..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, December 26, 2010

෴ සෝබර වූ හදවතක වසරක මතක ෴

දයාබර සහෘදයකුගේ වචන වලින්ම පටන් ගත්තොත් .. 


එකොලහට පිවිසීමට පෙර දහය දෙස ආපසු බැල්මක්, දිවි මංපෙත මතක සටහන්, 
මතකයෙන් මකා දැමිය යුතුයයි බුද්ධිය නියෝග කරන මුත් ,හදවත ආදරයෙන් රැකගන්නා සටහන් ( රවී )


ඇත්තටම මේ ලිපිය කියවල ඔයාලට ගන්න දෙයක් නැති වෙයි. මොකද මේ මා ගැන ම කෙරෙන ආපසු හැරී බැලීමක් නිසා.


2010 අවසන් වුනත් 2010ටත් තිබ්බ ලස්සන ආරම්භයක්. . . ‍මට මතකයි මම බොහොම අපූරු ප්‍රාර්ථනා තුනක් හිතේ ගුලිකරන් 2010 එක්ක ඒ ගමන යන්න ලෑස්ති වුනා.


එයින් එකෝම එකක් විතරයි ඉෂ්ඨ සිද්ධ වුනේ. අනිත් පැතුම් දෙකේ අහලකටවත් එන්න මට බැරි වුනා. ඉතින් ඒ ප්‍රාර්ථනා දෙක ලබන්නා වු වසරටත් අරන් යනව ද නැත්තම් අලුත්ම පැතුම් ටිකක් අරන් යනවද කියල තවම හිතල නැහැ.


2010 හ්ම් . . . . බලමු  හැරිල . . . . .


* විශේෂම දේ තමයි ගෙදර එතෙක් කල් සුරතලයට හිටිය නැගණිය දායාබරයකුගේ අත අරගෙන වෙනමම කූඩුවක් හදන්න ගිය එක. . . .මම ඒක දැන් දකින්නේ සහෝදරියක් අඩු වුනාට වඩා තවත් සහෝදරයෙක් පවුලට එකතු වුනා කියලයි.


* මෙතෙක් කල් අතර මඟ නවතා දමා තිබ්බ අධ්‍යාපන කටයුතු නැවතත් ආරම්භ කිරීම. ( ඒක තමයි අර මම කීව පැතුම් තුනෙන් ඉටු වුන එකම පැතුම)


* අන්තර්ජාලය හරහා හඳුනාගත් යහළුවන් ප්‍රමාණය සීග්‍රයෙන් වැඩි වීම.


* කාටත් රහසක් නොවූ බ්ලොග් පිටු අතරේ ගලා ගෙන ගිය බොහොම ගැඹුරු ආදරයක පැටළුණත් එය ලත් තැනම ලොප් වීම.


* ආදරය හා විවාහය පිළිබඳ පැතුම් ආසාවන් හා බලාපොරොත්තු සිත් මානයෙන් එපිටටම ඈත දුරකටම පන්නා දැමීම.


* බොහොම දයාබර හදවත් රැසක් එකතු කර ගත්ත පෝසතෙක් වීම.


* බොහොම ලෙංගතු , දයාබර හිතක් තියෙන මගෙම කියන්න පුලුවන් හොඳම හොඳ යහළුවෙක් හමු වීම. ( ආදරය කියන දේ ඈතටම පන්නල දාන්නත් , ජීවිතේ ලොකු හිඩසක් වෙලා තිබ්බ දයාබර යහළුව‍කුගේ අඩුව පුරව ගන්නත් මේ නිසා පුලුවන් වුනා )


* රැකියාව ගැන කියනව නම් . තවත් එක් වාර්ෂික වැටුප් වර්ධකයක් වැඩි වුනා පමණයි. හරිම ඒකාකාරී. දැන් නම් ඇත්තටම ඇති වෙලා .


* ගෙදර නම් වෙනද වගේමයි. එකකු අඩු වුනත් අම්මා හිත සතුටින්. මා ගැන සිතලාම දුක් වුන සිතට පුංචි සැනසීමක්. ආදරණිය අම්මා - මා සතු එකම වටිනාම වස්තුව. ලබන වසරේදිත් වෙනස් නොවන එකම සැනසීම.


* ගම ගැන ගත්තොත් ,ගමේ කාගෙත් ගෙවල් වල පොල් කඩපු මනුස්සය , හිටිගමන් ගෙල වැල ලාගෙන මියදිම.




