..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, December 28, 2010

෴ කිරිල්ලි පමාවෙයි ෴

ඔන්න ඉතින් වැඩේ කියන්නේ ,කිරිල්ලි බලන්න එනවයි කීව කුරුල්ලා කීව වෙලාවටත් කලින්ම ඇවිත්. 

නිකම් නෙමෙයි හරියටම පැය බාගෙකටම කලින් ඇවිත්. කිරිල්ලි ඒ වෙලාවෙත් කන්තෝරුවේ බරටම වැඩ. වසර අවසානය නිසා කිරිල්ලිට වැඩ කෝටියයි. 

නිවාඩු ගන්නත් බැරි නිසා තමයි මේ වැඩේ හවස් කරේට තීන්දු කරන් හිටියෙ. කුරුල්ලට තියෙන තකහනියක් කියන්නේ,  සුටු සුටුවෙ නැගල වේලාපහම පියාඹලා ඇවිත්. කිරිල්ලිගෙ අම්ම දුරබනුවෙන් කතා කරල කීව සිද්ධිය. දැන් මක්ක කරන්න ද? කිරිල්ලිත් අදාළ ස්ථාන වල ඉහල නිලධාරීන්ට ඇත්තම කියල ටිකක් වෙලාසන කාර්යාලයෙන් බැහැර වුනා.

හති දාගෙන ආපු ගමන කැඳැල්ලෙ පිටුපස දොරෙන් හොට දාලා ඇතුලු වුනා...කුරුල්ල ඇවිත් තියෙන්නෙ තව යාලු කුරුල්ලෙක් එක්ක.දෙන්නම එක වගේ . හොඳ උස මහත හාදයො. ඉතින් හතිදාගෙන පියාඹල ආව නිසා කිරිල්ලිට මොන මේක් අප්ද? පඩුඩර් ටිකක් දැම්මත් දාඩියටම දිය වෙනවා. ජක්බක් ගාලා ලක ලෑස්ති වෙලා ගියා නෙව ඉදිරියට.කිරිල්ලි පුංචි පහේ හෙයාර් කට් එකකුත් දාගෙන ලෑස්ති වෙලා හිටියේ කලින් දවසෙ ඕං. .

ඉදිරියට ගියාම තමයි ඕං වැඩේ. කුරුල්ලො දෙන්නම එක වගේ සිරියාවන්තයි. සම වයස. දැන් කවුද බොලේ මනමාල කුරුල්ලා. කිරිල්ලි වතුර වීදුරුව සහිත බන්දේසියත් අතේ තියන් කල්පනා කළා. ඉස්සර වගේ නෙමෙයි දැන් කිරිල්ලි පුරුදුකාරී. බන්දේසි සෙල්ලම කිහිපපාරක්ම කරල තියෙන නිසා කෝඩුකාරියක් නෙමයි.

කිරිල්ලි පත් වුන අපහසුව දැන ගත්ත යාළු කුරුල්ලට හිනා ගියා. . 
"මෙන්න මෙයා" 
යාළු කුරුල්ලා කීව.
කිරිල්ලිටත් හිනහයි, මනමාල කුරුල්ලනම් ටිකක් විතර බය වෙලයි වුන්නේ.

ඉතින් ඔන්න කාලා බීලා ආගිය තොරතුරු කතා කරල කිරිල්ලිගෙයි කුරුල්ලගෙයි අවස්ථාව උදා වුනා. . . .  

පුංචි පුංචි බොහොම මූලික කරුණු ටිකක් හුවමාරු වුනා. රස්සාව, ස්කෝලෙ, උපාධිය,යාළුවො, ගෙවල් දොරවල්, සහෝදර සහෝදරියො . . . ඕව තමයි. 

කිරිල්ලි පොඩ්ඩක් අහක බලනකම් ඉඳල කුරුල්ල හොරෙන් කිරිල්ලිගෙ මුහුණ බලන විත්තිය කිරිල්ලිට තේරුනා.හැබැයි ඉතින් කිරිල්ලි නම් දෙයියනේ කියල ඇහැට ඇහැ මුහුණට මුහුණ බලන කෙල්ල. කතාව කෙලින් බැල්ම කෙලින්. කිරිල්ලිගේ හොට අගටම ඇවිත් තිබ්බ ප්‍රශ්ණයක් තමයි 
" ඔයා මට කැමති ද / අකමැති ද? "
කියන එක. . .
ඒත් ඉතින් මේ වෙලාවෙ වත් තියෙන කලබලේ ප්‍රදර්ශණය නොකර ඉන්න එක හොඳයි කියල කිරිල්ලිට හිතුන. කිරිල්ලි අකමැතිම වැඩක් නෙව ඔය " දෙගිඩියාව" ඒක වැරදියට තේරුම් ගන්න ගොඩක් අය කියන්නේ " කිරිල්ලි ඉක්මන් වැඩී. හදිසි වැඩී ' කියල තමයි ඕං....

