..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Friday, December 24, 2010

෴ පලා යාමක අවසන ෴

පරිසරය වෙනස් වෙලා, ඇය වුන්න කාමරයත් වෙනස් වෙලා. අද එහි අයිතිකාරී ඇගේ සෙහොයුරාගේ පුංචි දුව. කාලයක් අපි එකට පාඩම් කරපු රහස් බෙදා ගත්තු පුංචි බිත්ති හතර තවමත් ඒ රහස් රකින හැටි. මම ඒ බිත්තියක් නොදැනුවත්වම ස්පර්ශ කරේ ඊට කෘතගුණ දක්වන්න ද?

නිකමට වගේ කාමරයේ වහලය දෙසට හිස එසවුනත් ඇය තම අවසන් තීරණය රදවන්න යොදා ගත්ත බාල්කය එතන නැහැ. ලස්සන පාට සිවිලිමකින් හැමදේම වැහිල ගිහින්. ඇගේ කතාවත් එහෙම වැහිල ගියත් ඒ කතාව මැරෙන මොහොත දක්වා අමතක කරන්න බැරි දෙදෙනෙක් තවමත් මේ මිහිමත ඉන්නවා‍. 

එයින් එකියක්  තමයි මම, අනිකා දැනට සයුරු හතක් දුර වුන්නත් ,ඔහුගේ සිත ද වරින් වර ඇය ගැන සිහි කරමින් රිදුම් දෙන විත්තිය මට රහසක් නෙමෙයි.

උසස් පෙළ තරඟ බිමේ තවත් මානවිකාවන් දෙදෙනකු වූ ඇයත් මමත් මානවකයෙක් වූ ඇගේ පෙම්වතාත්  අතරින් මමත් ඔහුත් දිවිගමනේ උසස් තැන් හි වැජඹුනද ,ඇය අපට ශේෂ කර ගිය මතක අතර සිය දහස් වර මැරි මැරී ඉපදෙන්නෙමු.

මට වඩා පැහැයෙන් මෙන්ම හැඩයෙන් ද වැඩි ලකුණු ප්‍රමාණයක් හිමිකරන් වුන් හිමාලි ගේ ප්‍රේමය දිනා ගන්නට පසු පස ආ කොල්ලන් අතරින් ඇය තෝරා ගත්තේ මහසෙන්වයි. ඇගෙන් මා ඒ ඇයිදැයි නොඇසූ මුත් ඔහු විනෝදකාමි රසයෙන් පිරුණ හැඩකාර කොල්ලෙකු වීම එකම හේතුව වන්නට ඇත.

මහසෙන් හා හිමාලි ගේ උසස් පෙළ ප්‍රේමයට මගේ විශේෂ කැමැත්තක් හෝ අකමැත්තක් නොතිබුන ද එයින් සිදු වූයේ මා හට ඇති වැඩ රාජකාරි බහුල විමයි. ඇය වෙනුවෙන් ටියුට්ස් එකතු කිරීම. ඇය වෙනුවෙන් ඇගේ නිවසට පිලිතුරු සැපයීම මෙන්ම ඇයට හා ඔහුට අතපසු වන සෑම පාඩමක්ම පාහේ ඉලක්කමෙන් ඉලක්කම කියා දෙන්නට මට සිදු විය.

ප්‍රේම රෝගයෙන් බරපතල ලෙස ආතුර වී සිටි ඔවුන් දෙදෙනා ඇද ගෙන යාම විනා හොඳ නරකක් කියා දී ගොඩ ගත හැකි තත්ත්වයක් මට නුවුයේ අද මෙන්ම එදාද අනිකකු වෙත බලපැම් කිරීමේ හැකියාවන් අවම මට්ටමක පැවති නිසාය.එසේම අතුරයන් දෙදෙනාම ඉගෙනීමෙහි ද උපන් හපනුන් වීමෙන් මොන දේ කරත් මඟ දා යැම කළ නොහැකි දෙයක් විය.

ආදරයත් ,ඉගනීමත් ගලා යද්දි .... විභාගට මාස පහකට පමණ පෙර ඇය බෙහෙවින් වෙනස් වන්නට පටන් ගෙන තිබුනි. ඔවුන් අතර තිබුන පුංචි පුංචි පෙම්හබයන් විශාල ආරවුල් දක්වා දුර දිග ගිය අතර ඒවා බේරන්නට ගිය මා හට සිදු වූයේ සිත රිදවා ගෙන දුරස් විමට පමණි.

