..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, December 31, 2010

෴ අවසන් කවිය ෴

 
කොළෙන් කොළේ ගැලවී ගිය ලෙසට දින දසුනේ
බිදෙන් බිද නුඹ මතකයෙන් මගෙ ගිලිහෙනා අරුමේ
පොදින් පොද ආදර සිහින මල් මැලවෙනා යහනේ
තවත් වසරක මතක අතරට නොඑන් සිත් අරණේ
 
...෴ නුඹට සුබ නව වසරක් ෴

25 ප්‍රතිචාර:

ෆැන්ටසි said...

රල බිදුනොත් තව පසු පස වැටේවි
කොල හැලුනත් යලි දළු ලා වැඩේවි
පරවුන මල ඔබට සුවද නොදෙවී
බල නව හිරු සොදුරු සිතට රිදේවි

පිණිබිඳු... said...

සුභ අලුත් අවුරුද්දක් වේවා.

෴ හසියා ෴ said...

සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!

හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!

(දන්නවනේ හසියගේ ප්‍රාර්ථනා බල මහිමය....හික්ස්)

එහෙනම් ඉතිං ‍මේ වසරට....

එස්වඃ පුඃ...

ayesha said...

පැතුම් ඉටු වෙන සුභ නව වසරක් වේවා!

kumaraya said...

මාත් කියන්නෙ පැතුම් ඉටු වෙන නව වසරක් වේවා....

නිර්මල said...

සුභම සුභ නව වසරක් වේවා!

නිශ් said...

වත් මට 2010 වසරෙදි හමුවූ සොදුරු කෙනෙක්. මම කවි කියවන්නත් පුරුදු උනා නොවැ මේ සොදුරු සිත නිසා.
ඉතින් සතුට පිරි නව වසරක් පතනව මගෙ සොදුරු මිතුරියට.

සොඳුරු සිත said...

ෆැන්ටසි
කොළ හැළුනම නව දල්ලක් පූදිනවා
පර මල ඉවත නව මල් පෙති පූදිනවා
රළ විත් ගියත් පසු පස තව රළ එනවා
ඔහු විත් ගියා තවකෙක් සිත නොරැදෙනවා

෴ ස්තුථියි ෆැන්ටසි ෴

සොඳුරු සිත said...

පිණිබිඳු...
පිණී බිඳ එපා දහවල පිට රැදෙන්න
පිණි බිද එපා සීතයි ගත වෙලෙන්න
පිණි බිඳ එපා නෙතඟට නුඹ නැගෙන්න
පිණි බිදු නුඹට සුබ වසරක් පිදෙන්න

සොඳුරු සිත said...

෴ හසියා ෴
නුඹෙ බල මහිම මම දන්නවා හැමදාම
නුඹෙ මුළු හදින් දිරි ලැබෙනවා හැමදාම
නුඹ වැනි කෙනෙක් සොහොයුරු වී නොලැබීම
නුඹෙ පින මගේ පව සිතෙනවා සැමදාම

හසි පැටියෝ සුබ නව වසරක් ..........

සොඳුරු සිත said...

ayesha
පැතුම් පිපෙන මල් ගහ මිදුලේ තාම
පැතුම් ගොඩයි ගහ බර වෙයි හැමදාම
පැතුම් එකින් එක ගිලිහී මුළු රෑම
එක පැතුමක් සිටී නෙත් දල්වන් තාම

ස්තූතියි...෴ සුබ නව වසරක් වේවා ayesha ෴

සොඳුරු සිත said...

kumaraya
කුමාරයෙක් මුණ ගැහුනා රහසේම
ඔටුන්නක් නැතේ හිස දවටන් තාම
හිතක් ඇතුලෙ මාලිග තැනුවද තාම
ලොවක් දන්නෙ නැහැ කුමරෙක් බව තාම

෴ ස්තූථියි - සුබ නව වසරක් වේවා ෴

සොඳුරු සිත said...