මුළික කරුණු කතා කරල එහෙම ඉවර වුනාම එන්නේ මුණ මූණ බලන් ඉන්න අවස්ථාව . . ඒකත් ඉවර වුනාම එන්නේ ගොළු අවස්ථාව . . . ඉතින් ඊට පස්සෙ එන්නේ නැවතත් පියාඹා යෑමේ අවස්ථාව. අනේ ඉතින් කුරුල්ලා යාළු කුරුල්ලත් එක්ක කිරිල්ලිගෙන් සමු අරන් යන්න ගියා. කැමැත්ත අකමැත්ත ඉතින් යථාකාලේදි තථා අයුරින් දන්වලා එවයි. එතකොට බලමුකො ඉදිරි කටයුතු.

ආහ් . . . . මේස උඩ ලස්සන අයිසින් කේක් එකක් ඒ කුරුල්ලන්ට අමතක වෙලා ගිහින් තිබ්බ. දැන් කවුද මේකට වග කියන්නේ.

----------------------------------------------------------------------------

පලි:-

මේ වගේ අවස්ථාවක යාළු කුරුල්ල අතේ සෑහෙන ලොකු වගකීමක් තියෙනවා. කොටින්ම මනමාල කුරුල්ලගෙ හිත කිරිල්ලිට ගියත් යාළු කුරුල්ලා ඇඳ කුද කීවොත් ඒ මඟුල අවසන්.  

අඩුම සිඝ්‍රතාව‍යෙන් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවලු සමස්ත ප්‍රතික්‍රි‍යාවේ වේගයට බලපාන මූලික සාධකය. 

ඒ වගේ තමයි යාළු කුරුල්ලා.අද ආපු යාළු කුරුල්ල නම් මනමාල කුරුල්ලටත් වඩා හොඳයි. . . .

අනිත් කාරණේ තමයි. .. ඔය සමහර යාළු කුරුල්ලො ඉන්නව. ඒ කිරිල්ලි හොඳ නැහැ බන් කියල මොන මොනා හරි බොරු කියල ගිය පයින්ම ආපහු හැරිල එනව මනමාල කුරුල්ලට හොරෙන්. ඇවිත් කිරිල්ලිව කැන්දන් යනව තමන්ගේ කූඩුවට. . බොරු නෙමෙයි එහෙම යාළු කුරුල්ලො හදපු කැඳළි මම දැකල තියෙන නිසයි මම කීවේ . . . .

අනිත් කාරණේ . . . මෙච්චර ලට්ට ලොට්ට ගොඩක් කතා කරලත් මේ මෝඩ කිරිල්ලිට මනමාල කුරුල්ලගෙ නම අහගන්න බැරි වෙලා නෙව.
You can know the name of a bird in all the languages of the world, but when you're finished, you'll know absolutely nothing whatever about the bird... So let's look at the bird and see what it's doing -- that's what counts. I learned very early the difference between knowing the name of something and knowing something. 
-Richard Feynman
 
මනමාල කුරුල්ලාගෙන් පිළිතුරක් එනකම් ඉන්න මනමාල කිරිල්ලි
මම
෴ සොඳුරු සිත ෴

22 comments:

  1. අන්න මනමාල කුලුල්ලා කැමතියිලු....අන්න රතු සෝස මල්පෙතියි සෝස කටුයි හොයනවලු කැමැත්ත ලියලා එවන්න....

    අයිසිං කේක අපි කන්ටෑ....අපිට ඕනි හොද මල් පැණි පාටියක්...මොකෝ කියන්නේ....

    ReplyDelete
  2. කන්තෝරුවෙ වැඩ කියන්නෙ නම් අමූලික බොරු, අන්තර් ජාලයෙ සැරිසරන්ඩ ඇති ලවක් දෙවක් නැතුව, අරහෙ කුරුල්ල තව පොඩ්ඩෙන් ඇවිල්ල යන කල් දන්නෙ නැහැ,කමක් නැහැ කොහොම හරි වැඩේ කෙරුන නෙව,

    අර අයිසිං කේක් එක අමතක කරල ගිය එක නම් සුබ ලකුණක්, ඒ කියන්නෙ කුරුල්ල හෙට අනිද්ද මගෙ අයිසිං කේක් එකක් මෙහෙ අමතක වෙලා ගියානෙ කියාගෙන එනවා එනවාමයි මොනවද ඔට්ටු?