ඉතින් . . . . බලන් ගියහම දුක් වෙලා අඩන්න දොඩන්න තරම් මහා ලොකු ව්‍යසනයක් 2010 වසරට මට තිබිල නැහැ. ඒත් ඇයි මම දුකින් . . . . ??????????????




2011 . . . . . මොනව ද මම අරන් යන්නේ... මොනවද මම කරන්නේ. දැනට නම් හිතේ තියන ප්‍රාර්ථනා මේව තමයි.


* රූපානු දර්ශය එහෙන් පිටින්ම වෙනස් කර ගැනීම.


* සමුළු , මිටින්, උත්සය,රැස්වීම්, හමු මෙකී නොකී සෙනඟ ගැවසෙන ස්ථාන වලට සහභාගී නොවීම.


* ලිවීම හැකිතාක් දුරට මටම වෙන්වූ මාතෘකා වලට සීමා කිරිම.


* අනුන්ගේ සිත් තුලට ඇතුළු වීම සහමුලින්ම නතර කිරීම සහ අනුන් ගැන ඇති අවධානය ශුන්‍ය කිරීම ( මගේම යහපත තකා)


* ප්‍රයෝජවනත් පර්යේෂණ වාර්තාවක් සමඟ උසස් අධ්‍යාපනය සාර්ථකව නිමා කර අලුත් අකුරු තුනක හිමිකාරියක වීම.


* එක තැන පල් වන රැකියාව වෙනුවට බොහොම වෙනස් රැකියාවකට අවතීර්ණ විම.


* ආදරය ගැන නොසිතා , නොවැලපී , නොගැලී සිටිම.


* මා සතු එකම සම්පත ආදරයෙන් රැකගැනීම.


ගිය වසරට වඩා මේ වසරේ ප්‍රාර්ථනාවන් බොහොම සරල හිත නිවන උපේක්ෂා සහතගත අරමුණු ඔස්සේ යාවි කියල මට හිතෙනවා. . . . .


ඉතින්  . . . . එහෙනම් නුඹ සාදාරයෙන් පිළිගන්න සෑමදේම ලෑස්ති කරන් මම මඟ බලාගෙනයි ඉන්නෙ . . .. එන්න 2011 මේ නුඹේ නොව මගේ වසරයි .


මතකයෙන් මකනු මා නුඹට මා කියූවත්
හදවතින් රකිනු මා පැතුම එය නොකීවත්
සසර දුර ගමන තව යන්න ඇති නිසාවත්
මේ භවය අත හරිමු දුක කුමට සිතාවත්

ගිය දෙයට හඩා පල නැතේ මා නුඹ දනී
 ලැබූ දේ නොවෙයි නොලැබෙනා දෙය මඟ හරී
 වෙනස් වන සෑම දෙය නොවෙනසක් නැත එහී
ප්‍රියේ නුඹ අතහරිමි සිතේ සැනසුම හරී

අලුත් සිත් අලුත් නෙත් අතර මා සැරිසරා
හිමි දෙනෙත හිමි සැපත ලැබෙන තුරු නෙතු පියා
කිරිල්ලිය සේ ඉන්න නව වසර එන තුරා
ඉතින් සමු ගනිමි මම නුඹ එපා මට එපා




නව වසරක එලිපත්තේ සිනාමුසුව සිටින 
මම
෴ සොඳුරු සිත ෴

29 ප්‍රතිචාර:

෴ හසියා ෴ said...

අක්කියගේ සිතුම් පැතුම් සියල්ලම හිතනවටත් වඩා හොදින් සාර්ථකවෙන්නත් සතුට සාමය සමගිය නීරෝගී සුව පිරී ඉතිරෙන්නත් කරන කියන හැමදේම ඉතාමත්ම හොදින් ඉටුවෙන්නත් කියලා හසියා හදවතින්ම සහ බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා....
අක්කි අතෑරලා...නොසිතා සිටින්න සිතපු දේවලුත් අක්කි නොහිතන පරිදි සියල්ල සතුටින් සාර්ථකලෙස වෙනස් වෙන්නත් කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...
හැමදේම හිතනවටත් වඩා හොදින් සිදුවෙයි අක්කියෝ.....

Hishan Melanga said...

අප ගත කරන මෙම භවය කල්පයක් වැනි සංසාරයේ එක් තත්පරයක් පමණි.