නිර්මල
නිර්මල හදට සෝ දුක් රැලි නොම ඒවා
නිර්මල නෙතට කඳුළක් නිති නොරැදේවා
නිර්මල කතාවත් දෙසවන රැවු දේවා
නිර්මල අලුත් අවුරුද්දක් නුඹ හට වේවා

෴ සුබ අලුත් අවුරුද්දක් වේවා ෴

සොඳුරු සිත said...

නිශ්
එස්බී යූ වෙ මම හැමතැනකම සෙවුවා
දන්නා කියන කිසි කෙනෙකුන් නැති වුවා
පැතුමද විසිනු වී හද සෝ දැල්වූවා
හිටි ගමනින්ම මා අභියස නුඹ වූවා ...

දෝණි ගෙ සිනා පහනයි
නෝනගෙ සෙනෙහෙ දහරයි
යන යන තැනදි රහසයි
පැතුම් දහසක් පිපෙන වසරයි

Ravi said...

තැවුල් සේදී ගියා වූ කල,
මතක පමණක් ඉතිරි වූ සඳ,
සිතට දිරි ගනු මැනවි නැඟනිය,
ඔබට වරදිනු නැත දනිමි මම,

Ravi said...

ඒක අමතක උනානෙ බොලේ,

සුබ නව වසරක් වේවා 2011 !!!!!!

Anonymous said...

මේක හරියන්නේ නෑහැ, වත් අක්කා හැමදාම ... අපි දන්නේ නැති අයට ලියලා, එයාලටම සුභ පතනවා, ඒත් බ්ලොග් ලියන අපිට නෑ.

මොනා වුනත් කමක් නෑ, වත් අක්කට එන අවුරුද්ද සුභම සුභ අවුරුද්දක් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.

සොඳුරු සිත said...

prasanna86k
රත්තරන් මාලුවෙක් අහම්බෙන් හමුවුනා
රත්තරන් හිත් සහිත බව මටත් තේරුනා
රත්තරන් රත්තරන් කියන අය අතරිනා
නුඔ හරිම වැදගතෙක් දිනක් මට වැටහුනා

෴ සුබ නව වසරක් රත්තරන් මාළුවෝ ෴

Anonymous said...

දින දසුනේ කොළ ගැලවී යන කලට
සුභ නව වසරක් එනවා පෙර මගට
සියලු සුභ සිහින මල් ඵල ගැනෙන්නට
පතනෙමි සුබ පැතුම් සුභ නව වසරකට

සොඳුරු සිත said...

wmcreations
කොළ ගැලවෙන දින දසුනේ අසිරි බලා
තව කොළ ගොඩක් ඇති දසුනක් අතෙහි දරා
හිස් වූ බිත්තියේ රදවා හැඩය බලා
නව වසරක ඇරඹුමකට ආරාධනා කරා...

෴ ස්තූතියි ෴
෴ සුබ නව වසරක් වේවා wmcreations ෴

විහඟ ගීතය said...

හි‍ටු කියා නවත්තාගනු බැරි බැවිනී
ඉ‍ටු වුනා නොවුනා, දින ගෙවිලා ගොසිනි
පි‍ටු පපා ගියත් නව වසරට ලොබිනි
ත‍ටු විදා සරනු හෙට නුඹගෙයි ළඳුනී

මධුරංග said...

සොදුරු සිතක් ඇති වත් අක්කේ ඔබටත් සුබම සුබ නව වසරක් වේවායි පතන්නෙමි. අක්කගේ හිතේ තියෙන දහසක් පැතුම් මල් විකසිත වන වසරක් වෙන්න කියල පතනවා.
" කිරි ඉතිරේවා නව වසරේ...... "

(ඒ අතරම මංගල සීනුත් නාද වේවා කියලා පතනවා..)

හිස් අහස said...

ඉතින් .. මේ අළුත් වසර . අක්ක්ගේ ජීවිතයේ ලස්සනම අවුරුද්ද වෙන්ඩය කියලා මම ප්‍රාර්ථනා කරනවා ..

අක්කගේ ජීවන ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..!!

ජයවේවා !!

Anonymous said...

අක්කිටත් සුභ නව වසරක් වේවා......!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

පූසා said...

අක්කට සුභ නව වසරක් වේවා!!!!!!

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...