    ඉතිං වත්, ඒ වෙලාවෙම කවියක් හදල කුරුල්ල ඉස්සරහ ගායනා කලේ එහෙම නැතෙයි?, එහෙම කලා නං ඔන්න මල් මසුරං,

    ReplyDelete
  3. ජයවේවා !!

    ඔන්න වෙනදා අන්තිමට කියනදේ අද කලින්ම කිවුවා .අපිත් මේ ආසාවෙන් බලං ඉන්නේ මේ සොඳුරුසිතේ සොඳුරු බව දෙගුන වෙනවා දකින්න . මම නම් බොක්කෙන්ම ප්‍රාර්ථනා කරන්නේ වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්ඩය කියලා . . බලමු කුරුල්ලා වාසනාවන්තයෙක් නම් වැඩේ සාර්ථක වේවි .

    මේවගේ දවසක වැඩට යන්න ඔයාටනම් පිස්සුවක් තියෙන්න ඕන . ඔයා පෙර පුහුනුවීම් වත් කරල නෑනේ !

    හරි දැන් කරන්න තියෙන්නේ අයිසිං කේක් ගෙඩියත් කාලා . කුරුලගේ බොක්කටම වදින්න කවියක් රෙඩිකරගන්නඑක. චි:හ් නමවත් අහගෙන නෑනේ .

    ReplyDelete
  4. අහ්.. ;O

    එයා කිවුවේ නැද්ද ඔයා ඇපල් මලක් වගේ කියලා
    එහෙම ඇහුවනම් ඔයාට තිබුනා තනිවී සිටිනන්යි මා අදහස් කලේ කියලා කියන්න අෙන්
    එතකොට එයා කියයි කැන්දන් යන්නම් රන්මල් මලා දාලා කියලා
    අන්න එතකොට තමයි ඔයා අහන්න ඕනේ කෙදිනද කූඩු තන්නට එන්නේ කියලා

    දැන් ඉතිං මොනා කරන්නද එයා ගිහින් නේ හරියට නමවත් අහගෙන නැහැනේ

    ඔය වෙලාවට තමයි ෆෝන් එක අරගෙන හෙලෝ හෙලෝ නම් මොකද්ද ඔයාගේ කියලා අසන්තිගේ වොයිස් කට් එක දාන්න තියෙන්නේ

    අන් ඒ වෙලාවට කුරුල්ලා කියයි මගේ නම අජිත් මම මෙඩිසින් කලේ ආප්ප පුච්චලා යුනිවසිටි ගියේ කියලා

    එහෙම ලයින් පාරක් වත් දාලා නම ගම විස්තර අහගමු. ජය වේවා

    ReplyDelete
  5. අනේ අනේ... හැම කුරුල්ලම කවි වලට කැමති නැහැ මම හිතන විදිහට... දැන් හොඳටෝම ඇති කවි ලීවා... දැන් ඉතින් දෙයියනේ කියල කුරුළු ගියක් අහගෙන කැදැල්ලක් කාරිය හදා ගෙන නැලවිලි ගියක් එහෙම කියා ගෙන ඉන්න ඕනි වයසෙනෙ මේ කිරිල්ලි ඉන්නේ. ආහ් නැද්ද මම අහන්නේ...

    ReplyDelete
  6. ගීත් (සහෘදයා)
    අනේ අනේ... ඒක නම් නියමයි... මට හිනාවේ බැහැ...

    දුරබනුව තියෙනවා... ඒත් ආන්සවර් කරන්නේ නැන්දම්මා... " මේ ලේලිට තියෙන කුලප්පුවක් " කියල හිතුවොත් ඔක්කම විනාශයි..

    ඔන්න ඔහේ වෙන දෙයක් වෙයි...

    හේ හේ ..තවම හිනහයි අයියෝ ........

    ReplyDelete
  7. Ravi
    ෂ් ෂ් ෂ් .... කෑගහන්න එපා අයියෝ... මොනාද ඉතින් මම කරේ අවවාද ටිකක් ගන්න එක නෙ...

    ReplyDelete
  8. ෴ හසියා ෴
    ආහ්... මල් පැණි... හසියෝ කවදද හසියෝ ඔයා මී මැස්සෙක් වුනේ.... ස්තූථියි මල්ලියා...

    ReplyDelete
  9. හිස් අහස
    මගෙ කවි වලින් අනිත් අය ගොඩ ගියාට , මගෙ කවි වලින් මට ගොඩ යන්න බැහැ සඳරූ. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..

    අනික මාත් ආසයි වෙන කෙනෙක් මා වෙනුවෙන් කවියක් ලියනවට...


    ස්තූථියි මල්ලියා... මල් පැන් පොදක් බොනව ද? කේක් කෑල්ලක්ම කනව ද?