TG said...

who is that blog fellow cheated u with fake love . I will break his teeths :)hikz

Heeniyata said...

හැමදාම ලියන ලියුම් කියෙව්වට කමෙන්ටු දැම්මෙ නැහැ....
දෙයක් නැහැ ලබන සෙනසුරාදත් තවත් දවසක්...
වත්ගෙ ලුයුම් වලට ආකර්ෂණය වුනේ ඔයා ඔයාවම හදුන්වන වචන තුන හතරට.....
ශක්තිය උත්සාහය ලැබේවා!

Ravi said...

සෙනෙහෙ දිය හද බඳුන පිරුණු කල සිහි කරමි,
ඉසුඹු ලමි ඉරි තැලුනු හද කැලැල් පිරි මදිමි,
අගුලුලෑ හද විවර වෙයිද යලි නොදන්නෙමි,
කඳුලු වියැලුණු වතින් සබඳ යලි සිනාසෙමි,

පූසා said...

සමහර දේවල් වලට මම එකඟ නැතත් ඒවා අක්කාගේ ප්‍රාර්ථනා නිසා ඒ හැමදෙයක්ම ඒ විදිහටම සිද්ධ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා....

මධුරංග said...

ජීවිතයේ සාර්ථකත්වය වගේම අසාර්ථක වෙන අවස්ථාත් තියෙනවා අක්කේ. ලබන වසරේ ඔය ඉශ්ට කරගන්න බැරිවෙච්ච දේවල් දෙක ඉශ්ට කරගන්න ලැබේවා කියලා පතනවා.

ඒ වගේම ලබන්නා වූ නව වසර වාසනාවන්ත සුබ නව වසරක් වේ වා. අක්කගේ ජීවිතයට ආදර චුට්ටක් හරි ඇවිල්ලා තියෙනවනේ. අක්කත් එක්ක මම සංසන්දනය කරනකොට අක්කා වාසනාවන්තයි. මගේ ජීවිතය කියන කතාවේ ආදරය තමයි තහනම් වචනය වෙලා තියෙන්නේ . මොනා කරන්නද අක්කා !!! :-(

ගල්මල්-Coral said...

ජීවිතය බලාපොරොත්තූන් ගෙන් පිරුණ ගමනක්. ඒ අතරින් ඉලක්ක කරගත් කාලය තුල සපිරෙන ඒවා මෙන්ම සපුරා ගන්න බැරිවූ බලාපොරොත්තුත් ඇති. ඒවගේම බිඳ වැටුන ඒවාත් ඇති. මෙතැන දී කාලය කියන දින දසුනේ අවුරුද්ද ගෙවිලා යන නමුත් බලාපොරොත්තූන් හා එය දරණ පුද්ගලායා ඉදිරියට යායුතු වෙනවා. තිර අධිෂ්ඨානයෙන් ඉදිරියට අරන් ගිහින් ඒ බලාපොරොත්තු මුදුන් පමුනුවා ගන්න වෙහෙසෙන කාර්යය පුද්ගලයා විසින් කරයුතුයි. කරන්න වෙනවා.

නංගී, ඔයා සඳහන් කර කාල වකවාණුව තුල කිසිම දෙයක් ඉටුනොවූ අය ඕනෑතරම් ඇති. එහෙත් ඔබේ බලාපොරොත්තූන් 1/3ක් ඉටුවී ඇත. එය යහපතක් නේද? ඉටු කරගන්න බැරිවූ ඒවා නෙවේ ඉටු කරගත යුතු බලාපොරොත්තූන් ඉදිරියට අරන් ගිහින් (c/f) සඵල කරගන්න ක්‍රියාකල යුතුයි. මොකද බලාපොරොත්තු ජිවිතය ජීවත් කරවන නිසා.

නව වසර ඔබේ පැතුමන් ඉටුවෙන වාසනාවන්ත කාලයක් උදාකරදේවා!

Amila said...

:D

Pasan Buddhika said...

මේ වසර අගදී මෙන් නොව
ලබන වසර අගදී නම්
ඉටු නොවුනු දේ ගැන
කතාකරන්නට නොවේවා!

ඉටුවුනු දේ ගැන
උදම් අනන්නට
ශක්තිය ධෛර්යය
අක්කේ ඔබට ලැබේවා!

හිස් අහස said...

