳ ඉලන්දාරි මිනිග්ගජ්ජෙක් හොයාගෙන. හිත් පොජ්ජට ආල පොජ්ජක් මන්දෝ වෙන්ඩ කියලා . කෝ කිසිම උනන්දු පොජ්ජක්වත් නැතිහැටි ..

    ජයවේවා !

    ජයවේවා !!

    ReplyDelete
  2. සැලෙන්න එපා අක්කේ.
    ඇයි කලින් පෝස්ට් එක අයින් කළේ. ඒ වැඩේ හොඳයි මම ඒක කියෙව්ව්වා ඊයේ. ඒක ආයෙ දාන්න.

    ReplyDelete
  3. අක්කනම් එලටම ලියල තියනව....
    බොරු කියන්න ඕනේ නෑනෙ ඔයාගෙ ශාස්ත්‍රීය කවි වලින් මට තෙරුන එකම කවිය....
    නව වසරට සුභ පැතුම් අක්කේ....!
    ආ.... තව ඉක්මනට අයිති කාරයෙක් හොයාගෙන අපිට කේක් කන්නත් වාසනාව ලැබෙයි කියලත් හිතනව.........

    ReplyDelete
  4. විකාර වගේ වුනත් ඔයාගෙ මේ කවියට මම කැමතියි........

    ReplyDelete
  5. විශේෂයෙන් අන්තිම කවිය ... ඉස්තරම් ....

    ReplyDelete
  6. රංගගේ බ්ලොග් එකෙන් මම මෙතනට ආවෙ.. ඔය ලියන විදියට මම කැමති... දිහටම ලියන්න... ඔයා ලියල තියෙන දෙවල් වලට මගෙ ජීවිතෙත් ගොඩක් සමානකම් තියෙනව.. ජීවිතේට මුහුන දෙන්න ඔයාට තියෙන දෛර්යට මම කැමති... ආයෙත් වෙලා තියෙන වෙලාවට අනිවර්යෙන්ම නැවත එනවා...

    සුභ අලුත් අවුරුද්දක්...

    ReplyDelete
  7. සඳැල්ලේ යුවතියට සඳ කී කවිය,

    ලොවට මා අමතක වුනාදෙන්,
    හිතට නුඹෙ මා එළිය දෙන්නම්,
    එන්න මාවෙත වෙලා තරුවක්,
    අහස රඟහල අපෙ සදාකල්,

    ReplyDelete
  8. සඳළුතලෙන් බැහැල බලන්න වටේ ගොඩක් අය ඉඳීවි නටන්න

    කවිය එළය කැලැන්ඩරෙ පවුය

    ReplyDelete
  9. Ravi
    එන්න නුඹ වෙත
    තටු කොහෙන් මට
    ඉන්න නුඹ වෙත
    ඉඩ කොහෙන් මට
    අයිති නුඹ
    මහ අහස් ගවුවට
    කැල්ම දෙනු
    සිත හදා ගන්නට

    ReplyDelete
  10. නිශ්
    සඳළුතල වෙත ගෙනත් අතහැර
    ගියා ඔහු යලි නොඑන දුරකට
    යලිත් බටුවොත් බිමට තනියම
    සඳත් තව මට දුරම වෙනු ඇත

    ෴ ස්තුතියි නිශ් ෴

    ReplyDelete
  11. Angel without wings
    සුරගනක් දුටුවෙමි තවත් මම
    තටු නැතේ ඇය හට ලැබී තව
    මිනිස් දුවකට හිමිව නැති වුන
    දුකම ඇයටත් හිමිය අද දින

    ෴ තටු නැති සුරංගනාවියේ නුඹට පුලුවන් කකුල් වලින් මුළු ලෝකෙම ඇවිදින්න ෴

    එතකොට ඔයාට තේරේවි උඩින් බලනවට වඩා ලෝකය මොන තරම් වෙනස් දකියල.....

    ReplyDelete
  12. kumaraya
    අන්තිම කවියට
    එහි ඇති රසයට
    නුඹ අකමැති බව
    නොම දන්නෙද මම

    සඳ ඇති රැයකද
    සඳ නැති රැයකද
    සිත පතුලෙම ඉඳ
    එළියයි මුළු හද

    කාලය රහසෙම
    මතකය අරගෙන
    නුඹ ඇයි තනිවම
    පැනයකි විමසන

    ෴ සුබ නව වසරක් කුමාරයෝ ෴

    ReplyDelete
  13. MaRlaN
    මා ලියනා පද
    නුඹ හට නොදැනෙන
    අරුමයකුත් නැත
    නුඹ හරි සුකුමල

    ඔය පොඩි වයසට
    මයෙ කවි සැර ඇත
    පුංචිම අකුර ද
    කඳුළක රස ඇත

    ReplyDelete
  14. පූසා
    පූසෝ පූසෝ මගෙ හොර පූසෝ
    සුරතල් දඟ වැඩ නොකරන් පූසෝ
    ගස් උඩ දඟලන ටිං ටිං ලේනෝ
    නුඹ හරි හොඳ බව පවසයි පූසෝ

    ෴ ඤාව් ඤාව් .... සුබ නව වසරක් පූසෝ ෴

    ReplyDelete
  15. හිස් අහස
    හිස් අහසක් මට පාට කරන්නට
    දුන්නොත් මොනවා වේවිද නුඹ හට
    දේදුන්නක් කලකදි පෑයු වට
    හැමදාමත් නැත නුඹ දන්නව ඇත

    සඳ
    තරු
    උල්කා
    දේදුනු රේඛා

    අරගෙන මම නුඹ දකිනට එනවා....

    නුඹ සිත රැඳි අර ලස්සන සඳ වත
    අරගෙන හැඩ බලනට මට දෙනවද

    ReplyDelete
  16. ස්තූතියි අක්කෙ....
    මට ලියවුනු පලවෙනි කවිය මේකයි.... ලස්සනයි....

    ReplyDelete
  17. අහ් මට කියවන්න බැරිවුණ පෝස්ට් එකක් ඩිලීට් කොරලා....මේවා රාජ්‍ය විරෝධි කුමණ්ත්‍රණ...පස්සේ බලාගමු....

    හැමදාම ගොඩාරියක් සතුටින් ඉන්න....
    (මගේ සතුටත් අරන්ම ගොඩාරියක් සතුටින් ජීවත් වෙන්නකෝ....)

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...