විභාගයේ මානසික ආතතියත් සමඟ ඔවුන්ගේ පෙම්හබ තුල අතරමැදියකු වී තෙවැන්නියක ලෙස සිත රිදවා ගත නොහැකි වූ මම හැකි ලෙසින් ඔවුන්ගෙන් දුරස් වීමි.

එහෙත් . . . . . . . . . . . 

උසස් පෙළ අවසන් උණුසුම් සමයේ උණුසුම තව තවත් වැඩි කරමින් එක් හිමිදිරි උදෑසනක ඇය අවසන් තීරණය ගෙන තිබුනි. . . එතෙක් අප පාඩම් කරනට යෙදුන ඒ පුංචි කාමරයේ බාල්කය ගැට ගැසූ පරණ සාරියක දැවටී තිබූ ඇගේ ලස්සන පුංචි ශරීරය අවසන් වරට නෙත ගැටුන නිමේශය සිහිනයක් මිස සැබෑවක් නොවන බව අදටත් මා සිතමි.

සියදිවි නසා ගැනීමක ලාක්ෂණික අංගයන් වු කිසිම ලිපියක් හෝ පාපොච්චාරනයක් නොවු අතර ඇයගේ සහ මගේ දෙමාපියන් ,ගුරුවරුන් සියල්ල මා වටකර ගත්තේ සියල්ල මගේ සැලැස්මකට අනුව සිදුවූවා ලෙස සිතමිනි.

මහසෙන්ගේ ප්‍රේම කතාව දෙමාපියන් නොදැන වුන්න ද උසස් පෙළ ටියුෂන් පන්ති හා බැදුන ගස් ගල් මල් පවා ඔවුන් දෙදෙනා ගැන දැන සිටියේය. එහෙත් හේතුව . . . . මටද ප්‍රහේලිකාවක් වු ඒ හේතුව මා දැන ගත්තේ ඇගේ තුන් මාසයේ දානය ද දී අවසන් වූ දිනකදිය. ...


විභාගය අවසන් වූ බැවින් සියළු පත පොත හකුලා ගාල්කර දැමීමට මම තීරණය කළෙමි. පොතින් පොත ගෙන පෙරලා බලමින් ඒ හා බැදුන අතීතය ස්මරණය කරමින් සිදු කළ ඒ කාර්යයයේ දී ඇය සෑම විටම මා ළඟින්ම වුන්නාක් මෙන් දැනුන අතර නෙත රැඳි කඳුළ ගලා යා නොදී වලකා ගත්තේ ඔද්දල් වූ සිතට තව තවත් වදදෙන්නටයි.

පොත් අතර තිබී හමු වූ තවමත් නොලිහන ලද ත්‍යාගය ඇස ගැටුනේ ඒ අතර තුරය. ඇගේ මරණය දින දෙකකට හෝ තුනකට කලින් මා අතට ලැබුන එය. විභාග කටයුතු සහ ඇගේ මරණය නිසා සිදුවූ සිද්ධිදාමයත් සමඟ මතකයෙන් ගිලිහී තිබුනි.

සියල්ල පසෙක ලා ආදරණිය ත්‍යාගය ලිහා බැලීමේ බලවත් උත්සාහය නිසා කිහිප තැනකින්ම එය ඉරී ගියේය. එකල අප කියවූ බොළඳ ප්‍රේම වෘත්තාන්තයක් වූ " සුළඟ වගේ ඇවිදින්"  පොත ඒ තුල විය.  " මගේ දයාබර යෙහෙලියට දෙන අවසන් තෑග්ග " ලෙස ඇගේ මුතු අකුරින් සටහන් වී තිබුනි. 

එසේ නම් ඇය මියෙන්නට පෙර මා දැනුවත් කර ඇත. එහෙත් හේතුව. .. ඇය මියෙන්නට හේතුව. මරණ පරික්ෂණයේ දීද අවසන් තීරණය දී තිබුනේ සිය දිවිහානි කර ගැනීමක් ලෙසයි. ඒත් කෙනෙක්ට නිකම්ම මැරෙන්න හිතෙනව ද? අර ගල් බිල්ලා මහසෙන් තමයි මේකට වග කියන්න ඕනි.එතැන් සිට මහසෙන් පසුපස වැටුන මම බොහෝ වෙහෙස දරා ඔහුව කොටු කර ගත්තෙමි.