අතීතය ගැන දුක් වෙන අය ගොඩක් ඉන්නවා . ඒක නිසා ඒ උදවිය අනාගතය ඒ එක්ක පටලවා ගන්නවා .

ඔයා හොඳට හිතලා බලන්න . අතීතය කියන්නේ පෑරුනු තුවාලයක් .ඒවගේම වර්ථමානය කියන්නේ ඒ තුවාලෙට දාන ඖෂධයක් . අනාගතය කියනේ ඒ තුවාලය සනීප වීම ..

එහෙම නේද ?..ඔය තුවාලෙට බෙහෙත් දාගන්න ..

ජයවේවා !!

හරී - පිණිපළස said...

ලබන්නාවූ නව වසරේ ඔබේ සියළු පැතුම් ඉටුවේවා !!!

arunishapiro said...

පැතුම් ඵල දරන නව වසරකට ආසිරි!

prasanna86k said...

මම නම් වත් අක්කට සුභ පතනවා. හැබැයි වෙන මොකකටවත් නෙවෙයි 2011 අවුරුද්දෙදී අනිවාර්යෙන්ම වත් අක්කට හොඳම හොඳ සොඳුරු සිතක් තියෙන් අයියා කෙනෙක්ව හම්බු වෙන්න කියලා. (දැන් කල වයසත් හරි මයේ හිතේ) :D

මකුළුවා...... said...

ඉහත කී වත් අක්කාගේ සියලු ප්‍රාර්ථනාවන් කිසිදු අඩුවකින් තොරව ඉටු වේවායි මමත් ප්‍රාර්ථනා කරනවා.....

samadhi said...

සොන්දුරු සිහිනෙක මල් පිපේවා
ලසො ලතවුල් දුරු වී යේවා
කවි පොතක්, සුදු මල් පියල්ලක්
ලෙසින් නුබෙ සිත නිවී යේවා

වත් අක්කියො, ඔයාගෙ ප්‍රාර්තනා ඉටු වෙන සුබම සුබ නව වසරක් වෙවා. ඊට අමතරව ඔය වෙනුවෙන් මගෙත් ප්‍රාර්තනාවක් තියෙනවා. එකත් ඉශ්ට වෙන්න කියල මම මුලු හඩ වතින්ම ඉල්ලනවා.

මමත් මාතරින්..

පැලවත්තෙ වික්ටර් said...

ඔයාගෙ සිතුම් පැතුම් එකෙන්ම හරියන්න කියලා මාත් ඔන්න ප්‍රාර්ථනා කලා.

සොඳුරු සිත said...

෴ හසියා ෴
ස්තූථියි... මෙහෙමත් ආශිර්වාද තියනම් මොනාද මට කරන්න බැරි.. ස්තූතියි හසියෝ...

Hishan Melanga
ඒක නම් ඇත්ත තමයි ඒත් කොහෙන්ම මේ බණ ඉගෙන ගත්තේ...ස්තූතියි..

TG
අපොයි දෙයියනේ ඔහොමත් මිනිස්සුන්ට බනින්න හොදද මම අහන්නේ... ආදරය කරපු කෙනෙක් ගැන මම නම් එහෙම හිතන්නේ නැහැ ..ස්තුතියි...

Heeniyata
ස්තූථියි යාලු... එහෙම හිතන්න එපා යාලු... ලබන සෙනසුරාදා තවත් එක දයසක් නෙමෙයි. විශේෂ දවසක්... කිරි බත් කන දවසක් ...

සොඳුරු සිත said...

Ravi
අයියා... ස්තූථියි අයියා... ඒක නෙමෙයි දැන් අයියා ගොඩක් බ්ලොක් වල ඉන්නව දැකල තියේ... කට්ටිය අයියට 'මචං' කියන එක හොඳද ? ම්ම් මොකද කියන්නේ... කට්ටියට මම රහස කියන්න ද?

සොඳුරු සිත said...

පූසා
ස්තූථියි පුසො... ඔයාටත් සුබ පතන්න ඕනි...තව කල් තියෙනව නෙ පූසෝ මම මාලුකටු ටිකක් එහෙම අරන් ඒ පැත්තෙ එන්නම්කෝ. වීදුරු ගෙදර දොර ඇරල තියන්න පූසෝ....ස්තූථියි...

මධුරංග
ඔන්න ඔන්න ඉතින්... තහනම් වචන නැහැ මේ ලෝකේ... පිස්සු කියන්න එපා...

