..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Wednesday, December 15, 2010

෴ මම ආදරෙයි ෴



මම මාව කළ - නුඹ මගේ පණ
නුඹ නොමැති විට - මම කොහිද තව 
සිත නිවන ඔසු - නුඹයි වෙදදුරු 
නුඹ ළඟ දි මට -  රහස් නැත රැකුමට


මා හඩන සිත  - කඳුළ නුඹ නෙත
මා සිනා සෙන විට - සතුට නුඹ ළඟ
මා යනෙන මඟ - නුඹ පහන් ටැඹ
මා ඉතින් තව - තනිව නැත නුඹ ළඟ


පිපෙන සුදු මල - නුඹ සුවඳ විය
විල හිස්ව නැත  - නුඹ සුනිල දිය
මල නෙලන දින -  නුඹ කොයිබකද
නුඹ සැදුව මල - වෙන අතක අද

අතට අත දුන් - කෙනා මෙන් නොව
නුඹ දුරක මුත් -  මා ළඟම ඇත
යහන මත නැත - සිත තුලට වැද
මගෙ ආල සිත - සනසවනු මැන


නුඹට ආදරය කරන 
මම
෴ වත් ෴

12 ප්‍රතිචාර:

෴ හසියා ෴ said...

හ්ම්ම්ම්ම්ම්.....

නුඹටම ආදරේ කරන මම
මම මය
එන්න එපා මගේ ළගට
නුඹට දුක හිතේවි මං ගැන.....


අහ් අක්කගේ අකුරු ලස්සනයි වගේ...හොදයි හැන්ඩ් රයිටින්ග් ඇන්ඩි ක්‍රියෙටිව් රයිට්න් වලටයි දෙකටම 10න් 10යි.ගුඩ් හොදේ...

මොකක්ද රහස....? පෑන මොකක්ද? කොලේ මොකක්ද? ලිව්වේ මොකෙන්ද? හික්ස්

අලි එහෙනම් අපි....
ඒස්ඃ පුඃ

Dar[K] said...

සිරාවටම ලස්සනයි අක්කේ ! දැකපු හොදම කවිටික මම හිතන්නේ මේ බ්ලොග් එකෙන් !
හිතට වැදෙනවා !

ප.ලී : අත් අකුරු වලට 10/10 ක්‍රියේටිව් රයිටින් 10/10

හිස් අහස said...

අකුරු ටික නම් මුතුකැට වගේ ...

මම ඔයා ලියන හැම එකකටම ලස්සනයි ලස්සනයි කියලා හැමදාම කියන්නේ බොරුවට එහෙම නෙවේ ..ඇත්තටම ලස්සන නිසා . බ්ලොග් එකක කවි නිසා ආදරේ කෙල්ලෙකුගේ හිත දිනාගත්ත පලවෙනි එකා මම වෙන්ඩ ඇති .

ඉතිං මම සොඳුරු සිතට ණයයි !

පද වැල් ගලපන කලාව මගේ ලඟ නම් ගෑවිලාවත් නෑ ..ඉතිං මේ ලස්සන හිත නිවන පද කෑලි .මගේ හිතට නම් .මල් වැස්සක් වගේ ..
ජයවේවා !!

පොඩ්ඩ මල්ලි said...

අකුරු ලස්සන වුණේ පෑන නිසාද, කොලය නිසාද??? නැත්තම් අක්කගේ සිනිදු අත නිසාද? නැ නෑ... අක්කගේ "සොදුරුම සොදුරු සිත" නිසා.... සිතට සිත්තම්වන ප්‍රියකරු වචන නිසා සිතටත් හොරා ගතටත් හොරා අත තෙලිතුඩ හසුරුවා ඒ වචන වලට කරන ගෞරවයයි ඒ...

ඇත්තටම හිත වගේම, ලියන පද වගේම. ලියන අකුරුත් හරිම ලස්සනයි...

Muthu Paba said...

ලස්සනයි..ලස්සනයි..ලස්සනයි..

ගල්මල්-Coral said...

විල හිස්ව නැත
එපා තව නෙත් කඳුලු
නිසසල දිය මත
දකීවා වතුසුදු මල

-HacKrisH- | හැක්ක්‍රිෂ් said...

එල... පට්ට... කොර...

kumaraya said...

ඇත්ත තමා ... අකුරු ලස්සනයි .. කොලයයි පෑනයි තමා කැත ....

ඊ ලඟට ඔලුවට එන එක තමා .. කාටද ඕක ලීවේ කියන එක ...?

prasanna86k said...

මේ කියන්න නම් කිසිම අවුලක් නෑ... අනේ ඒත් අන්තිම ටික...

සහෝදරයා said...

හිත හිතා ඔහු ගැන තවත්
ලතවෙවී ඔබ දුකට පත්
තැවි තැවී ඒ ගැනම තවමත්
හිදිනු ඇයි ඔබ නොකිය එපුවත්

කවුරුන් කෙසේ කීවත්
නැතේ පරක්කු වීම යහපත්
ඔබේ සිත ඔහු ගෙන ඇති බ වත්
කියන් නොපමාව හෙට වත්

මගේ සයිබර් නිවහන said...

මම ඔබගේ බ්ලොගය කියෙව්වා.එය ඉතාම විශිශ්ටයි........................
මමත් ඔන්න මගේ බ්ලොගයක් දියත් කලා.............ඉතින් මගේ බ්ලොග් එකට පොඩි publicity පාරක් දෙන්න මම මගේ ලිපිනය මෙහි සටහන් කරන්නම්.ඔයාලත් ගිහින් බලන්න.
ස්තුතියි සහෝ...............
ලිපිනය:- http://nadeesh22.blogspot.com/
මෙය දැන්වීමකි

Ravi said...

මල පිපෙන දින - නුඹ ලඟම ඇත,
පිපුනු මල මත - පිණි බිඳුව මම,

දිලෙන සඳ රැය - ඇවිද යන විට,
සඳ කැලුම් රැස් - බිඳක් වෙමි මම,

සඳ වලාවට - මුවා වූ සඳ,
තරු එලිය වී - දිලෙමි නෙත් ලඟ

දිවි ගමන නුඹ - තැවුල් සෝ බර,
කැටුව එන්නෙමි - සෙනෙහෙ පොදි බැඳ,

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...