දඟකාර සල්ලාලයා බෙහෙවින් වෙනස් වී සිටියේය. ඇඳුම පැලඳුම ගමන බිමන කතා බව පමණක් නොව සමාජ ආශ්‍රය ද බෙහෙවින් අඩු කර සිටි හේ දැකුමම මගේ සිත රැඳි පලිගැනීමේ ‍චේතනාවෙන් බාගයකටත් වඩා අඩු කළේය.

" කියන්න මහසෙන් , මොකක් ද වුනේ "

තම කලිසන් සාක්කුවේ වෙන් පර්ස් එක ගත් ඔහු කිසි කතාවක් නැතිව එහි වූ දෙකට තුනට නැමූ කඩදාසි කොළයක් මා වෙත දිගු කළේය.
ඔහුගෙන් එය උදුරා ගත් මම එය කියෙවුවෙමි. එහි සඳහන් වූ පරිදි හිමාලි සිතන්නේ ඇය ගැබිණියක බවයි. තුන්මස් ගැබිනියක වූ ඇය සමාජයටත් දෙමාපියන්ටත් මුහුණ දී ගත නොහී මෙසේ දිවියෙන් සමු ගන්න බව එහි ලියා තිබුනි.

" ඈ මෝඩයෝ. ඇයි ඉතින් මේ දේ දැන ගෙනත් තමුසෙ බලන් හිටියෙ "

" මට බය හිතුන "

" ඒත් මරණ පරික්ෂණයෙදි එහෙම දෙයක් කීවෙ නැහැ නේ ද? "

" ඔවු"

" එතකොට මොකක් ද මහසෙන් මේ වෙලා තියෙන්නේ "

එයට හේතු සපයන්නට දැන් මහසෙන්ට පුලුවන. ඔහු අද නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥයෙකි. තවමත් අවිවාහකය. 

එදා හිමාලිගේ හිත වසා සිටි රෝගය නමින් pseudocyesis 


එහි දී සිදු වන්නේ . . . ඇගේ සිතෙහි තමන් ගර්භනී බවට දැඩි මතයක් සිතේ ධාරණය වීමත් , ගර්භණි සමයේ ඇති වන ලක්ෂණ සියල්ලම එපරදිම ඇති වීමත්ය. අවසානයේ ඇගේ දිවියෙන් සමුගැනීම දක්වා දුර දිග ගිය මෙය ඇය අපෙන් සදහටම වෙන් කරන්නට සමත් විය......

එහෙත් එසේ කියා මට වත් මහසෙන්ටවත් හෘද සාක්ෂියෙන් ගැලවීමක් සාදා ගත හැකි ද?


ප/ලි -

බ්ලොග් අවකාශයේ මේ දිනවල ‍දරුණු මඩ ප්‍රහාර රැසක් දියත් වෙමින් පවතින බව අපි කාටත් රහසක් නෙමෙයි. මා පිලිබඳව ද ඇතැම් පාර්ශවයන් මඩ බාල්දි ලෑස්ති කරගෙන ඉන්න බව දැන ගන්න ලැබුන. ඉතින් ඇත්තම කියනව නම් " මඩ " කියන්නේ අපි කවුරුත් අකමැති දෙයක්. විශේෂයෙන් ගැහැණියක් සම්බන්ධයෙන් මඩ ගැහීමෙදි ටිකක් සොයල බලල කටයුතු කරොත් හොදයි. නැත්තම් හිත හයියක් නැති කෙනෙක් බාල්කයක එල්ලිලා මියැදෙන්න පුලුවන්.

26 ප්‍රතිචාර:

Ravi said...

Welcome back,welම welcome back!!!!!

෴ හසියා ෴ said...

හුරේ.....!!!
වත් අක්කාගේ ආගමනයට.....ජයවේවා....!!!

මධුරංග said...

වත් අක්කා ආවා !!! නියමයි නියමයි !!! ආයෙ අපිව දාලා අක්කට කොහේවත් යන්න දෙන්නේ නෑ කොහෙද අප්පේ මෙච්චර කල් ගිහින් උන්නේ ? බැරිම තැන හිස් අහස ලියන සදරු අයියගෙනුත් ඇහුවා වත් අක්කා ආයෙ එන්නේ කවදද කියලා. අයියා කිවා අක්කා ලගදිම එයි කියලා.