සොඳුරු සිත said...

ගල්මල්-Coral
වීදුරුවේ නොපිරුණ අර්ධ දිහා බලන් හිටපු මට පිරුණ අර්ධය පෙන්වා දීම ගැන ස්තූතියි අයියා....

තරු අහස said...

මගෙනුත් අක්කේ නුඹට සුභ පැතුම්..ලස්සන වසරකට සුභාසිරි..නමට එන අළුත් අකුරු තුන මම දන්නවා..තවත් ලස්සන වේවි නුඹේ ජීවිතේ..ඇත්තටම එහෙම වේවි..වසන්තයේ කුරුළු බටිත්තන් ගී කියාවි..සතුට නුඹ ළග සදා රැදේවි...නුඹට වාසනාවන්ත අනාගතයක්..

සොඳුරු සිත said...

Amila
ස්තූථියි...

Pasan Buddhika
හුරේ ජය වේවා... ආශිර්වාදයට තුති....

සොඳුරු සිත said...

හිස් අහස
තුවාලෙට බෙහෙත් දාගන්න... එහෙමද.. සැර බෙහෙත් ද? කමක් නැහැ එක සැරේනෙ නේද ස්තූථියි...

සොඳුරු සිත said...

හරී - පිණිපළස
ස්තුථියි හරී....

arunishapiro
ස්තුථියි අරුණි අක්කා.........

prasanna86k
රත්තරන් මාලුවෝ ස්තුථියි... පුද්ගලිකව සොයා බලනවට ..දුක බෙදා ගන්නවට තුති...


මකුළුවා......
මකුළුවා ස්තූථියි....

samadhi
ස්තුථියි... මාතර කීවා.. හැබෑට හදුනා ගැනීම සතුටක්.. ඒත් මට මාතර යාලුවො අඩුයි අන්තර්ජාලේ..

පැලවත්තෙ වික්ටර්
පික්සුවක් තියේ.... හේ හේ..අලුත් චරිතයක් ..වෙල්කම් මයි බ්ලොග්...

තරු අහස
ස්තූථියි තරු අහස ...

Ravi said...

අපොයි, මචං, මොන රහසක්ද මචං, මචං කියන්නෙ මස්සිනා කියන එක නෙව මචං, ඉතිං එහෙම කිව්වහම මොකෝ මචං, උඹ ඔව්ව ගනං ගන්ඩ එපා වත් මචං,

සොඳුරු සිත said...

අනේ අයියා මට "මචං ' කියන්න එපා...

Ravi said...

අපොයි, සමා වෙන්න, මම අර ඒ කතාවට ගැලපෙන්ඩ එහෙම කිව්වෙ, සොරි මචං..... අපොයි ආයෙත් කියවුනා නෙව... සොරි වෙන්ඩ ඕනෙ, වත් නඟේ, සොරිම වෙන්ඩ ඕනෙ, හොඳේ,

Sujeewa Kokawala said...

වත්;

ජීවිතය ගොඩ නැගෙන්නේ හැමදාම වන පුංචි දේවලින් මිසක් එක දවසක සිදු වන මහා වෙනසකින් නොවේ. ජීවිතය කියන ගමන එක දිගට රස විඳිනවා විනා කෙළවරකට ගොස් රස විඳින්නට අමාරුයි. අපි හැමෝම අවුරුද්ද පටන් ගන්නේ මාස දොළහ ම ප්ලෑන් කරලා. ඒත් ඉන් කීයක් හරි යනවද? මං හිතන්නේ විඳීමයි ප්ලෑන් කිරීමයි ස්වායත්ත ව තියා ගත්තොත්, ඒ කියන්නේ ප්ලෑන අල වෙච්ච හැටි ගැනත් අපටම හිනා වෙන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක්. [exam fail වෙන එක ගැන මට ම හිනා වගේ]

මේ සටහන ලිව්වේ ඔය පොයින්ට් එක ගැන. කියවා මතයක් එහි ලියන්න.

පුංචි කොටසක් උපුටා ගත්තොත්.

"There are two types of people who climb that thorny harsh mountain. One type climb it to reach the peak - and then perhaps, to mark it with the flag on the top. Another lot climb to admire climbing. Reaching the peak is a mere point of their journey. They enjoy the journey for itself"

ඔබ ඉතාමත් සතුටින් ගෙවන වින්දනීය වූ සුභ නව වසරක් වේවා.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...