    ReplyDelete
  10. හරිම සතුටුයි අක්කේ! අක්කට එයා උඩින්ම කැමති වෙවී...කොහොමටත් දැනට කතාවේ හැටියට නම් කොල්ලා කැමතී වගේ..යාලු කුරුල්ලත් කැමති වෙයිද දන්නේ නෑ..:)

    ReplyDelete
  11. මනමාල කිරිල්ලි වත් අක්කා වගේ මයේ හිතේ... අක්කාට හිත ගියේ යාලු මනමාලයාට එහෙම නෙමේනේ නෙද.. එ උනාට හිත ගිය තැන මාලිගාව කිව්වාලු..

    ReplyDelete
  12. අනේ වaසනාවන් අනේ වaසනාවන්.... ජයමංගල සීනු ඉක්මනට හෑඩවෙනවානම්.. නේද ..?අක්කේ....


    අපි කලින්ම කිවා නේව සිකුරා නලලේ රජ කරනකම් බයනෑතුව ඉන්න කියලා...

    ReplyDelete
  13. මනමාල කුරුල්ලා අනිවාර්යයෙන්ම කැමති වේවි.. සුබ පැතුම්...

    ReplyDelete
  14. " ඒ වගෙම තමයි යාලු කුරුල්ලා.අද ආපු යාළු කුරුල්ලා නම් මනමාල කුරුල්ලටත් වඩා හොදයි " ...මලා... එතකොට මනමාල කුරුල්ලා....

    ReplyDelete
  15. මනමාල කුරුල්ලා කැමතිවේවි අක්කට... මගේ සුබ පැතුම්...

    ReplyDelete
  16. මනමාල කුරුල්ලා අක්කාට කැමති වෙනවා සුවර්..... මම අක්කාට බොක්කෙන්ම සුභ පතනවා.

    නම නම් කවදා අහගන්න බැරිද, අර Richard Feynman කිව්වා වගේ මනමාල කුරුල්ලා ගැන දැනගන්නකෝ. හැබැයි ආයෙනම් නම අහන්න අමතක කරන්න එපා ඕං

    ReplyDelete
  17. ඒකත් ජයසිරි මංගලම් කිව්වලු....බය වෙන්න එපා අක්කේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙයි....ම‍ගේ උණුසුම් සුභ පැතුම්!!!!!!!!


    **නම අහගත්තේ නැති එක තමා අවුල.....

    ReplyDelete
  18. දැන් වත්ගෙ අදහස කොහොමද? මනමාල කුරුල්ලද ? යාලු කුරුල්ලද?

    ReplyDelete
  19. සුබ පැතුම්
    සොදුරු සිත ආයි ලියවෙන එක ගැන සතුටුයි

    ReplyDelete
  20. නියමයි කිරිල්ලිත් කැමතියි නේ මනමාල කුරුල්ලට ??

    මට සිංදුවකුත් මතක් උනා

    '' කෙදිනද කූඩු තනන්නට එන්නේ.... '' (මනමාල කුරුල්ලා කිරිල්ලිගෙන් අසයි)

    ReplyDelete
  21. අය්යො නම අහ ගන්න එපෑය්. කමක් නෑ.. මටත් හිතෙන්නෙ එයා කෑමති ඈති. එහෙනම් සුබ මන්ගලම්... මතක් කරල අපිටත් කේක් දෙන්න.

    ReplyDelete
  22. හාපෝ වත් අක්කා...ඔයා නම් ...මොනාද අනේ ඔය ගොලුවෙලා හිටපු විනඩියෙ දෙකෙදිවත් බැරි උනාද නම අහගන්න...යකෝ හරි ඉස්සල්ලම දෙන්නෙක් කතා කරන්න ගන්නෙත් නම අහලනෙ..අනේ මංදා ඔයා නම් මොන ලොකේ කෙනෙක් ද කියලා...
    වත් අක්කේ ඉක්මන් වීම නම් එතරම් හොද නැති උනාට මටත් ඔය දෙගිඩියාව නම් දිරවන්නෙම නෑ...ඔන්න ඔහෙ ඕන එකක් කියල අහන්න තිබුනේ කැමතිද අකමැතිද කියලා...නෑ එක්කෝ කමක් නෑ ඔහොම බලන් ඉන්න එකෙත් අමුතු ගතියක් තියෙනවානේ නේද?
    දැන් ඔයා කියන්නකෝ ඔයාට තෙරුන විදිහට ඒ කිරිල්ලිට කුරුල්ලා කැමැත්තෙන් වගේද ගියේ...ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඒ කිරිල්ලි අර යාලූ කුරුල්ලට හොදට සැලකුවනේ.....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...