..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, December 25, 2010

෴ සිත ෴



යන්න තැනක් නැති ඉන්න තැනක් නැති
තරමට අසරණ වෙලා වගේ
මා වට සිය දහසක් අය සිටියත්
මළ සොහොනක තනි වෙලා වගේ

ආදර කළ අය ඈතට ඈතට
පියාඹා ගොස් නැවතිලා වගේ
මා සිත තනියම ආදර පද වල
මරු වැල මට පෑගිලා වගේ


දෝතට අරගෙන පිදුවද සෙනෙහස
මගෙ ලෝකය නැවතිලා වගේ
හිත ඇති කෙනෙකුත් ඇති වද අත ලඟ
මුදුව සුරතෙ දිලිසෙනා අගේ


හිමි වී අහිමිව යන සෙනෙහස පාමුළ
ඉකි බිඳමින් සිත හඬන රඟේ
පෙර කළ පවු පල දෙන තුරු මගෙ සිත
නාඩන් මා සිත මටයි අගේ


හඬන සිත සනසවන මා පද
නුඹට දැනෙනා එකයි අගේ

" I watch you every day. Did you know that ? Or are you too busy to even look at me? "

මම
෴ සොඳුරු සිත ෴

13 ප්‍රතිචාර:

Dinesh said...

රෑ සිහිනෙන් හිත හැමතැන දුවන
සොයමින් හිත ගිය තැන් වල නිඹද
නුඹ මට හමු උනිද නැතිද
සිතමින් ලන් උන හැම දෙනෙත් ලග...

පූසා said...

නැති වූ දේ ගැන දුක් වී ඵල නැත
නොසැලී සිටින්න කොන්ක්‍රීට් බිල්ඩිමක් වගේ
වෙනෙකෙන් මතු දින ලැබෙවි ඔබ හට
බලන්න එදිනට සතුටින් ඔබ හිනැහෙනා රගේ ;)

ayesha said...

nice

හා පැටික්කි (MS) said...

nothing n ma mnd 2 say...... :(

Hishan Melanga said...

හැගුම්බර කවියක්....

TG said...

Hondha hangumbara kaviyak

Janani said...

නාඩන් අක්කේ නුඹ නාඩන්
රටක් වටින නුඹ නාඩන්
සෙනහස ඒවී කෙදිනක හෝ
නුඹ සොයාන හතර වටින්..
පෙරකම් පල දිනැයි, කාලය හොඳ නැතැයි
සිත හදාන පෙර මග බලන් අක්කණ්ඩි....

තරු අහස said...

දුකින් ඉන්නෙපා අක්කා..කවදහරි ලස්සන සෙනෙහසක් ඔයාට ලැබෙයි..මේ නිසා නේද ඔයා දුකින් හි‍ටියේ ..නොලියන්න හැදුවේ..එහෙම කරන්නෙපා ..ඉක්මනටම සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...

indika dissanayake said...

hagimbarai...lassanae...

arunishapiro said...

හඬන සිත සැනසෙන්නෙ ‘නුඹට’ දැනෙනා බව ‘ම‍ට’ දැනුනම ද නැත්නම් සිත සනසවන ‘මා’ පද ලියද්දී ද?!!!

අකීකරු හිත said...

ලස්සනයි.. ඒත් දුකයි...
"පෙර කළ පවු පල දෙන තුරු මගෙ සිත
නාඩන් මා සිත මටයි අගේ"
ඒ පද දෙක හරිම සංවේදි

හිස් අහස said...

හරිම දුකබරයි ...මොකද ඇත්තටම මේ සොඳුරු සිතට වෙලා තියෙන්නේ ?

ඇත්තටම මේ ඔයාගේ සිතිවිල්ලක් විතරමද ? එහම නම් මම සතුටු වෙනවා ..

සොඳුරු සිතට මම හැමදාමත් පතනවා ...

Ravi said...

I can't and won't say nothing at all,
No words suffice in diminishing your grief,
Until you make peace with yourself,
I can only empathize with your feelings,

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...