..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Wednesday, December 29, 2010

෴ කඩේ යාම ෴

 ම" මල් කැඩීම " ගැන ලීවා . . . ඔයාල ගොඩක් අය කියවල තිබ්බ. ස්තූථියි . . .

අද මම කියන්න යන්නේ , ඒ වගේම තවත් දෙයක් ගැන. . .  " කඩේ යෑම "

කඩේ යාම. අපි කවුරුත් අකමැති නමුත් , කවුරුත්ම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කරන දෙයක්.

ගෙදර ඉන්න ලොකු දරුවා විදිහට මම කඩේ යෑම පටන් ගත්තේ ස්කෝලේ හෝඩියේ ඉඳල. බොරු කියන්න ඕනි නැහැ නෙ ඉස්සල්ලම ක‍ඩේ ගියේ තාත්තට සිගරට් ගේන්න. ඒකත් පුංචි කඩදාසි කෑල්ලක ලියල දෙනවා. නැත්තම් ඉතින් පුංචි දෙවට පාර දිගේ සින්දු කිය කිය නට නට වට පිට සත්තු දිහා බල බල වුන්ට "හෙලො'" කියාගෙන ,යන කොට කඩේ ලඟට ගියහම ගේන්න කියපු දේ මතක නැහැ.අනික අපේ තාත්ත දන්නව මට කඩේ ගිහින් එන්න සෑහෙන වෙලාවක් ගත වෙන විත්තිය. 

තාත්ත විස්තරේ ලියන දුන්න කොලේ කඩේ ඉන්න මුදලාලි සීයට දුන්නම ,ඒකේම සිගරට් ටික ඔතල. ඉතිරි පොඩි සල්ලි ටිකත් හොඳට ඔතල තමයි දෙන්නේ. 

මොකද එක දවසක් උදේ සිගරට් ගේන්න කඩේ ගිය මම හවස් වෙනකම් ගෙදර ගියේ නැත්තේ සින්දු කිය කිය ගිය පාරේ මඟ නැතිවුන ශත විසිපහේ කාසිය හවස් වෙනකම්ම හොයා ගන්න මට බැරි වුන නිසයි. ශත විසිපහ නැතිව කොහොමෙයි ගෙදර යන්නේ. තාත්ත දුක් මහන්සියෙන් හම්බ කරපුවා. සිගරට් බොන එක වෙනම කතාවක්. 

එදායින් පස්සෙ  අම්මාගේ බැනුම් නිසා තාත්ත මාව කඩේ යවන එක නැවතුනත්. අම්මා ඒ පාර මාව කඩේ යවන්න ගත්ත. අම්මා ලියල දෙන ලිස්ට් එක සෑහෙන දිගයි.හැබැයි ඉතින් කාලයක් කඩේ ගිහින් පුරුදු නිසා මාත් ඒකෙන් ප්‍රතිලාභ ලබන්න ,ඉල්ලීම් දිනා ගන්න තරම් හොඳ දියුණූවකට ඇවිත් තිබ්බෙ.


" අනේ පුතේ ගෙදර උයන්න දෙයක් නැහැ. ටක් ගාලා දුවල ගිහින් මේ ටික අරන් එන්න. මගෙ හොඳ පුතානේ"


" මට බැහැ"


" අනේ පුතේ ඉතිරි සල්ලි වලින් සීනි බෝල ගන්න"


සීනි බෝල දිනා ගැනීම ටොෆි ,චොකලට් දක්වා වර්ධනය  වීමේදී අම්මා මාව කඩේ යවන වාර ගනන දින ගණන එන්න එන්න අඩු වුනා.


පස්සෙ පස්සෙ කාලයත් එක්ක මුහුණ තෙල් පාට වෙලා කුරුලෑවක් දෙකක් එන්න ගත්ත සමය වෙන කොට ඉල්ලීම් රහිතවම ස්වකැමැත්තෙන් කඩේ යන්න ඉදිරිපත් වුනත් අම්ම නෙමෙයි මාව කඩේ යවන්නේ. ඇයි ඉතින් කඩේ පිලේ කොල්ලො කුරුට්ටො වැඩියි නෙව.....


ඒ අවධිය වෙන කොට කඩේ යෑමේ තනතුරු මගෙන් මාරු වෙලා පහල මට්ටමේ සාමාජිකාවකට ගිහින් තිබ්බ.


පස්සෙ ඉතින් . . . .  ඉගෙනීම රැකියාව එක්ක එක එක අයට කඩේ ගියා තමයි. . .  ඒත් තාම හරි හමන් කඩේකට ගොඩ වෙන්න බැරි වුනා.


අම්ම තාත්ත මාව කඩේ යැවුව වගේ මාත් ඉතින් කාව හරි කඩේ යවන්නම ඕනි නිසා මාත් මේ දවස් වල උත්සාහ කරන්නේ කාව හරි කඩේ යවන්න තමයි ඕං .  . . . . . . 


ඒත් ඉතින් අන්තිමට සිද්ධ වෙන්නේ ඒ අය වෙනුවෙන් මටම කඩේ යන්න තමයි. . . . . .


“''I was so nervous...I just had to go shopping''


තාමත් අනුන්ට කඩේ යන
මම
෴ සොඳුරු සිත ෴

14 comments:

  1. කඩේ යන එක ගැන කිව්වා විතරයි මට අපේ රැග් සීසන් එක මතක් උනා.ඒ කාලේ ජේෂ්ට උත්තමයෝ කියන්නේ කඩේ යන්නෙත් න කඩේ යවන්නෙත් නෑ කියලා. නමුත් එයාලා කලෙමේ අපිව කඩේ යැව්වා එක. මොන උනත් අක්කා කඩේ ගිය විදිහ අහපුවම හිනා යනවා. ඇත්තටම සත විසිපහක් ඔච්චර හෙව්වනම් රුපියලක් ක්හොම හොයයිද කියල හිතාගන්න පුළුවන්.