දීඝායු said...

සමහර වෙලාවට අපි පැනල යන්න තෝරාගන්න මාවත ගැන දෙපාරක් හිතන්න ඕන කියල හිතෙනවා මට..

පූසා said...

අම්මේ වත් අක්කාව ආයේ දැක්කාම පුදුම සතුටක් දැනුනේ......... :))))))))))))))))))))))))

කතාව... කතාව හරිම ලස්සනයි :)

ආ තව දෙයක් මම නම් හිතන්නේ නෑ අපේ කවුරුවත් කාගේවත් හිත රිදෙන විදිහට මඩ(විහිලු ) ගහයි කියලා. ඒත් කවුරු හරි මඩ ගහන්න බලාගෙන ඉන්නවානම් ඒ දේවල් දෙසරයක් හිතලා කාගේවත් හිත රිදෙන විදිහට නෙමෙයි හැමෝටම හිනා වෙන්න පුලුවන් විදිහට කරන්න.

෴ හසියා ෴ said...

වත් අක්කා මටත් හීනි මඩක් ගහලා වගේ....පලි කොටසේ මඩ ගැන මං කිව්වේ....
ම්ම්ම්ම්මම් ඇත්ත....අක්කා කියන දේ...
මම ගහපු මඩෙන් මං දැනුවත්ව කිසිම කෙනෙක්ගේ හිත රිදීමකු වුනේ නෑ කියලා හිතනවා...ඒ මම මඩ ගහපු අය ගොඩක් ෆිට්...ඒ ව‍‍ගේම ඒකෙන් හැමෝම ලැබුවේ විනෝදයක්‍‍....
(මං කරපු දේ සාධාරණිය කරන එක නෙවෙයි කලේ...ඒත් ඒක මඩ නාපු අය පිළිගනියි කියලා හිතෙනවා.....)

මොනාවුනත් අක්කා අයේ ලියන්න ආපු එක නම් ඇත්තටම ගොඩාක් සතුටුයි..මෝඩයෙක් දෙකෙක් උඩ පැන්නා කියලා අක්කාගේ ගමන නතර කරන්න එපා...ඕනිම දේකට අපි ඉන්නවා අක්කාගේ ළගින්..ඕනිම වෙලාවක.....

අහ් අක්කේ....මේ ෆොන්ට් සයියස් එක පොඩ්ඩක් වැඩි කරන්නකෝ....කියවන්න අමාරුයි....මේක කියෙව්වේ සයිට් එක සූම්කරන්....

mahima said...

ela ela niyametama liyala thiyanawa

මකුළුවා...... said...

එළකිරි සොඳුරු සිත ආපහු ඇහැරිලා....අක්කේ වින්සන්ට් චර්චිල් මහත්මයත් කියලා තියෙනවා "විහිලුව යනු බැරෑරුම් දෙයකි" කියලා...විහිළු තේරෙන කෙනෙකුට මඩ බාල්දි ගනන් වැදුනත් ගනන් ගන්න එකක් නෑ...හැබැයි ඇස් රතු නොවන විදියට විහිළු කරානම් හැමෝම හිනාවෙලා ඉඳී නේද?
කොහොමත් අපේ හසියාගේ මඩ නම් විහිළු නැවකින් අස් කරන ඒවද කොහෙද?නැත්තම් ඔච්චර ලස්සනට එල්ල කරන්න පුළුවනෑ....
කොහොම වුනත් මේ කථාවත් හරිම ලස්සනයි....පුනරාගමනයට බොහොමත් ස්තූතියි!

MaRlaN said...

අම්මෝ..... මං මේ අක්කගෙ කතාවක් නැතුව වේලි වේලි හිටියේ.......

Janani said...

ලස්සන කතාවක්..ඒ වගේම හිතන්න ගොඩාක් දේවල් තියෙනවා..

ආගන්තුකයා | Stranger said...

මඩ ගසන්නන්ද සිටිය යුතුය.. මන්ද යත් ඔවැනි සටහන් වලින් අපේ අඩුපාඩු අපට හඳුනාගත හැකි නිසාය.. අවශ්‍ය කෙනෙකුට ඕනෑම දෙයක් කිව හැකි නිසා අවැසි නම් ලියා තියෙන දේ ගැන සලකැ බැලිය හැක.. නැත්නම් එය නොසලකා හැරිය හැක.. තීරණය ඔබේය.. නමුත් ලිවීම නැවැත්වීම නම් අනුමත නොකරමි. මන්ද යත් ලිවීම සිදුවන්නේ අපේ ආතල් එකට බැවිනි..

මාරයාගේ හෝරාව said...

හ්ම්.

indi said...

පෙම්වතියක් ගැබිනියක් වීම මහා ලොකු දෙයක් වීම තමා මෙතන එන කේස් එක.....අපේ සංවේදී සමාජය සුද්දගෙ කාලෙ හම්පඩ නීතිය අනුව සහ බොරු සදාචාරය අනුව මෙවැනි දේ මහා ඈම්ප් දමල අහල...ලොකු කරල උත්තල කාච වලින් බලල ලොකු දේවල් කරගෙන...අපේ ආච්චි සීය එක්ක අනකොට ආච්චිට 16යි ඒ 1930 දශකය...සීය එන්නෙ තමන්ට උගන්නපු මාස්ටරයට ගල්ලෑල්ලෙන් ගහල...ඔලුව පලල..අර මාස්ටර් ගෙදර ඇවිත් සීයගෙ තාත්තට කියල..සීය හොයාගෙන ඇවිත් කිව්වලු එක්සෑම් එක ලියන්න තරහ නෑ කියල...අපේ සීය ඒව කනකට අරගෙන නෑ...ඒත් ඒ සිද්දිය සීයට මිසක් ඒ දෙමාපියන්ට,,අනෙක් අයට ප්‍රශනයක් නෑ..මොකද එදා ඒවාගෙ දේවල් සාමාන්‍යයයි..ඒත්.අද ...

දුමී said...

කුතුහලයකටත් ඉන් පසුව දැඩි සංවේගයකටත් තුඩුදී දින කිහිපයක් අකර්මණ්‍ය වී තිබුනු ඔබගේ අගනා බ්ලොග් අඩවිය නැවතත් පණැ ගැන් වී තිබෙනු දැකීම ඉතාමත් සතුටට කාරණයක්.

වත් නගෝ ඉතාමත් රසවත් සහ අගනා ලිවීමේ කලාවක් රැගත් මේ ලිපිය ඉතාමත් අසාවෙන් කියෙව්වා.

මට එක් දෙයක් පැවසිය යුතුයි. කිසිම වැදගැම්මකට නොමැති අනුන්ට තබා තමන්ටවත් වැඩක් නැති ඊර්ශ්‍යාකාර නිකමුන්ගෙන් අද සමාජය පිරිලා ඉතිරිලා තියෙන්නෙ. තමන්ට යමක් කිරීමට කිසි සේත්ම හැකියාවක් නැති මොවුන් තවෙකෙකුට නිර්දය ලෙස පහර දීලා තමන්ගේ නොහැකියාව වසා ගන්නවා පමණක් නොව කාලකණ්නි සතුටක්ද ලබනවා.

වත් නගෝ, ඔබගේ නිර්මාණශීලී හැකියාව වටා එක් රොක් වුනු ඒවා නිරතුරු රසවින්දනය කරන සහ ඒවා නිරතුරු අගය කරනා හොඳ රසිකත්වයක් ඇති රසිකයන් පිරිසක් ඔබ වටා එක් රොක් වී ඉන්න බව නොරහසක් නෙමෙයිනෙ. මේ නිර්දය මඩ කාරයන් ගල් ගැසීමට තෝරා ගන්නේ ඔබ වන් පළ ඇති රුකක් මිස වැදගැම්මකට නොමති කණාටු පොල් ගස් නොවේ.

ලබනා ගැරහීම්, විවේචන හමුවේ තව තවත් ශක්තිමත් වී අතු පතර විදහනවා මිසක මේ වැඩකට නොමැත්තන් විසින් කරනා ඊනියා උඩු බුරු ලෑම්වල්ට නොසැලී ඉන්නට ඔබට අනිවාර්යයෙන්ම ආත්ම ශක්තියක් ඇති බව මට විශ්වාසයි.