    ReplyDelete
  2. හ්ම්ම්..කඩේ යෑම යැවීම ගැන මටත් ඉතින් මතක සැහෙන්න තියෙනවා. පහු ගිය දවසක මටත් තේරුණා කාලයක් තිස්සේ මාත් සමහරුන්ට කඩේ ගිහින් කියලා. එතකොට පරක්කු වැඩියි.
    ලස්සන අදහසක්..

    ReplyDelete
  3. වත් ස්තුතියි මේ කතාවට.

    ඔට මතක් වුනේ දු දරුවෝ එකේ ඩයස් පොඩි එකෙක්ව චිට් එකක් දාන්න යවපු සීන් එක.

    මාත් පොඩි කාලේ ඉඳලම කඩේ යනවා. එහෙම ගිය එක දවසක් ගැන කතන්දරයක් ලියන්න ප්ලෑන් කරගෙන ඉන්නවා කාලෙක ඉඳලා.

    ඒක ලියපු දවසක (ඒක කතන්දර හැට ගානක ලිස්ට් එකකින් එකක්) මේකට ලින්ක් කරන්න මතක තියාගන්න ඕනැ.

    ReplyDelete
  4. කඩේ යාම.... o_O
    අක්කාට කාව හරි ඉක්මනටම කඩේ යවාගන්ට ලැබේවා!!! හි හී

    ReplyDelete
  5. ෂා වත් අක්කත් පොර වගේ හිටියට, කඩේ යනවා එහෙනම්. ඒ කියන්නේ අපි වගේම තමා.

    ReplyDelete
  6. මාත් පොඩි කාලෙ කෙලවරක් නැතුව කඩේ ගිහින් තියෙනවා.... හැබැයි අපිනම් කරන්නෙ .. බඩු වල ගාන වැඩියෙන් කියල සල්ලි ටිකක් යටිමඩි ගහගන්න එකයි.
    ඒ කාලෙ හරි වැටහීමක් නැතුව එහෙම කළාට ..
    දැන් මතක් වෙනකොට හරිම දුකක් දැනෙන්නේ ... අම්මලාගෙ සල්ලි වංචා කරපු එක ගැන.

    [වත්... සමාවෙන්න ඕන පහුගිය දවස්වල මුකුත් ලියන්න බැරි වුනාට. මගෙ කොම්පීතර උතුමා අසනීප වුන බැවින්...මුකුත්ම කරගන්න බැරි වුනා.]
    අර S.B.U. හමුව ගැනත් යමක් ලියන්න හිටියට ඒකවත් කරගන්න බැරි වුනා.

    ReplyDelete
  7. පුංචි කාලේ රුපියල් පහක් එක්ක පාන් ගෙඩියක් ගන්න මම කඩේ ඉස්සරහ පොරකන අයට එකතු වෙද්දී කවුදෝ ලොකු මිනිහෙක් අතින් දික් කරන් හිටපු රුපියල් ‍පහේ නෝට්ටුව උදුරගත්ත. ම්... ඒ කාලේ පාන් රුපියල් පහයි ද?!! මං වයසට ගිහින් මටත් නොදැනීම!!!

    වත් නංගි ඇතුළු පවුලේ සැමට සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  8. පොඩිකාලේ මමත් කඩේ ගියා ..අම්මා පොල්තෙල් ගේන කිවුවම . මට අමතක වෙලා ලාම්පුතෙල් ගේනවා ! හාල් ගේන්න කීවම . අමතකවෙලා උළුහාල් ගේනවා .

    අම්ම ගිහිං ඒව ආපහු කඩේ තියලා එනවා . මටනම් කඩේ යන එක ඒතරම් ගැටළුවක් උනේ නෑ මොකද අපේ ගෙදර කඩයක් තිබ්බා ..

    මමනම් දැන් කඩේයන එක නතරකරලයි ඉන්නේ ..මම යන්නේ තැබෑරුමට විතරයි .."කඩේ" ලස්සන මාතෘකාව...

    ජයවේවා !!

    ReplyDelete
  9. වත් අක්කා කලින් පෝස්ට් එකට මං කමෙන්ට් එකක් දැම්මා...බලන්න..

    හ්ම්ම්...දැන් බලාගෙන යද්දී අපි හැමෝම කාටම හරි කඩේ යනවා නේ...

    ReplyDelete
  10. කඩේ යන එකෙත් අකාර දෙකකි...

    දැන ගෙන කඩේ යෑම හා නොදැන ගෙන කඩේ යෑම යනුවෙනි..

    වත් මෙන්ම මයියා ත් මේ අකාර දෙකටම කඩේ ගොස් ඇත. කඩේ යෑමත් ඉතින් හැමෝටම කරන්නත් බෑනේ...

    ReplyDelete
  11. කවුරු හරි අහිංසකයෙක් ඉක්මනට මේ මායමට අහුවෙත්වා :P

    අනේ අප්පේ මම තාම කඩේ යනවා... :-/

    ReplyDelete
  12. අපි දැනුවත්ව හා නොදැනුවත්ව කොහොමත් කඩේ යනවා. අනුන් වෙනුවෙනුත් අපේ කියල හිතන දේවල් වෙනුවෙනුත්.

    මොනව උනත් කඩේ යන එකේ ජොලියක් නැත්තෙමත් නෑ.

    සුබ නව වසරක් වේවා අක්කේ.

    ReplyDelete
  13. අහ් අපිවත් කඩේ යැව්වා නේද එහෙනම්.....

    හොදයි හොදයි....!!!

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...