-- දුමී අයියා

හිස් අහස said...

මිනිසුන් ඔබට කොතෙකුත් චෝදනා එල්ල කරත් . කොතෙකුත් අපහාස එල්ල කලත් .ඔබ කලයුතු වන්නේ ඒ මිනිසුන්ව පසුතැවිල්ලට ලක්කිරීමයි ..

නින්දා අපහාස චෝදනා කොයිතරම් ආවත් සන්සුන්ව නිසොල්මන්ව සිටින්න ..එවිට ඔබ වටා සිටින අය ඔබට නිකරුනේ අපහාස නගන පුද්ගලයන්ගේ වැරදි දකීවි..

ජයවේවා !!

හසී said...

අක්කා ආයේ ආපු එක ගැන සතුටුයි.. ලස්සන කථාවක්

නිම්ශා said...

ලස්සන කතාවක්.. ඔයා හුගක් ලස්සන්ට ලියන කෙනෙක්... ඉතින් එහෙම එකේ කිසිම දෙකට පහු බහින්න එපා දිගටම ලියන්න..

විහඟ ගීතය said...

ගහේ කොලේ මල් අතු ඉති ලැවුසේම
ඉහේ මල් පිපුනි නුඹ යළි ආවම
ඇහේ කඳුළකට ඉඩ කඩ නොතියාම
කොහේ ඉදන් හරි නුඹ කියවමි තාම

මම said...

වත් අක්කා ඔයා ආයේත් ලියන්න ගත්ත තීරනය ගැන සතුටුයි...මේක ලියන එක නතර කරන්න එපා.අපි ආසාවෙන් ඔයාව කියවනවානේ...

arunishapiro said...

ආවේග හා උද්වේග සිත තුල පහළ නොකරන නිර්මාණයන්ට මඩ පහර වැදෙන්නෙ නැහැ. ආදරය මොහොතකට හෝ අත්විඳ නැති සිතක් සොඳුරු ද නැහැ. දෙකම අත්දැකි වත් නංගාට බොහෝ කාලයක් නිර්මාණ ලෝකයේ රැඳෙන්නට ධෛර්යය හා වීර්යය ලැබේවා!

බුලට් said...

යුද සෙබලියක් වගේ නොසැලී ඉන්න සතුරන් ඉදිරියේ පසුබහින්න එපා.

Bugs Bunny said...

උබ බය නැතිව ඉදිං අක්කෙ.. මඩ ආවොත් මට කියන්න මම දුවන්න :P

ආව එකට සතුටුයි.. කතාව නම් කියෙව්වෙ නැ.. කියවලා බලන්නම්.. :D

රවා said...

ස්තුති අක්කට. වචන වලට රිද්දගන්න එපා. වචන පිටුපස්සෙ එන අරමුණ හදුන ගන්න :D

sukitha said...

බාධක, මඩ ආවා කියල පැනල යන එක ජීවිතේ නෙමේ. ජීවිතේ කියන්නේ බාධක පරදවලා ඉදිරියට යන එකයි. ඔහොම පැනල යන්න තරම් දුර්වල වෙන්න එපා. කෙල්ලන්ට බොහොම ශක්තිමත් හිත් තියෙන්නේ, කොල්ලෝ අපි හිතින් තැවෙමින් ඉද්දි, හිත හදාගෙන ඉස්සරහට යන්න තරම හයියක් උන්ට තියෙනවා. කවදාවත් හිතන්න එපා, මට අරය ඉන්නවා මෙයා ඉන්නවා, අරය නෑ, මෙයා නෑ කියලා. අපි හැමොම තනිවෙනවා, තනියෙම ප්‍රශ්න වලට මූන දෙන්න වෙනවා. ඒක ලෝක ස්වාභාවයක්, තේරුම් ගන්න.

Amila said...

ඔය අලියා කියන සතා මැරෙන්නෙත් නගුට පිටින්ම කියන්නේ.. ඕව ගනන් ගන්නේ කවුද නා​හෙට උඩින්. හැමදාම සොදුරු සිත බලන්න එනවා මොනවත් ​ලියන්නේ නැතුවම ගියත්. හැමදාම වගේ අදත් සංවේදියි මේ සොදුරු සිත.

රංග - මගේ ලෝකය said...

welcome back. කතාව නම් තාම කියවන්න උනේ නෑ

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...